නෙළුම් කුසුමකි ඈ | Nelum Kusumaki A
නෙළුම් කුසුමකි ඈ
"දැහැමි උබට මම දවස් කීයක් කිව්වද ඔය ඉස්කෝලේ ගමන දැන් නවත්තපන් කියලා .උබට සිංහල තේරෙන්නෙ නැත්ද"
"අනේ අම්මා"
"අනේ අම්මා නෙවෙයි .ඇත්ත මම කියන්නෙ"
දැහැමි ලස්සන හරිම අහිංසක කෙල්ලෙක්.හරියට මලක් වගේ ලස්සනයි .දිගැටි ඇස්,ලස්සන දිග කොණ්ඩය දැහැමි තව ලස්සන කලා.කොච්චර ලස්සන උනත් දැහැමි ජීවත් උනේ මුහුද අයිනෙ මුඩුක්කු ලෑලි කාම්බරයක.තාත්තා මුහුදු ගිහින් පහු ගිය කාලෙ සුනාමියට ගිහින්.
දැහැමි අම්මා චාලට් එක්ක ඉන්නෙ.චාලට් එච්චර හොද කෙනෙක් නෙවෙයි .මුඩුක්කුවෙ එක එක කොල්ලො එක්ක චාලට් සම්බන්ධ කම් පැවැත්වීමට පැවැත්තුවා.
සමහර දවසට දැහැමි එනකොට කොල්ලො එකා දෙන්නා යන්නෙ.ඒත් අම්මා එක්ක එකට එක කියලා මේවා අහන්න තරම් දැහැමිට පුලුවන් කමක් නැහැ.
දවසක් චාලට් මාලු ලෑල්ලට ගියා .දැහැමි එදා සනීප නැති නිසා ඉස්කෝලේ ගියේ නෑ.කවුද මන්දා දොරට ගැහැව්වා.දැහැමි එහෙම්මම හිටියා.
"අම්මෝ මේකිගේ ලස්සන ."
දැහැමි හොදටම බය වෙලා බැලුවේ .ශික් ලෑල්ලෙ ගුනේ ඉන්නවා සරම විතරයි ඇදගෙන.දැහැමි දිහා කන්න වගේ බලාගෙන .කෙල්ල හොදටම බය උනා .ඉක්මනටම ඇදෙන් බිමට බහින්න හැදුවෙ.ඒත් ගුනේ එහෙම්මම කෙල්ල ඇදට පැනලා අල්ල ගත්තා.
කෙල්ල හොදටම බය වෙලා ඉන්නෙ .මේ වගේ මස් වැද්දෙක් එක්ක දගලන්න කෙල්ලට හයියක් නෑ.කෙල්ලගෙ මූණ මේ ජරා ගුනයා ඉබින්න ගත්තා.කොහොමද බේරෙන්නෙ.කෙල්ල කල්පනා කලා .
"අම්මෙ මේ ගුනයා ඇවිත්.අන්න අම්මා ආවා."
අම්මෝ ගුනයා කලබලයෙන් සරමත් හදන් නැගිට්ටා.ගුනේ බය උනා හොදටම .ඉක්මනටම චාලට්ගෙ කාම්බරය පැත්තට ගියේ අඩියට දෙකට.දැහැමි ඉක්මනටම ජනේලයෙන් එලියට පැන්නා .
දැහැමි බේරුනේ අනූ නවයෙන් .කෙල්ල ඉන්නෙ හොදටම බය වෙලා .කොහොමද මෙහෙම හැමදාම බේරෙන්නෙ කියලා දැහැමි කල්පනා කලේ.හවස දැහැමි ගෙදර එනකොට චාලට් ගෙදර ඇවිත් .කාම්බරයෙන් කවුද කතා කරනවා ඇහෙනවා.
ටික වෙලාවකින් ගුනේ චාලට් එක්ක එලියට ආවා .කෙල්ලට අම්මව මහ පිලිකුලක් වෙලාවකට.අම්මා හින්දා තමටත් ලොකු කරදරයක් අත ලග බව නම් කෙල්ල දන්නවා .
චාලට් අක්කේ වලව්වට මාලු වගයක් එවන්න කිව්වා.
"හරි බං"
"දැහැමි මේ මාලු ටික වලව්වට දීලා වරෙන් ."
දැහැමි වලව්වට ආවා කවුරුත් පේන්න නෑ.හ්ම් ලස්සන වත්තක් කෙල්ල ආසාවෙන් ඇවිද්දා.මල් ජාති ලස්සන ලස්සන පලතුරු වර්ග අම්මෝ ලස්සන .හිමින් වත්තෙ ඇවිද්දා.කවුද අර පුටුවක ඉන්නෙ වත්ත පහල.දැහැමි හිමින් එතනට ආවා.
අම්මෝ ලස්සන හරියට ෆිල්ම්ස් වල නලුවෙක් වගේ අප්පා ලස්සන .මරු ෆිගර් එක.අම්මෝ අපෙ ඉස්කෝලේ උන් දැක්කා නම් පිස්සු හැදෙනවා .ස්මාට් ලුක් එකක් අප්පා.ඒත් ඉන්නෙ රෝද පුටුවක.
කෙල්ල හිමින් රෝද පුටුව ලගට කිට්ටු උනා.නිකම්ම දැහැමිගෙ අත හිමින් ඒ කෙස් අස්සෙ නතර උනා.හිමින් ඒ කෙස් අතර දැහැමි හිමින් ඒ හිස අතගෑවා.ඒ ඔලුවත් හිමින් දැහැමිගෙ බදට හේත්තු උනා.
හ්ම් ඒ ඇස් දෙක පියවිලා .කෙල්ලට අයින් වෙන්න ලෝබයි .
"ඔයා කවුද .ඇයි මෙතන.මම මාලු ගෙනාවා.අර මාලු ලෑල්ලෙ චාලට් මගෙ අම්මා.එයා තමයි දුන්නෙ."
කෙල්ල කිසි කතාවක් නැති ලස්සන පිරිමි ලමයා දිහා බලලා එන්න ආවා.මගදි ආයෙ හැරිලා බැලුවා .ඒ ඇස් මගේ දිහාම බලන් ඉන්නවා .
"මේ ලමයෝ අර දරුවව එක්කන් වරෙන්"
අ
""හරි නෝනා"
මාලු ටික ලොකු නෝනට දීලා කෙල්ල ආයෙ ලස්සන මහත්තයා ඉන්න තැනට දුවලා ගියා.ඒ ඇස් තවම මං ගාව.දැහැමි හිමින් රෝද පුටුව තල්ලු කකරගෙන ගෙදරට එක්ක .අම්මෝ සුවද මේකා මොනවද දන්නෙ නෑ ගාන්නෙ.
ලොකු නෝනා බලා ඉන්නවා.හිනා වෙවී.සැක් ලැජ්ජයි අප්පා.
"කෙල්ලෙ උබ ඉදින් හවස් වෙලා යන්න.මම චාලට්ට පණිවිඩයක් යවන්නම්"
"හරි නෝනා "
අම්මෝ ලස්සන මහත්තයාගේ මූණෙ හිනාව.දැහැමි බත් එකක් බෙදාගෙන ඇවිත් ලස්සන මහත්තයාට කැව්වා.අනේ ඔක්කොම කෑවා.ඒ මූණ කොච්චර ලස්සන ද.දවසම උනත් බලා ඉන්න පුලුවන් .
ලොකු නෝනා මට පැවරුවේ ලස්සන මහත්තයා බලා ගන්න.කවලා ඇග සෝදන්න එක්ක ආවා.හ්ම් ආදරේ හිතෙනවා අප්පා.ඇග සෝදවලා කුණු ඇතිල්ලුවා .ටිකක් මෙහෙට ආවා එයාට නිදහසේ කුණු අතුල්ල ගන්න දීලා.
අම්මෝ දැන් මෙයාගෙ ලස්සන .උම්මා එකක් දෙන්න හිතෙනවා අප්පා.රෝද පුටුව ලග බිමින් වාඩි උනා.ලොකු නෝනගෙන් ඉල්ලගෙන ආව නියපොතු කටර් එකෙන් ලස්සන මහත්තයාගේ කකුලෙ ඔක්කොම නියපොතු ටික කැපුවා.අත් දෙකෙත්.
හවස් වෙනකල් හිටියා ඒත් එක වචනයක් වත් කතා කලේ නැහැ .ලොකු නෝනට කියලා දැහැමි ගෙදර ආවා.
ඒඇස් මතක් වෙනවා අප්පා.මං එනකොට බලා හිටිය විදිහ හිතම පිච්චෙනවා .හ්ම්.උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති උනා .අද ගෙදර හිටියොත් දවල් අම්මා මාලු ලෑල්ලට ගියාම මොකෙක් හරි ගෙට පනී.
"උබ මේ කොහේ යන්නද ආ.වලව්වට පල.අද ඉදන් උබ එහෙ වැඩ.සුදු මහත්තයා බලාගන්න උබට එන්න කිව්වා."
දැහැමිට දුකක් හිතුනෙ නෑ.ඉක්මනටම ලෑස්ති වෙලා වලව්වට ආවා.හ්ම් මේ ඉන්නෙ බලාගෙන .අම්මෝ ඒ ඇස් තමා මාව පිස්සෙක් කරන්නෙ.
"උබ ආවද කෙල්ලෙ.සුදු මහත්තයා ඊයෙ රෑ ඉදන් කෑමක් නෑ.ඔය උදේ ඉදන් බලා ඉන්නෙ උබ එනකල්"
අම්මෝ විලි ලැජ්ජයි අප්පා.එහෙම කිව්වාම.ඒත් මං හොරෙන් බැලුවෙ ඒ මූණ .හ්ම් බලා ඉන්නේ මෙන්න මගේ දිහා.කෑම එකක් බෙදාගෙන ආවා.වතුරත් අරන් .මෙන්න ඔක්කොම කෑවා.වතුරත් බිව්වා.දැහැමිත් ඒකෙන්ම කෑවා.
පස්සෙ සුදු මහත්තයා එක්කරගෙන වත්ත පහලට ආවා.කොච්චර කතා කරත් මේ නපුරා කතා කරන්නෙ නෑ අප්පා.
දැහැමි හිමින් සුදු මහත්තයාගේ අතින් අල්ල ගත්තා.ඒ ඇස් දිහා බැලුවා .
"මොකෝ ඊයෙ කෑවෙ නැත්තෙ ආ"
නෑ කතාවක් මගේ අත එහෙම්මම අල්ලාගෙන පපුවට තියාගත්තා.අම්මෝ මේ මෝඩයා කරන වැඩ හින්දා මගේ හිත මොකද්ද වෙනවා අප්පා.
දැහැමි හිමින් රෝද පුටුවෙ ඉන්න සුදු මහත්තයාගේ උකුලට ඔලුව තියා ගත්තා.හ්ම් ඔව් ඒ උනුහුමට මම කැමති .සුදු මහත්තයා හිමින් මගේ ඔලුව අතගානවා .කොච්චර වෙලා හිටියද මට මතක නැහැ .
මෝඩි මට එහෙම්මම නින්ද ගිහින්.ජීවිතේ පලමු වතාවට මට එහෙම ආදරයක් දැනුනෙ.අම්මා වත් එහෙම ආදරයෙන් මගේ ඔලුව අතගාලා නෑ.
"කෙල්ලේ කෙල්ලේ"
විලි ලැජ්ජාවෙ බෑ.ලොකු නෝනා ඇවිත්.මම සුදු මහත්තයාගේ උකුලෙ නිදි.ලෙඩා බලාගන්න ආව කෙනා.ලෙඩාගෙ උකුලෙ නිදි.
"කෙල්ලෙ උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට මගේ එකම දරුවගෙ මූණට හිනාවක් ඇවිත්.උබට ඒ පිනම ඇති."
ලොකු නෝනා නම් ගියා.දැහැමිගෙ මූණ රතු වෙලා ලැජ්ජාවට.හිමින් බැලුවේ සුදු මහත්තයා දිහා.හ්ම් ඒ ඇස් දිලිසෙනවා .ආයෙ ඒ උකුලෙ ඔලුව තියාගත්තා.කවදාවත් ඒ වගේ ආදරයක් සෙනෙහසක් ලැබිලා නෑ.
දවස් දෙක තුනක් ගත උනා.සුදු මහත්තයාට දැහැමිත් දැහැමිට සුදු මහත්තයාත් නොදැක ඉන්න බැරි තරමට දෙන්නට දෙන්නා ආදරය කලා.
"උබ අද හොද ඇදුමක් ඇදපන් අද ඉදන් උබ වලව්වෙ නතර වෙන්න ඕනි.උබෙ මේ ජරා ජීවිතය ඉවරයි.උබ මේ අම්මට සමාව දියන් මගෙ දුවේ."
"ඇයි අම්මා මේ."
"අද උබ සුදු නෝනා වෙනවා වලව්වෙ"
"මොකද්ද"
ඒක හීනයක් වගේ අද මමයි සුදු මහත්තයායි විවාහ උනා.අදින් පස්සෙ මගෙම විතරයි සුදු මහත්තයා .ඔව්.ඒත් ලොකු නෝනලා මගේ දුප්පත් කම නිසා ලොකු මුදලක් දීලා සල්ලි වලට මාව අරන් .කමක් නෑ.මම සුදු මහත්තයා පණ වගේ බලා ගන්නවා.ඔව්.
සුදු මහත්තයාගේ ඇග සෝදලා මගෙත් ඇග සෝදගෙන කාම්බරයට ආවා.කෑම එකක් බෙදාගෙන ඇවිත් සුදු මහත්තයාට කවලා මමත් කෑවා.
සුදු මහත්තයා ඇදෙන් අල්ලලා තියලා.දැහැමි හිමින් ඒ පපුවට තුරුළු උනා.එච්චරයි කෙල්ලට ඕනි උනේ.ආදරය තියන පපුවකට තුරුළු වෙලා මැරෙන්න .
හිමින් සුදු මහත්තයා මාව පපුවට තුරුළු කරගත්තා.හ්ම් ඔව් ඒ ආදරය හිමින් ලස්සනට ගෙවිලා ගියා.දැහැමි හැම ඩොක්ටර්ස්ලා ලගටම එක්ක ගියා.කියන විදියටම ඔක්කොම ප්‍රතිකාර කලා.
ඩොක්ටර්ස්ලා කීවෙ දැහැමි සුදු මහත්තයා බලාගන්න විදියට දැන් ඔක්කොම ප්‍රතිකාර කරලා ඉවරයි.කියලා.
සුදු මහත්තයා එලියෙ ඉද්දි දැහැමි ඩොක්ටර් එක්ක ගොඩාක් වෙලා කතා කරලා එලියට ආවේ .
එදා රෑ පෝය දවසක් දැහැමි ලස්සන රෑ ඇදුමක් ඇදලා සුදු මහත්තයා එක්ක වත්ත පහලට ආවා.දැහැමි බිම වාඩි වෙලා සුදු මහත්තයාගේ පපුව තුරුළු කරගෙන හිටියෙ.පාරෙ යන ගුනේ අහම්බෙන් දැහැමි ඉන්නවා දැක්කා.අම්මෝ මේකිගෙ ලස්සන ගුනේගෙ කලින් ඉදන් ලොකු ආසාවක් තිබ්බා කෙල්ලට .හිමින් හිමින් වත්තට කිට්ටු උනා.
ගහක් ලගට වෙලා බලන් හිටියා .පිස්සු හැදෙනවා.මලක් වගේ ලස්සන කෙල්ල දැක්කම.ගුනේ වට පිට බැලුවා.වලව්වට ගොඩාක් පහල හින්දා කවුරුත් පෙන්න නෑ.
එකපාරටම ඇවිත් දැහැමි ඇදලා ලගට ගත්තා.කෙල්ල කොච්චර දැගලුවත් බේරුමක් නෑ.කෙල්ලගෙ ඇදුමින් අල්ලලා අදින්න ගත්තා.කෙල්ල කෑ ගහනවා දගලනවා.ගුනේ දීපු කනේ පාරට කෙල්ල එහෙම්මම බිම වැටුනා.
සුදු මහත්තයාගේ කකුල් ලග බිමට .කෙල්ලගෙ ඇදුම් ගුනේ කාම රාක්ශයෙක් වගේ අදිනවා කෙල්ල දගලනවා.
"සුදු මහත්තයා මාව බේරගන්න මැණික "
ඔව් ඒ ඇස් ගිනි පිටවෙන්න වගේ අත් වෙව්ලනවා .හොදටම .හ්ම් කකුල් යන්තම් සෙලවෙනවා .මගෙ ඇස් ඉස්සරහ මගෙ සුදු මහත්තයා නැගිට්ටා.ඔව් ආයෙ වැටුනා .ඒත් ආයේ නැගිට්ටා.ලග තිබ්බ පොල්ලකින් ගුනේගෙ ඔලුවට ගැහැව්වා.ගුනේ බයේ දිව්වා.
දැහැමි බිම සුදු මහත්තයා අත් දෙකෙන් අල්ලලා දැහැමි හිමින් නැගිට්ටව ගත්තා.දැහැමි අඩනවා .හොදටම කෙල්ල බය වෙලා.සුදු මහත්තයාගේ පපුවට තුරුළු වෙලා.
හිමින් සුදු මහත්තයා අල්ලගෙන වලව්වට එක්කරගෙන ආවා.එදා ලස්සන දවසක් සුදු මහත්තයා දැහැමි ලස්සන මංගල දිනය එදා තමයි සැමරුවේ.
පුංචි පැටව් දෙන්නෙක් එක්ක දැහැමි සුදු මහත්තයා ලස්සන ජීවිතයක් ගත කලා.දැහැමි මුඩුක්කුවෙ ඉපදුනත් ඉවසීම නිසා ලස්සන පවුල් ජීවිතයක් ගොඩ නගා ගෙන ජීවත් උනා.
