#කඩාවැටුන_තරුවක් | Kadawatena Tharuwak
#කඩාවැටුන_තරුවක්
................................
මමත් තරුවක්.....
ඈත ක්ශිතිජයේ කෙලවරක.........
හදට මහ ගොඩක් පෙම් බදින.............
හැමොම කියන්නෙ හදට ආදරේම........
හද ලගින්ම ඉන්න...
ඉරබටු තරුවලු.......
ඒත් කවුරුත් හිතුවද.........
ඈත ක්ශිතිජ කෙලවරෙ හදට ආදරෙ කරපු තරුවක් ගැන............
ලබගන්න බැරුව ලන් වෙන්න බැරුව.......
කල්ප ගානක් ඉදලා.........
පොලොවට කඩාවැටෙන........
ඔව්
මමත්
#කඩාවැටුන_තරුවක්.......
😓😓😓😓😓
සෙත්මා මොනොදරී හෙවාවසම් මගෙ නම .වයස විසි අටයි..මීට අවුරුදු 8කට උඩදි හිතේ ඉපදුන ආදරෙකට අදටත් ඈත ඉදන් ආදරෙ කරනවා..
මිට අවුරුදු 8කට උඩදි මිහිරංග කුලසූරිය කියන්නෙ ජිවිතෙ අලුතෙන් ගැට ගහගන්න කොල්ලෙක් හරියට වයස 23න පිරුනා විතරයි.ජිවිතේ අලුතෙන් පටන් ගන්න මාර විදිහට කට්ට කද්දි ලගම යාලුවා උනෙ මන්..හැම දුකක්ම අහන් ඉන්න මම පුරුදු වෙද්දි හැම දුකක්ම මට කියන්න මිහිරංග පුරුදු උනා. ජිවිත කාලයා මාර විදිහට වෙනස් කරනවා ..මම කැම්පස් තෙරුනා කියලා දැනගත්ත දවසට මම ආපහු දිව්වා....
"අනේ සෙත්මො දැන් ලොක්කියක් වෙන්න නේද යන්නෙ කවද හරි ලෝයර් නෝනා කෙනෙක් නෙහ්..හ්ම්ම් සතුටුයි නන්ගි මට තමා පාලු ..මගෙ දුක කියන්න වත් කෙනෙක් නැ ආයේ"
"අනේ අයියෙ මම ඉන්නෙ මේ "
"හ්ම්ම් හොදට ඉගන ගන්න නන්ගි"
................................
කාලෙ ටික ටික යද්දි හුගක් ලෙන්ගතු උන ඒ හිතට මම ආදරෙ කලත් කියන්න හයියක් තිබ්බෙ නැ...
කාලය දිව්වා මම සරසවි බිම ලග නතර වෙලා හරියට අවුරුදු දෙකකට පස්සෙ මිහිරංග අයියගෙ ජිවිත කතාව වෙනස් උනා..රස්සාවක් නැතුව කොලඹ අහසට පයතිබ්බ මිහිරංග පාතලයනගෙ අතකොලුවක් උනා කුඩ්ඩෙක් උනා.අවසානෙටම මොනරු ඉස්සරහ මිනිස්සු මරන ගාතකයෙක් උනා..
දැන් අවුරුදු ගානාක් ගිහින් මම අද ලෝයර් කෙනෙක් ඒත් මිහිරංග කුලසුරිය අද එල්ලුම් ගහට නියම උන කෙනෙක්..........අපි යන්නෙ මන් තීරු දෙකක .ජිවිතෙ කවමදාවත් ලන් වෙන්න බැරිතරම් ඈත් වෙලා..මම අදටත් කල්පනා කරනවා....දුර ගියෙ මමද ඔයාද කියලා..
අලුගොසුවෙක් බිහි නොවෙන තුරාවට ඔහු හුස්ම ගනීවි .නමුත් මට ලන් වෙන්න බැ..අමතක කරන්නත් බැ....ඔහුගෙ අවසන් හුස්ම තෙක් ඈත ඉදන් බලා ඉදලා මාත් මැරිලා යනවා හරියට ඈත ක්ශිතයේ කෙලවරක පායපු තරුවක් වගේ...හදට ලන් වෙන්න බැරුව ඉවසලා ඉවසලා පොලොවට කඩාගෙන වැටුන...............
ගමෙ හුගක් අය කීවා සුබොදා ඒ කියන්නෙ මිහිරංගගෙ නෑනා එයාට හුගක් ආදරෙයි කියලා ..මොකද මිහිරංග එල්ලුම් ගහට යද්දි පපුව පැලෙන එයා අඩපු නිසා..මට හුගක් උන් කිවා එකට හිටියට ලොයර් කෙනෙක් වෙලත් බෙරගන්න බැරි උනා කියලා.......................හරියට ලෝකෙම හිතන්නෙ හදට ආදරෙම ඉරබටු තරුව කියලා....ඒත් ඈත තියන තරුවක ආදරෙ දන්නෙ ඒ හිත විතරයි..............
මිහිරංග අදටවත් දන්නෙ නැ මෙ හිතෙ ආදරෙ..නිහඩවම නොකියපු ආදරෙ මෙ හිතෙ පතුලෙම තිබුන දෙන්..........................හද දන්නෙ නැතුව තරූ කියක් හදට ආදරෙ කරනවා ඇද්ද.............හ්ම්ම්
...........................
ගොඩක් අය අහයි ඇයි මිහිරංග හදක් වෙලා මම තරුවක් උනෙ කියලා .කුඩු කාරයෙක් මිනිමරුවෙක්...........
..........................
ලොකෙටම ඔහු අමාවක රාත්‍රියක්..........
නමුත් මට ඔහු පෝ දා සදක්................
මම හදට පෙම් කල තරුවක්................
ඔව් බලා වැලපුන කඩා වැටුන තරුවක්........
නිමි......
පාරමි කවී
