#පරාජිත_පලිගැනිම | Parajitha Paliganima



#පරාජිත_පලිගැනිම

...........................
ලෝකයා පරාජිතයෙක්ව සැරින් සැරෙ හන්වඩු ගහද්දි උන වැරදිමක් කිය කියා පන පිටින් මරද්දි එ කෙනා කෝම උමතු වෙයිද........................

...............................
ඔහු ඩෙව් ..ඩොක්ටර් ඩෙව් .ලස්සන පුන්චි දියනියක් ආදරනීය බිරිදකගෙ ලස්සන ජිවිතේකට හිමිකම් කියපු අතීතයක් තිබ්බ කෙනෙක් ..............

ඈත අතිතෙ දවසක් ජෙනි එ කියන්නෙ ඩොක්ටර් ඩේව්ගෙ පුන්චි සුරංගාවි හැමදාම වගෙ තාත්තා එක්ක විද්‍යාගාරෙට යන්න ලැස්ති වෙනවා.........හෙන්නා ඔහුගෙ ආදර බර බිරිද ඔවුන්ගෙ ලස්සන කතාව එදා තද කලු පැල්ලමක් තියයි කියලා හෙන්නා වත් ඩෙව් වත් පුන්චි සුරංගනාවි ජෙනිවත් හිතන්න නැතුව ඇති..........................

..............................
එදා ඩෙව්ගෙ පරීක්ෂණයක් අතර තුර සිද්ද වුන වැරදිමකින් පුන්චි ජෙනි සදහටම ලොකෙන් යන්නෙ ඩෙව්ගෙ ජිවිත කතාව අමු අමුවෙ ගිනි බත් කරමින්..............ලෝකයා ඔහුට හුගක් දොස් කිවා ...තමන්ගෙ මෝඩ පරීක්ශන නිසා පුන්චි සුරංගනවී ජිවිතෙන් වන්දි ගෙව්වා කියලා .ඒත් අවසානෙ තමන්ගෙ ඉතුරු ජිවිතෙත් අවුලලා හෙන්නා ඩෙව්ව දාලා යන්නෙ ලොකෙ ගැරහුම් හමුවෙ තමන් තමන්ටවත් සමාව නොදෙන තැනක ඉදන් මානසිකව වැටිලා හිටපු තැනදි තවත් කතා අහන්න බැරුව දිනෙන් දින ඩෙව් වියරු වැටෙන එක දරා ගන්න් බැරුව................

ඔව් දැන් ඔහු උමතුවෙන්..ලෝකයාගෙන් පලිගන්න වියරුවෙන් වගෙ විවිද නිර්මාන කලා.............ඔහුට ඔනෙ වෙන්නෙ ඔහු වගෙම මුලු ලොකෙම උමතු කරන්න .......මානසිකව වැටිලා ඉද්දි තවත් තලා පෙලා දාපු සමාජයම උම්මත්තකයො කරන්න.......ජිවිතෙ වසර 10ක් අසාර්ථක වූ ඩෙව් එදා මිනිස්සු ආග්‍රහනය කිරිමෙන් උමතු වන විශ වායුමක් නිර්මානය කරනවා..ජාන වල ඉදන්ම මිනිස්සු විකෘති කරන මේ වායුව මුලු මහත් සමාජයෙන්ම ඔහුට පලිගන්න අවස්තාවක් ගෙනල්ලා...නගර කේන්ද්‍රයට යන ඔහු එය මුදා මුදහරින්නට තැත් කරන්නෙ පුන්චි පුන්චි ටෙස්ට් ටියුබ් ආදරයෙන් ...............

පුංචි ටෙස්ට් ටියුබ් එකක් අරන් මුදාහරින්න හදද්දිම කොහෙන්දො දුවන් ආපු පුන්චි කෙල්ලක්ගෙ වැදිලා අතෙ තිබුන විශ වායුව මුදා හැරෙනවා............ඔව් ඔහු මුහුන ආවරනය කරගෙන හිටියත් පුන්චි කෙල්ල වාතයට නිරවරනය වෙලා තිබ්බෙ ......එයා ඩෙව්ගෙ පුංචි සුරංගනාවි වගේමයි...ඩෙව්ගෙ මුවින් පිට උනෙ "ජෙනි" මෙ වචනෙ ...........

ඩෙව් මුලින්ම ඇයට කාටවත් ලන් වෙන්න දුන්නෙ නැ.ඔවුන්ටත් වායුව ආග්‍රහනය උනොත් ඉවර නිසා.......ඒත් පුන්චි කෙල්ල අමාරුවෙන් දගලන විදිහ ඔහුට බලන් ඉන්න වුනෙ වියරුව නිසා පලිගැනිමේ චෙතනවෙන් පුන්චි අහින්සකාවියක් දුක් විදින විදිහ.........ප්‍රතිජීවකයක් නැති වායුවකට කොහොම බෙහෙත් කරන්නද ......පන අදිමින් පෙරලෙමින් වෙදනාවෙන් කැ ගහන ඇ දෙස ඔහු බලන් හිටියෙ මහා වෙදනවෙන් ..පලිගැනිමේ චෙතනව වගෙම වියරුව ඔහුගෙන් පහව ගියත් යලි කිසිම දවසක නැති උන එ හයක් හතරක් නොදත් අහින්සක ජිවිතයට පනක් දිය හැකිද...............ඔව් වරදට ඔහු හිරබත් කාවි............නමුත් හර්දසක්ශියෙන් ගැලවිය හැකිද.....................
එ වගෙම ඔහුගෙ වියරුවට පලි ඔහු විතරද ..............

ඇත්තටම නැ.මුලු සමාජයම.....කෙනෙක්ට වැරදුනාම ,එ කෙනා එ ගැන ගොඩාක් පසු තැවෙනවා.ලොකයා එකම මතක් කර කර එ කෙනවා හන්වඩු ගැහුවොත් ඔහු ඉන්න මානසිකත්වයෙන් කවුද එයාව එලියට ගන්නෙ ................සමීපතමයන් ඔහුගෙන් ඇත් උනොත් තවත් කොහොමද නැගිටින්නෙ...........................................

ලෝකය නුබට හිනාවෙවි ........

පලිගැනිම උත්තරයද...........

පලිගැනිමෙන් අහින්සක හිත් ජිවිත කියක් තැලෙයිද.............

..........................

නුබ කෙනෙක්ට ගරහන විට ඔහු තව කොතරම් වැටෙයිද.............

ඔහු වියරු උනා නොවෙ..........

සමාජය ඔහුව ඇද දැමුවා නොවෙද...........

(හුගක් අය සදාරනය හොයන් පලිගන්නවා.එකෙන් කිසිම වැරද්දක් නොකර කියක් තැලෙනවද..........ලොකය කෙනෙක් වැරැද්දක් කරනවා ..ඒකම කිය කියා පන්නවා............පලිගැනිමත් අන් අයට ගැරහිමත් මුල් බැසගත් සමාජයක ......සමාජ විවරනයකි)

පාරමි කවී


Comments System WIDGET PACK