මේ තරම් ආදරේ | Me Tharam Adare
"පුතා මොකෝ මේ ආ කැස්ස.මං කොච්චර කියනවද දරුවො .මේ දවස් වල එලියට යන්න එපා කියලා .කෝ අහනවද.ඔයා බැංකුවක ලොක්කෙක් උනට මට තවම ඔයා මගෙ පුතා හොදද."
ඉදුවර සෙනාර ලස්සන කඩවසම් තරුණයෙක් .රස්සාව කලේ බැංකුවක.ඒත් මේ දවස් වල රටේ පවතින කොරෝනා තත්වය නිසා ඇදිරි නීතිය හින්දා ඉදුවර ගෙදරට කොටු වෙලා.
ඉදුවර කාටත් හොර රහසෙ නිලුපුලී එක්ක ආදර සම්බන්දයක් පටන් අරගෙනයි තියෙන්නෙ.ගෙවල් දෙකෙන්ම මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.ඉදුවරට නිලුපුලී එක දවසක් නොදැක ඉන්න බැරි තරමටම දෙන්නට දෙන්නා ගොඩාක් ආදරය කරනවා .
අද උදේ ඇදිරි නීතිය අයින් කරා දවල් දෙක වෙනකල්.නිලුපුලී ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගන්න නගරයට ආවා තනියම .කෙල්ල ඉදුවරට කෝල් එකක් දුන්නා.ඉදුවර ඉක්මනටම ලෑස්ති වෙලා නගරයට ආවා .නිලුපුලී බඩු ගන්න ආවට ඉදුවර කෙල්ල කඩයක් ගානෙ යවන්න බය උනා.නිලුපුලී ඉදුවර ආ වාහනයේ නවත්තලා ඉදුවර බඩු බිල අරන් නගරය පුරා ඇවිදලා බඩු ටික අරන් ආවෙ.
නිලුපුලීට දුකයි.ඉදුවර තමන්ට මොන තරම් ආදරය කරනවා ද කියන්න කෙල්ල නිතරම කල්පනා කරා.
"සුදු නෝනා මං ගිහින් දාන්නම් ද කියන්න ."
"එපා මහත්තයා මම යන්නම්"
"එන්නකො ලගට ටිකක් ."
"පිස්සො මිනිස්සු ඉන්නවා මෝඩයෝ .යනවා අහකට රිලවා."
"අනේ සුදු නෝනා .ආයෙ කවද බලන්න වෙයි ද දන්නෙ නෑ මැණික .එන්නකො."
නිලුපුලී ලගට ගත් ඉදුවර හිමින් කෙල්ල පපුවට තුරුළු කරගත්තා .ඉදුවරගෙ පපුව ගැහෙන සද්දෙ හොදටම නිලුපුලීට දැනෙනවා .ඉදුවර කෙල්ලගෙ නලල සිප ගත්තා.
"යමු මැණික .මම ගෙවල් ලගින් දාන්නම්."
ඉදුවර නිලුපුලී ගෙවල් ලගට ගිහින් බැස්සුවා.නිලුපුලී බහින්න හැදුවත් ඉදුවර ආයෙ කෙල්ලව පපුවට ඇදලා ගත්තා.හිමින් ඒ තොල් සිපගත්තා .නලලත් සිපගෙන ඉදුවර කෙල්ලට යන්න දුන්නා.
ගෙදර ආවෙ.ටිකක් වෙලා නගරයේ ඉදලා.ඒත් ඉදුවරගෙ ඇගට හරි මදි.කැස්ස හුස්ම ගන්න අමාරුයි .රෑ එහෙම්මම නින්ද ගියා .නිලුපුලී කෝල් ගත්තා එස් එම් එස් කලා නෑ සද්දයක්.කෙල්ල හොදටම බය වෙලා ඉන්නෙ .
"අනේ කෝ ඔයා.නිදිද කියන්න "
නිලුපුලී කොච්චර එස් එම් එස් කරාද නෑ සද්දයක් .උදේ පාන්දර නිලුපුලීට කෝල් එකක් ආවා .ඉදුවරගෙ යාළුවා කසුන්ගෙන්.
"නංගි කලබල වෙන්න එපා .ඉදුවර හොස්පිටල් එකේ ඉන්නෙ"
"අනේ ඒ මොකද අයියෙ.කියන්න "
"කොල්ලට හොදටම කැස්ස ටිකක් අමාරුවෙන් ඉන්නේ .ඩොක්ටර්ස්ලා චෙක් කරනවා නංගි කොරෝනා ද කියලා "
"මොනවද මේ කියන්නෙ ඔයා අයියේ.අනේ මගේ මහත්තයා "
නිලුපුලීට මොකුත් හිතාගන්න බෑ .ඒ ඇස් ඒ මූණ ඒ ආදරය නැතුව එක දවසක් ඉන්න කෙල්ලට බෑ.උදේ ඉදන් සැරින් සැරේ කෝල් ගන්නවා.ෆොටෝස් එවන්න කියනවා.වීඩියෝ කෝල්ස් ගන්නවා.දෙන්නට දෙන්නා නැතුව නොදැක ඉන්න බෑ.
කෙල්ල එලිවෙනකල් ඇහැරලා හිටියෙ.මොකද ඉදුවර කවදාවත් කෙල්ලට නොකියා නිදාගන්නෙ නෑ.
ඇදිරි නීතිය නිසා කෙල්ලට ගෙදරින් එලියට යන්න විදිහකුත් නෑ.කෙල්ල හොදටම අඩනවා .දවස් තුනක් ගත උනා .ඉදුවර බලන්න කෙල්ල පිස්සෙක් වගේ දුවලා ආවෙ උදේ ඇදිරි නීතිය අයින් කරපු ගමන්.
ඉදුවරගෙ අම්මා තාත්තා වාට්ටුව ඉස්සරහ ඉන්නවා.කෙල්ල දුවගෙන ගියාට එහෙම්මම නතර උනා.කසුන් අයියා ඉන්නවා වෙලාවට.කෙල්ල කෝල් එකක් ගත්තා .
"හරි නංගි එන්න"
නිලුපුලී ඉක්මනටම වාට්ටුව ලගට ආවා.
"අනේ බුදු මහත්තයෝ මගෙ පුතා මගේ පණ .අනේ මට ලගට යන්න ඕනි ඒ මූණ මට අතගාන්න ඕනි .මගෙ පුතා මගෙ පණ ආසයි මම ඔලුව අතගානවාට.අනේ මහත්තයෝ මගෙ රජා ලගට එක පාරක් යන්න දෙන්න."
ඉදුවරගෙ අම්මා හොදටම අඩනවා .නිලුපුලී හිමින් අම්මා ලගට කිට්ටු උනා.නිලුපුලී හොදටම බය වෙලා ඉන්නෙ .
"අම්මා ඇයි අඩන්නෙ.අයියා සනීප වෙයි"
"අනේ පුතේ මගේ කොල්ලට කොරෝනා ලු.ලගටවත් යන්න දෙන්නෙ නෑ .මගේ අසරණයා ."
ඉදුවරගෙ අම්මා එහෙම්මම කලාන්තේ දාලා වැටුනා.අම්මා එක්කම හිටිය නිලුපුලී එහෙම්මම කලාන්තෙ දාලා වැටුනා දෙන්නම බිම.
නිලුපුලීට මේ ඔක්කොම හීනයක් වගේ.
"අම්මා මේ ඉදුවර යාළු වෙලා ඉන්න නංගි"
නිලුපුලී හොදටම අඩනවා .අම්මත් හොදටම අඩනවා .ඉදුවර ඉක්මනටම අවශ්‍ය බෙහෙත් කරන්න වෙනත් රෝහලකට මාරුකරා.කිසි කෙනෙක්ට බලන්න බෑ.කෙල්ල අම්මා තාත්තා පිස්සුවෙන් වගේ අඩනවා .
නිලුපුලී ගෙදර එන්නවත් කල්පනාවක් නෑ .කසුන් ගෙදර එක්ක ආවෙ.කෙල්ල පිස්සෙක් වගේ අඩනවා .ගෙදර අම්මා තාත්තා හොදටම කලබල උනා.කසුන් සේරම විස්තර කියලා කෙල්ල බාර දුන්නා.
දින සති ගත උනා කෙල්ල නොකා නොබී ඉන්නවා.ඉදුවරට එන්න එන්නම අමාරු උනා.
ඉදුවර මේ ලෝකෙන් යන්න ගියා .නිලුපුලී තමාටම දොස් කියා ගත්තා.එදා බඩු ගන්න නගරයට නොගියා නම් ඉදුවරට මේ දේ නොවෙන්න තිබුනා.තියන දෙයක් කාලා ගෙදර ඉන්න කියලා කොච්චර ටීවී එකේ රේඩියෝ එකේ කිව්වද ඒත් අපිට ඕනි උනේ අපිව බලන්න.අපේ හදිස්සිය අපිව වෙන් කලා.නිලුපුලී කල්පනා කලා.
අවසාන වතාවට අම්මා කොච්චර කලාන්තේ දදා දැගලුවත් ඉදුවරගෙ ලස්සන මූණ බලන්නවත් බැරි උනා.නිලුපුලී කොතරම් ඇඩුවද පිස්සියෙක් වගේ ඒත් ඒ මූණ බලන්න වත් දුන්නෙ නෑ.
"මගෙ රත්තරං පුතේ අනේ සුදු මහත්තයා මගෙ පුතා යන්න එපා බලන්න දියන් මගෙ දරුවා.අනේ කොච්චර දුක් විදලද රත්තරං උබ මේ වගේ ලස්සනට උස් මහත් කෙලේ.අනේ මගෙ පුතේ මාවත් එක්ක පලයන්."අම්මට සිහිය නෑ.
"සුදු මහත්තයෝ අනේ යන්නෙ කොහොමද ඔහොම මව දාලා.කෑවද කොහෙද ඉන්නෙ.මොකද තවම ඇහැරගෙන කියලා කවුද මැණික මං ගැන හොයන්නෙ.කියන්න අනේ යන්න එපා.නිලුපුලී හොදටම අඩනවා .කොහොමද මාව දාලා යන්නෙ.
කොච්චර ඇඩුවත් ඉදුවර නම් ආයෙ ආවෙ නෑ.කාටවත් බලන්න වත් බැරුව යන්න උනා .
ඔයාගෙ ජීවිතය අනිත් කෙනාට ගොඩාක් වටිනවා.ඔයා වෙනුවෙන් බැරිනම් අනිත් කෙනා වෙනුවෙන් පින් සිද්දවෙයි පරිස්සමෙන් ඉන්න .කන්න තියන දෙයක් .බොරුවට රස්තියාදු ගහලා ජීවිතය නැති කර ගන්න එපා.
බුදු සරණයි .
Comments System WIDGET PACK