නිහඬ සඳවති පළමු බිඳුම | Nihada Sadawathi 01 Kotasa



නිහඬ සඳවති

පළමු බිඳුම

පිනි වැස්සේ තෙමි තෙමි මං ගෙට ගොඩ වෙද්දිම වගේ සුපුරුදු පරිදි අම්මාගේ ගෝරනාඩුව ඇහුනේ කුස්සිය පැත්තෙන්

"ආ නෝන හාමුට දැන්ද ගෙදර එන්න මතක් වුණේ? මොන මගුලෙද ගියේ ආ"

"අනේ අම්මේ ඇයි ඔහොම කතා කරන්නේ මං වැඩට නේ ගියේ"

"ඔව් ඔව් තමුසෙගේ රස්සාව.උඹ රස්සාවට යනවා කියලා මොකා එක්ක කොහේ යනවද කියලා මං කොහොමද දන්නේ"

"අනේ අම්මේ පිංසිද්ද වෙයි.නතර කරගන්න ඔය කතාව"

නිතරම වගේ මෙහෙම තාඩන පීඩන වලට ලක් වෙලා දුක විතරක් උරුම කරන් ජීවත් වෙන මං මලීෂා මලීෂා සමරනායක.අම්මා අයියා නංගි මල්ලි ඉන්න පවුලේ දෙවෙනි දරුවා තමයි මං.අප්පච්චි අපෙන් සදහටම සමු ගත්තේ නොසිතු මොහොතක.අප්පච්චි මල් ව්‍යාපාරිකයෙක්.ඒ නිසා අපිට පුංචි කාලේ ඉඳලාම අඟහිඟකම් තිබුණේ නෑ.ඒත් අප්පච්චිගේ වියෝව එක්ක අම්මා ගොඩාක් වෙනස් වෙන්න පටන් ගත්තා.අයියා ජපානේ හිටියේ.අම්මාගේ වෙනස් වීම පුදුම සහාගත වුණේ අම්මා හැම නපුරු කමක්ම කරේ මට විතරක් වීම.අම්මාගේ නපුරුකම් කෙනෙහිලිකම්කම් ඉවසන්න බැරි නිසාම යන්තන් o/l ගොඩ දාගත්ත මං ගමේ අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් ගා(ර්)මනට් එකක ජොබ් එකක් හොයාගත්තා.මගේ ආදරේ මට ලැබුණේ එහෙදී.එයා නමින් ඉෂාන් ඉෂාන් තේනුවර.ගා(ර්)මන්ට් එකේ මැනේජර්ගේ එකම පුතා.එහේ එකවුන්ට වැඩ කරේ ඉෂාන් තමයි.අහාඹු විදිහට මගේ ජීවිතේට ආව ඉෂාන් මගේ අප්පච්චිගේ අඩුව පිරෙව්වා.මොන තරම් ලං වුණත් මං ඉෂාන්ට මගේ ගෙදර ප්‍රශ්න නොකියා ඉන්න වග බලා ගත්තා.ඒ එක දවසක් හදිස්සියෙම වගේ මං ලඟට ආව ඉෂාන්

"මලී එනවා ගමනක් යන්න"

"ඒත් කොහෙද අයියේ අනික මං වැඩ නේ"

"දැන් තමුසේ එනවද නැද්ද?"

"එන්නම් අයියේ ඒත් කොහෙද"

"ප්‍රශ්න අහාන්නේ නැතුම් එනවා යන්න"

මං රෂී



Comments System WIDGET PACK