❤️... කුඩ්ඩේකුගේ ඔවදන...❤️ | Kuddekugen Owadanak



❤️... කුඩ්ඩේකුගේ ඔවදන...❤️

සුද්දා අයියේ මට කුඩු පාරක් ඔනි උබව රාජු අයියා දන්නවනි... ප්‍රශ්න බන් අයියේ එපා වේලා ඉන්නේහ්.. බිව්වාට එවේලේට විතරයි බන් අයියේ.. මටත් ටිකක් ඔනි ඔය ආතල් එකට සේට් වෙන්න...

දැන් උබට ඔච්චරම නැතිවේලා තියේන්නේ මොනවද ළහිරු මල්ලි ..උබට තාම අවුරුදු විස්සක් ඇතිනේ.. උබට පව්ලේ අම්මා, තාත්තා ඉන්නවා.. උබට මොනවා නැති වේලාද යකෝ මේ නහින්නේ...

උබලා හිතන තරම් සුන්දර නැ බන් මල්ලි මේ දේවල්..

මගේ කැල්ල මට බුට් එක තිබ්බා බන් අයියේ.. කොච්චර ගේදරට හොරා ටිකක් කලත් දුක නැති වේන් නැ.. ආ මේ සල්ලි මට ටිකක් ඇරන් දියන් අයියේ රාජු අයියගේන්..

උබට මේ සල්ලි කොහේන්ද.. උබ ජොබ් එකක් කරන්නේත් නැනේ.. මෙච්චර සල්ලි කොහෙන්ද... අනික කේල්ලේක් නිසා බොන්න එපා බන්.. අනික මේ වගේ දේයක් .. උබටද පිස්සුද $#තෝ...

අම්මගේ මාලයක් තිබිලා උගස් තිබ්බා අයියේ.. ඔවා ඔය මිනිස්සුන්ට තිබ්බට වැඩක් නැ.. කොමත් කවදාහරි මටනේ බන් අයියේ...

පිසුසුද හු$තෝ.. කාටවත් නොකිව්ව මගේ කතාව උබම හිතලා බලපන්.. මගේ ජිවිතේ එක්ක බලද්දි.. උබට මොනවද නැතිවේලා තියෙන්නේ.. කියලා..
❤️❤️❤️❤️

උබලට සුද්දා අයියා උන මම.. මගේ නම #_සාලිය_විදර්ෂන බන්. මට ඉදියේ අම්මයි , අතාම්මයි විතරයි බන්.. මම හැදුනේ පැලියගොඩ කිට්ටුව මුඩුක්කුවක.. මගේ තාත්තා කව්ද කියන්නවත් මම දන් නැ බන්.. මට අවුරුදු හතක් විතර වෙද්දි අම්මා නැති උනා බන්... ඉට පස්සේ මගේ හැමදේම උනේහ් අත්තම්මා බන්...

මම ඉස්කොලේ ගියා බන්.. එත් ලැබුනේ කොන් කිරිල්ල විතරයි ඒ මම මුඩුක්කුවේ එකෙක් වෙච්ච නිසා..

ඉස්කොලේත් කොන් කිරිලි මැද්දේ උනත් මම ගියා බන්.. හත ,අට පංති වලට යද්දි නම්.. මට මුකුත් කිවේ නැ බන්.. ඒ කාලේ මුකුත් කිවොත් උට මම අම්බානේකට නේලුවා.. ඔහොම පාසල් කාලේ ගෙව්නා බන්.. ඉගේනිම එහේම පුලුවන් කමක් නොතුබුනත්.. අත්තම්ම්ගේ පෙරේත්ත්ට මම ඉස්කොලේ ගියා බන්..

ඔහොම දවස් ගේව්නා බන්.. මට අවුරුදු පහලවක් විතර වෙද්දි.. මම ඉස්කොලේ ගිහින් ඇවිත් රේල් පාරේ බජාර් එකට බහිනවා.. බන් ඔය අතරේ ඉන්න උන්ගේ කිමට මම සිකරට් එක ගහනවා..

ඔය අතරේ මගේ අත්තම්මා නැති වේනවා බන්.. මම ඉස්කොලේ ගමනත් නතර කරනවා.. මට කන්න දේයක් හොයගන්න මොකක්ම හරි කරන්න ඔනි නිසා..

ඔය අතරේ මම තනියම සිකරට් එකක් ගහන තත්වේට පත් වේලා බන්.. මම කැවේ බිවේ බොතල් පත්තර හොයලා විකුනලා.. මොකද එක තැනකින්වත් මට වයස නැති නිසා ජොබ් එකක් දුන් නැ බන්...

ඔය සල්ලි වලින් මම කනවට අමතර .. දවසින් දවස සිකරට් බොන එක වැඩි උනා බන්.. මම හොයන ගාන මට මදි උනා... ඔය කාලේ පිට්පොකට් ගහන්න ගත්තා.. වත්තේ ඉදපු උන් එක්ක... සිකරට් එකේ ආතල් එක නැති වෙද්දි.. ටැබා දැම්මා.. ඒකේත් ෆිලින් එක එන්න එන්න අඩු උනා.. මුලදි පැය දහයක් විතර තිබ්බ එක.. පැයට දේකට සිමා උනා...

ඒ වෙද්දි මම සල්ලි දේනවා කිවොත් මිනියක් උනත් මරන ගානට බන් මල්ලි ඉදියේ... බඩු ගන්න සල්ලි නැති උන් නැ.. ඒ හින්දා සික් එකනම් ගැහුවේ නැ බන්.. ඔය අතරේ මම අයිස් කුඩු මුද්දර ඔය හැමදේම පාවිච්චි කලා බන්...

ටික කාලයක් යද්දි මම කුඩු වලට විතරක් සිමා උනා බන්... ආතල් එක නැති වෙන්න වේන්න මම තව කුඩු ගත්තා බන්.. එකත් එක එක විදිහට කුඩු ගත්තා බන්.. කාලයක් එක්ක.. මට මම පොකට් ගහලා පොඩි වැඩ කරලා හොයන ගාන මදි උනා බන්...

එක දවසක් මගේ ජිවිතේ වේනස් උනා බන්.. මම ගේකට පැන්නා බන්.. ඒ ගෙදර ඉදිය ගැනියේක් විතරයි.. මට ඔනි උනේහ් සල්ලි විතරයි බන්.. මම ගැනි බය කරලා අල්මාරියේක් සල්ලි ගත්තා බන්..

ඒ කරලා මම ගෙයින් ආයිම පයින්න හදද්දි.. ගැනි කැ ගැහුව්වා බන්.. මට ප්‍රශ්නයක් වේයි කියලා හිතුන නිසා... මම මල් වාස් එකකින් ගහලා දැම්මා .. ඒ කරලා මම ගෙයින් පැන්නා.. මගේ කරුමේට මම අහු උනා බන් ගේවල් අවට මිනිස්සුන්ට.. මාව ඒ මිනිස්සු පොළිසියට බාර දුන්නා බන්... මට එතකොට යන්තන් වයස දාහතක් ඇති බන්..

කවදාවත් මොන මගඩි වැඩේ කලත් මාව පොළිසියට අහුවුන පළවේනි වතාව.. මම සික් එකත් ගහලා අමාරුවේන් ඉදියේ බන් කුඩුවේත්... ඔහොම ඉදලා උසාවි දවසේත් ආවාබන්.. ඔව් මම එදා දැන ගත්තා මම ගහපු ගැනු කේනා නැති වේලා කියලා.. මාව අච්චු උනා අවුරුදු දහයකට බන්..

මාව දැම්මේ වැලිකඩ බන්.. ඔය කාලේ තමා බන් රාජු අයියා අස්සට ආවේ.. බඩු ගොඩක් මාට්ටු වේලා.. රාජු අයියා තමා අස්සේත් කුඩු ඩිල් කලේ. මම රාජු අයියා එක්ක හිතවත් උනා .. රාජු අයියා කතා කලේ මට සුද්දා කියලා බන්.. ඒදා ඉදන් හැමෝටම මම සුද්දා උනා.. ඒ වගේම මට ආයි නිකන් කුඩු ගහන්න පුලුවන් උනා.. ඔහොම කාලයක් ගේව්නා බන්.. මාව පුනුරුත්ථාපනය කරන වැඩපිළිවෙළක් තිබිලා ඒ දේවල් වලට ගියා බන්.. රාජු අයියනම් ආවේ නැ බන් හැබැයි.. මාම ඔය කාලේ කුඩු අතඇරියා බන් ඒ දේවවිවරු වගේ මිනිස්සු නිසා බන්.. ඔය කාලේම මම ඇතුලේ පෙදරේරු කර්මාන්තය ඉගේන ගත්තා බන්..

ඔහොම කල් ගේව්නා මගේ වගේම රාජු අයියගේ කල් කිරියාව හොද නිසා.. අපි ජනාධිපති නිදහස යටතේ නිදහස් උනා අවුරුදු අටකට පස්සේ.. මට යන්න එන්න තැනක් තිබ්බේ නැ බන්.. මම රාජු අයියගේ කිමට මේහේට ආවා බන්.. එතකොට මට අවුරුදු විසිපහක්..

රාජු අයියා .. අයියගේ වැඩ වලට හවුල් වේන්න කිවත් මට ඔනි උන් නැ බන්.. ආයිම ඒ කරුම්මාක්කාර ජිවිතේ.. මම මේ සිංහ පැලැට් එකට ආවම.. ඇවිදලා බිල්ඩින් හදන තැනක ජොබ් එකක් හොයාගත්තා.. මට එතන ඉන්න පුලුවන්කමත් තිබ්බා බන්.. ඒ නිසාම මම රාජු අයිය්ගේන් ඇත් උනා.. රාජු අයියිට කියලම.. රාජු අයියත් මුකුත් කිවේ නැ..

දැන් මට අවුරුදු විසිහතක් ඉතින් හිතලා බලපන් මල්ලි.. මගේ ජිවිතේ හැටියට උබට මොනවද නැති වේලා තියෙන්නෙහ් කියලා... අම්මගේ මාලේ උගස් කරපු සල්ලි වලින් උබ කුඩු ගහනවද කියලා..
❤️❤️❤️❤️

නැ බන් අයියේ මට තෙරේනවා මම කරන්න හදපු දේ ගැන..මම මාලේ උගස් බේරලා තිබ්බ තැනින් ගිහින් තියනවා..

අන්න හරි බන් මල්ලි.. කවදාවත් මේ දේවල් වලට පුරුදු වේන්න එපා බන්.. අනික අම්මා තාත්තා ගැන හිතලා වැඩ කරපන් මල්ලි.. කේල්ලෝ ජිවිතේ කරගන්න එපා බන්.. උබ වේනුවේන් කැප වේන එකියකුත් ඇති.. අන්න ඒ කේල්ල හම්බවේනකම් .. උබ උබේ ජිවිතේ ගොඩ දාගනින්.. උබට කවුරු නැතත් දේමාපියො ඉන්නවා..ඒ ටිකම ඇති.. ඒ මිනිස්සුන්ට දුකක් දේන්න එපා.. අපිට මේ දේවල් තෙරේනකොට.. ජිවිතේ හොද කාලේ ගේවිලා බන්.. ඉතින් තෙරුම් ඇරන් ජිවත් වේයන්...

උබට කවදාවත් ප්‍රශ්නයක් උනෝත් මත් වේලා උත්තර හොයන්න දගලන්න එපා.. උබට වේන්නේ එහෙම උනොත්.. ජිවිතේ අපායක් කරගන උබ වේනුවෙන් ඉන්න මිනිස්සුන්ට දුක් විදින්න සලස්වන්න වෙන එක..

හරි බන් අයියේ ආයි කවදාවත් බොන් නැ..

උබ කියන විදිහට වෙනවනම් සතුටුයි බන් මල්ලි.. එක පාර බැරි වේයි හැබැයි හැමදේම ටික ටික ඔය දේවල් අතඇරලා දාපන් හැමදේම හිත බන් අපේ...

හරි බන් අයියේ මම ගිහින් එන්නම්...

හරි මල්ලි බුදුසරණයි.. උබට වරදින් නැ...

❤️❤️❤️❤️
වසර දහයකට පසු..

පික් පික්...
හෝන් එකක් ගහලා නවත්තපු කාර් එකේන් බැස්සේ වෙන කවුරුත් නෙවේ ළහිරු..

සුද්දා අයියේ මාව මතකද...

අනේ නැ මහත්තයෝ මහත්තයා කවුද මට මතකයක්නම් නැ...

මොන මහත්තෙක්ද අයියේ මම ළහිරු..
අනේ මේ උබද මල්ලි උබට සරු පාටයි.. මටත් උබ ගැන සතුටුයි බන් මල්ලි.

අයියා නිසා තමා අයියේ මගේ ජිවිතේ මෙහෙම වෙනස් උනේහ්.. මමත් ගියා බන් ගෙදරට බරක් නොවි කුලි වැඩට.. බිල්ඩින් හදන තැනකම්.. අත් වැඩට.. ටික කාලයක් යද්දි මම බාස් කම කලා.. ඔහොම ඉද්දි මම තනිවම වැඩ ඇරන් කරන්න පටන් ගත්තා.. ඉය අතරේ මම පැලැට් එකේන් ඇත් වේලා මහරගමින් ගෙයක් ඇරන් ජිවතේ පටන් ගත්තා.. මගේ අම්මා ,තාත්තා එක්කම..

ඉතින් ඔහොම පටන් ගත්ත ජිවිතේ එන්න එන්නම දියුනු උනා අයියේ.. ඔය අතරේ මටම කියලා වාහනයක්.. ගෙත් තව ටිකක් හැදුවා.. දැන්නම් මාත් බැදලා අයියේ.. පුංචි පුතේකුත් ඉන්නවා.. අම්මා,තාත්තා මමයි වයිෆ් අපේ පුතයි එක්ක ජිවිතේ හරි ලස්සනට හෙවනවා..
ළහිරු ඉන්ට්‍රක්ෂන් එක මගේ අයියේ..

අයියා නිසා තමා හැමදේම.. එත් අයියා කිහෙද මේහ්..

මමත් පැල්ට් එකේන් සල්ලි ටිකක් හොහන් ඇවිත් වත්තේගෙදර පාරේන් ගෙයක් ගත්තා මල්ලි.. දැන් මාස තුනක් ඇති.. දැන් මාත් බැදලා.. ළමයි දේන්නේක් ඉන්නවා.. මල්ලි ගැන මට හුගක් සතුටුයි..

ආ අයියත් මෙහෙද පුලුවන් වේලාවක අපේ ගෙදර එන්න කැම ටිකක් කාලා යන්න බලන්ම ගෙදර අයත් එක්කම.. මේ මගේ කාර්ඩ් එක.. එන්න කලින් කොල් එකක් දේන්න අයියේ..

අයියා නිසා තමයි මම මෙහෙම ඉන්නෙහ්..

එහේම කියන්න එපා බන් මල්ලි.. මේ උබේ දියුනුව.. මම එදා කිව මට උබ අමාරුවේ වැටේනව බලන්න බැරු නිසා.. මේ හැමදේටම හෙතුව උබමයි මල්ලි...

හම් අයියේ.. යන් මන් අයියා යන තැනකට ඇරල්ලවන්නම්..

මල්ලි යන් මල්ලි මට ටිකක් වේලා යනවා එන්න.. අනිවාරේන් හම්බේමු.. බුදු සරණයි බන් මල්ලියේ...

හරි අයියේ අනිවාරේන්ම.. අයියටත් බුදු සරණයි...
❤️❤️❤️❤️

ඉතින් ජිවිතේ කේතරම් අපුරුද ඒදා සුද්දා නොහිටියනම් ළහිරු තවත් එක සමාජේට පිළිලයක් වන අයකි...

සුද්දගේ කතාව හමුවේ ජිවිතේ වෙනස් කරගත්ත ළහිරු අද මුලු පවුලම සමග සතුටින්..

කාලේකට කලින් කුඩ්ඩේකු ලෙස සමාජය මත හන්වඩු ගැසු කෙනෙක් නිසා තවත් සමාජකේට එවැනි කෙනෙක් විමට ගිය ළහිරුව නැවතුවේ ඔහුය.... ඉතින් ඔහුගේ ඔවදනට වටිනාකමක් දිය නොහැක...
❤️❤️❤️❤️❤️

හිතට ආව අදහසක් අකුරු කරා...
අදහස් කියන්න...
නැවත කතාවකින් හමුවෙනතුරු...
බුදුසරණයි..