❤️... ඇයත් මවකි...❤️ | Ayath Mawaki



❤️... ඇයත් මවකි...❤️

අඩේ තාරුකයා අද පඩිත් ගත්තේ එකේ යමන්ද රානි අක්කගේ පොට් එක පැත්තේ..
නියම කැල්ලක් එනවලු බන්.. සැපක් දාලා එමු... උබ ඉතින් මේවගේ ආතල් ගන්න එකක් යැ. අර ගමේ කෙල්ල ගැනම හිත හිත දුක් වෙයන්...

අඩේ බන් නිසල් මම ඔවට කැමති නැ කියලා දන්නවනේ.. මට මගේ කෙල්ලගේ දෙවල් ඇති බන්.. වෙන උන්ගේ දේවල් ඔනි නැ...

මම කියනවට යමන්.. එක දවසනේ බන් තාරුකයේ... උබට ආස හිතේයි එකක් දැක්කාම දැන් යමන්කෝ... අනික ඉතින් තාම උබට එකි කැමති කියලත් නැනි.. උබේ වැරද්දක් නැනි...

හරි උබ කියනවනේ.. ඔන් බලපන් මම ඔවා දැකලා එන්න බැයිද කියලා.. හරි එහෙනම් යමන්කෝ.. බලන්නවත්..

හරි හරි මල්ලි බලමුකෝ එයිද කියකා දැක්කාම....
❤️❤️❤️

මම #තාරුක_තේජාන් සාමනය පවුලක් වැඩිමලා.. අපේ පවුලේ මායි නන්ගිලා දේන්නයි අම්මයි තාත්තායි... ගෙදර අයගේ වගේම මගේ අනාගතේ ගැන හිතලා..මම පාසල් ගමනින් පස්සේ කොළඹ රැකියාවට ආවා මගේ හොදම යාලුවා නිසල් එක්ක..මටත් තිබ්බා එකපාර්ෂවික ආදරයක් ඇය #තාරු_සස්මිකා.. අපිට වඩා යමක් කමක් ඇති පවුලක එකම ළමයා.. මගේ ආදරේ ගැන කිවත්.. ලැබුනේ ඇය අකමැත්ත විතරයි.. ගමේ ඉදියොත්.. ඇය දැකලා ඇගේ රැව්ම් ගෙරවුම් මැද්දේ ඉන්න බැරි නිසාම.. මම හුගක්ම කොළඹ රැකියාවට හෙතුවත් ඇයයි..

❤️❤️❤️❤️

තාරුකයා එහෙනම් යමුද.. දැන් හතටත් කිට්ටුයි..

හරි එහේනම් යමන් උබ දන්නවනේ උබ උබේ වැඩේ කරගත්ත ගමන් ආයේ එමු.. යමන්කො බලන්න.. එහෙනම්...

බල බල ඉන්න දෙයක් නැ.. උබත් ගානට හා කියයි ඉන්න උන් දැක්කාම.. ෆට්ට ෆිගර් එකක් තියන එකියක් දැක්කාම...

හරි හරි කියවන් නැතුව යමන්කෝ එනම්..

කොහොමින් කොහොම හරි නිසල් කිව්ව තැනට ආවා..

තාරුකයා යමන් රානි අක්කට කතා කරන්න.. අද අලුත් එකක් ඇති.. එකවත් ලයින් කරගන්න ඔනි...
❤️❤️❤️❤️

රානි අක්කේ රානි අක්කේ.

ආ මේ නිසල් මල්ලිනේ දවස් ගානකට පස්සේ .. ආ අද යාලුවේකුත් ඉන්නේහ්..

ආ ඔව් අක්කේහ් .. මුනම් එහෙම මේවට නැ.. නිසල් කිවේ හිනා වෙවි..

එහෙනම් මොකද නිසල් මල්ලි මේ පැත්තේ එක්කන් ආවේ රානි අක්කත් කිවේ ඉට නොදවේනි.. හිනාවක් පාමින්..

හරි හරි අක්කේ .. කොල්ලා එකක් දැක්කාම ගානට හා කියයි.. අක්කේ අලුත් එකක් ඉන්නවලු නේහ්.. අපිට නැද්ද ආ එවා..

ආ ඉන්නවා එකිත්.. යමුකෝ එහේනම් මල්ලිලා දේන්නම හොද කෙනෙක් බලලා තොරගමු..

රානි අක්කා කිව පස්සේන්ම අපි ආවා..
ඔය ඉන්නේහ් කට්ටිය තමා.. නිසල් ආ අර ඉන්නේහ් අලුත් කේනා.. ගානනම් ටිකක් වැඩි.. ටේන් තවුසන් වන් අවරස් වලට ඔකේ..

ආ ගාන ප්‍රෂ්නයක් නැ.. මට එහෙනම් අලුත් කේනා ඔනි ... තාරුකයා උබත් එකක් බලාන්..
ආ හරි නිසල් ..
ටානි ඔයා මේ මහත්තයා එක්ක.. උඩ රුම් එකට යන්න...
හරි මම යන්නම්... ඇය කිවේ විඩාබර ගතියේම් ඇය දැක්කාව තෙරුම් ගත්තේකි ඇය ඉන්නේ දුකින් කියා.. එහෙත් නිසල්ට ගානක් නැත..
නංගි එහෙනම් ඔයා රුම් එකට යන්න මම යාලුවා එක්ක කතා කරලා එන්නම් කියා.. නිසල් මගේ පැත්තට හැරුනා..

තාරුක තාමත් උබට හිතක් නැද්ද බන්??

හිතුනා බන් නිසලෝ හැබැයි ඒ උබ තොරපු කේනා.. මට. ඒ කෙල්ලව දියන් උබ හොද එකා වගේ වෙන කෙනෙක් ගනිම්.. මට ඔනි උනේහ් ඇයත් සමග කතා කිරිමට.. ඇයට පැයකට හරි නිදහසක් දිමට විතරයි..

හම්මට එහෙමද.. උබත් මම ඉදලා ඉදලා එක්ක ඇවිත් කරගත්ත වැඩක් ඔකනි කිවේ.. දැක්කාම උවවනා වේයි කියලා...

හරි හරි මම එහෙනම් ඒ නංගි එක්ක යන්නම්.. එහෙනම් වේලාවේන් පස්සේ හම්බේමු.. උබට කිව රුම් එකට මම යනවා.. බන්..

හරි හරි බොක්ක උබ වේනුවේන් ඔක මට අවුලක් නැ.. උබ යමන් මම වෙන එකක් ගන්නම්...
❤️❤️❤️

මම කිව රුම් එක ගාවට ගිහින් ඩෝර් එක ඇරන් ඇතුලු වෙනවත් එක්කම ඇය ගැස්සුනා.. මොකද ඇය බලාපොරොත්තු වේන්නේ නිසල් නිසා..

මහත්තයා ඔයා නෙවේනි මාව ගත්තේ.. මහත්තයට පැටලිලා වගේ... ඇය කිවේ කලබලයේන්..
ආ නංගි.. ඒ මගේ යාලුවා.. මම යාලුව එක්ක කතා කරලා මම ආවේ.. දැන් හරිනේ..

අනේ සොරි මහත්තයා මම දන් නැති නිසා ඇහුවේ.. එහේනම් මම මහත්තයා වොෂ් එකක් දාන් එන්න.. ඇය එහේම කියමින් ඇගේ ඇදුම් ඉවත් කරන්න හැදුවා..

මම ආවේ නංගි හිතනවා වගේ දේකට නෙවේ මට නංගි එක්ක කතා කරන්න ඔනි..

ම..හ..ත්..ත..යා පොලිසියේන්ද ඇය ඇහුවේ බියේන්..

අනේ නැ නංගි.. ඒත් මට ඔයාගේන් දැන් ගන්න ඔනි.. ඔයා මේවගේ දෙයක් කරන්නේ ඇයි. ඔයා තාම පොඩි කෙනෙක්.. ඉගේන ගන්න වයසේ වගේනි.. අනික මට මහත්තයා කියන්න එපා මට අයියේ කියන්න... මටත් ඉන්නවා ඔයාගේ වයසේ වගේ නංගිලා දේන්නේක්..
එහෙම කියමින් මම ඇය කිට්ටුවේන් ඉදගත්තා....

ඒත් සමගම ඇය අඩන්න පටන් ගත්තා..

මම ඇය ලගට ගොස් ඇගේ හිස අත ගාමින් ඇය සැනසිම පමනයි කරන්න පුලුවන් උනේහ්.. ඒ වගේම ඇයට මෙහේම විමට හෙතුවක් දැන ගැනිමට උවමනා උනා...

නංගි අඩන් නැතිව.. මට ඇයි මෙහෙම උනේහ් කියන්න..

ඇය දිග සුසුමක් පිට කලා...

මට දැනුනා.. ඒ විඩාබර ගතිය.. ඇයගේ කතවාකට බව...
❤️❤️❤️❤️❤️

මම ටානියා නෙවේ අයියේ.. #_සදුනි_නිම්සරා
මම මොණරාගල.. ගමක ජිවත් උනු කෙනෙක් අයියේ .. තාම වයස දාහතයි...අපේ පව්ලේ මායි අම්මයි , තාත්තයි ,මායි විතරයි.. මම ඉස්කොලේ යන කාලේ ගමේම සදුන් කියලා අයියා කෙනෙක් එක්ක.. සම්බන්දයක් තිබ්බා අයියේ.. අන්තිමට එයාගේ කිමට ඒයාව විස්වාස කරලා.. සා/පේළ විබාහගේ ඉවර උන දවසේම රැ පැනලා ආවා.. එයාගේ කොළඹ යාලුවේකුගේ ගේකට.. ටික දවසක් ඒ ගෙදර ඉන්නකොට... දවසක් එයයි යාලුවෝ කට්ටියක්.. එක්ක ඇවිත් ඒ ගෙදර පාටියක් දැම්මා.. ඔය අතරේ මටත් කතා කරලා.. සදුන් අයියා බිම විදුරුවක් දුන්නා.. මම එක බිලා ඉදපු කාමරේට ආව විතරයි මතක...
❤️❤️❤️❤️

මම සිහිය එනකොට මුලු ඇගම රිදුමක් එක්ක .. ඔව් මාව සදුන් අයියා වගේම යාලුවෝ එක්ක ජිවිතේ එයාට විතරක් පේ උනු කේනා.. ඒයාගේ යාලුවෝ එක්කම හපයක් කරලා...ඔව් සිහිය එනකොටත් මම ඉදියේ මේහේ.. මේහේ රුම් එකක ඉදියේ අයියේ...
එදා ඉදන් රානි මැඩම් කියන විදිහට වැඩ සිද්ද උනේහ්.. මම මේහේට ආවේ කොහොමද කියලා ඇහුවාම දැනගන්න ලැබුනා.. සදුන් අයියා. මාව අසිහියේන්ම මෙහෙට ගෙනත් දාලා.. සල්ලින් රානි මැඩම් ගේන් ඇරන් ගිහින්.. මම කොච්චර යන්න ඔනි කියලා ඉල්ලුවත්.. උනේහ් ඇගේ සල්ලි පියවේනකම් වැඩ කරන්න කියලා...මාව කෙලසපු දවසේ මම අම්මා කෙනෙක් වේලා අයියේ.. මමවත් දන් නැ.. තාත්තා කව්ද කියන්න.. මම මෙහේ ඇවිත් සති දෙකක් යනකොට වගේ දැන ගත්තේ... මැඩම් කොච්චර ළමයා නැතිවේන්න බෙහෙත් දුන්නත්.. මම ඒවා බිවේ නැ අයියේ.. මට ජිවිතයක් නැති කරන්න හිත හදාඅන බැරි උනාහ්..කොහොම හරි මට ළමයා ලැබුනා.. අයියේ... මැඩම් මාසයක් බලාගත්තත්.. ආපහු මම මේ දේවල් කරන්න උනා.. ඇයට අපිව නිකම් බලාගන්න බැ.. සල්ලි ඔනි කිව නිසා...
❤️❤️❤️❤️

ඉතින් මම ළමයා බලාගේන් මෙහෙම රුම් එකක් ජිවත් වේනවා අයියේ... ඒ වගේම හොද මනුස්සයේක් කරන්න...දැන් සතියක වගේ ඉදන් මම මේ කාලකන්නි රස්සාව කරනවා අයියේ.. ඔන්ම ඔකයි මගේ කතාව අයියේ.. මම මඩම් සල්ලි පියවුවම මට යන්න දේන්නම් කිවා.. ඉතින් මටත් දැන් එකම බලාපොරොත්තුව ළමයා නිසා.. ඒ සල්ලි දුන්නේන් පස්සේ.. මම මේ ජිවිතේන් ඇත් වෙලා.. දරුවා එක්ක ජිවත් වේනවා..
❤️❤️❤️

මට හිතාගන්න බැරි උනා ඇය ඇයගේ වයසට විද දරගේන තියන දුක... හිතට අහන්න ප්‍රෂ්න කොච්චර ආවත්.. මට තවත් ඇයව අපහසු තාවයට පත් කරන්න හිතුනේ නැ.. නමුත් ඇයම කතා කලා...
❤️❤️❤️

මේ සතියට විතරක් මාත් එක්ක පිරිමි තිහකට වඩා ඉදලා තියේ අයියේ.. ඒ වගෙම එක පාරට එක්කේනාට වඩා එන වේලාවලුත් තියේ... ඒ වගේම පිරිමින්ගේ කුනු අපේ ඇගේ යවගාන්නවා .. ඉතින් ගැනු අපි විතරමද අයියේ වැරදි...
❤️❤️❤️
මට කිමට දෙයක් නැ... ඔව් මේ වෙද්දි මට මගේ වේලාව අවසන් විමට විනාඩි කිහිපයයි තිබ්බේ.. ඉතින් මම සදුනි නංගිට කියා යන්න සුදානම් උනා...

මගේ වේලාව ඉවරයි මම යනවා නංගි.. පුලුවන් ඉක්මනින්.. නංගිත් මේ නරකාදියේන් අයින් වෙන්න...

හරි අයියේ.. අයියට ගොඩක් පින් මගේ කතාව අහන් ඉදියට.. හිතට සැහැල්ලුවක් දැනේන්නව අයියේ... ඒ වගේම අයියා ආයිම කවදාවත් මේ වගේ තැනකට එන්න එපා.. අයියා ආව ගමන් තේරුනා අයියා මිට කලින් ඇවිත් නැ කියලා වගේම.. අයියගේ ආදරය .. කතා කරපු වචන ටිකේන්...

හරි නංගි මම යනවා බුදු සරණයි...

හරි අයියේ බුදු සරණයි...
❤️❤️❤️❤️

ඉතින් මට පුදුම ඇය මාව තෙරුම් ගත් විදිහ .. තාරුට නොතේරුන මගේ ආදරේ ඇය කතා කරපු එක වචන ටිකේන්ම තෙරුම් ඇරන්... ජිවිතේ. කියන්නේහ් මහ පුදුම දෙයක්ය... ඉතින් මේ වගේ ජිවිතේ කොච්චර ඇතිද...
❤️❤️❤️❤️

ඇයත් මවකි ජිවිතේ තම දරුවා රකින්න වේහෙසේන... ඇයගේ ජිවිතේ වැරදිමට හෙතුවත් ඇයගේ ආදරය විශ්වාස කිරිමයි..
❤️❤️❤️


Comments System WIDGET PACK