පින්සාරා | Pinsara
පින්සාරා
කෙටි කතාව
"කියපන් මට උබෙ බඩේ ඉන්න මේ අවජාතක පැටියා කාගෙද කියලා.කියපන් මට"
"අනේ තාත්තේ ගහන්න එපා."
මුදලාලි මහ හයියෙන් පින්සාරාට කෑගහන හඩට හාමිනේ දුවගෙන ආවෙ.පින්සාරා බිම වැටිලා කටින් ලේ ගලනවා.හාමිනේ හොදටම බය උනා .
"මුදලාලි මොකද මේ දරුවා මරා ගන්නද හදන්නෙ.ආ."
"මේකි මැරුන නම් එකක්.අවජාතක පැටියා එක්කම"
මුදලාලි මහ හඩින් අඩ අඩා කාම්බරයට ගියේ වේදනාව දුක තරහව නිසාමයි.මල් වගේ ලස්සන දූලා දෙන්නෙක් මුදලාලි සහ හාමිනේට ඉන්නේ.පින්සාරා සහ සදමිනී .උපතින්ම ලස්සන කෙල්ලො දෙන්නා මල් දෙකක් වගේ ලස්සන .ඉස්කෝලේ ගියත් පංති ගියත් මුදලාලි ඔක්කොම වැඩ දාලා දූලා දෙන්නා පස්සෙන් යනවා.
පින්සාරා හරිම අහිංසක උනත් සදමිනී නම් කටකාර කෙල්ලෙක්.පින්සාරා උසස් පෙල කර ගෙදර ඉන්න අතර සදමිනී සාමාන්‍ය පෙල පන්තියේ ඉගෙනුම ලබන්නේ.
මුදලාලි ටිකක් ලෝබ නපුරු කෙනෙක්.ලමයි වෙනුවෙන් ආදරය සෙනෙහස තිබ්බත් වැඩකාරයන් වෙනුවෙන් නම් කිසි සෙනෙහසක් නෑ.
සදමිනීට උගන්වන්න ගෙදරටම ගුරුවරු මුදලාලි එක්ක ආවා.වෙනුර සර් ටිකක් දුප්පත් පවුලක කෙනෙක් .සර් තමයි සදමීනීගෙ ගණන් සර්.හරිම ලස්සන විනීත කොල්ලෙක් .අම්මෝ එක පාරක් දැක්කම ආයෙ ආයෙ බලන්න හිතෙනවා.
ආපු දවසෙ ඉදන් සර්ගෙ ඇස් තිබ්බෙත් පින්සාරා ලග.පින්සාරාගෙ ලස්සන චාම් බවට වෙනුර ගොඩාක් ආස කරා.
සදමිනී ඉගෙන ගන්න වෙලාවට තේ එකක් එහෙම ගෙනත් දෙන්නෙ පින්සාරා .ඒ ඇස් වෙනුර පිස්සෙක් කරනවා.ඒ හිනාව වෙනුරට වෙනුරවම අමතක කරා.හිමින් හිමින් ඒ හිත පින්සාරා වෙනුවෙන්ම වෙන් උනා.කටින් නොකීවට පින්සාරා වෙනුර ආදරවන්තයෝ උනා.
දෙදෙනාට දෙදෙනා නොදැක ඉන්න බැරි උනා.
එදා ලස්සන පෝය දවසක් පින්සාරා සදමිනී මුදලාලි හාමිනේ පංසල් ගියා.බෝදි පූජාව.හවස පින්සාරා ආස කලා බෝදි පූජාවට ඉන්න.ඒත් සදමිනීට පාඩම් වැඩ නිසා අදි මදි කලා.පස්සෙ පින්සාරාට බෝදි පූජාවට ඉන්න කියලා මුදලාලි හාමිනේ සහ සදමිනී ගෙදර එක්ක ආවා.ඉක්මනටම ආයෙ පින්සාරා ගන්න යන්න ඕනි නිසා.
පින්සාරා පැන් කලයක් පුරවන්න ගියා වතුර ටැප් එක ලගට හ්ම් ඔව් වෙනුර ඇවිත් ගොඩාක් වෙලා පින්සාරා දිහාම බලාගෙන ඉන්නවා .ඒ ඇස් දිලිසෙනවා.
"පින්සාරා"
යාන්තමට ඇසුනු ඒ හඩට කෙල්ල ගැස්සිලා ගියා.ඉක්මනටම හැරිලා බලනකොට වෙනුර තමා ලග.හුස්ම ගන්න වග දැනෙන තරමටම ලං වෙලා.
"අද ගොඩාක් ලස්සනයි "
පින්සාරා කතාවක් නෑ.වෙනුර හිමින් පින්සාරාගෙ අතින් අල්ල ගත්තා .කෙල්ලගෙ අත වෙව්ලනවා .වෙනුර දන්නවා කෙල්ල මලක් වගේ මුදලාලි පරිස්සම් කරන්නෙ කියලා.
"ආදරෙයි මැණික "
වෙනුර කාලයක් හිතේ හිර කරගෙන තිබූ ආදරය වචන වලට පෙරලුවේ බොහොම අමාරුවෙන් .
"ආදරෙයි නේද මේ හිගන්නට.මගෙ මැණික "
"හ්ම්"
වෙනුර බිම්ස් බලගෙන ඉන්න පින්සාරාගෙ මූණ අතින් අල්ලන් ඉස්සුවා.ඒ ඇස් පියවිලා.වෙනුර හිමින් ඒ නලල සිපගත්තා.
"ආදරෙයි මැණික ගොඩාක්"
බෝදි පූජාව සෙනග ගොඩාක් එක්ක ආරම්භ උනා.පින්සාරා ඉක්මනටම ඒ පැත්තට යන්න ගියා.වෙනුර ඈත ඉදන් කෙල්ල දිහා බලාගෙන හිටියා.
බෝදි පූජාව ඉවර වෙලා මුදලාලි ඇවිත් එක්ක යනකල්ම ඉදලයි වෙනුර ගෙදර ආවෙ.
දින සති මාස එක්ක ටික ටික වෙනුරගෙ පින්සාරාගෙ ආදරය ගලාගෙන ගියා.
එදා සදමිනී විභාගයට යන දවස මුදලාලි සදමිනී එක්ක පාසලට ගියා.හාමිනේ කාන්තා රැස්වීමට ගියා.වෙනුර ආවෙ සදමිනීට අවශ්‍ය පේපර් වගයක් දෙන්න .
පින්සාර විතරයි ගෙදර හිටියෙ දෙන්නටම දෙන්නා පණ වගේ ආදරය කලා.වෙනුර කෙල්ලට ලං වෙලා ඒ මූණ සිපගෙන ආපසු එන්න හැරුනා.ඒත් කෙල්ල දාලා යන්නත් ලෝබයි .
"සුදු නෝනා ටිකක් ඉදලා යන්නද"
"හ්ම්"
පින්සාරාගෙ හ්ම් එක එක්කම ගොඩාක් දේවල් උනා .පින්සාරා එක්ක කාම්බරයට ආ වෙනුර පින්සාරා ආදරයෙන් සිපගත්තා .පපුවට තුරුළු කරගෙන ඒ ආදරයට තව තවත් ලං උනා.වෙනුර නිසා පින්සාරා ගැහැනියෙක් උනා.
වෙනුර ඉක්මනටම ලෑස්ති උනා .පින්සාරාත් ඇදුමක් ඇගට දමා ගත්තා.වෙනුර ලොකු වැරැද්දක් තමා කල බව තේරුම් ගත්තා.පින්සාරා හොදටම අඩනවා .ඒ අහිංසක කෙල්ල හොදටම බය වෙලා.
"මගෙ මැණික දැං ඔයා මගේ.මම කවදා හරි ඔයා මගේ ලගට ගන්න කල් ටිකක් ඉවසන්න"
"හ්ම්"
"උබගෙන් මම ඇහැව්වා කියපන් කවුද මේ අවජාතක පැටියාගේ තාත්තා"
පින්සාරා අඩනවාම විතරයි .කෙල්ල කිසි කතාවක් නෑ.කොච්චර ගැහැව්වත් බැන්නත් පින්සාරා වචනයක් කීවෙ නෑ.
වෙනුර එදයින් පස්සෙ පින්සාරා බලන්න වත් ආවෙ නෑ.කිසි තොරතුරක් නැහැ.කෙල්ල ආස කලා ඒ ඇස් දකින්න.කවදාවත්ම වෙනුරට දොසක් වෙන්න කෙල්ල හිතුවෙ නෑ.
දින සති මාස වෙලා ලස්සන දෝනි පැටියෙක් ලැබුනා.පින්සාරා වගේම ලස්සන .කෙල්ලට කොච්චර පිරිමි කතා කලත් කෙල්ල ඒ සියල්ල ප්‍රතික්ෂේප කලා.වෙනුර අත තියපු මේ ඇගට වෙන කිසි කෙනෙක්ට ආයෙ ලං වෙන්න දෙන්නෙ නෑ.පින්සාරාගෙ තීරණය උනේ ඒකයි.
සදමිනී හොද රැකියාවක් කරන ගමන් හොද තැනකින් මගුලක් කලගෙන ඈතකට ගියා.
"වෙනුර මොකද උබ බලාගත්ත අත බලාගෙන ඉන්නෙ ආ"
"අම්මෙ මගේ අතින් ලොකු වැරැද්දක් උනා.ලොකූ වැරැද්දක්."
"මොකද්ද දරුවො."
"අම්මෙ අම්මට මතකද ඉස්සර අර තාත්තගෙ ගමේ මුදලාලි "
"ඔව් එදා ඒ මුදලාලි තාත්තා බෑ කියද්දි වැඩට එන්න කියලා.ගල් බෝර දාන්න කිව්ව හින්දා තමයි තාත්තා නැති උනේ."
"උබට පිස්සුද මෝඩ කොල්ලො.මම හිතුවෙ උබ උගත් කොල්ලෙක් කියලා ඒත් උබ මෝඩයි.තාත්තට ඒ දවස් ටිකේම ලෙඩ වෙලා හිටියෙ.උබට කන්න දෙන්නවත් මොකුත් තිබ්බෙ නෑ.ඒ හින්දයි තාත්තා ගියේ.තාත්තට පපුවෙ කැක්කුමක් ආවෙ.අර මුදලාලි මහත්තයා මොනා කරන්නද බං"
. වෙනුර අම්මාට සේරම කිව්වා.
තමා හා මුදලාලි මහත්තයගෙ දුව අතර සිදු වු සියල්ලම.
"මොකක් උබ එච්චර පහත් වැඩක් කලා"
"අම්මෙ මට පින්සාරා බලන්න ඕනි.සමාව ගන්න ඕනි."
පුතේ දෙමව්පියෝ මොනවා කලත් අහින්සක දරුවො ඒවට පලි නෑ.
වෙනුර පින්සාරා හොයාගෙන මුදලාලිගේ ගෙදර ආවා.පින්සාරා දරුවා නිදි කරනවා.
පින්සාරා පින්සාරා ......
ඒ හඩ පින්සාරා හොදටම අදුනනවා.කෙල්ල දරුවා එක්ක එහෙම්මම දුවලා ආවා.
වෙනුරගෙ ඇස් කදුලු .මගෙ මැණික මට නැති වෙලා.ඔව්.දරු පැටියෙක් එක්ක ලස්සන පවුලක් හදාගෙන ජීවත් වෙනවා.වෙනුර ආයෙමත් යන්න හැරුනා.
පින්සාරාගෙ දෝනි වෙනුරගෙ අතට පැන්නා .
"කවුද මේ...ආ මේ සර්නෙ ඉතින් සර්"
පින්සාරා දරුවා එක්ක ගෙට ගියා.වෙනුර මුදලාලි එක්ක කතාකරලා ආපහු යන්න ගියා.
පාර දිගේ ඇස් වල කදුලු පිහද පිහද වෙනුර ඉස්සරහට යනවා.
"වෙනුර වෙනුර...."
"පින්සාරා"
"ඉතිං දැන් කොහෙද ඉන්නෙ.බැදලද.දරුවගෙ තාත්තා මොකෝ කරන්නෙ."
පින්සාරාගෙ ඇස් අවුරුදු ගානක් හිරකරගෙන හිටපු කදුලු මහ හයියෙන් ගලනවා.ඒ ඇස් රිදෙනකල් මග බලපු වෙනුර ඉස්සරහ අද අඩනවා.කතා කරගන්නවත් බැරි තරමටම දුකයි .
"මගේ ඇගට අත තිබ්බෙත් එක්කෙනයි.මැරෙනකල්ම එයා වෙනුවෙන් ඉන්නවා.මේ දරුවත් එයාගෙ.එයා කවද හරි එනවා කියලා ගියේ."
වෙනුරට වෙනුර ගැනම පිලිකුලක් ඇති උනේ .මෙච්චර තමා වෙනුවෙන් ආදරය කරන මග බලා ඉන්න කෙනෙක් මෙච්චර කල් මග ඇරපු එක ගැන වෙනුර තමාටම දොස් කියා ගත්තා.
එහෙම්මම මුදලාලි මහත්තයාගේ ගෙදර ගිහින් අවසර අරන් ඉක්මනටම පින්සාරා තමන්ගෙ ගෙදර එක්ක ගිහින් ලස්සන ජීවිතයක් ගත කලා.
ගැහැනියක් යනු ලාමක නොව ඕනි දුකක් ඉවසන්නට උපතින්ම හැකියාව උරුම සුන්දර නිමැවුමකි.ඇය ඉවසන දුක් වේදනා අපමණ වෙයි.
