❤️... හදවතේ ගමනාන්තයක නැවතුම....❤️ Hadawathe Gamananthayaka Nawathuma
❤️... හදවතේ ගමනාන්තයක නැවතුම....❤️
පුදුමයි නුබේ ආදරේ..
ඇවිදින් ගියා හිතත් අරන්
තව නෑ ගෙනත් දී
අයිතිය මා හට...
හිතට හිත හමු උනත්
නැහැ අවසර එක් වන්නට
ජිවිතේ හැමදාටම
ආදරයෙන්...
ආදරේ අරන් ඇවිත් හද මඩලට
දුරක් යන්න කතා කරලා
ආපහු හැරේන්න කිව්වාම
කොහොමද හිත හදාගන්නේ...
හිතට හොරා ඇතුළු වේලා
සදහටම අයිති කරගත්තාම
මටයි කියා තිබු එකම හදවතත්
අරගේන ගියාම කුමක්
කරන්නද....
තෙරුම් ගන්න නිසල් අපේ මේ සම්බන්දයට අපේ ගෙදරින් කැමති නැ... ඔයා වගේ කෙනෙක්ට මාව දේන්න අපේ අම්මලා කැමති නැ.. තෙරුම් ගන්න...
අනික ඔයා වගේ කෙනේක් ඇවිත් මම දුක් විදින්න කැමති නැ... මාව තෙරුම් ගන්න...
අදින් පස්සේ ඔයා මට පෙන්න එන්නවත් එපා...
හරි නිමේෂි... ඔයාටත් මාව එපානම් කමක් නැ.. මම කොහොමවත් කියන් නැ.. ඔයාගේ දේමව්පියොත් රිද්දලා මම ගාවට එන්න කියලා... අනික ඔයත් දැන් කැමති නැත්නම්.. මම ආයි ඔයාගේ ජිවිතේට එන් නැ... සතුටින් පරිස්සමේන් ඉන්න... මම යනවා...
❤️❤️❤️
එහේම කියලා ගෙදර ආවත් මම කොහොමද හිත හදන් ඉන්නේ... මට මතක් උනේහ් අපේ අතිතේ..
මම #නිසල්_නේත්සර සමානය පව්ලක කෙනෙක්.. මට හිටියේ අම්මා ,නංගි විතරයි... තාත්තා අපි පොඩි කාලේදිම නැති උනා... පාසලේ කොච්චර ඉගේනිමට දක්ෂ උනත්.. මට උසස්පේළේන් පස්සේ ඉගේනිම නැවැත්තුවා... කැම්පස් යන්න මට ළකුනු තිබුනත්.... මට ගේදර තිබුන තත්වේ එක්ක.. මාත් බස් එකක කොන්දස්වරයකු විදියට වැඩ කරන්න පටන් ගත්තා... ඔය කාලේ තමා මට නිමේෂිව හමුවේන්නේ...
❤️❤️❤️
ඇය #නිමේෂි_නිම්සරා... පොහොසත් පව්ලක එකම දරුවා ඇය...ඇයත් මගේ වයස ඇය මට ඉස්ස්සේල්ලාම හමුවෙන්නේ යහලුවන් සමග මම වැඩ කරපු බස් එකේ යනවිට.. ඇයත් මගේ වයස උ/පෙළ පසුව ඇය ත් පරිගණක පාඨමාලාවක් කලා.. ඇය යන්න එන්න උනේහ් මම වැඩ කරපු බස් එකේ... දවස් තුනක් පාඨමාලාවට ගිය නිසා.. ඇය වගේම ඇගේ යහලුවනුත් මා සමග සුහදයි... කාලයක් යන විට අපි ඇදුනුක්කම ආදරයක් බවට පත් උනා...
❤️❤️❤️
කාලයත් සමග අපේ ආදරේ එන්න එන්නම වැඩි උනා මිසක් කිසිදු වෙනසක් උන් නැ...
එත් ඇයගේ ගෙදරින් දැනගත් පසු නිමේෂි වගේම මටත්.. ගෙදරින් තර්ජන එල්ල උනා..
මුල් කලාදි කිවත්.. ටික කලක් යනවිට ඇයට ගෙදරින් මංගන යොජනා ගේනාවා.. ඇය හමුවේන විටදි කොච්චර වෙනස් වෙන් නැ කිවත්... අන්තිමට ඇයත් වෙනස් උනා. ඇයට කතා කරලා තිබ්බ ඇගේ තාත්තගේ යාලුවේකුගේ පුතෙක්.. ඔහු නිර්මාල්.. සල්ලි කාර පවුලක් එකම පුතා.. නිමේෂි මුලදි අකමැති බව කිවත්.. ඒ දේවල් වෙනස් වේලා..
අද කොහොම හරි උනේහ් අපේ අන්තිම හමුවිම.. ඔව් ඇය් මාව යන්න එපා කියලම ගියා.. නොයේන්නම..
❤️❤️❤️
මම නැවත සිහියේට ආවේ අම්මා කතා කරන සද්දේට..
මොකද පුතේ මේ ඇස්වල කදුලු... මොකක්ද අර දරුවා කිවේ...
මම අම්මට විස්තරේ කිවම අම්මටත් හිල්ලුනේ.. අපේ කතාව අම්මා දැනන් ඉදපු නිසාම වෙන්න ඇති...
පුතේ ඔය දේවල් හිතලා.. මගේ පුතා දුක් වෙන්න එපා.. එක පාරට අමතක කරන්න බැරි වෙවි.. එත් පුතා පුතාගේ ජිවිතේ හදාගන්න ඔනි... පුතාට කවුරු නැතත් මායි නංගි ඉන්නවා... පුතාව අද ඒ ළමයට පවුලේ අයට එපා උනේහ් අපේ තත්වේ නිසානේ..
මේ තත්වේන් මිදේන්න පුලුවන් පුතාටම තමයි.. උත්සහ කරොත් බැරි නැ පුතේ.. ඒ නිසා පුතා හිතලා තිරනේ කරන්න...
❤️❤️❤️❤️
ඔව් ඔව් මග අම්මාගේ ඒ වචන ටික හුගක්ම දැනුනා... එදා ඉදලම.. මම ඉතුරු කරා වෙනදට වැඩියේන්.. කාලයක් යද්දි ආරංචි උනා නිමේෂි බැදලා.. කොළඹ පදිංචියට ගියා කියලා.. දුකක් නොදැනුනාම නෙවේ.. එත් මගේ අම්මා නංගි ගැන හිතලාම... ඒ දේවල් අමතක කරලා මගේ මහන්සියට.. වටිනාකමක් දේන්න උත්සහ කලේ.. ඔය අතරේ ඉතුරු කරලා තිබුන සල්ලිත් දාලා ලිස් කරලා.. බස් එකක් ගේනවා.. මොකද මගේ ජිවිතේ මම කාලා ඇදලා ඉදියනම් ඒ මේ රස්සාව නිසාම විය්හරක් උනු නිසා....
❤️❤️❤️❤️
වසර පහකට පසු...
අවුරුදු පහකට කලින් ලිස් එකක් දාලා ගත්තු බස් එකේන් ජිවිතේ ගොඩදාන්න පටන් ගත්තු මම.. මේ වෙද්දි මගේම කියලා බස් තුනක්.. ඒ වගේම අංග සම්පුරණ ගේයක් හදලා.. නන්ංගිට උගන්නලා... අම්මා ,නංගි එක්ක සතුටින් ජිවත් වේනව...මම අතිතේන් මිදුනේ
අම්මගේ කටහඩට..
පුතේ අර අලුතින් ගෙදර ගමන් වලට කියලා ගත්ත කාර් එකේන් පන්සල් ගියේත් නැනේ යන්ද කට්ටිය එක්ක.. අනුරාදපුරේ ගිහින් එන්න...
හරි අම්මේ එහෙනම් නංගි එක්ක කතා කරලා කියන්න..
මම නංගි එක්කත් කතා කලා... හෙටම ගිහින් එමු පුතේ වාහනේ වෙන ගමනක් යන්න කලින්...
හරි අම්මේ එහෙනම් යන්.. අම්මලා ගිනියන දේවල් ලැස්ති කරගන්න...
හරි පුතේ මම ලැස්ති කරගන්නම්...
❤️❤️❤️
දවස් ගෙවේන්නේ හරි ඉක්මනට.. පහුවදත් උනා.. අපි කට්ටියම අනුරාදපුරේ එන්න ආවා... අම්මට ඉස්සේල්ලාම රුවන්වැලිසෑයේ යන්න ඔනි කිව නිසා ... රුවන්වැලිසෑයේ ආවා...
අම්මේ අම්මලා ඔහොම ඉන්නකෝ.. මම කාර් එක පාක් කරලා.. මලුත් ඇරම් එන්නම් අර පේන මල් කඩේකින්... මම කාර් එක පාක් කරලා මල් ගන්න ගියාම ඇහුනා හුරු පුරුදු කටහඩක්..
ඔව් ගිහින් බැලුවාම නිමේෂි.. ඇය හුගක් වෙනස් වේලා පේනුමේන්.. ඔව් ඇයත් මාව හදුන ගත්තා... ඇය හිනාවුනා ඔව් ඇයත් මාව හදුන ගේන...
මට ඇය එක්ක කතා කරන්න උවමනා උනත්.. හිතේ තියන ප්‍රශ්න මම කොහොම කොතනින් පටන් ගන්නද?
ඇයට මාව තෙරිලා වගේ ඇයම ඇවිත් කතා කලා.. මටත් උවමනා උනේම ඇය සමග කත කරලා.. ඇයි මෙහේම උනේ කියලා අහගන්න...
කොහොමද නිසල් ඔයාට කොහේද මේහේ.. ඔයානම් හොදින් ඉන්න පාටයි...
ආ ඔව් නිමේෂි වරදක් නැ... ඔයාට කොහොමද ? ඇයි මේ මල් විකුනන්නේ.. ඔයාට කොහොමද මේහෙම උනේහ්.. හිත වද උනි ප්‍රෂ්න පේළ මම කිවා...
ඇය දිග සුසුමක් පිට කලා...
නිසල් මන් මේ දුක් විදින්නේ ඔයාට දිපු ගින්දරට... ඔයාට මතකද මම ඔයා අන්තිමට හම්බුනේන් ඉට මාසේකට වගේ පස්සේ ගෙදරින් කිව කේනා බැදලා.. පදිංචියට ආවා.. ඉට පස්සේ තමා හැමදේම වෙනස් උනේ.. මමත් එයාව හුගක් විශ්වාස කලා.. ඒ හින්දා මම අන්ද වේලා ඉදියේ. එයාට කොළඹ හැම තැනම ගැනු.. ඒ මදිවට හොදටම බොනවා...
අන්තිමට අනුරදපුරේ එන්න උනේහ්.. එයාගේ සල්ලි හැමදේම බිලාම විනාස කරපු.. නිසා.. කොළඹ තිබ්බ ගේ විකුනලයි.. මේහේ පදිංචියට ආවේ... මෙහේ එද්දි මම ප්‍රේග්නන්ට්...
මෙහේ ආවම වේනස් වෙයි කියලා හිතුවත් වෙනසක් උන් නැ.. මෙහේ ඇවිත් පොඩි පොඩි වැඩ කරලා හම්බුන සතේනුත් බිබි ඉදියේ...අන්තිමට එයාගේ බිම නැවතුනේ එයා වාහානකේට ඇක්සිඩන්ට් වේලා එක තැන උනු නිසා... ඉට පස්සේ මම ඔය අතරේ ළමයා හමබවුනා... මට ළමයා ජිවත් කරන්නයි.. එයාව බලාගන්නයි ඔනි නිසා මේ මල් කඩේ කරන්න ගත්තා.. දැන් මේ කඩේන් ජිවත් වේලා ඉන්නවා නිසල්...
ඒ වගේම මට සමාවේන්න ඔයාට කරපු කියපු දේවල් හැමදේටම...
ඒ දේවල් දැන් හිතනේපා.. මගේ කිසිම තරහක් නැ... ඒ වගේම මේන්න මගේ විසිටින් කාර්ඩ් එක... ඔනි උදව්වකට කොල් එකක් දේන්න නිමේෂි.. මට මල් ටිකක් දේන්න නිමේෂි අම්මලා එහෙමත් ආවා.. මන් කොහෙද බලනවා ඇති.. මම ගිහින් එන්නම්...
ආ නිසල් මේ මල් ටික බුදුන් වැදලා එන්න..
ආ නිමේෂි මේන්න සල්ලි .. මම යනවා.. එහේනම්...
ා නිසල් මේච්චර සල්ලි එපා.. ආ ඉතුරු තියගන්න...
මට කොච්චර කිවත් මම ආයි නොබලම ආවා.. මොකද කොච්චර උනත්.. මට අතිතේ අමතක කරන්න තාම බැරි නිසා...
❤️❤️❤️❤️
එදා කොහොම හරි රුවන්වැලිසෑය ගමනත්.. එහෙම ඉවර වේලා ආවා...
හිතලා බලද්දි ජිවිතේ ගැන සතුටුයි.. ප්‍රශ්න ආවත් අද ජිවත් වෙන විදිහ ගැන.. මොන දේ උනත් මනුස්සයකුගේ වත් පොහොසත්කම් මත බැදිම් තියගාන්න හොද නැ.. සල්ලි කියන්නේහ් ජිවතේම නොවේන නිසා...
ඉටත් වසරකට පස්සේ මාත් විවාහා උනා.. ඔව් මගේ අම්මට ලේලි කෙනෙක නෙවේ තවත් දුවේක් එකතු උනේහ් පව්ලට.. අපේ පව්ල හැමොම දැන් සතුටින්...
එදා නිමේෂි මාව දාලා නොගියනම් අද මගේ ජිවිතේ මෙහෙම වෙනස් නොවේන්න තිබ්බා..
ඒ වගේම දියුණුව ගැන වගේම සිද්දවුනු දේවල් මගේ හොදට වුනු දේවල් කියා හිතලා ජිවිතේ ගෙවනවා...
❤️❤️❤️❤️