නුඹ අහසක් | Nuba Ahasak

නුඹ අහසක් ( කෙටිකතාව )
👉 👉 👉👉 👉 👉 👉 👉 👉

" සල්ලි තියන හොඳ නම්බුකාර පවුලක කෙල්ලෙක්ව බැඳ ගන්න පුළුවන්කම තියෙද්දි උඹට පිස්සුද පුතේ මේ කොහෙවත් ඉන්න අනාත කෙල්ලෙක්ව කසාද බැඳගන්න හදන්නෙ "

" අම්මෙ.
ඒ කෙල්ල අනාත කෙල්ලෙක් නෙමෙයි.එයාගෙ තාත්ත වැඩ කලේ අපේ ඔෆිස් එකේ.ඒ මනුස්සයට හාට් ඇටෑක් හැදිල හොස්පිටල් එකේ ඉන්න කොට තමයි මම දැනගත්තෙ දුවෙක් ඉන්නව කියල.ඒ ළමයගෙ අම්ම නැති වෙලා තියන්නෙ ගොඩක් පුංචි කාලෙ.එදා ඉදන්ම මේ ළමයව බලාගෙන තියන්නෙ ඒ ළමයගෙ තාත්ත.ඒ මනුස්සයත් නැති උනාට පස්සෙ තමයි මේ ළමයට කාත් කවුරුවත් නැති වෙලා තියන්නෙ "

" හරි දැන් ඉතින් ඒ කෙල්ල අනාතයෙක්නෙ "

" අනේ මන්ද අම්ම.කෙල්ල හොද කෙනෙක් නම් එයා අනාතයෙක් උනත් නැතත් මොකද වෙන්නෙ "

" උඹට මොකටද පුතේ අනාත කෙල්ලෙක්.හොඳ සල්ලි තියන තැනක කෙල්ලෙක් කසාද බැඳ ගන්න පුළුවන් කම තියෙද්දි "

" සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි අම්මෙ "

" පුතේ.ඔයා අම්ම කියන දේවල් ගැන හිතන්න එපා.ඔයාට ඒ දරුව එක්ක සතුටින් ඉන්න පුළුවන් කියල හිතෙන වනම් ඒ දරුවව කසාද බඳින්න.ඔයා ජීවත් වෙන්න ඕන ඔයා කැමති කෙනෙක් එක්ක මිසක් අපි කැමති කෙනෙක් එක්ක නෙමෙයිනෙ "

" එහෙමද.එහෙනම් තාත්තයි පුතයි ඕන දෙයක් කරගන්න එකයි ඇත්තෙ.හැබැයි පුතේ උඹ එක දෙයක් මතක තියාගනින්.මම මේ කසාදෙට කැමති නෑ.එච්චරයි "

තාරුක තම මව අකමැති වුවද පියාගෙ කැමැත්ත මත සිතුමිණි සමඟ විවාහ වී කුලී නිවසකට යාමට සූදානම් උවද පියාගේ දැඩි ඉල්ලීම මත ටික කාලයක් මහ ගෙදර නතරවීමට තීරණ කලේය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
තරුක සහ ඔහුගේ පියා නිවසේ සිටිනා අවස්ථා වල මව සිතුමිණිට වෙනස්කමක් නොකල අතර හිතවත්කමක්ද නොපෙන්වීය.සම්පූර්ණයෙන්ම නොවුනත් එය දකින තාරුකගේ සිතට තරමක සහනයක් දැනුනේය.එහෙත් ඔවුන් නිවසේ නොමැති සෑම විටම ඔහුගේ මව සිතුමිණිට ඇනුම් පද කියමින් මෙහෙකාරියකට මෙන් වැඩ පල පැවරීය.ඉදහිට ඔහුගේ නැගණිය පැමිණි විට එය වඩාත් වැඩි වන්නට විය.නමුත් තාරුක හෝ ඔහුගෙ පියා මේ කිසිවක් දැන සිටියේ නැත.

" මේ දරුව ගෙදර යනකොට හවස් වෙයි.ඒක නිසා යනකොට ගෙනියන්න කෑම දෙකක් ඔතල දෙනව.එහා පැත්තෙ තියන ගොටුකොළ ටිකක් කඩල සම්බෝලෙකුත් හදල දෙනව.මේ තත්වෙ ඉන්න කොට පුළුවන් තරම් ගුණ කෑම ජාති කන්න ඕන "

" හොදයි අම්මෙ "

සිතුමිණි තම නැන්දම්මාගෙ අණ කිරීම හිස් මුදුනින්ම පිලිගත්තාය.

" සහන්ලගෙ නැන්ද අපිට වෙඩින් එකේ දවස් දෙකටම එන්න කිව්ව.කොහෙද අයිය කිව්වට ඇහුවෙ නෑනෙ.ඒ කෙල්ලව බැන්දනම් අද රජෙක් වගේ ඉන්නව.පවට පින දෙන්න බෑ කියනවනෙ "

තාරුකගෙ නැගණිය සිතුමිණි දෙස බලමින් තම මවට කීවේය.

" ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ.මම කොච්චර කිව්වද.කෝ ගාණකට වත් ගත්තද "

" කවද හරි එයාට තේරෙයි අම්මෙ.හැබැයි එතකොට එයා ගොඩක් පරක්කු වැඩියි "

තාරුකගේ මවගේ මෙන්ම නැගණියගෙන්ද අඩුවක් නොමැතිව ලැබෙන ඇනුම් පද දැන් සිතුමිණිට හොදට හුරු පුරුදුය.එනිසා ඒවා නෑසුනාක් මෙන් ඇය තම වැඩෙහිම නිරත වූවාය.
👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
" සිතූ.ඇයි මේ "

" මගෙ ඇඟට පණ නෑ වගේ තාරු.දවල් පොඩ්ඩක් වමනෙත් ගියා "

" ඇයි ඉතින් ඔයා මට කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ.කෝ ඉක්මනට ඇඳුමක් දාගන්න.අපි දැන්ම ඩොක්ටර් කෙනෙක් ලඟට යමු "

" ඔයා ආව විතරයිනෙ.අනික මට ලොකු අමාරුවක් නෑ.ඉන්න මං ඔයාට තේ එකක් හදල දෙන්නම් "

" මොන තේද සිතූ.කෝ ඉක්මනට ලෑස්ති වෙන්න "

" ඇයි පුතා.ආපු ගමන් මේ කොහෙ යන්නද "

" සිතූට පොඩ්ඩක් සනීප නෑ වගේ තාත්තෙ.අපි ගිහින් ඉක්මනට බෙහෙත් ටිකක් අරන් එන්නම් "

" ඇයි දූට මොකද.පේන්න නැති නිසා අම්මගෙන් ඇහුවම කාමරේ කියපු නිසා මම ගනන් ගත්තෙ නෑ "

" ටිකක් ඇඟට පණ නෑ වගේලු.මොකද දන්නෙ නෑනෙ.අපි ගිහින් එන්නම් තාත්තෙ "

" හොඳයි පුතේ.පරිස්සමෙන් ගිහින් එන්න "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" මොකද පුතේ දොස්තර මහත්තය මොකද කිව්වෙ "

" ම් .... මේක බයවෙන්න දෙයක් නෙමෙයි තාත්තෙ.සතුටු වෙන්න ඕන දෙයක් "

තාරුක තරමක් ලැජ්ජාවෙන් කියනා විට ඔහුගේ පියාට එය වැටහුණේය.

" සතුටු වෙන්න දෙයක්.ඒ කියන්නෙ මම සීය කෙනෙක් වත් වෙන්න යනවද "

" ඔ ... ඔව් තාත්තෙ "

" අනේ වාසනාවන්.මගෙ දරුවට රත්නත්තරේ සරණයි.නෝනා.නෝනා "

" තාරුකගේ පියා සතුටින් මවට මේ ආරංචිය පැවසීමට ගියේය.එහෙත් පසුව ඔවුන්ගේ කාමරය දෙසින් ඇසුනු කතා බහ නිසා මව මේ අරංචිය නිසා සතුටු නොවන්නට ඇතැයි ඔවුන් අනුමාන කලේය "
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" අපිත් ළමයි දෙන්නෙක් හැදුව.ඒත් කවදාවත් අමාරුයි කිය කිය ඇඳට වෙලා හිටියෙ නෑ.ඔය කාලෙට හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕන "

ඇඟට දැනුනු තෙහෙට්ටු ගතිය නිසා මඳක් ඇඳට වී සිටි සිතුමිණිට දරුවකු ලැබෙන්න සිටින බව දැන දැනම නැන්දම්මාගෙන් අසන්නට ලැබුනේ එවැනි වදන්ය.තම දියණියට දරුවකු ලැබෙන්නට සිටින නිසා වෙනදා මෙන් මහන්සි වී වැඩ නොකරන්නැයි අවවාද දෙන ඇය නිවසේ ඇති සියලුම වැඩ තම ලේලියට පවරා පසෙකට වී බලාසිටින්නේය.

" පොඩ්ඩක් ගිහින් අර දරුවට උදව් කරන්නකො "

සිතුමිණි තනිවම වැඩ කරන අයුරු දුටු තාරුකගේ පියා මවට පවසන අයුරු ඇයට ඇසුනේය.

" අපි ඔය කාලේ ඔයිට වඩා මහන්සි උනා ඔයාට මතක නැති උනාට.මෙයාලත් පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරපුවාවෙ "

එවිට ඇය පිළිතුරු දෙන්නේ ඔහුගේ කීම ගණනකට වත් නොගෙනය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉

" පුතා අද ටිකක් ඉක්මනට ඇවිල්ල නේද "

නිවසට ඇතුළු වුනු තාරුක දුටු ඔහුගේ පියා ඇසුවේය.

" ඔව් තාත්තෙ.අද හෝල්ට් එකට එනකොටම බස් එක ආව.ඒක නිසා ඉක්මනට එන්න පුළුවන් උනා "

තම පියාට පිළිතුරු දුන් ඔහු හෙමින් ගෙතුළට ගියේය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" අද ගෙදර ආපු වෙලාවෙ ඉඳන් ඔයා ඉන්නෙ ලොකු කල්පනාවක.මට කියන්න බැරි දෙයක්ද තාරු "

සැමියගෙ පපුව මත හිස තබමින් සිතුමිණි පැවසුවේය.

" මට සමාවෙන්න සිතූ "

මද වේලාවක් කල්පනා කරමින් සිටි තාරුක තම බිරිඳගේ නළල් තලය මත දෙතොල තබමින් කීවේය.

" අ ... අනේ ඇයි මහත්තයො එහෙම කියන්නෙ.ඇයි ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ "

" අම්මයි නංගියි ඔයාට මෙච්චර නරක විදිහට සලකද්දි ඇයි මැණික මේ ගැන මට කලින් කිව්වෙ නැත්තෙ "

" අනේ නෑ මහත්තයො.අම්මයි නංගියි මා එක්ක පොඩ්ඩක් තරහෙන් හිටියට එහෙම කියන්න තරම් නපුරු නෑ "

" මට ඔයා ගැන හරි පුදුමයි සිතූ.කමක් නෑ මම ඉක්මනටම ගෙයක් හොයාගන්නම් "

කොපමණ හිත රිදුනත් කවදාවත් කාටවත් වදරක් නොකියන තම බිරිඳ තුරුළු කර ගනිමින් තාරුක පැවසුවේය.

" ගෙ .... ගෙයක් හොයාගන්නම්.ඇ ... ඇයි තාරු මේ හදිස්සියෙම "

" හදිස්සියෙම නෙමෙයි මේක මම ගොඩක් කලින් කරන්න තිබුන දෙයක් "

" එ ... ඒත් තාරු එකපාරටම අපි මෙහෙන් ගියොත් අම්මලගෙ හිත රිදෙයිනෙ "

" අම්මගෙ හිත රිදෙන එක ගැන ඔයා හිතුවට ඔයාගෙ හිත රිදෙන එක අම්ම කවදාවත් හිතන්නෙ නෑ නේද මැණික "

" අනේ අම්ම ගැන එහෙම හිතන්න එපා මහත්තයො ඔයාට පව් පිරෙයි "

" හිතනව නෙමෙයි සිතූ.ඔයාට මතකද අද දවල් නංගි මට කෝල් එකක් ගත්ත "

" ඔව්.මට මතකයි "

" ඒ වෙලාවෙ මම ලොකු වැඩක හිටපු නිසා කතා කරල ඉවර උන ගමන් ෆෝන් එක පැත්තකින් තිබ්බ.මං හිතන්නෙ නංගිටත් කෝල් එක කට් කරන්න බැරි වෙන්න ඇති.ටික වෙලාවකින් කෝල් එකක් ගන්න බලන කොටත් ලයින් එක ඔන් එකේ තිබුනෙ.ඒක නිසා එයයි අම්මයි ඔයාට කියපු දේවල් ඔක්කොම මම අහගෙන හිටියෙ.මට දන්නව මැණික.එයාල හැමදාම ඔයාට ඔය වගේ නේද දොස් කියනව නේද "

" අම්මලට දොස් කියන්න එපා මහත්තයො.එයාලගෙ පැත්තෙන් බලනකොට එයාල වැරදි නෑ.ඔයා මම වගේ අනාත කෙල්ලෙක්ව නැතුව සහන් අයියගෙ නැන්දගෙ දුව වගේ සල්ලිකාර කෙල්ලෙක් බැන්ඳ නම් අද ගොඩක් ලස්සනට ඉන්නව කියල අම්මල හිතන එක වැරදි නෑ "

" සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි මැණික.දැන් බලන්න මහ ලොකුවට සල්ලි නැති උනාට අපි දෙන්න කොච්චර සතුටින් ඉන්නවද.අම්මලට ඇයි ඒ දිහා බලල සතුටු වෙන්න බැරි "

" ඕනම අම්ම කෙනෙක් කැමති තමන්ගෙ දරුවො හොඳට දියුණු වෙලා ඉන්නව බලන්න.එයාල හිතන්නෙ ඒකට ගොඩක් සල්ලි ඕන කියල.අපිට එයාලගෙ ඒ අදහස් වෙනස් කරන්න බෑ මහත්තයො.හොඳම දේ කවද හරි එයාල ඒ දේ තේරුම් ගන්න කල් බලාගෙන ඉන්න එක "

" අපේ අම්ම නම් කවදාවත් ඒ අදහස වෙනස් කරගන්න එකක් නෑ මැණික.එහෙම උනොත් ඔයාට හැමදාම මේ වගේ ඇනුම් පද අහගෙන තමයි ඉන්න වෙන්නෙ "

" ඒකට කමක් නෑ.මම කවදාවත් ඒ දේවල් නිසා අම්ම ගැන නරකක් හිතන්නෙ නෑ.මොකද ඔයා වගේ රත්තරං මහත්තයෙක් මට ලැබුනෙ අම්ම නිසා.ඉතින් අම්ම මොනව කිව්වත් මට ඒව දරාගන්න පුළුවන් "

" ඇත්තමයි සිතූ මම නම් පුදුම වාසනාවන්තයි.කවද හරි අපේ මේ පුංචි පැටියත් ඔයා වගේම හොඳ කෙනෙක් උනොත් මට ඒ ඇති "

තාරුක තම බිරිඳගේ කුස පිරිමදිමින් ඇය ගැන උපන් ගෞරවය මුසු ආදරයෙන් පැවසුවේය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
" සිතූ.සිතූ "

" ම් ........ "

" නැගිටින්න මැණික.අද ගොඩක් පරක්කු වෙලා "

" දැන් වෙලාව කියන්න තාරු "

" හතහමාරයි "

" මො .... මොනව හතහමාරයි.හොඳටම නින්ද ගියා "

" ඔව් ඉතින් ඊයෙ කීයටද නිදගත්තෙ "

" ඒ නිසාම නෙමෙයි තාරු.ඊයෙ මගෙ ඇඟට ටිකක් සනීප නෑ වගෙ තිබුනෙ "

" අ ... අනේ මැණික.ඇයි ඉතින් මට කිව්වෙ නැත්තෙ "

" එහෙම ලොකු අමාරුවක් නෙමෙයි.යන්තම් ඇඟ පොඩ්ඩක් රිදෙනව වගේ දැනුන.දැන් ඒක හරි.කෝ ඔයා මූණ හෝදගන්න යන්නකො මම තේ එකක් හදන්නම්.දැන් අම්මලත් බලනව ඇති කවදාවත් නැතුව අපි මොකද දවල් වෙනකල් නිදි කියල "

" අද නිවාඩු දවස නිසා ප්‍රශ්නයක් නෑ මැණික "

" ඒ උන්ට අම්මලට තේ හදල දෙන්න ඕනනෙ මහත්තයො "

ඉක්මනින් කුස්සිය වෙත පියනගන සිතුමිණි හා තාරුක දුටුවේ තේ සෑදීමට සූදානම් වන මවය.

" අ ... අනේ අම්මෙ මට සමාවෙන්න.ඊයෙ අපි නිදාගන්න කොට ටිකක් රෑ උනා.ඒක නිසා උදේම ඇහැරුනේ නෑ.අම්ම ඉන්න මම තේ හදන්නම් "

" නෑ දුව.දුව නෙමෙයි සමාව ඉල්ලන්න ඕන මමයි "

" අ .... අම්ම.ඇයි අම්ම මගෙන් සමාව ඉල්ලන්නෙ "

" ඊයෙ රෑ මට වතුර එකක් ඕන වෙලා කුස්සියට එනකොට ඔය දෙන්න කතා කරපු දේවල් මට ඇහුණ.උවමනාවෙන් කන් දුන්න නෙමෙයි.අම්ම කියල කියනව ඇහුන නිසයි මම අහගෙන හිටියෙ.දුවට මම කොච්චර දේවල් කිව්වද ඒත් දුව මං ගැන හිතන විදිහ ඇහුනම මට මං ගැනම ලැජ්ජ හිතුන.මට සමාවෙන්න දුව.මට දැන් තේරෙන්නෙ සල්ලිවලට ගන්න බැරි කොච්චර දේවල් මේ ලෝකෙ තියනවද කියල "

සිතුමිණිගේ හිස අතගාමින් තාරුකගෙ මව පැවසීය.

" මගෙන් සමාව ඉල්ලන්න එපා අම්මෙ.අම්මල හැමදාම හිතන්නෙ දරුවන්ගෙ සතුට.ඒක වැරදි නෑ "

" ඒත් මම ඔයාගෙ හිත රිදෙන දේවල් කොච්චර කිව්වද දුව "

" අම්මල තාත්තල ළමයින්ට මොනව කිව්වත් එයාල ඒවට තරහ ගන්නෙ නෑ අම්මෙ "

" අපේ දුව ගෙදරින් ගියාට මගෙ කුසින් වදපු දරුවෙක් වගේම අපිට ආදරේ ලේලි කෙනෙක් හම්බවුනේ අපේ වාසනාවට.නේද මහත්තය "

ඔවුන් දෙස බලාසිටින තාරුකගේ පියා දෙස බලමින් මව පැවසුවේය.

" මම නම් ඒක හැමදාම දැනගෙන හිටිය.දැන් ඉතින් නෝනත් ඒක පිලිගත්තනෙ "

ඔහු සිනාසෙමින් කීවේය.
👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉

කතෲ අයිතියට ගරුකරන්න.
උපුටාගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

කතෲ - සුමිත් ප්‍රියදර්ශණනුඹ අහසක් ( කෙටිකතාව )

කතෲ - සුමිත් ප්‍රියදර්ශණ

Comments System WIDGET PACK