ඔබට_තමා_මම_ආදරේ_කළේ | Obata Thama Mama Adare Kale


#ඔබට_තමා_මම_ආදරේ_කළේ

කියවලා බලන්න සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචානා කරමි...!

👇👇👇👇👇👇👇👇

එදා ඉතාමත් කාර්යබහුල උදෑසනක්. වෙලාව උදෑසන 8.30 විතර ඇති.
වයස අවුරුදු 80 පමණ මහලු පුද්ගලයකු වෛද්‍යවරයාගේ කාමරය ඉදිරිපස අසුනේ වාඩිවෙලා සිටියා. වෛද්‍යවරයා වෙත යෑමට නියමිත ඊළග රෝගියා ඔහුයී.

වෙවුලන දෑතින් සැරයටිය අල්ලාගෙන හිටිය ඔහු වරින් වර වෛද්‍යවරයාගේ කාමරයට හිස පොවා බැලුවේ මහා නොයිවසිල්ලකින්. ඊළගට ඔහුගේ වාරය. ඔහු වෛද්‍ය කාමරයට ගියේ කකුලක් කොර ගසමිනි....

මෘදු හිනාවක් මුහුණ පුරාම පැතිරිලා. බොහෝම ආචාරශීලීව වෛද්‍යවරයා ඉදිරියේ වාඩි වුණු ඔහු ඔහුගේ මහපටැගිල්ල වෛද්‍යවරයා දෙස යොමු කළා. මින් පෙර දිනක බෙහෙත් දැමු තරමක් ලොකු තුවලයක් ඔහුගේ ඇගිල්ලේ තිබුණා....

වෛද්‍යවරයා තුවාලය පරික්ෂා කරමින් හිටියා. ඔහු වරින් වර ඔහුගේ අත් ඔරලෝසුව දෙස බලමින් හිටියා. නොසන්සුන් බවක් මුහුණ පුරා පැතිරිලා. ඒ නිසාමදෝ පෙරට වඩා ඔහුගේ ගත වෙවුලන බවක් මා දැක්කේ ය ....

ඔහුගේ තුවාලය ගැඹුරුයි. වෛද්‍යවරයා එය සෝදා පිරිසිදු කිරිමටත් බෙහෙත් ගැල්වීමටත් බොහෝ වේලාවක් ගත කළේ ඒ නිසයි. ඔහුගේ නොයිවසිල්ල මොහොතින් මොහොත වැඩ්වුණා.....

ඔබ වෙනත් වෛද්‍යවරයෙකු හමුවීමට යෑමටද සිටින්නේ? එහුගේ නොඉවසිල්ල බලාගෙන ඉන්න බැරි තැන වෛද්‍යවරයා විමසුවා.

‘නැහැ’

එහෙනමි ඇයි මේ කලබලෙන්...?

වෛද්‍යවරයා විමසුවා...,

මොහොතක් වෛද්‍යවරයා දෙස බලා සිට් ඔහු මෙසේ පැවසුවා. “මම උදෑසන 9 වෙනකොට වෙනත් රෝහලකට යන්න ඕන. මගේ බිරිදත් සමග උදෑසන ආහාරය ගන්න.”

වෛද්‍යවරයා ඊළගට ඇහුවේ ඔහුගේ බිරිදගේ තත්ත්වය පිළිබදවයි...

ඇය ඇලුෂයිමර් රෝගයෙන් පීඩා විදීන්නියක්. වියපත් වු විට මොළයේ ස්නායු සෛලවල දුර්වලවීම නිසා ඇතිවන ක්‍රමයෙන් වර්ධනය වන මානසික පිරිහීම මේ නම්න් හදුන්වනවා...

‘ඔබ පරක්කු වුණොත් ඇයට දුක හි⁣තෙනවද? වෛද්‍යවරයා විමසුවා,

"නෑ..... ඇය මාව හදුනන්නේ නෑ...."

මොනවා... ඔවි සර්...! වසර පහක ඉදලා ඇය මාව හදුනන්නේ නෑ වෛද්‍යවරයා පදුමයට පත්වුණා. ඒ විතරක් නෙවෙයි ඒ පුදුමය වෛද්‍යවරයාගේ හැම ඉරියවිවකින්ම පෙනෙන්න ඇතියි කියලා මම හිතනවා....

ඔහ්....හරි පුදුමයි...

ඔබේ බිරිද ඔබ හදුනන්නේත් නෑ. ඒත් ඔබ හැමදාම උදේ ආහාරය ගන්න යන්නේ ඇය සමග...

ඔහු හිනාවුණා....

කරුණාව ආදරය උපේක්ෂාව පිරුණු බව පෙනේ. ඔහු හඩ අවදි කළේය.... මහත්තයා ඇය දන්නේ නෑ මම කවුද කියලා.... ඒත් මම හොදින්ම දන්නවා ඇය කවුද කියලා...

ඔහු පිටවී යන්න සැරසුණා....

කාමරයෙන් එලියට යන ඔහු දෙස වෛද්‍යවරයා විමසිල්ලෙන් බලා සිටියා...

පපුව හිරකරගෙන ආපු කදුළක් මගේ ඇස් තෙත් කළා. ආදරය එය දෙවියන් විසින් ලෝකයට දුන් හොදම වටිනාම උතුම්ම බැදීම කියලා වතාවක් දෙවතාවක් නෙවෙයි සියදහස් වතාවක් මට හිතුණා......!

නිමි...!


Comments System WIDGET PACK