නිහඬ සඳවති හතර වන බිඳුම | Nihada Sadawathi 04 Kotasa
නිහඬ සඳවති
හතර වන බිඳුම
මං ගෙදර එනකොටත් ඉෂාන් ඇවිත් හිටියා.වෙනදා නැති තරම් ආදරේකින් මට කතා කරද්දි එයාගෙ වෙනසක් දැනුනත් මං නිහඬවම එයා ලඟට ගියා
"මලී එනවාකො ලඟට"
එකපාරටම මාව තුරුල් කරගත්ත ඉෂාන් අතොරක් නැතුම් මාව සිප ගත උමතුවෙන වගේ.එයා ලඟ මෙතුවක් කල් නොදැනුන වෙනසක් දැනුනත් මං තව තවත් ඒ උණුහුමට ලං වුණේ මෙතුවක් කල් හිර කරන් හිටිය හැඟිම් සේරම පිට කරමින්.විවාහ වී වසරකට පමණ පසු අපි අපේම වුණේ හිතේ දාහාසකුත් හීන පුරවගනිමින්.නමුත් ඉෂාන්ගේ ආදරේ බොහො විට ඇඳට පමණක් සීම වුණේ මගේ හිතේ දහාසකුත් ප්‍රශ්න ඇති කරමින්.
ඉෂාන්ගෙ වෙනසට හේතුව හොයන්න හිතන් මං දවසක් ඉෂාන් වැඩ කරන බැංකුව ලඟට ගියේ එයාටත් හොරා.දහාවල් එක පමණ වන විට ඉෂාන් නිවාඩු අරන් හදිස්සියෙම කොහෙදො ගියා.මමත් එයාගේ පස්සෙන්ම ගියා.ඒ යද්දී එයා නතර වුණේ වෙන කොහෙවත් නෙමෙයි මගේම ගෙදර.එහේ එයා මගේ අම්මා එක්ක මොකක්දෝ ලොකු කතාවක්.මට ඒ කතාව නම් හරියට ඇහුනේ නෑ.ඒත් ටික වෙලාවකින් අම්මා ඉෂාන්ගෙ අත්ට පාර්සලයක් ගෙනත් දුන්නා.තවත් එතැන ඉන්න එක අනතුරුදායක බව තේරුන නිසාම මං ඉක්මන් කරලා ගෙදර ආවේ ඉෂාන් සැක හිතන්න කලින්.මං ගෙදර ඇවිත් වෙනදා වගේම වැඩ ටික කරලා තියලා හිටියා.
ඉෂාන් එක්ක වැඩි කතාවට නොගිහිම් මං මට පුළුවන් විදිහට රෙදි ටිකක් මහාලා විකුණන්න තීරණය කරේ මං ඉෂාන්ට බරක් නිසාමයි.කාලය ගෙවී ගියේ හීයක වේගයෙන්.දවසක් මට හොඳටම අසනීප වුණා.මං ඉෂාන්ට කෝල් කරත් එයාගෙ ෆෝන් වැඩ කරේ නෑ.බැරිම තැන මං තනියම හොස්පිටල් ගියා.එහේදි මට මේ ලෝකේ සතුටුදායකම ආරංචිය ලැබුණා.මං ඒ සතුටත් එක්කම ගෙදර යනකොට එදාත් ඉෂාන් අපේ අම්මා එක්ක මොකක්දෝ ලොකු කතාවක්.එදා නම් මට සැක හිතුණා.මං ඉක්මනටම ගෙදර ගිහින් ඉෂාන් එනකල් මග බලන් හිටියේ එයා එක්ක මේ ප්‍රශ්නේ විසඳගන්නකම්.
"ඉෂාන් ඔහොම පොඩ්ඩක් ඉන්න"
ඒ මං එයාට නම කියලා කතා කරපු පළවෙනි වතාව.
"ඇයි මොකක්ද "
"කාරණා දෙකක් ගැන"
"හරි කියනවා ඉක්මනට මගේ කාලේ කන්නේ නැතුම්"
"ඉෂාන් ඔයාට මගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද"
"තමුසෙට පිස්සුද ඕයි"
පිස්සු මට නෙමෙයි ඔයාටයි.මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයා අපේ අම්මා එක්ක කතා කරනවා.අපේ අම්මාත් ඔයාට මොකක්දෝ පර්සල් එකක් දෙනවා"
"ඉතින් තමුසෙට මොකො"
"ඉෂාන් මං තමුන්ගේ කසාද ගෑනි දැන් ඔයා කියනවද නැද්ද?ඔයා මොකක් හරි වැරදි වැඩක් කරනවා අයියේ"
ඒකට හිනා වුණ ඉෂාන්
"ඔව් බන් මං කුඩු බිස්නස් කරනවා.ඒ වගේම කුඩු පාවිච්චි කරනවා.ඇයි තමුසේ මට මොන කරන්නද"
එයා ඒ ටික කියද්දිම මං පිස්සුවෙන් වගේ ඇඬුවා.ඒත් එයා හිනා වුණා විතරමයි.
"ඉෂාන් මහාත්තයෝ ඔයා අප්පච්චි කෙනෙක් වෙන්න යන්නේ.දැන්වත් ඔය නරකාදියේන් එළියට එන්නකෝ"
එයා මං කියන දේවල් තඹ සතේකටවත් මයිම් කරේ නෑ.එදායින් පස්සේ මං ඉෂාන් එක්ක කතා කරේවත් නෑ.මගේ වැඩ ටික කරන් හිටියා විතරමයි.මගේ හිතේ ගා(ර්)මන්ට් එකක් ඕපන් කරන්න අදහාසක් තිබුණ නිසාම අතට ලැබෙන රුපියල වුණත් පරිස්සම් කරා.
දවසින් දවසක ඉෂාන් වැරදි පාරේම ගියා.එයා ගැන තිබුණ ආදරේ නිසාම එයාගේ වැරදි හදන්න හිතන් මගේ පුංචි කලේ ඉඳලාම යාළුවා වුණ සූධීරව මුණගැසීමට ගියේ ඉෂාන්ට හොරෙන්මයි.
"එස්කියුස්මි මිස් මට මිස්ටර් සූධීර දිසානායකව බලන්න පුළුවන්ද"
පුළුවන් මිස් පොඩ්ඩක් ඉන්න
...........................
"මලීෂා මොකො උඹ මාව බලන්න "
" සුධීර මට පොඩි ප්‍රශ්නයක්.උදවු කරන්න පුළුවන්ද"
"කියපන් බන්"
මං හැම විස්තරයක්ම සුධීරට කිව්වා.සුධීර කියන්නේ CID ඔෆිසර් කෙනෙක්.මට සුධීර උදව් කරන්න පොරොන්දු වුණා.
දවසක් සුධීරගෙන් ඇමතුමක් ආවා.
"හෙලෝ සුධීර"
නැවතුමක්
ලමයි කතාව බොරින්ද.කතාවේ වැරදි අඩු පාඩු පෙන්නලා දෙන හැම කෙනාටම ස්තූතියි.මං තව එක කොටසකින් කතාව ඉවර කරන්න හිතන් ඉන්නේ.ඔයාලා මොනාද කියන්නේ.ඔයාලගේ අදහසත් කියගෙනම යමු බලන්න.කතාව තව ටිකක් දිගට ලියන්නද නැත්තම් තව එක කොටසකින් ඉවර කරන්නද?හොරෙන්ම කියවලා යන්න එපා හොඳේ
මං රෂී
