#අවාසනාවට_ඇත්ත_කතාවක් 2 වන වෙළුම | Awasanawata Aththa Kathawak 02 Kotasa



#අවාසනාවට_ඇත්ත_කතාවක් (කෙටි කතාවකි)

2 වන වෙළුම

මෙහී එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ,

***************************

පෙර කොටසින් බිඳක් 👇👇

සඳුනීලා වන්සේ කබල්ලෑවට ඇති මඟුලක්
නෑ නේ බං.....? එහෙම කීවේ දිල්ක තම මිතුරා දිරිමත් කරන අටියෙනී......!

මේ යමන්කෝ මන්ත්‍රී තුමා හම්බවෙන්න....

😛😛😛😛😛😛😛😛😛😛

ආහ්.... අම්මා විට කොටනවා වගේ,

එහෙම ඇසූ සඳරුවන් වළාපොට ගැසු සරම කඩා.....මැණිකා අසලින් වාඩී වුනා....!

ආහ්.... පුතේ...

මට මේ පුවක් කෑලී හපාගන්න අමාරු හිංදා
මේ.... කොටලා ගන්නවා.....!

මම කොටලා දෙන්නෙයී....?

ඔනෑන්නේ නෑ පුතේ මේක මහා දෙයැක් යෑ.....

නෑ ඉතිං මම නිකන් ඇහෑවේ....,

කම්මැලීකමේ ඉන්නත් බැහැනේ...

එසේ කියූ සඳරුවන් එක අතකින් සරම අල්ලන් නැගිට්ටේ පාර පැත්තට ගිහින් එනම් කියමිනි......!

අහවල් එකටද පාර පැත්තට යන්නේ...?

එසේ අහපූ මැණිකා කොට කොට වුන් වංගෙඩියෙන් විට අහුරක් කටේ දාගෙන හපන්නට වුවා.....!

නිකන් ගෙට වෙලා ඉන්න කම්මැලී වගේ...,
සඳුනීත් ඔන් උයනවා....
මම ගිහින් එන්නම් කෝ...

පොළෙන් මාළු ටිකක් වත් ගේන්නද අම්මේ...?

මාළු නම් ගෙනාවට කාරී නැහ්...

හැබැයී ගමේ එවුන් එක්ක කතාවට නම්,
යනවා එහෙම නෙවේ...!

මං ඉතිං මේ ගමේ මිනස්සූ අඳුරන එකක් යෑ...?

ඒ ටිකත් කියාන සඳරුවන් නිවසෙන් එළීයට බැස යන්න ගියා.....මැණිකා තම බුලත් වංගෙඩිය පසෙකට තබා,සඳරුවන් යන දිහා එක එල්ලේ බලාන උන්නා... ඒ බල්ම තුල තිබ්බේ මොකක්දෝ දෙඟීඩියාවක්...?

************************

මම ඒකනේ උඹටත් කීවේ මන්ත්‍රී තුමා හම්බ වෙන්න යමු කියලා....,

දැං මට විතරක් නෙවේ,උඹටත් රස්සාවක් දෙන්නම් කිව්වානේ...නැද්ද...?

එහෙම කිව්වේ සතීශ් ලෝකේම දිනුවා යන හැඟීමෙනී...!

මට තියා උබටවත් හම්බෙනවා නම් මදෑ....
සඳුනීට පේන්ටත් එක්ක ලස්සනට ජීවත් වෙයන්,...! එසේ කියපූ දිල්ක තම මිතුරා වු සතීශ් නිතරම උද්යෝගයෙන් තියන්න හැකීයාවක් ඔහු සතුව තිබුණා...!

මම නම් ලස්සනට ජීවත් වෙනවා...? ඒත් බලමුකෝ සඳුනී කොහොමද ජීවත්වෙන්නේ කියලා....?

සඳරුවන් සුපුරුදු විදීයට දත් මිටි කන ගමන් එහෙම කීවේ...,ඒත් ඒ කේන්තිය වැඩී වෙලාවක් තියාගෙන ඉන්න ඔනී වුනේ නැහ්...!
ඈතින් යනවා දැකපු සඳරුවන් දෙස දෙන්නාගේ අවධානය යොමු වුනා....!

ඒ සතීශ්....

ඈ....?

අන්න අර අරුතමයී මිනීහා...!

කවුද....?

සඳුනී බැඳපු එකා...!

ආහ්...... මූද මිනිහා...?

මේ යමන්කෝ දන් නෑ වගේ කතා කරලා බලන්න ....!

එහෙම කියපූ සතීශ් තම මිතුරා වු දිල්ක සමඟ ඉමන් පාද තියා ඇවිද ගියෝය....!

අපී එනවා දැකලා හයීයෙන් යනවා පේනවාද...?

උඹ පොඩ්ඩක් කතා කරපන් ඌට....

ඒ මල්ලී.... ඔහොම පොඩ්ඩක් හිටියා නම්....?

ඒ මල්ලී මම ඔහෙට කතා කරන්නේ...?

මූට කන් ඇහෙන් නැද්ද යකෝ....? මෙච්චර කතා කරද්දී....?

සතීශ් සහ දිල්ක ඔහු පසු පස්සේ දිව ගියා...!

මේ මල්ලී තමුන්ගේ කන් ඇහෙන්නේ නැද්ද..?

ආ....මගේද...?

මගේ කන් ඇහෙනවා හොඳට...!

මෙච්චර වෙලා තනීයම නිසොල්මනේ ඇවීඳගෙන ගිය සඳරුවන්, පිටූපස බලා උත්තර දුන්නේය....!

එහෙනම් මෙච්චර කතා කලා නැවතුන් නැත්තේ මොකෝ....?

මම ඉතිං ඔහේලාව අඳුරන එකක් යෑ...?
අඳුරන් නැතී අයත් එක්ක කතා කරන්නේ මොකෝ....?

යකෝ අපී දෙන්නා කතා කලේ මනුස්සකමට..!

හා.....එහෙනම් කතා කරමු....!

ඒත් මගේ wife ගේ අම්මා ගේන් එළියට බහීනකොට කීව්වා නන්නාඳුනන අයත් එක්ක ඳොඩමලු වෙන්න එපා කියලා😒☝

ආ... ඇත්තද...?

මං මොකටද ඔහේට බොරු කියන්නේ...?

ඔය නැන්දම්මා කියන්නේ මැණිකා නැන්දාට වෙන්ඩ ඇතී😂😂😂

හා.... ඔව්...ඔව්...සඳුනීගේ අම්මානේ....!

අඩෝ...? සඳුනී උඹේ වෙන්න කලීන් මගේ දන්නවාද....?

මොකක්....?????

ඒ කියන්නේ සඳුනී කලින් බැඳලා හිටියැයී....?

බැඳලා හිටිය නැතී එක විතරයී අඩුවකට තියෙන්නේ....?

නැත්නම් ඉතින් හැමදේම වුනා....!

සතීශ් එහෙම කීවේ මහා උජාරුවෙන් වගේම හිතේ තිබ්බ කේන්තිය සඳරුවන්ට වචනෙන් ගහන්නා වගේ හැඟීමෙනී....,

ආහ්..... නැන්දම්මා මට කිව්වා ගමේ එවුන් ඔය බොරු කේලම් කියයී කියලා හුම්..... මම යනවා යන්ට....!

සතීශ් සහ දිල්ක බලාපොරොත්තු නොවු පිළිතුරක් දීලා සඳරුවන් ආඳා වගේ එතනින් ලිස්සලා ගියා....! සතීශ් දිල්ක දිහාත් දිල්ක සතීශ් දිහාත් විස්මය මුසු දෑස් වලීන් බලාගෙන හිටීයා....!

*******************

මොකද අම්මේ පාර දිහා බලාගෙන කල්පනා කරන්නේ...?

සඳුනී ප්‍රශ්නයක් නගමින් තම අම්මාගෙන් විමසුවාය...,

කල්පනා කරනවා නෙවේ බං,මම මේ පිච්චි පිච්චි ඉන්නේ...?

ආහ්.... ඒ මොකටද අම්මේ ඒ....?

සඳුනී ගණනකට නොගෙන එසේ අසුවේ,ඇයගේ අතීතයම අමතක කලා යන හැඟීමෙනී....!

"ඒ මොකටද අහන්නෙ"...? සඳරුවන් ඇවිදින්න ගියා....! සඳුනීගේ අම්මා වු මැණිකා තරමක කේන්තියෙන් එසේ කීවේය...!

ආහ්.....ගේ අස්සේ ඉන්න කම්මැලීනේ ඒ හින්දා යන්න ඇතී....!

හුම්....ගියා වගේ නෙවේ,
උඹේ පැටිකිරිය ගමේ එවුන් කනේ තිබ්බොතින් එහෙම...?

"උඹට වස කන්ඩ තමයී වෙන්නේ"

මැණිකා ඒ කතාව කිව්ව නිසා තමයී සඳුනීට ඒ කතාව තේරුම් ගන්න පුළුවන් වුනාට පස්සේ තමයී සඳරුවන් ගියපු බැරැරුම්කම තේරුනේ....ඒත් දැන් සඳරුවන් එනවා බලාන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....

කම්මුලේ අත තියාන සඳුනී බලාන හිටියා...?

උබ සතීශ් එක්ක නටපූ නාඩගම්...? එක හත කරලා ගමේ එවුන් සඳරුවන්ගේ කනේ තිබ්බොතීන් මොන දෙවියන්ට කියන්නද...?

මැණිකා එහෙම කිව්වේ සඳුනී කල්පනා ලෝකයේ ඉදලා මෙහා ලෝකයට ගේන ගමන්ය...!

ආහ්...? එහෙමට නටපු නාඩගමක් නැහ් අම්මේ....! එක එකා කට කතා කිව්වාට...?

ආ...න්.... සඳරුවන් එනවා, බලාපන් කේන්තී ගිහින්ද ඉන්නේ කියලා...?

මැණිකා එහෙම කිව්වේ ඉනේ තිබ්බ චීත්ත කෑල්ල නැවත තද කර ඉනේ රඳවන ගමන්ය....!

**********************

අපිට මීට වැඩිය බොන්න පුළුවන් කල දවස උදාවෙයී, වැඩි දවසක් යන්න කලින් හරීද දිල්ක....?

මන්ත්‍රී තුමා කිව්ව විදීයට රජයේ රස්සාවක් ලැබුණාම අපීට පුළුවන් සතීශෝ...!

එහෙම කිව්වේ දිල්ක වීදුරුවෙන් අඩක් පුරවා ගත් වයීන් වීදුරුව හිස් කරමිනී...!

මචං දිල්කයෝ, මට නම් අපී දෙන්නාට රස්සා දෙක ලැබෙනවා කියන එක මට ඉර හඳ වගේ විශ්වාසයී...!

ඔව්... ඒක ඇත්ත මන්ත්‍රී තුමා, අපි දෙන්නාට කවදාවත් බොරු පොරොන්දු දීල නැහ් සතීශෝ...!

ඒ මචං සතීශ් අපීට මොනවාගේ රස්සාවක් අපිට ලැබෙයීද බං රජයේ...?

කියපු විදියට නම්, ලංගමයේ...

ලංගමයේ අපිට බස් එලවන්න බැහැනේ බං,

එහෙම කිව්වේ දිල්ක සතීශ්ට සමච්චලයට හිනාවෙන ගමන්ය.......

යකෝ..... බස් එලවන්න විතරද බං ලංගමයේ තියෙන්නේ තව කොච්චර වැඩ තියෙනවාද...?

ඒ...ඒ.... මොකක් හරී රස්සාවක් හම්බවෙයී බං ආණ්ඩුවේනේ බං....!

ඊට පස්සේ උබට පුළුවන්නේ සඳුනීට පෙන්න සුද්දා වගේ වැඩට යන්න....?

ඒක නම් ඇත්ත තමයී....!

මං මේ කල්පනා කලේ.....?????



Comments System WIDGET PACK