නිහඬ සඳවති දෙවන බිඳුම | Nihada Sadawathi 02 Kotasa



නිහඬ සඳවති

දෙවන බිඳුම

ඉෂාන් කෑගහානකොට මං නිහඬවම නිවාඩු දාලා එයා එක්ක ගියා.ඉෂාන් මාව එක්කන් ගියේ හැමදාම අපි දෙන්නා හම්බවෙන තැනට.

"මලී මට ඇත්ත කියනවා"

"මොකක් ගැනද අයියේ අහාන්නේ"

"මලී තමුසෙලාගේ ගෙදර තියෙන ප්‍රශ්න මොනාද"

"ඇයි මට කියන්න බැරිද"

ඉෂාන් එහෙම අහානවත් එක්කම මං නිහඬව බිම බලාගෙන හිටියා.'මං කොහොමද දෙයියනේ ඔයාට ඒ ප්‍රශ්න කියන්නේ' මං බිම බලන් කල්පනා කරද්දි

"මලී මං දන්නවා හැමදේම ඇයි මැණික මට කිව්වේ නැත්තේ"

"මං කොහොමද දෙයියනේ ඔයාට ඒවා කියන්නේ ඔයාට කරදර කරන්න බැනේ"

"උඹ මට කරදරයක් නෙමෙයි බන්.මං ඉක්මනටම උඹව මගේ ලඟට ගන්නවා මැණික"

මං ඉෂාන්ගෙ පපුවට තුරුල් වෙලා ඇති තරම් ඇඬුවා.මගේ හැම දුකක්ම එයාට කිව්වා.එයා මගේ හිත හදලා ගෙදර යන්න කිව්වා......මං ගෙදර ගියා විතරයි අම්මා කවදාකවත් නැති තරම් ආදරෙන් කතා කරලා

"ලොක්කී මෙහෙ එන්න"

"ඇයි අම්මා"

"හෙට වැඩට යන්න එපා.ගෙදරට කට්ටියක් එනවා"

"ඉතින් මං මොකටද"

"ඒ එන්නේ ඔයාව මනමාලි බලන්න හැමදාම ගෙදර තියන් ඉන්න බෑනේ.මටත් ඔයා මහා බරක්"

අම්මා එහෙම කියනවත් එක්කම මගේ ඇස් වලට කඳුළු ආවේ මටත් හොරා.ඇයි මටම මෙහෙම වෙන්නේ.මං කොල් එකක් අරන් ඉෂාන්ට විස්තරේ කිව්වා.එයා නම් කිව්වේ බය නැතුම් හෙට එයාලා එක්ක කතා කරන්න කියලා....මං උදේම නැගිටලා නාලා අම්මා දීපු සාරියත් ඇඳන් එයාලා ඉස්සරහට ගිහින් කතා කරා.ඒ මනුස්සයාට අවුරුදු 30 විතර ඇති.ඇයි අම්මේ මෙහෙම කරන්නේ කියලා ඇඬ අඬ අම්මාගෙන් අහද්දි

"මේ තමුසේ මං කියන දේ විතරක් කරනවා.පණ්ඩිත නොවි.ඒ මිනිහා සල්ලි උල්පතක්.මොකක්ද ඒ මනුස්සයාට තියෙන අඩුව.වයස පොඩ්ඩක් වැඩි වුණාට මොකෝ"

අම්මාගේ වචනත් එක්ක මං නිහඬ වුණේ ඇය එක්ක කතා කරලා කිසිම ඵලක් නැති නිසා...මං උදේ වැඩට ගියේ ඉෂාන්ගෙන් තීරණයක් බලාපොරොත්තුවෙන්.

"අයියේ ඔයාට බැරිද මාව ඔයා එක්ක එක්කන් යන්න"

"මලී මොකො හදිස්සියෙම"

"මං තවත් එහෙ හිටියොත් අර ඊයෙ ආපු මනුස්සයාට බන්දලා දෙයි.ඔයාට බැරි නම් කියන්න මං ඔළුව හැරුණු අතේ යන්නම්"

මං එහෙම කියලා එතනින් ගියේ තවත් එතන ඉන්න බැරි නිසා.ඉෂාන්ගෙන් උත්තරයක් නොලැබුනොත් කරන්න ඕනි දේ ගැනත් මං තීරණයක් අරන් තිබුණේ.

නැවතුමක්

මං රෂී


Comments System WIDGET PACK