⭕අකමැති විවහාය⭕ | Akamathi Vivahaya



⭕අකමැති විවහාය⭕

සත්‍ය කතාවක් ඇසුරෙන්

පොරොන්දම් ගැලපුවාට සිතුවිලි ගැලපිය හැකිද පොරුවක් උඩ.

හැම කෙනෙක්ම මං වගේ අවාසනාවන්ත නැහැ කියන එක මං දන්නවා.එහෙම වෙන්න එපා කියලාත් මං ප්‍රාර්ථනා කරනවා.මං හරිම අවාසනාවන්ත කෙල්ලෙක්.උසස් පෙළ ලියනකොටයි අපේ තාත්‍තා දන්න කියන යාළුවෙක් මට කටයුත්තක් යෝජනා කළේ.මනමාලයා ලොකු සල්ලිකාරයෙක් කියලා අපේ තාත්තා ඉහලින් කැමැත්ත දුන්නා.මගේ කැමැත්තෙන් එයාලට වැඩක් වුණේ නැහැ.

ඉස්සර ඉඳන්ම එහෙම තමායි අපි වැඩ කළේ.තාත්තාගේ වචනෙට එයාට අපි හරි බයයි.වචනයක්වත් කතා නොකර එයා කියන එවට හු මිටි තියන එක අපේ පුරුද්ද.

හැබැයි මේ කාරණෙදි අම්මා නම් ටිකාක් විරුද්ධ වුණා.එත් අන්තිමට ක්‍රියාත්මක වෙන්නෙ තාත්තාගේ අදහස නිසා මං හිත හදාගත්තා.එත් මනමාලයා මට වඩා වයසයි.එ මදිවට එ මිනිහා කැතයි.කැතනම් ඔන එකාක් ඊට හපාන් මේ මනුස්සයා මාව දැක්කම බලන කෑදර බැල්මට මං කැමති වුණේම නැහැ.

දවසක් මං නාලා ඇඟ පිහදමි ඉද්දි මේ මනුස්සයා ඇවිත් හොරෙන් බලන් ඉඳලා මං දැක්කට පස්සේ මිනිහා කියනවා අපි බැඳපු දවසට එයාට වෙන දෙයාක් ඕන නෑ මාව ලැබුනොත් ඇති කියලා.මං බබෙක් නොවේ මිනිහා පාරම් බාන්නෙ මොනවා කරන්නද කියලා දන්න නිසා මට හිරිකිතෙත් බැහැ.

ගෙදර ඉන්න එකම ගැහැණු ළමයා කියලා තාත්තාමංගල්‍යය ජයටම ගත්තා.එත් එදා වුණත් මං හිටියේ ජගතුත් එක්ක වැඩි ඇයි හොඳයියකින් නෙමේයි.මට හිතුනෙ ජගත් කියන්නෙ මගේ ජිවිතෙ බිලිගන්න අව යක්ෂයෙක් කියලා.

ජගත් නම් මාව හොටෙලේට එක්කගෙන ගියේ පුදුම හදිස්සියකින් ඒ ගිහින් ඇඳුම්වත් ගලවන්න කලින් මාව බදාගන ඉම්බා.මං කිව්වා දඩියායි නාන්න ඕනා කියලා.එ කියලා එයාට කලින් ගිහින් නාගන අවා.එයා නාන්න ගියාට පස්සෙ මට මහා බයක් දැනුනා.ජගත් මව බිලිගන්න බලන් ඉන්නවා වගේ මට හිතුනේ මොන දෙකටද මන්දා.මං එයා නගන එන්න කලින් ඇඳුමක් දාගන හෝටෙලෙන් පැනලා අවා.

පාරට එද්දි ත්‍රිවිල් එකාක් අවා.එකට අත දාලා නැග්ගා.යන තැනක් හරියට හිතාගන්න බැරි නිසා ටවුමෙන් දාන්න කිව්වා.එතකොට හතට විතර ඇති.ටවුමේන් බැහැලා කටුනායක බස් එකාක් තියනවා දැක්කාම මගේ යළුවෙක් මතක් වුණා.එයා කාලයක් ෆැක්ට්‍රියක වැඩ කළේ.මං ඒ බස් එකේ නැගලා කටුනායක ගියා.ටවුමේන් බැහැලා එයාට කෝල්ස් කළා.

එයා හිතලා තියෙන්නෙ වෙඩින් එකට නාවට කතා කළේ කියලා.මගේන් සමාව ගත්තා.මං කිව්වා ඔයා ඇවිරි වත්තේ ඔර්ලෝසු කණුව ලඟට එන්න මං එතන ඉන්නවා කියලා.ඔහොමයි මං කටුනායක ගියේ.නෙත්මි මට පිහිට වුණා.මං එයා සමග නතර වෙලා වැඩට ගියා.ගෙදරට ලිවුමක් යැව්වා.මං හොඳට ඉන්නවා කියලා.ලියුමේ සීල් එක බලලා මම ඉන්න තැන හොයා ගන්න නිසා අනුරාධපුරේ ළමයෙකුට දුන්නා ගෙදර යද්දි තැපැල් කරාන්න කියලා.

අවුරුදු තුනක් මං එහේ ඉදාන් ගාමන්ට් ගියා.ගෙදර අය මතක් වෙනකොට දුකායි.ඒත් ඉතින් අර වගේ මනුස්සයෙක් එක්ක ඉදලා ජිවිතෙම විදවනවට වඩා මේහෙම අව එක ගැන මං අද සතුටු වෙනවා.තාමත් නෙතිමියි මයි එකම තැන ඉන්නෙ.එයා ගමේ ගියාම තොරතුරු බලාන් එනවා.ගෙදර අය හොඳින් ඉන්නවා කියලා එයා කියනවා.මටත් දැන් ගෙදර යන්න හිතෙනවා.ඒත් අර කසාද සහතිකේ තියන් ඉඳලා අර මනුස්සයා මව වුස්සන් යයි කියලා මට බයායි.හැබැයි මිනිහත් ලැජ්ජා නිසා පොලිසියකටවත් ගිහින් නැහැ කියලායි මට හිතෙන්නේ.

තව මාස පහක් හයක් යද්දි නෙත්මියිත් විවහා වෙන්න හිතාන් ඉන්නෙ.මටත් අදර ඇරයුම් එනවා.එත් තාම මං එ ගැන තිරණයක් අරාන් නැහැ.එදා ජගත් මාව සිපගත්තු එකායි යම් යම් ස්පර්ශයි හැර පිරිමියෙක් කියලා කිසිම කෙනෙක් මගේ ඇඟට අත තියලා නැහැ.මං තාමත් පිරිසිදු කෙල්ලෙක්.

ළඟදිම තිරණයක් අරන් මාත් ගෙදර යනවා.දැන් තාත්තලා අම්මලාත් මං ගැන දුක් වෙනවලු.එයලා කල වරද තෙරුම් අරන් කියලා නෙත්මි කිව්වා.එ ගියාම හොඳ කෙනෙක් හමු වුනොත් විවහා වෙනවා කියලා හිතාන් ඉන්නවා.

නිමි

සමහර දෙමාවුපියාන් හිතනවා සල්ලි බාග නම්බු නාම තියනවානම් තමුන්ගේ දරුවා සතුටින් ඉදි කියලා දරුවාගේ කැමැත්තක්වත් නැතුව විවහා කරලා දෙනවා.දෙමාවුපියාන්ගේ සතුට වෙනුවෙන් ජිවිත කාලෙම විවහා ජිවිතයෙන් දුක් විදින අය ඔනි තරම් ඇති.ජිවිතෙ විදින්නෙ විදවාන්නෙ බලාන් ඉන්න අයට වඩා ජිවිතෙ අයිති කෙනා පමනායි.එ නිසා අකමැත්තෙන් කිසි දිනක විවහායක් කර ගන්න එපා.පොරොන්දම් ගැලපුවාට සිතුවිලි ගලපාන්න පුලුවාන්ද පොරුවාක් උඩ.

⭕නිකලැල් පුදසුන⭕


Comments System WIDGET PACK