නිහඬ සඳවති තුන්වන බිඳුම | Nihada Sadawathi 03 Kotasa



නිහඬ සඳවති

තුන්වන බිඳුම

වැඩ ඇරලා යනකම් මං ඉෂානව දැක්කේ නෑ.ගෙදර ගිහින් ගොඩාක් වෙලා බලන් හිටියා එයා කෝල් කරයි කියලා.ඒත කෝල් එකක් ආවේ නැති නිසා මගේ හිත හදන් මං ගෙදරින් යන්න තීරණය කරලා අත්‍යාවශ්‍ය බඩු ටිකයි රෙදි ටිකයි ලෑස්ති කරලා ඇඳට වෙලා කල්පනා කරගෙන ඉන්න අතරේ මට ඉෂාන්ගෙන් කෝල් එකක් ආවා

"මලී හෙට ලෑස්ති වෙලා ඉන්නවා.මං එන්නම් උදේට ගන්න ටවුන් එකට"

එහෙම කියලා මට වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා ෆෝන් එක කට් කරා..මං උදේම කුස්සිය පැත්තෙන් ගිහින් බෑග් එක හංගලා කිසිම වෙනසක් නොපෙන්වා ගෙදරින් ආවා.බෑග් එකත් අරන් මං යද්දී ඉෂාන් ඇවිත් හිටියා.කිසිම දෙයක් නොකියපු ඉෂාන් මාව එක්කන් ගිහින් රෙජිස්ටාර්වරයෙකු ඉදිරියේ මාව එයාගෙ නීත්‍යානුකූල පතිනිය කරගත්තා.අපි එහෙම්ම ගියේ ඉෂාන්ගෙ ගෙදර.එහෙන් ලැබුණේ අපි බලාපොරොත්තු වුණා ප්‍රතිචාරයමයි.ඉෂාන්ගෙ අම්මලා අපිට ගෙදරට එන්න එපා කිව්වා.අපි ඉෂාන්ගෙ ගෙදරින් ආවාට යන එන තැනක් හොයාගන්න බැරුවයි හිටියේ.එක වරම මට මතක් වුණේ මගේ යෙහෙළිය තාරුකිව.මං තාරුකිට කෝල් කරලා විස්තරේ කිව්වාම ටික දවසකට අපි දෙන්නාට තාරුකිලාගේ ගෙදර ඉන්න අවසර ලැබුණා.

"මලී මැණික මං දෙයක් කියන්නම්"

"හ්ම්ම් කියන්න අයියේ ඔයා කියන ඕනිම දෙයක් මං අහානවා"

"නංගි අපි මැරි කරාට අපි ප්‍රශ්න විසඳගන්නකම් අපි අතර කිසිම දෙයක් දැන්ම එපා.මං කියන දේ ඔයාට තේරෙනවා නේද"

"ඔව් අයියේ.ඔයා කියන දේ මට තේරෙනවා"

අපි දෙන්නා මැරි කරාට කෙල්ලෙක් බලාපොරොත්තුව වුණා දේ අපි අතර සිදු වුණේ නෑ.කාලය හිමින් හිමින් ගෙවිලා ගියා.ඉෂාන් A/L ඉහළින් සමත් වෙලා තිබුණ නිසා එයාට බැංකුවක ජොබ් එකක් හම්බවුණා.එයාට ජොබ් එක ලැබිලා ටික කලක් යනකොට එයාගේ පුංචි පුංචි වෙනස් කම් දැනෙන්න පටන් ගත්තා.මාව එයාට බරක් විදිහට හිතලා එයා සලකන්න පටන් ගත්තා.දිනක්

"මලීෂා මේ තමුසේ හැමදාම මෙහෙම ගෙදරට වෙලා නිකම් කකා බීබ් ඉන්නද කල්පනාව"

"ඇයි අයියේ එහෙම අහාන්නේ.මං ඔයාට බරක්ද"

මං එහෙම අහනකොට මොකුත්ම නොකියා ඉෂාන් යන්න ගියා.නිතරම වගේ ඉෂාන් මට ඇනුම්පද දොස් කියන්න පටන් ගත්තා.මගේ හිත රිදිලයි තිබුණේ.ඒ නිසාම දන්න දෙයින් ප්‍රයෝජන ගන්න හිතන් මං මගේ කනකර බඩු ටිකයි බැංකු පොතයි අරන් බැංකුවට ගියේ ඉතුරු කරපු සල්ලි ටික අරන් එන්න..

නැවතුමක්
මං රෂී



Comments System WIDGET PACK