නිහඬ සඳවති අවසන් බිඳුම | Nihada Sadawathi 06 Kotasa ( Awasan )
නිහඬ සඳවති
අවසන් බිඳුම
ඒත් එක්කම ආව වෙඩි සද්දෙට මං ගැස්සිලා බැලුවේ කොහෙන්ද ඒ සද්දෙ ආවේ කියලා.එතකොටම එතැනට ආවේ වෙන කවුරු නෙමෙයි මගේම අම්මායි අයියායි.මගේ ඇස් අදහාගන්න බැරි වෙනකොට
"ඉෂාන් මොකක්ද වුණේ"
"නෑ පොඩි චුට්ටේ අයියේ මේකි මාව මෙතනට එක්කන් ආවා නේ"
ඉෂාන් එහෙම කියද්දි මං ඒදෙස බැලුවේ උවනාවෙන්.එතකොට තනුෂ් නැත්තම් පොඩි චුට්ටේ කියන්නේ මගේ අයියාද?....අයියා ආව ගමන් සුධීරගෙ ෂර්ට් එකෙන් අලගත්තා
"ආයිබෝවන්ඩ සුධීර දිසානායක, අපි එහෙනම් ආයෙත් හම්බවුණා" එහෙම කියපු අයියා
"ආ මගේ නංගි මලීෂා උඹයි එතකොට මේ දේ කරේ මගේ කුඩු ටික අහුකරේ...බැල්ලී තොට මං"
අයියා එහෙම කියනවත් එක්කම මගේ කණට ගහාපු පාර නිසා විසි වෙලා වැටුණ මං හෙව්වේ මගේ අතේ හිටිය මගේ පුංචි පුතාව...එයාව
"අනේ මගේ දරුවා....මගේ දරුවට මොකුත් කරන්න එපා..අනේ අම්මේ මගේ දරුවාව දෙන්න" මං අඬ අඬාම එයාගෙන් දරුවාව ඉල්ලද්දි අයියා කරේ මට ගහාපු එක.මාව බේරගන්න මැද්දට පැන්න සුධීරටත් ඉෂාන් හොඳටම ගහාලා අපිව එතනම දාලා ගියා...
මට සිහිය එද්දි මං හිටියේ හොස්පිටල් එකේ.සිහිය එනවත් එක්කම මං හෙව්වේ මගේ පුංචි පුතාව
"මලීෂා ඔයාට කොහොමද දැන්"
"අනේ සුධීර කෝ මගේ දරුවා..මගේ පුංචි පුතා මට ඕනි එයාව ගෙනත් දෙන්න"
මං අඬ අඬාම එහෙම කියවද්දි සුධීර කරේ නිහඬම මං දිහා බලන් ඉන්න එක විතරමයි දවස් තුනකින් මං හොස්පිටල් එකෙන් ගෙදර ආවා.ඒ දවස් ටිකට මං ගැන බලන්නවත් ඉෂාන් ආවේ නෑ.මං ගෙදර ආවාම
"ආ උඹ ආවාද මොකටද මෙහෙ ආවේ"
"මං ආවේ මගේ දරුවාව බලන්න එයා මට ඕනි"
"මොන දරුවෙක්ද බන්...අර සුධීර ලඟටම පලයං"
මට ගහාලා ගෙදරින් එළියට ඇදලා දැම්මේ බල්ලෙක් ගාණට.මං කෑගහාලා ඇහුව්වේ මගේ රත්තරන් පුතාව..ඉෂාන් කිව්වේම එයා ලඟ ලමයා නෑ කියලා.ඉෂාන් ගහාලා මාව පාරටම ඇදලා දැම්මා.මං මගේ අත්‍යාවශ්‍ය ලියකියවිලි විතරක් අරන් ගියේ සුධීර ලඟට..
"සුධීර"
"මලීෂා මොකො මේ"
"සුධීර කෝ මගේ දරුවා.එයා ඉෂාන් ලඟ නැල්ලු..කෝ දෙයියනේ මගේ දරුවා"
"මලීෂා කූල් පොඩ්ඩක් ඉන්නකෝ මං කියන්නම්"
එහෙම කියලා ලොකු හුස්මක් පිට කරපු සුධීර කීවේ එදා වුණ ඇක්සිඩන්ට් එකේදී ඉෂාන්ගේ අතින් ළමයා වැටුන බවත් බබාව හොස්පිටල් අරන් ගියත් ඒ වෙනකොට මගේ පැටියා මේ ලෝකෙන් ගිහින් හිටිය බවත් පමණයි.
"අනේ සුධීර මගේ පුතා මට ඕනි"
මං ඉන්න තැන ගැනවත් නොහිතා ඇඬුවා.සුධීර මගේ හිත හදලා එයාගේ ගෙදර එක්කන් ගියේ ටික දවසකට එහේ ඉන්න කියලා.
***************
"සුධීර මං වෙනුවෙන් දෙයක් කරනවද"
"කියන්න මලීෂා"
"ඉෂාන්ව මගේ අම්මාව ඒ වගේම මගේ අයියාව නීතිය ඉස්සරහට ගේනවද?"
"හ්ම්ම්ම්ම්"
එදා ඉඳන් මං සුධීරට මගේන් පුළුවන් උපරිම සහාය දුන්නා.පොඩි චුට්ටේව හා එයාගේ ගෝලයේ ටික අත්අඩංගුවට ගන්න.
දවසක් සුධීර රාජකාරි ඉවර කරලා ගෙදර එද්දි මට ඉෂාන් ඉඳලා
"ආ මිස්ටර් සූධීර දිසානායක... මතකද මාව "
"කොහොම අමතක වෙන්නද ඉෂාන් තේනුවර...තමන්ගේ දරුවාගෙම මිනිමරුවා නේ"
"තමුන් ලොකු වැරැද්දක් කරන්නේ ඉෂාන්.තමුන් දන්නවද තනුෂ් කියන්නේ කවුද කියලා..තමුන්ව තනුෂ් ලඟ තියන් ඉන්නේ තමුන්ගේ තාත්තාගේ පළිය ගන්න"
එහෙම කියලා සුධීර ගියා.එතනම ඉඳලා බලන් හිටිය ඉෂාන් අතේ තිබුණ කුඩු ටික පාවිච්චි කරේ පුදුමාකාර විදිහට.
ට්
(මාස 6ට පසු )
'මෙන්න දැන් ලැබුණ විශේෂ පුවතක්...නුවරඑළියේ හැටන් ප්‍රදේශයේ ඕකිඩ් මැහුම් ශාලාවේහි හිමිකරු වන අරවින්ද තේනුවර මහාතා හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා තේනුවර මහාත්මියව අභිරහස් ලෙස ඝාතනය කර ඇත.සැක පිට ඔවුන්ගේ පුත් ඉෂාන් තේනුවරව අතඅඩංගුවට ගෙන ඇති බව පොලිස් පරික්ෂක සුධීර දිසානායක මහාතා පවසනවා'
ඒ නිව්ස් එකත් එක්කම මං බැලුවේ සුධීර දිහා.
"ඔව් මලීෂා ඉෂාන් තමයි එයාගේ දෙමාපියන්ව මරලා තියෙන්නේ, එයා ඒ දේ කරලා තියෙන්නේ සල්ලි වෙනුවෙන්"
සුධීර කියන දේ අහාන් හිටිය මං සුධීරගෙන්
"සුධීර මට එක පාරක් ඉෂාන්ව බලන්න පුළුවන්ද"
"පුළුවන් මලීෂා හෙට ඉෂාන්ව උසාවියට අරන් යනවා එහෙදී බලන්න පුළුවන්"
මං සුධීර කියන දේ නිසඬවම අහාන් හිටියේ හරියට මළකඳක් ඉන්නවා වගේ.
මං උදේම නැගිටලා නාලා සුදු සාරියකින් ලෑස්ති වෙලා සුධීර එක්ක ගියේ ඉෂාන්ව බලන්න.මං උසාවිය ඇතුළට ගියේ නෑ.
"මලී මැණික"
"සොරි ඉෂාන් මට එහෙම කතා කරන්න එපා"
"අනේ මලී ඇයි මෙහෙම කරන්නේ"
"ඔයා මිනිමරුවෙක් ඉෂාන්.මගේ දරුවාව මරාගත්ත පවු කාරයා"
"අනේ මලීෂා මට සමාවෙන්න ප්ලීස"
"ඉෂාන් ඔයා මගේ දරුවාව මරපු දවසෙම මේ මලීෂාගේ හිතේ ඔයා ගැන තිබුණ ආදරේ මැරුණා.ආයේ ආත්ම හතකටවත් මට ඔයා වගේ මනුස්සයෙක් එපා.ඔයාට ඕනි වුණේ සල්ලි කුඩු විතරමයි.එක නේ ඔයාගෙම දෙමාපියන්ව මැරුවේ.මට ඔයා එපා පුළුවන් නම් මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න"
මං මගේ ඇස් වලට උණපු කඳුළු වලට ඔහේ ගලන් දීලා මං ඉෂාන්ගේ ඇස් දිහා බලන් කිව්වේ මගේ හිතේ තිබුණ හැමදෙයක්ම.මාව එයාගේ බැඳීමෙන් නිදහස් කරන්න කිව්ව නිසාම ඉෂාන් මං දිහා ඔහේ බලන් හිටියා........
ඉෂාන්ට මිනිමැරුම් චෝදනාව යටතේ මරණ දඬුවම නියම විය.රජය මගින් මටත් මං ඉල්ලුව නිදහාස ලැබුණා.
ඉෂාන්ට නීතියෙන් දඬුවම් ලැබිලා මගේ නිදහාස මට ලැබුණාට පසුව යන එන මගක් නැතිව ඔහේ මං ඇවිදගෙන ගියේ අපේ ආදරේ මතකයන් පිරිලා තියෙන අපි දෙඉස්සර හැමදාමත් හම්බවුණ තැනට.එතැනට යනවත් එක්කම මගේ ඇස් වල නලියන කඳුලට ඔහේ ගලාගෙන යන්න දුන්නේ තවත් ඒ දුක දරාගෙන ඉන්න බැරි නිසා.ඒත් එක්කම
"මලීෂා ඇයි මේ"
"සුධීර ඔයා දන්නවද මං ඉෂාන්ට ආදරේ කරපු තරම.ඇයි එයා මට මෙහෙම කරේ? මගෙ අහිංසක පුතා එයාට කරපු වැරැද්ද මොකක්ද?"
මං අඬ අඬා සුධීරට එහෙම කියද්දී එයා කරේ නිහඬව මං ලඟට වෙලා මගේ ඔළුව අතගාපු එක විතරයි.
"මලීෂා දැන් ඔයා කොහෙද යන්නේ"
"මට කියලා මේ ලෝකේ කවුරුත් නෑ සුධීර මං ජිවත් වෙන එකේ තේරුමක් නෑ"
"තමුසෙට පිස්සුද මලීෂා.එනවා යන්න මාත් එක්ක"
සුධීර එහෙම කියලා මාව එක්කන් ගියේ සුධීරගේ ගෙට පහාළ වත්තේ තිබුණ සොහොනක් ලඟට.
"මලීෂා මේ මගේ වයිෆ්ගේ සොහොන"
"මොකක්ද සුධීර කියන්නේ"
"ඔව් මලීෂා.මේ තමයි මගේ පණ.පොඩි චුට්ටේ එයාව මැරුවා"
සුධීර මට ගොඩාක් දේවල් කිව්වා....එදායින් පස්සේ මගේ ජිවිතේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වුණ.
(වසර 5කට පසු)
"අම්මී...අප්පත්ති බබාට ගැව්වා"
"ඇයි මගේ චණ්ඩියට ගැව්වේ"
ඒ මගේ රත්තරන් පුතා..මගේ ජිවිතේ මට ගොඩාක් උදවු කළ සුධීර මාව මැරී කරා.ජීවිතේට අලුත් පණක් දුන්නා..මගේ හීනේ වුණ ගා(ර්)මන්ට් එකක් ඕපන් කරන හීනේ සූධීර නිසා හැබැ වුණා.
"අයියා ඇයි ඔයා බබාට ගැහුව්වේ"
"ආ බබා අම්මිට නඩුව දුන්නාද? කෝ මේ කොල්ලා කොහෙද හැංගුනේ"
"හී..හී...හී...අප්පත්ති බබා මෙහේ"
********************
"මැණික අද තනුෂ්ගේ නඩුව.මං ගිහින් එන්නම්"
"බුදු සරණයි අයියේ.පරිස්සමෙන් ගිහින් එන්න"
සුධීර ගියාට පස්සේ මමත් මගේ දඟකාර පැංචාව ලෑස්ති කරගෙන ගා(ර්)මන්ට් ගියා.
*************
එදා සුධීර තනුෂ්ගේ අවසන් නඩුවට ගියා.ඒ නඩුව අවසන් වෙනවත් එක්කම තනුෂ් උසාවියෙන් පැනලා යන්න උත්සාහ කරපු නිසා එතනදී සිදුවුණ වෙඩි තැබීමකින් තනුෂ් ජීවතක්ෂයට පත් වුණා.හැම වැරැද්දටම උදවු කරපු මගේ ජීවිතේම අපායක් කරපු මගේ අම්මා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියමවුණා.
දුක විතරක්ම ලැබුණ මට සුධීර සතුටට ගෙනත් දුන්නා.මගේ රත්තරන් පුතාව එයාගෙ තාත්තාම මැරුවා.ඒත් අද මගේ පුතාට සුධීර වගේ රත්තරන් පියෙක් ලැබිලා........
ඉෂාන්ගේ මතකයන් අදටත් මගේ හිතේ පිරිලා.
*******
"අයියේ හෙට පන්සල් යමුද"
"ඇයි මැණික හදිස්සියෙම"
"නෑ අයියේ ඉ......ඉෂාන් මේ ලෝකෙන් ගිහින් හෙටට අවුරුදු 5යි..ඒකයි"
"හ්ම්ම්ම් හරී මැණික යමු...හැබැයි මට පොරොන්දු වෙන්න අඬන්නේ නෑ කියලා"
"සත්තයි අයියේ අඬන්නේ නෑ"
ඒ පපුවට තුරුල් වෙලා ඇස් පියාගත්තේ හිතින් ඉෂාන්ගේ මතකය අමතක කරමින්.
නිමි
මං නිහඬ සඳවති(රෂී)
