රෝසි පස්වන කොටස | Rosi 05 Kotasa
"ලස්සන නැති උනාට ඒ ඉන්නෙ ඔයාගෙ අම්මා මගෙ පණ .ඉස්සර අම්මා ගොඩාක් ලස්සනයි .හරියට මලක් වගේ.මගෙ දෝනි වගේමයි."
සත්සරගෙ ඇස්වල කදුලු .නිවර්තනා දෝනි එක්ක කුස්සියට ගියා".කරුණා අම්මා සුදු දෝනි ටිකක් ගන්නකෝ.මට මහත්තයා එක්ක ටිකක් කතා කරන්න ඕනි."
නිවර්තනා සාලෙට ආවෙ සත්සර එක්ක ටිකක් කතා කරන්න.එත් සත්සර සාලෙ නැ.යාන්තම් ඉකි බිදුම් හඩක් ඇසුන නිසා නිවර්තනා හිමින් ඉස්සර කාම්බරයට ආවේ .සත්සර මුල්ලක වාඩි වෙලා ඔලුව අත් දෙකෙන් වහගෙන හොදටම අඩනවා .දන්නෙ නෑ පිරිමි මෙහෙම අඩනවද කියලා .ඒත් කොච්චර ශක්තිමත් උනත් තමන් ගොඩාක් ආදරය කරන අය හින්දා ඒ ශක්තිමත් අයගෙ ඇස් වලටත් කදුලු එනවා.
නිවර්තනා හිමින් ගිහින් සත්සර ලගින් වාඩි උනා.ඒ මූණ හිමින් උඩට ඉස්සුවා .ඒ ඇස් දිහා එක එල්ලෙ බැලුවා.
"මොකෝ මේ ආ.තමන්ගෙ පවුල කඩා කප්පල් කලේ කවුද කියලා හොයනවා වෙනුවට මූණ හන්ගගෙන අඩන්න ලැජ්ජ නැත්ද.ආ කියන්න .වෙච්ච අසාධාරණය අමතක කරලා කවද හරි දෝනිටත් ඒ දේ උනොත්"
👋👋👋👋👋👋👋
අම්මෝ සත්සර එහෙම්මම නිවර්තනාගෙ මූණට දුන්නා නේද මහ හයියෙන් කම්මුල් පාරක් කෙල්ල එහෙම්මම පැත්තකට විසි උනා.
මූණ පැලෙන්න තරම් වේදනායි.ඉවසන්න බෑ .දනවා.නිවර්තනා එහෙම්මම නැගිටලා කාම්බරයට දුවලා ආවා .දොරත් ලොක් කරගෙන පුලුවන් තරම් මහ හයියෙන් ඇඩුවා.මූණ හොදටම ඉදිමිලා .කොච්චර වෙලා ඇඩුවද මතක නෑ
නිවර්තනාට එහෙම්මම නින්ද ගිහින්.මහ රෑ කවුද දොරට ගහනවා.කෙල්ල එවලෙ ඇහැරුනේ.ඒත් කාම්බරය හොදටම කලුවරයි.මහ අමුතු සීතලක් ආවා කාම්බරයට .කෙල්ලට ටිකක් බයයි වගේ.
කවුද කෙදිරි ගානවා වගේ ඒත් කවුද මේ රෑ කෙදිරි ගාන්නෙ.නිවර්තනා හොදටම බය වෙලා ඉන්නෙ .කවුරු හරි ගෑනු කෙනෙක්.ඒත් කවුද මේ රෑ.
නිවර්තනා ඉතිපිසෝ ගාතාව කියන්න ගත්තා.ඒකත් පැටලෙනවා.
අඩි සද්දයක් ලග ලග ඇහුනා.නිවර්තනා හිමින් බෙඩ් ශීට් එක ඇරලා බැලුවෙ.......
බුදු අම්මෝ .......බුදු අම්මෝ ....
"නිවර්තනා නිවර්තනා මේ දොර අරිනවා...මගුල අස්සෙන් ලොක් කරගෙන බලියනවා."
නිවර්තනා ඇස් ඇරියෙ සත්සර කතා කරන සද්දෙට .දැන් ලයිට් තියනවා .කෙල්ල ඉක්මනටම ගිහින් දොර ඇරියා.සත්සර ඉන්නවා.කෙල්ල එහෙම්මම සත්සව බදාගත්තා.
"තමුසෙ හොල්මනක් වත් දැක්කද කියනවා."
කෙල්ල හොදටම බය වෙලා .හිමින් මතක් කලා අම්මෝ බුදු අම්මෝ මට මෙහෙ ඉන්න බෑ මහත්තයා .මට ඉන්න බෑ.මෙහෙ හොල්මන් ඉන්නවා.
"තමුසෙට විකාරද."
"මහත්තයා මම දැක්කා කවුද ගෑනු කෙනෙක් .අනේ මට නම් මේ ගෙදර ඉන්න බෑ."
"අහන්නකෝ නිවර්තනා එන්නකෝ."
සත්සර නිවර්තනා කාම්බරයට එක්ක ඇවිත් වාඩි කරා.වතුර එකක් බොන්නත් දුන්නා.කෙල්ල හොදටම බය වෙලා කියලා සත්සරට තේරුනා.
"නංගි මගෙ දරුවා තමයි මගෙ පණ .මගෙ දරුවාලග නැති හැම රෑකම මටත් මගෙ නෝනව පේනවා.සමහර විට ඔයාට මගෙ නෝනාව පෙවුනද දන්නෙ නෑ."
"අර ඇදේ ඉන්න කෙනා නෙවෙයි මම දැක්කෙ මහත්තයා ."
හරි අපි බලමුකෝ.අනේ මහත්තයා කරුණා අම්මාට වත් එන්න කියන්න පුලුවන් ද .කරුණා අම්මා නිවර්තනා ඉන්න කාම්බරයට එක්ක ආවා.කරුණා අම්මා ආවත් කෙල්ලට නින්දක් නම් නෑ.ඇස් පියාගත්ත ගමන් අර මූණ පේනවා.
නිවර්තනා එලිවෙනකල් අවදියෙන් හිටියෙ.
නිවර්තනා උදේ පහලට එනකොට සත්සර සාලෙ ටීවී බලනවා.කෙල්ලත් තේ එක අරන් සාලෙට ආවා.එද්දි සාලෙ තිබ්බ ලොකු ෆොටෝ එක දැකලා නිවර්තනා අතේ තිබ්බ තේ එක අත ඇරුනා.සත්සර ඊයෙ නිවර්තනා බය උනු නිසාම හිතට ආ සැකය උනේ.සත්සරට වගේම නිවර්තනාටත් පේන්න ඇත්තෙ තමාගෙ බිරිද බවයි.ඒ නිසා කෙල්ල ඇහැරෙන්න ඉස්සර තම ආදර බිරිදගෙ ලස්සන ෆොටෝ එකක් සාලෙන් ගෙනත් තිබ්බා.
දෝනි හින්දා මේ ෆොටෝ සේරම අයින් කරලා තිබ්බෙ.මොකද මේ අම්මා ගේන්න කියයි කියලා.සත්සර උනත් ඒ මූණ බලන බලන සැරයක් ගානෙ උනු සේරම මතක් වෙන හින්දා ඒවා අයින් කරලා තිබ්බෙ.
"නිවර්තනා මොකෝ මේ."
කෙල්ල එහෙම්මම බිමට වැටෙන්න ගියා සත්සර ඉක්මනටම කෙල්ලව අල්ල ගත්තා.කරුණා අම්මා ඉක්මනටම වතුර අරන් ආවේ කලබලෙන් සත්සර කෑ ගහපු නිසා.
"මොකද මේ කියන්න නංගි ඇයි මේ.ආ"
.සත්සර ටිකක් නෙවෙයි හොදටම කලබල වෙලා.සත්සර දැන්නම් හිතන්නෙ නිවර්තනා දැක්කෙත් තමන්ගෙ බිරිඳ රෝසි කියලා .
"මට මෙහෙ ඉන්න බෑ මහත්තයා .මට යන්න ඕනි."
"මොකද්ද නංගි හේතුව .කියන්න .කරුණා අම්මා කුස්සියට යන්න.මම මේ නෝනා එක්ක ටිකක් එලියට යනවා.බබා බලන්න ."
"හරි මහත්තයා ."
නිවර්තනා එක්ක සත්සර එලියට ආවා .ලස්සන පාක් එකක්.නිවර්තනා සද්ද නෑ.දෙන්නා ලස්සන බංකුවක වාඩි උනා.නිවර්තනා ලස්සන පුංචි ලමයි දුවන දිහා බලා ඉන්නවා.ඒ ඇස් අහකට ගන්න ලෝබයි .
"නංගි"
සත්සරගෙ ඒ වචන නිවර්තනාගෙ පපුවම රිදෙන්න ගත්තා .එච්චර ගාම්බීර කෙනෙක් මෙච්චර ඉක්මනට මෙහෙම පරාජය බාරගන්නෙ කොහොමද .
"කියන්න"
"ඔයාට ලොකු කතාවක් කියන්න ඕනි.පුලුවන් ද නංගි අහගෙන ඉන්න .මගේ හිතට මහ බරක් නංගි."
සත්සර ඈත බලාගෙන කල්පනා කරනවා.ඒ ඇස් කිසිම බලාපොරොත්තුවක් නැහැ.මූණ මහ අමුතු වේදනාවක් .
"මම දන්නවා ඔයා මගේ පවුලට උනු විපත දන්නවා කියලා .ඒත් ඔයා නොදන්න ටිකක් මම දැං කියන්න යන්නෙ.අහන්න පුලුවන් ද ."
"කියන්න මහත්තයා "
"මේ නගරය ටිකක් අමුතුයි .මිනිස්සු වෙනස්.ගොඩාක් මිනිස්සු එක එක නරක වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නෙ .මම මේ නගරයට ආවෙ දෝනි හම්බවෙන්න ඉන්න කාලෙ.ආව දවසෙ.ඉදන් පුලුවන් හැම විදියකටම මිනිස්සු යහමගට ගත්තා.කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට ගෙනල්ලා පෙව්වත් අරක්කු,කඩිප්පු,සිගරැට් බොන්නෙ නැති ගානට මම මේ නගරය හරි ගැස්සුවා.
මම නිසා නගරයම ලස්සන උනා.ඒත් මත් ද්‍රව්‍ය ගේන මිනිස්සුන්ට මේක ලොකු කරදරයක් උනා.මට විවිධ කෝල් තර්ජන ආවා.ඒත් මම ඒවට සැලුනෙ නෑ.මගේ වැඩ ටික ලස්සනට කලා.මගේ නෝනා ලස්සන දෝනි පැටියෙක් ගෙනාවා.
ලස්සන මලක් වගේ ලස්සනයි .ටික ටික එයා ලොකු උනා.එදා මට ගොඩාක් වැඩ දවසක් .දෝනි පැටියා එක්ක නෝනා පාක් එක්ක ගියා.මට වැඩකට යන්න උනා.මම ඒ දෙන්න එහෙම්මම තියලා ගියා......
සත්සර සාක්කුවෙන් ලේන්සුව අරන් මූණ වහගෙන අඩනවා .මහ හයියෙන් .නිවර්තනා හිමින් ගිහින් එතනින් වාඩි උනා.සත්සරගෙ අත් අයින් කරලා ඒ මූණ තමන්ගෙ පපුවට තුරුළු කරගත්තා .සත්සර ගොඩාක් වෙලා අඩන්න ඇති.ආයෙ කතාව කියන්න ගත්තා...
මම එද්දි මගේ නෝනා උන් අරන් ගිහින්.මගේ පණ .ලස්සන මලක් වගේ .මට දරාගන්න බෑ .මගේ රෝසි මලක් වගේ .මම පිස්සෙක් වගේ පාරක් පාරක් ගානෙ හෙව්වා.උන් මගේ නෝනා එක්ක ගිහින් ගොඩාක් කරදර කරලා.
මට එක උදව්වක් කරන්න නංගි.මට උන් අල්ල ගන්න ඕනි.ඒත් ඒකට ඔයාගෙ උදව් ඕනි."
නිවර්තනා සත්සරගෙ මූණ දෙසයි බැලුවෙ.මොකද්ද මම කරන්න ඕනි අහන්න වගේ.
සත්සර සියල්ල විස්තර කලා.
නගරයේ ප්‍රසිද්ධ දනවතෙක් වූ වික්ටර් ගෑනු පෙරේතයෙක් .දකින ලස්සන කෙල්ලො ගෑනු කොහොම හරි අල්ලගෙන කරදර කරනවා.
නගරයේ ඔක්කොම බිස්නස් අඩු වෙද්දි ඒක බලපෑවෙ වික්ටර් මුදලාලිට.කොච්චර පොලිස් කාරයාට කෝල්,තර්ජන කරත්.වික්ටරට වූ සුගතියක් නැත.දවසක් සත්සර බය කරන්න කට්ටිය එක්ක සත්සර පොලිස් මහත්තයාගේ ගෙවල් ලග ඉද්දි වික්ටර් දැක්කෙ සත්සරගෙ ලස්සන බිරිඳ රෝසි .
වික්ටර්ගෙ කටට කෙල එන්නට තරම් ඒ රූපය පියකරු විය .කෙසේ හෝ රෝසි ලබා ගන්නට වික්ටර් හිතා ගත්තේ ඉන් පසුවයි .
කොහොමද ලමායි කතාව ලස්සනයි ද .ලයික් කමෙන්ට් කරන්න .ඊලග කොටසින් කතාව ඉවර කරමු නේද.බුදු සරණයි .
