අවාසනාවට_ඇත්ත_කතාවක් 3 වන වෙළුම...| Awasanawata Aththa Kathawak 03 Kotasa
#අවාසනාවට_ඇත්ත_කතාවක් (කෙටි කතාවකි)
මෙහී එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ...!
3 වන වෙළුම...
මෙය සත්‍යය සිඳුවීමක් ඇසුරෙන් රචනා වේ..!
************************
යකෝ.... බස් එලවන්න විතරද ලංගමයේ තියෙන්නේ තව කොච්චර වැඩ තියෙනවාද....?
ඒ....ඒ... මොකක් හරී රස්සාවක් හම්බවෙයී බං ආණ්ඩුවේනේ බං....!
ඊට පස්සේ උඹට පුළුවන් සඳුනීට පේන්න සුද්දා වගේ වැඩට යන්න....?
ඒකනම් අැත්ත තමයී....!
ඒත්...මං මේ කල්පනා කලේ සඳුනීගේ මිනිහා ගැන...?
ඒකා එදා ආඳා වගේ ලිස්සලා ගිය හැටී බලපන්කෝ ඈ...?
දිල්ක එහෙම කිව්වේ හිස්වුන වීදුරුවට වයීන් අඬක් දාන ගමන්,
ඒක තමයී ඌ එදා ආඳා වගේ ලිස්සලා ගියා නේ...?
අපි හැරෙනකොට සඳුනී කියලා තියෙන්න ඇතී සේරම දෙවල් සතීශෝ...
සඳුනී මොනවාද උෟට කියන්නේ..? අනීක ඌට මොනවා කියන්නද සඳුනී...?
ඒ...අපිත් එක්ක කතා කරන්න එපා කියලා ආහ්...?
රස්සාව ලැබෙන්න යන එකේ සතුට පසාරු කරගෙන දුකක් තවමත් සතීශ්ගේ හිතේ තියෙනවා..! ඒ සඳුනීව අහිමිවීමේ දුක, ඒ දුකටම සතීශ් තවත් වයීන් වීදුරුවක් හිස් කලා...
*************
සඳුනීයෝ....
ම්ම්ම්...
අර සඳරුවන් කුස්සීයේ දොරෙන් එළීයට බැහැලා කොහෙද යන්නට ගියේ...?
මැණීකා එහෙම ඇහැවේ, ඉදල අතට ගෙන මිදුලේ වැටී තිබුණ කොල ටික අතුගාන ගමන්...!
ආහ්... ඒ ගමන් මේ මිනිහා කුස්සිය පැත්තෙන් එළියට බැහැල යන්ට ගියාද...?
ඔව්...
ගමේ රස්තියාදු ගහන්ට එළියට බහිද්දීම කෑ ගහලා ගේ ඇතුලට දැම්මා...!
හැබෑට..? ඒ පාරද මේ මිනිහා කුස්සිය දොරෙන් එළියට බැස්සේ..? අම්මා පල්ලා මේ වගේ මිනීහෙක්...?
ඒක නේන් නම්..., ආවදෙන්කෝ අද ගෙදර...!
සඳුනී ඒ ටික කීවෙත් කෙන්තියෙන් පුපුරු ගසමිනී...?
ගමේ එවුන් මොනවත් කීවේ නැද්ද දන්නේ නෑ..?
දිල්කයී,සතීශයී කතාවට ඇවිත් අපේ එක්කනා එතනින් මගෑරලා ගැහින්..!
මැණිකා ඉහලට ගත්ත හුස්ම පහලට හෙලුවේ..., සඳරුවන් සතීශ්ලා ගෙන් මගෑරලා ගියා කියන එක ඇහුනට පස්සේ, ඒත් හිතේ දෙඟිඩියාව අඩුවුණේ නෑහ්....??
කොයි වෙලාවක හරී උඹ නටාපූ නාඩගම් ඔකා දැන ගන්නවා,එහෙම අහුවුණොත් මට අර මහ මින්ස්සුන්ගෙයී මුහුණ බලන්න බැරී වෙන්නේ....?
මේක හරීයන්නේ නෑ අම්මේ..., සඳරුවන්ට කොහෙ හරී රස්සාවක් හොයාන යන්ට කියන්න ඔනී...!
ඒක... හොදයී...!
********************
උඹ හොද වෙලාවට ආවේ, ලොකු මහත්තයාට කිය කිය හිටීයේ හෝටලයට අළුතෙන් වේටර්ලා දෙතුන් දෙනෙක් ගන්න ඔනී කියලා..!
ළහීරු එහෙම කිව්වේ සිනා මුසු මුහුණෙන් සඳරුවන් දෙස බලමිනී.., ළහිරු ඒ වන විටත් මාතලේ ප්‍රසිද්ධ අවනහලක සේවය කරමින් වුන්නා, සඳුනීගේ පෙරැත්ත නිසා සඳරුවන්,නුවර සිට මාතලේට තම පැරැණි මිතුරා සොයාගෙන ආවා.....!
මම මේ රස්සාවක් කරන්න හිතුවේ නෑ බං...,
දෙයීයනේ කියලා වතු පිටි වල ආදායම එනවානේ....! ඒත් මේ සඳුනී කැමති නෑ ගෙදරට වෙලා නිකම් ඉන්නවාට...?
ගමේ රස්තියාදු කාරයන්ට එකතු වෙලා බීමට ඇබ්බැහී වෙයි කියලානේ කියන්නේ, ඒකයී මම මේ ආවේ ළහිරු උඹ හොයාන...!
කොහොම හරී උඹ ආපු එක ලොකු දෙයක්...
එහෙම කියුවේ ළහිරු තම මිතුරාගේ පිටට තට්ටු කරමිනි....!
ඒ වුනාට,නුවර ඉඳලා මාතලේට එන්ට තමයී එපා වෙන්නේ....??
ඇයී බං බස් තියෙනවානේ...?
නුවර පාරේ බස් තිබ්බට ගෙදර ඉඳලා,නුවර පාරට එන්ඩත් එපෑයී...!
ඒ පාරේ බස් හරි අඩුයී බං....?
පැය දෙකකට සැරයක්වත් බස් එකක් එන්නේ නෑ....සමහර දවසට බස් එක එන්නේම නෑ....!
ඒ වුනාට කමක් නෑ..., උඹ රස්සාවට වරෙන්...!
හෝටලයෙන් කටට රහට කන්නත් හම්බ වෙනවානේ...,ගෙදර කෑම වගේද බං හෝටලේ කෑම..?
තම මිතුරා වු ළහිරුගේ ඒ උද්යෝගිමත් ආරාධනාව සඳරුවන්ට ප්‍රතික්ෂේප කරන්න බැරී වුනා... අනිත් පැත්තෙන් සඳුනීගේ බල කිරීම තදින්ම තිබූනා, ඒ නිසා සඳරුවන් පහුවදා ඉදන්ම මාතලේ හෝටලේක වේටර් රස්සාවට එන්න තීරණය කළා.....!
****************
සඳුනී...,ඔය රෙදී ටිකත් එක්ක මේ චීත්ත කෑල්ලත් හොදලා දාපන්...!
ඔන්න ඔහෙන් දාන්ඩකෝ අම්මේ...,
එහේම කිව්වේ සඳුනී රෙදී සේදීමට ළිඳෙන් වතුර එකක් බාන ගමන් ය, චිරී...චීරීගා හඬ දෙන බොලොක්කයේ ශබ්දය ඇරෙන්න වෙන ශබ්දයක් ආවේ නැත...., ඒ හඬ අතරීන් මැණිකාගේ කටහඬ අවදී කරන්න වුනා....!
මේ උඹ දන්නවාද...?
දිල්කයී,සතීශුයී දැන් රජේ රස්සාවකලූ...!
නැහ්... අපරාදේ....? කටට ආ දේ සඳුනී ඔහේ පිට කරලා දැම්මේ ගානකට නොගෙන...
මොද්ද අපරාදේ...?
අම්මලා වන්සේ කබල්ලෑවේ නැත් නම් මම සතීශ්ව බැඳගෙන නේ....?
මගෙන් මුකුත් අහගන්ඩ එපා...?
දැන් ඔය නම් වෙනස් කරගෙන හිටීයට, අපි ඔකුන්ගෙන් වතුර පොදක් බොන්නේ නෑ.....?
එහෙව් එකේ මඟුල් තුලා කරානම් යසට තියෙයී...?
මැණීකා දැඩී කේන්තියට හෝදන්ට දාල තිබ්බ චීත්ත රෙද්ද අරගෙන තමන්ම හෝදන්ට පටන් ගත්තා,සඳුනී ළිඳ ළගින් අඩියක් දෙකක් පස්සට ගිහින් මැණිකාගේ වේගවත් රෙදී සේදීම දෙස බලාගෙන හිටියා......?!?
තිබ්බා නම් මම ඔක හෝදලා දෙනවානේ අම්මේ...?
ඔනැන්නේ නෑ මට පුළුවන් මගේ වැඩ ටික කර ගන්න....!
යකෝ...? සතීශ් එක්ක ගැවුසන් නටලා හතරවරීගෙම මූනේ දැලී ගාන්ඩ හදද්දී කපුවන්ටත් බොරු කියලා මිනිහෙක් හොයලා දුන්නා...., ඒ උනාට තාමත් කියවන්නේ සතීශ් ගැන...?
හරී ඉතිං මම නිකන් කිව්වේ...?
මේ මොකද්ද අම්මේ සතීශ් කරන රස්සාව...?
ලංගමයේ කියලා ආරංචිය
ලංගමයේ....?
*****************
ආ...පැණී බූන්දී ටිකක්...!
ආහ්..කොහෙන්ද සඳරු මේවා..?
කොහෙන්ද අහන්නේ..? රස කැවිලී හොටලේක වැඩ කරන මිනිහෙක් ගෙන්...,?
එහෙම කිව්වේ මැණිකා මැසිවිලි නගමිනී....
ඔව්... ඔව්..රස කැවිලි නම් තියෙනවා තමා ඉතිං...?
ඉතිං මෙච්චර චුට්ටක් ගෙනාවේ සඳරු ගෙනෙන්න එපැයී වැඩිපුර ටිකක්...?
කොච්චර තිබ්බත් අපිට ගෙදර ගේන්න දෙන්නේ නෑ...
මම ඔය ටික දා ගත්තෙත් ලොකු මහත්තයා එහේමෙහේ ගිය අතරේ...?
ඔවා හොරකම් කරන්නේ බලාගෙන අහු වුනොත් රස්සාව ගහල යනවා...? මැණිකා අවවාද ස්වරයෙන් එහෙම කිව්වා...!
එහෙම හොයන්න බෑ අම්මේ ඒකේ තියෙන බඩුත් එක්ක...? අනික වැඩිපුර බඩු විකීණෙන හෝටල් නේ ඒවා...!
හැබෑට....?
එහෙනම් ඔය එන වෙලාවට කළු දොදොල් ටිකක් එහෙමත් දාගෙන වරෙන් කෝ....?
ගේන්නම්කෝ හෙමීට...?
මේ සඳරුවන් බූන්දී මල්ලේ රුපියල් 100ක්...?
