හිමි නොවන සෙනෙ | Himi Nowana Sene



හිමි නොවන සෙනෙ

"රිදවන්නට සිතුවේ නෑ සිත නුඹේ
අයදින්නට සුදුසුද සමා
නුසුදුසු වුවත් අයදිමි සමා
දෙනවද මුළු සිතින් සමා මෙ මා හට"

කවදාකවත් ඔය හිත රිද්දන්නට හිතුවේ නෑ සුදු මහත්තයා.ඒත් අද මං නිසා ඔය හිත රිදෙනවා නම් දෙනවද මට සමාව.ඉපදුන දවසේ ඉඳලා අම්මාගේ ආදරේ විතරක් ලබපු මට උඹේ ආදරේ මහාමෙරෙක් රත්තරන්.මට උඹ දුන්නේ තාත්තාගේ ආදරේ.ඒත් අද මං ඔය හිතට දුකක් දීලා ගොඩාක් දුර යන්න හිත හදාගන්නම්.ඒ යන්නේ මගේ සතුට හොයන් නෙමෙයි මහාත්තයෝ ඔයාගේ සතුට වෙනුවෙන්.උඹ කොච්චර නෑ කීවත් උඹේ දෙමව්පියො කැමති වෙයිද අන්ත දුප්පත් තාත්තා නැති කෙල්ලෙක්ව තමන්ගේ එකම පුතාගේ ජිවිතේට ලං කරන්න.අද උඹේ කැමත්ත වෙනුවෙන් හා කියන එයාලා අපි අපේ වෙනවට කැමති වෙයිද? උඹේ ආදරේ හිතේ පිරිලා තියෙනවා රත්තරන්.ඒත් අපි දෙන්නට දෙන්නා තෙරුම් නොගන්නකොට පුංචි දේටත් රණ්ඩු වෙනකොට කොහොමද මහත්තයෝ මුළු ලෝකෙටම විරුද්ධ වෙලා හරි ජිවත් වෙන්නේ.ඔය හිතට ලං වුණේ දාලා යන්න හිතන් නෙමෙයි රත්තරන්.අද උඹේ සතුට ගැන හිතලා මට යන්න වෙලා.ආසයි ඔය තුරුලෙම මැරෙන්න.ඒත් මේ කෙල්ලට ඒකට පින නෑ මහත්තයෝ උඹ මට සාප කරයි ඔය හිත රිද්දලා ගියාට.කමක් නෑ එකට ඔයා සතුටින් නම් මං මැරුණත් කමක් නේ.ඉතුරු ජීවිත කාලයට ආදරයක් එපා මට.උඹ දීපු ආදරේ ඇති.මැරෙනකම් මගේ අම්මා ලඟට වෙලා ඉන්නම්.තරහා වෙන්න එපා මේ පිස්සි එක්ක.මං වෙනුවෙන් එක දෙයක් කරන්න මං මැරුණ දවසක මං ආසම විදිහට ඇවිත් මාව බලලා යන්න.............නුඹේන් ඈතට යන්න කලින් අවසරද මට එකම එක පාරක් ඔය පපුවට තුරුල් වෙලා ඉන්න.මැරිලත් පැයක් ආදරෙයි රත්තරන්....

සමා වෙන්න මට.මට වටිනම ආදරේ දීපු කෙනාට රිද්ද්ලා මං යනවා.යන්න හේතුව අපි දෙන්නාට දෙන්නා තේරුම් ගන්නේ නෑ.පොඩ්ඩ ඇත්නම් රණ්ඩු වෙනවා.මං මගේ වැරදි හදන් එයා එක්ක ඉන්න බලන හැම වෙලාවකම එයාට මගේ වැරදිමයි පෙන්නේ.සමහර විට මේ තීරණේ වැරදි ඇති.ඒත් එයාගේසතුට ගැන හිතලයි මං මේ තීරණේ ගත්තේ.....

සමාවෙන්න සුදු මහත්තයෝ



Comments System WIDGET PACK