මතක අමතක | Mathaka Amathaka


මතක අමතක

හීන් වැහි පොඳ වැටෙනකොට හිතට එන හැඟීම් මහා පුදුමාකාරයි.සීතල නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානය වෙත පියමැන්නේ හිතේ දුක පුරවන්.

"එදා ඔයාගේ අතින් අල්ලන් පලවෙනි වතාවට ගිය හැටි මතක් වෙනකොටත් ඇස් වලට කඳුළු එන්නේ මටත් හොරා.මතකයි මට ඔයා මාව බලන්න ආව පළවෙනි දවස.නිල්පාට ඩෙනිමට කළුපාට ෂර්ට් එකක් ඇඳලා ලස්සනට ඇවිත් හිටියා.මූණේ හිනාව පුරවන් මං ළඟට එද්දි මට හිතාගන්නවත් බැරි තරම් සතුටක් දැනුණා.මුළු වික්ටෝරියා පාර්ක් එකම ඔයාගේ මතකයන් තමයි මතක් කරලා දෙන්නේ.හරි අහම්බෙන් මහාත්තයෝ උඹ මගේ ජීවිතේට ආවේ.

අනික් අය වගේම මමත් පාළුව මකාගන්නයි fb account එකක් හදාගත්තේ.හිතුවේ නෑ ඔයා ලැබෙයි කියලා.fb eken හම්බවුණ උඹේ ආදරේ මං මගේ පණ තරම්ම පරිස්සම් කරා.මට නොලැබුණ අප්පච්චිගේ ආදරෙයි මං උඹෙන් පැතුවේ.උඹත් ඒ ආදරේ අඩු නැතුව දුන්නා මහාත්තයෝ.එත් හිටි හැටියේ මොකද වුණේ.ඉස්සර නිතරම මං ගැන හොයලා බලන්න වෙලාව තිබුණු ඔයාට දැන් මං කෑවද අහාන්නවත් වෙලාවක් නැති තරම් බිසී වෙලා නේද?ඉස්සර සුදු නෝනා වුණ මං අද නිකම්ම නංගී වෙලා නේද?මාස ගාණක ඉඳලා පෙරුම් පුරනවා රත්තරන් ඔය පපුවට තුරුල් වෙලා ඉන්න.

උඹට මහාමෙරක් ආදරේ කරපු හිතයි මහාත්තයෝ උඹ සැක කරේ.ආදරේ කරේ උඹට විතරයි මං.ඒ දේ ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම්මයි.මට මොන දේ කියලා තිබුණත් මං උඹ ලඟ ඉන්නවා සුදු මහාත්තයා.මගේ ආදරෙයි උඹ සැක කරේ මං කොහොමද සමාව දෙන්නේ.උඹ ලඟ වැඳ වැටිලා ඉල්ලන්න තරම් මගේ ආදරේ පහාත් නෑ මහාත්තයෝ.උඹ වෙනුවෙන් මේ හිතේ තියෙන ආදරේ සදහට තියෙයි.තව හිතක් ලඟ නතර වෙන්න මේ හිතේ ඉඩක් නෑ මහාත්තයෝ.හිත පිරෙන්න ඉන්නේ උඹ විතරමයි.

උඹ එක්ක ගෙවන ජීවිතය ගැන අහාස් උසට හීන මේ හිතේ පුරවන් හිටියා මං.ඒ හැම හීනයක්ම එක වචනකිනුයි මහාත්තයෝ උඹ නැති කෙරුවේ.ලස්සන මනමාලියක් වෙලා උඹගේ අතින් අල්ලන් උඹේ ගෙදරට එන හීනේ මටත් තිබුණා මහාත්තයෝ.ඒ හීනේ එකම එක තත්පරයකින් නැති කරා.දැන් මේ හිඟන කෙල්ලට වඩා වටින රත්තරන් කෙල්ලෙක් ඔයාගේ ජිවිතේ ඇති.මගේ රත්තරන්ට කවදාකවත් වරදින්නේ නෑ."

මහ වැස්සක් කඩන් වැටෙද්දීයි මං පියවි සිහියට ආවේ.ඇස් වලින් නොනැවති ගලන කඳුළු පිහිදන් උඹේ මතකයි එහෙම තියලා ආවේ ඒ මතකයන් තාමත් හිතට බර වැඩි නිසා.උඹව අමතක කරන්න නම් මේ හුස්ම නවතින්න ඕනි මහාත්තයෝ.

නිමි.


Comments System WIDGET PACK