නිහඬ සඳවති පස්වන බිඳුම | Nihada Sadawathi 05 Kotasa



නිහඬ සඳවති

පස්වන බිඳුම

"හෙලෝ සුධීර"

"හෙලෝ මලීෂා මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි ඔයාට එන්න පුළුවන්ද"

"පුළුවන් සුධීර කොතනටද එන්න ඕන"

"දහය වෙද්දි ටවුන් එකේ සම්පත් බැංකුව ලඟට"

මං සුධීර කියපු වෙලාවට ලෑස්ති වෙලා ගියා.මං යද්දීම සුධීරත් ඇවිත් හිටියේ

සුධීර කියපු දේවල් ඇහෙද්දි මගේ මුළු ලෝකේම කඩන් වැටුණා.ඇයි දෙයියනේ මගේ අම්මාම මට මෙහෙම කරන්නේ? අම්මා ලංකාවේ ප්‍රසිද්ධ පාතාල නායකයා තනුෂ් නැත්තම් පොඩි චුට්ටේ ලඟ වැඩ කරන බවත් ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ අම්මා බවත් සුධීරට දැනගන්න ලැබිලා තියෙනවා.ඒකට ඉෂාන්ව සම්බන්ධ කරගෙන තිබුණේ ඔහුගේ පියා සමඟ තිබුණ ආරවුලක් නිසා බවත් සුධීරට හොයාගන්න පුළුවන් වෙලා..

මං ගෙදර ඇවිත් ඉෂාන් එනකම් හිටියේ එයාගෙන් මේ ගැන අහාන්න.

"සුදු මහාත්තයෝ"

"ඇයි මොකද"

"ඇයි අයියේ ඔහොම කතා කරන්නේ.ඇයි මට ආදරේ නැද්ද"

"අනේ මලී මට මගේ පාඩුවේ ඉන්න දීපන්"

"අයියේ අපේ පැටියා මේ ලෝකෙට එන්නත් ලඟයි.අනේ අයියේ මං වැඳලා ඉල්ලන්නම්.ඔය නරකාදියේන් එළියට එන්නකෝ.අපේ අම්මලා ඔයාලගේ අප්පච්චිගේන් පළිගන්න ඕනි නිසයි අයියේ ඔයාව ඔය නරකාදිට දාලා තියෙන්නේ"

"අනේ මලීෂා තමුසේ මට වදයක් ඕයි"

එහෙම කියලා මට තවත් ගොඩාක් දේවල් කියලා බැනලා ඉෂාන් යන්න ගියා.මට කොච්චර වෙනස්කම් කරත් මං හැමවෙලේම මහාන්සි වුණේ මගේ මහාත්තයාව ඒ නරකාදියේන් ගොඩ ගන්න. ඒ දේට මට සුධීරත් ගොඩාක් උදවු කරා....දවසක් මං රෙදි ඕඩර් එකක් දීලා එද්දි මට හොඳටම අමාරු වුණා.මං ඉෂාන්ට කෝල් කරත් එයා නෙමෙයි ආන්සර් කරේ.ඇස් දෙකත් එක්ක පියවෙද්දි මට මතක කවුරු හරි උස්සන් යනවා විතරයි...මට සිහිය එද්දි මං හිටියේ හොස්පිටල් එකේ.මං ඇස් අරිනවත් එක්කම නර්ස් කෙනෙක් නිල්පාට පැනල් එකක ඔතලා මගේ රත්තරන් පුතාව මගේ ඇතට දුන්නා.ඒත් එක්කම

"මලීෂා ඔයාට කොහොමද දැන්"

"සුධීර ඔයා....ඔයා කොහොමද"

"ඇයි බන් මෙහෙම වෙලාවට කොහේ හරි යද්දී කාවහරි එක්කන් යන්න එපැයි.මං ඒ පැත්තෙන් යද්දී ඔයාව දැකලා හොස්පිටල් ගෙනාවා.ඉෂාන්ටත් පණිවිඩය දුන්නා."

මගේ ඇස් වලට කඳුළු ආවේ නිරායාසයෙන්ම.කාලයත් ටිකෙන් ටික ගෙවිලා ගියා.පුතා ලැබුණට පස්සේ ඉෂාන්ගෙ අම්මලා අපේ ගෙදර ආවාගියත් මාත් එක්ක වැඩිය කතා කරේ නෑ...ඉෂාන්ගෙ නම් කිසිම වෙනසක් නෑ..දවසක් සුධීර අපේ ගෙදර ආවා.එදා ඉෂාන්ගෙ අම්මලත් ඇවිත් හිටියේ.සුධීර ඇවිත් ගියාට පස්සේ

"මලීෂා කවුද ඒ"

"අම්මේ ඒ තමයි CID ඔෆිසර් සුධීර මගේ යාළුවා"

"ඉතින් ඒ ළමයා ඇයි මෙහෙ ආවේ"

මං හැම විස්තරයක්ම ඉෂාන්ගෙ අම්මලාට කිව්වා.මුල දී එයාලා මං කියපු දේවල් විස්වාස කරේ නැතත් මං තනුෂ් ගැන කිව්ව නිසා එයාලා ඒ දේ විස්වාස කරා.

"අනේ මගේ කොල්ලා"

ඉෂාන්ගෙ අම්මා අඬනකොට

"අම්මේ මං කොහොම හරි ඉෂාන්ව ඔය නරකාදියේන් එළියට ගන්නවාමයි.මට ඒ දේ පුළුවන්"

********

"අයියේ අද ගමනක් යන්න ඕනේ.අදවත් ගෙදර ඉන්නවාද"

"ඇයි කොහෙද"

"මං කියන්නම්.ඔයා ලෑස්ති වෙන්නකෝ"

ඉෂාන් ලෑස්ති වුණාම මං පුතාවත් ලෑස්ති කරන් ඉෂාන්වත් එක්කම් ගියා.හැබැයි යනකම් කිව්වේ නෑ කොහෙද යන්නේ කියලා..යන්න ඕනි තැනට යනකම් දහාසකුත් ප්‍රශ්න ඇහුව ඉෂාන්

"තමුසේ මලීෂා කොහෙද මේ"

"පොඩ්ඩක් ඉන්න ඉෂාන් කෙනෙක් එයි දැන්"

"මලීෂා කෝ මෑන්" එහෙම අහාගෙනම අපි ලඟට ආව සුධීර දිහා ඉෂාන් ඇස්පිය නොහෙලා බලන් හිටියේ මහා පුදුමයෙන්

"මලීෂා කවුද මේ ඇයි තමුසේ මාව මෙහෙට්ට එක්කන් ආවේ"

"කූල් මිස්ටර් ඉෂාන්.අයි ඇම් සී අයි ඩී සූධීර දිසානායක"

"තමුන් මොකටද මාව"

"හෝව් හෝව් ඉෂාන් මං විස්තරේ කියන්නම්"

"මං කිව්වා නේද මහාත්තයෝ ඔයාට ඔය නරකාදියේන් එළියට එන්න කියලා දැන්වත් මං කියන දේ අහාන්න අයියේ"

මං එහෙම කියද්දි මහා සමච්චල් හිනාවක් පෑ ඉෂාන්

"හහ්හ්හා...උඹ හිතුවද මලීෂා මං මේ අතට ආව අවස්ථාව අතහරියි කියලා....කුඩු කියන්නේ සල්ලි ගහාක් බන්.මට ඕනි සල්ලි බන්"

එහෙම කියලා හිනා වෙන ඉෂාන් දිහා බලන් මං කල්පනා කරේ 'කෝ මට ආදරේ කරපු ඉෂාන්' කියන එක විතරමයි.....

ඒත් එක්කම

නැවතුමක්

ඒත් එක්කම මොනාද වෙන්න ඇත්තේ පොඩ්ඩක් කල්පනා කරන්නකෝ.මං ඉක්මනටම උත්තරයක් අරන් එන්නම්.

මං නිහඬ සඳවති(රෂී)



Comments System WIDGET PACK