#බහිරව_අඩවිය | Bahirawa Adaviya
#බහිරව_අඩවිය
.............................
එදා මහ මුස්පේන්තු දවසක් .මගෙ හිතට දැනුනෙ මහ අමුතු බයක් .හොර කම පුරදු වෙන්න කොරන දෙයක් නොවුනට අද මොකක්දෝ බයානක දෙයක් පරිසරෙ කියන්න ගත්තා..හූ කියාගෙන ගස් අබරගෙන හමාගෙන ආව හුලග ඇගෙ වදින්නෙ කනට ගහනවා වගෙ ...
"සියදොරිසෝ........"
එක පාරටම ඇහුන හඩකින් මගෙ දෙලොව රත් උනෙ මෙහෙ මහ රැ මොකා මට කතා කලාද කියලා.
"අහ් මෙ ගුනයනෙ"
මොකො බන් මෙ වෙලෙ ..බයෙන් මම වෙව්ලන වෙලෙ යක්කු එක්ක ගනුදෙනු කරන එකෙක්ම හම්බුනානෙ.ගුනෙ කියන්නෙ අහල ගම් හතටම ඉන්න හොදම කට්ටඩියා..රැට හොර පොල් කඩලා ජිවත් වෙන මන් වගෙ එකෙක්ට කතාවටවත් පෑහෙන්නෙ නැ......
"උබ මෙ ගොම්මන් යාමෙ කොහෙදෑ මෙ යන්නෙ "
"නැ ගුනෙ මම මෙ ...."
"හා හා බේගල් ඇදබාන්නෙ නැතූව හිටු උබ යන්නෙ මොකටද කියලා මට අමුතුවෙන් කියන්න ඔනැන්නෙ නැ"
"ගුරුන්නාසෙ මේ යාමෙ මොකො එලි බැහැලා"
"ඈ බොල මම යක්කු එලි බහින වෙලාවට එලි බහින්නෙ නැතුව කොයි වෙලෙ එලි බහින්නද...."
"එහෙනම් මම ගොහින් එන්නම් ගුරුන්නාන්සෙ"
"ඔහෙ හිටු උබෙ කල්පනාව හැමදාම හොර පොල් කඩන්නද ඈ"
"වෙන මොනා කරන්නද 2පන්තිය පාස් ඔච්චරනෙ කොරෙ මම "
"උබ හම්බු වෙන්නමයි උන්නෙ මම ..උබ තුන් කුලුදුලා වෙච්චි ..බහිරව කන්ද මුදුනෙ තියනවා රත්තරන් කෙන්ඩියක් ..බහිරවයො 4ක් රකිනවා ..තුන් කුලුදුලෙකුට ගන්න ඇහැකි වත් පිලිවෙත් කොරලා ..උබ මනාපනම් ඇහැකි කොටහා බෙදාගන්න"
ගගෙ ගහන් යන එකා පිදුරු ගහෙත් එල්ලුන එකෙ මම මේකට බැ නොකියා කොමද මම කැමති උනා.......................
ඒත් බහිරව කන්දට පය තිබ්බ එකෙක් ජිවිතෙට නාපු බව දැන දැන නිදානයක් ගන්න ගිහින් වරිගෙටම හෙන ගහලා යයිද මට බය..................
මුලු සතියක් රා බිංදුවක් දඩ මස් කැල්ලක් හරියෙන්වත් නොයා මම පේ උනෙ මේකටමයි ...
වෙලව 12යි ..බහිරව කන්දට නගිනකොට හුලග හරි සැරට..ගස් ඇබරිලා බිම වැදිලා ආය නැගිටිනවා..ඊට වඩා වෙගෙන් පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා.......නරියො එකතු වෙලා තරගෙට හු තියන්නෙ මුලු ගමම දෙවනත් කරගෙන යන්න..ගුරුන්නාසෙයි මමයි කෝමින් කෝමින් හරි බහිරව කන්ද අඩවියට ගොඩ උනා ..ගුරුන්නාන්සෙගෙ ගොලයො දෙන්නා උස්සන් ආවෙ මැරුන ගෑනියක්ව.දෙයියනෙ ඇග හිරිවැටිලා..මගෙ දකුනු අත මැරුන ගෑනිගෙ වම් අතයි එකට ගැටගැහුවා........
"සියදෝරිසෝ උබ මතක තියාගනින් මේක ඉවර වෙනකන් තෝ මෙ ගැටෙ ලෙහනවා එම නෙමෙ මොනා උනත් බය නොවි දුවන්නෙ නැතුව හිටු .නැත්තන් තෝත් ඉවරයි මාත් ඉවරයි........."
ගුනෙ ගුරුන්නාසෙ මට තරයේම කීවා.....
බෙරෙ ගෙනත් පද කිය කිය ඔලුව වන වන ගහන්න පටන් ගත්තා.................
එහෙන් එකෙක් දුම්මල ගහනවා..තව එකෙක් නටනවා.......
පිදෙනි තියලා අහලා නැති අමුතු පද ටිකක් ගුරුන්නාන්සෙ වයන්න ගත්තා ..
බෙන්න බොලෙ ගැට ගහලා හිටපු ගෑනි නැගිට්ටා...මැරුන මලකදක ගැටගැහුවා මදිවට එකට රිරි යකා වැහිලද මන්දා..
ඇස් වලින් ලේ පෙරෙනවා.කැරකුනා බෙල්ල අනිත් පැත්තට අර ගැනිගෙ ...තවත් මේක බැදන් ඉන්න තරම් මට හයියක් නැ...බෙල්ල අනිත් පැත්ත හැරුන පන තියන මලමිනියක් එක්ක මොන ගනුදෙනුද.....මම ඉක්මනින් ලනුව ගලවන්න ගත්තා ගුරුන්නාන්සෙ අතින් එපා කිවාත් මට උහුලන්න බැරි උනා ....
අතින් ලනුව ගිලිහුනා විතරයි බෙල්ල අනිත් පැත්ත ගහපු ගැනි කොන්ඩෙ විලිස්සන් නටන්න ගත්තා............ගුරුන්නාන්සෙ දිගටම පද ගහනවා එකී නටනවා ...
එක මොහොතක රත්තරන් කෙන්ඩිය උඩට ආවා...එත් එක්කම ගුරුන්නසෙට බෙරෙ ගහන එක අමතක උනා....එච්චරම තමා .මට මතක සිහිය එද්දි වෙද ගෙදර මාස ගානක් මිනියක් වගෙ උන්නෙ කියලා ගමෙ උන් කිවෙ..ගුරුන්නාන්සෙට උන දෙයක් නැලු ..කන්ද පාමුල මැරිලා ඉදලා .. බෙරෙ නැවත්තුව නිසා අර මල,යස්සනි ගුනෙව අහවර කලාද දන්නෙ නැ..හැබැයි හුගක් උන් කියනවා ලන්ද පුරා ගුරුන්නාන්සෙගෙ හඩ ඇහෙනවා කියලා .බහිරව කන්දට බහිරවයෙක් වෙලාලු....මොකක් උනත් එකක් විස්වාසයි.........
සමහර දේවල් පොලොව යටම මිහිදන් වෙන තරමට හොදයි .
නිමි
පාරමි කවී