අහිමි වීම°°°° | Ahimi Vima
°°°°අහිමි වීම°°°°
අද මට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්.මට අද කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ.වෙන අයට තමන්ට ආදරේ කරන අය දාලා යන එක දුකක් උනාට මට දුක නෑ.මොකද මට ආදරේ කරන්න කවුරුත් නෑ.මම ආදරේ කරපු අයගෙන් වෙන් වෙන්නත් මට දුක නෑ.මොකද එයාලට ආදරේ දෙන්න ඕන තරම් කට්ටිය ඉන්න නිසා.
මේ මගේ කතාව...........
📕📕📕📕📕📕📕📕📕📕📕📕📕
මම සදුනි විජේතුංග. මම සාමන්‍ය පවුලක ගෑනු ළමයෙක්.මට දැන් වයස අවුරුදු 19 ක්. මම උසස් පෙළට හදාරන්නෙ වාණිජ විෂය.තව මට අක්කා කෙනෙක් ඉන්නවා.එයා මත් එක්ක තියෙන මොන තරහක් නිසාද දන්නෙ නෑ එයා වැරදි කරලා හැමදාම මට බැනුම් අස්සවනවා.ඒ නිසා අම්මයි අප්පච්චියි මත් එක්ක ටිකක් තරහයි.
🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️
අද මම ගියපු පංති වල අන්තිම දවස. ඉතින් අද පංතියේ ළමයි හැමෝම එකතු වෙලා සර්ලා තුන්දෙනාටම පාර්ටි එකක් දෙන්නවා.ඉතින් මම උදෙන්ම ඇහැරුනේ අද පාර්ටි එකේ සරසන වැඩ වලට කලින්ම යන්න ඕන නිසා.තව අද තමයි මම ඒ අැස් දෙක දකින අන්තිම දවස නිසා.
"අම්මා මම ගිහිල්ලා එන්නම්"
"හොඳයි චුටි බුදු සරනයි.පරිස්සමට ගිහිල්ලා එන්න.ඔයාව එක්කන් යන්න අප්පච්චිව එවන්නම්"
"හා අම්මා"
"අප්පච්චි මම යනවා.හොදයි"
"අප්පච්චි මත් එක්ක තරහද"
"නෑ පරිස්සමට ගිහිල්ලා එන්න පරක්කු වෙයි"
"හා අප්පච්චි මං යන්නම්"
අක්කා කරපු තවත් නරක වැඩකට මාව අහුකරපු නිසා අප්පච්චි තමත් තරහෙන් ඉන්නේ.ඒවා කරන්නේ මම නෙමෙයි කිවුවට හැමදාම අක්කා එක්ක එයගේ රගපෑම් එක්ක මට දින්න බැරි උනා.
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
"ආ..... සදු Good morning"
"Good morning හිරූ"
හිරුණි මගේ පංතියේ හොදම යාලුවා.මම කියන්නෙ හිරූ කියලා.මගේ හැමදේම දන්න කෙනා.
"ඇයි සදූ දුකෙන් අදත් ප්‍රශ්නයක්ද"
"ඔව් හිරූ"
"මට වෙලාවකට ඔයගේ අක්කා එක්ක පුදුම කේන්ති සදූ"
"මොනා කරන්නද හිරූ එයාගේ රගපෑම් වලට අම්මලා අහුවෙලා ඉවරයි.මට තියෙන්නේ වෙනදෙයක් බලන් ඉන්න."
"කෝ කෝ දැන් දුකෙන් ඉන්න එපා අද පුලුවන් තරම් විනෝද වෙමුකෝ.අනික ඔයගේ අරයත් එයි දැන්"
"අනේ යන්න හිරූ යන්න එයත් මට හීනයක්"
"අම්මෝ හිනාව ආ... අන්න කියනකොටම ඔයගේ හීනේ සිහින කුමරයා"
හිරූ කියනකොටම මම බැලුවේ පංතියේ දොර දිහා.මම අවුරුදු 2 ක් පුරවට හිතින් ආදරේ කරපු ඒ රුව. පංතියේ දොරෙන් ඇතුලට එනවා.
🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑🧑
එයාගේ නම ආකාශ් රන්දිවු. කඩවසම් කමේනම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.ඒත් එහෙමයි කියලා එයාගේ කිසිම ලොකු කමක්නම් තිබ්බේ නෑ. ඒ වගේම ඉගෙන ගන්නත් ගොඩක් දක්ශයි.පංතියේ ගොඩක් ගැනු ළමයිගේ හිතේ ඉන්න කොල්ලා තමයි මේ.ඒ වගේම මගෙත්.
ප්ලැන් කරන් හිටපු වෙලාවටම පාර්ටි එක පටන් ගත්ත.වැඩ ටිකත් හරියටම තිබ්බා. අද අන්තිම දවස උනත් හැමෝගෙම මූනු වල හිනව තිබ්බා. හැමෝම සින්දු කිවුවා නැටුවා .ඒවගේම මගේ ඇස් හැමතිස්සෙම එයාව හෙවුවා.අහන්බෙන් වගේ බලන හැම වෙලාවෙම ඒ ඇසුත් මන් ගාව තියෙනකොට ඇත්තමයි මාව ගැස්සුනා.
පාර්ටි එක 5.30 වෙනකොට නැවැත්තුවා.හිරුනිටත් සමු දිලා ගෙදර යන්න ඉතුරු වෙලා හිටපු ළමයි ගාවට මම ගියේ අප්පච්චි එනවා කිවුව නිසා. ළමයි අඩු වෙනකොට මම ෆෝන් එක ගත්තේ අප්පච්චි තාමත් නැති නිසා.මගේ මොන නරක වෙලාවක්දා මන්දා ෆෝන් එකේ සල්ලිත් නෑ. අන්තිම ළමයි ඔක්කොම ගියේ මාව විතරක් ඉතුරුවෙලා.
⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️⛈️
ටිකකින් මහ වැස්සක් කඩාගෙන වැටුනේ මාව තවත් බය කරලා. වැස්ස අතරින් මම දැක්කේ කවුදෝ දුවගෙන එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ආකාශ් .
"මම මෙතන හිටියට කමක් නෑ නේද"
"කමක් නෑ... ඉන්න"
"ඇයි සදූ අද තාම අප්පච්චි ආවේ නැත්තේ"
"ආ...."
මම කටත් ඇරන් බලන් හිටියෙ ආකාශ් ඒ අහපු දේට.ඒ කියන්නේ අප්පච්චි වෙනදට එන දිහා මෙයා බලන් ඉදලද
"අම්මෝ වෙනදට මාව ඇස් වලිනුත් අනුභව කරනවා.අද කටෙන්ම කන්නද යන්නේ"
"මොකක්ද... අයියෝ නෑ ඒක තමයි අද තාම නෑ"
මට ලැජ්ජාවට වැස්සෙම දුවන්න හිතුනා.අමරුවෙන් හරි මම එයාට ඉක්මනට උත්තර දුන්නා.ඒත් එක්කම මම කල්පනා කලේ එයා එතකොට දැනගෙන ඉදලා මම එයාට කැමති කියලා. මම කල්පනාවෙන් බිදුනේ ආකාශ්ගේ කට හඩට.
"මම දන්නවා සදූ ඔයා මට කැමති කියලා.
මෙච්චර කල් මම දැනුනෙ නෑ වගේ හිටියේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන නිසා.
මම දන්නවා ඔයත් දක්ශ ළමෙක් මත් එහෙමයි.
එත් අපි දෙන්නා යාලු වෙලා අපිට ඉගනීම මගඇරෙයි කියලා මට බයහිතුනා.
ඒ නිසා මම හදිස්සි නොවී හිටියා.
අනික ඔයත් හැමදාම හොද ළමයා වගේ හිටිය නිසායි අනික ඔය ඇස්වලින් මාව අනුබව කරපු විදිහටයි මට හිතුනා ඔයා වෙනස් වෙන්නේ නෑ කියලා"
මම ඔකෝම අහගෙන හිටියේ හීනෙකින් වගේ.මට ඇත්තටම පුදුමයි.හැමදම අහිමි වීම් තිබ්බ මගේ ජීවිතේට මගේ පලවෙනි ආදරේ හිමි වෙන්නද යන්නේ.
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
"කියන්න සදූ මට ආදරෙයි නේද"ආයෙත් එයා එක පාරටම අහනකොට මට පියවි සිහියට ආවේ. ඒ වගේම මට ගොඩක් ලැජ්ජා හිතුනා ආකාශ් කෙලින්ම එහෙම අහනකොට.
"කියන්න සදූ ආදරෙයි නේද"
මම ලැජ්ජාවත් එක්කම ඔලුව වනලා එකපාරටම හැදුවේ එතනින් දුවලා යන්න.ඒත් ආකාශ් මාව එකපාරටම එයා ගාවට ඇදලා ගත්තෙත් ලග තිබ්බ බිත්තියට තද කරගත්තෙත් මම හිතන්නත් කලින්.
💏💏💏💏💏💏💏💏💏💏💏💏💏
මගේ ඇස් දිහා එක එල්ලේම බලන් ඉන්න.ආකාශ්ගේ ඇස් වලින් අදනම් මම හොදටම ආදරේ දැක්කා.ටිකකින් මගේ තොල් වලට හිමිට බර උනේ මගේ අතේ තිබ්බ බෑග් එකත් බිමට වැටෙනකොට. මගේ ඉනේනුත් අතක් තියාගෙන මගේ කොපුලෙන් අල්ලගෙ මගේ තොල් වල පහස ආකාශ් එයාට ලියලා දුන්නා වගේ හොදට විදිනවා.
ටිකකින් මගේ ෆෝන් එක රින් වෙනකොට අපි දෙන්නම පියවි සිහියට ආවා. මම ලැජ්ජාවෙන් බිම බලා ගන්නකොට ආකාශුත් අහක බලගෙන කොන්දෙ ගසනවා මම හොරෙන් බලාගෙන හිටියා.මම ෆෝන් එක අරන් අන්ස්වර් කලා.
"හෙලෝ අප්පච්චි"
"පංති ඉවර"
"ඔව් අප්පච්චි ඇයි එන්නේ නැද්ද"
"ඔව් කාර් එක ස්ටාට් වෙන්නේ නෑ"
"හා අප්පච්චි මම බස් එකේ එන්නම්"
"අප්පච්චි එන්නේ නැද්ද"
"නෑලු කාර් එක ස්ටාට් වෙන්නෙ නෑලු"
"බස් එකේ යමු මාත් ඉන්නවනේ"
"හා"
අපි දෙන්නා බස් එකටත් නගලා අපේ ගේ ගාවට ලන් වෙනකන්ම කතා කර කර ආවා.
"විභාගේ ඉවර උනාම මොකද කරන්නේ"
"බලන්වා හිතලා බලලා මම ඊලග හෝල්ට් එකෙන් බහිනවා"
හා සදූ ඉතින් නම්බර් එක දෙන්නෙ නැද්ද"
"හී... හී....මට අමතක උනා. 07........."
"ලස්සනට හිනා වෙන්නත් පුලුවන් නේද තව ටිකෙන් මට ගේම හොයගෙන එන්න වෙයි හී..."
"ඔව් නේද.... අප්පච්චිගෙන් ගුටි කන්නත් වෙයි දැන ගත්තොත් හී...."
"එහෙමද....ඔයා මාව බේරගයිනේ.... හී......මම ගෙදර ගුහිල්ලා මැසෙජ් එකක් දාන්නම්"
"හා.. මම යන්නම් පරිස්සමට බුදු සරණයි"
"හා සදූ ඔයත් පරිස්සමට බුදු සරණය"
ඉතින් මම බස් එකෙන් බැහලා ගෙදර අවේ ගොඩක් සතුටෙන්. ආව ගමන් මම නාන්න ගියේ වැස්සට තෙමුන නිසා.
🚿 🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿
ආපු ගමන් මම ෆෝන් එක බැලුවත් එයාගෙන් මැසේජ් එකක් තිබ්බේ නෑ.මහන්සියට නිදි ඇති. එහෙම හිතලා මම කලා අවේ සතියකින් විභාගේ නිසා.
📃📃📃📃📃📃📃📃📃📃📃📃📃
විභාගෙත් ඉවර උනේ මට තාමත් ආකාශ්ගෙන් මැසේජ් එකක් නැති වෙනකොට.අදට මාසයක් එදා මම ආකාශ්ව අන්තිමට දැකලා.එතකොට එදා මම එයාගේ ඇස් වලින් දැක්කේ ඒ ආදරේ නෙමෙයිද.අනේ මන්දා මට හිතා ගන්නත් බෑ.
හැමතිස්සෙම ආකාශ්ව මතක් වෙනකොට මට පිස්සු හැදෙන්න වගේ එන නිසා මම පුස්තකාලෙට යන්න පුරුදු උනා.
අක්කත් පංති නැති නිසා ගෙදර.එයත් උසස් පෙළ කලේ කළා විශයෙන්.විභගේ ලියලා ඉතින් එයත් ගෙදර.සමහර දවස්වලට එක පාරටම කොහෙදෝ යනවා.එත් ඉන්න දවසට හරි මට වද දෙනවා වෙනසකම් කරනවා.ඉතින් එයාගේ කරදර වලින් බේරෙන්න මට කරන්න තිබ්බ හොදම දේ ඒක.
මම හැමදාම පුස්තකාලෙට ගියා.ටික දවසකින් මත් එක්ක හිරූත් ආවා.පොත් කියවන්න කැමත්තක් නැති උනත් කම්මලි නිසා එයත් ආවා.
හිරුට එන්න බැ කිවුව නිසා අද මම ආවේ තනියම.පුස්තකාලෙන් එලියට එනකොට මම හිටපු තැනම ගල් ගැහුනේ පාර එහා පැත්තෙ බෙන්ච් එක උඩ ඉන්න දෙන්නව දැකලා.
එතන හිටියේ ආකාශ්. තනියම නෙමෙයි කෙල්ලෙක් එක්ක. එතකොටම ඒ කෙල්ලගෙ මුණ අහම්බෙන් දැක්ක මට දැනුනේ මුළු ඇගම පිච්චෙනවා වගේ.
"අක්කා....."
මගේ පපුව එලියට පනින්න තරම් වේගෙන් ගැහුනේ ආකාශ්ගේ අතේ එල්ලිල හිටපු මගේම රුවම තිබුන අක්කව දැක්කම. වෙනදට ආසාවට ගවුමක් නොඇදපු අක්කා අද මන් වගේම ඇදගෙන මගේ එකම ආදරේ උන ආකාශ්ගේ අතින් අල්ලගෙන ඉන්නවා.ආකාශුත් ඉන්නේ ගොඩක් සතුටෙන් කියලා මට තේරුනේ එයාගේ හිනාවෙන්.
ඔයලා බලනවා ඇති මම මේ කියන්නේ මොකක්ද කියලා .සමහර අයට තේරෙන්නත් ඇති.ඔව් මමයි අක්කයි නිවුන්නු.අක්ක මට විනාවි කිහිපයකට කලින් ආව නිසා එයා මට අක්කා.
හැමදාම එයා මන් වගේ හැසිරිලා වැරදිකරලා අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේ මට නැති කලා. එයාලා ටිකක් හරි මන් ගැන හෙවුනම් ඒ මම ඉගෙන ගන්න දක්ශ නිසා. ඒ වෙලාවලට එයාලගේ ආදරේ මට ලැබෙන නිසා මම දිගටම හොදට ඉගෙන ගත්තා. එයාලගේ ආදරේ ලබන්න.
ඒත් අක්කා ඒ තරහට එන්න එන්නම කරන වැරදි වැඩි උනා.එයා ඒවා කරලා දන්නේ නෑ වගේ හිටියා.මන් වගේ අදින්නත් පටන් ගත්තා. එයා කරන වැරදි ඇහින් දකින කෙනෙක් උනත් හිතන්නෙ ඒ මම කියලා.ඒ තරම් එයා මම වගේ හැසිරෙන්න දක්ශයි.
මගේ ආකාශ් අක්කා එක්ක මොකද කරන්නේ එයා එක්ක.මම එයාලා ගාවට ගියා මම දැක්කා අක්කා ගැස්සෙනවා.ආකාශ් පුදුමෙන් වගේ බලාගෙන හිටියා.
"ආකාශ් ඔයා මොකද මේ අක්කා එක්ක කරන්නේ ඇයි ඔයා මට එදා මැසේජ් එකක් නොදැම්මේ"
මම ආකාශ්ගේ අත අල්ලන් කිවා.
"තමුසෙට පිස්සුද හලෝ"
මම ගල් ගැහුනේ ආකාශ් මගේ දිහා බලලා කෙන්තියෙන් අතත් ගසලා දාලා බැන්නම.
"ඇ....ඇයි.... ආකාශ්..."
"තමුන්ගෙ බොරු වලට මම රැවටෙනෙ නෑ හරිද මට සදූ ඔක්කොම කිවුවා.එයාගේ නපුරු නිවුන් සහෝදරි ගැනත්, තමුන් කරපු බොරු ඔක්කොමත්, මම තමුන්ට රැවටෙන්නෙ නෑ.මෙතනට ඇවිල්ල අපිට වද නොදී යනවා.තව දෙයක් අයේ මගේ සදූට තමුන්ගෙන් මොනාම හරි කරදරයක් උනොත් ඒකත් මම බලා ගන්නම්"
මම ආකාශ් කිවුව හැමදේම අහගෙන හිටියේ හොදටම අඩ අඩ පිස්සෙක් වගේ.
"ඉන්න ආකාශ් මම අක්කට කතා කරන්නම්"
සදූගේ අක්කා එහෙම කියලා සඳුනිව එහාට එක්කන් ගියා.
"මේ අහනවා දැන් තමුසෙගේ ආකාශ් මගේ. එයා තමුසේ මොනා කිවුවත් විස්වාස කරන්නේ නෑ. ඒතරම් එයා මට ආදරෙයි. තැන්ක්ස් මට එයාව දුන්නට. අපිට පාඩුවේ ඉන්න දීලා යනවා"
අක්කා මට කියන දේවල් තර්ජනාත්මක උන්ට එයාගේ මූණෙන් පේන්නේ හරිම දුකෙන් ඉන්නවා වගේ. මට දුකත් එක්කම ලොකු කේන්තියක් ආවේ එයාගෙ මේ හැසිරීමට.
"මේ අහනවා අක්කා මම හැමදාම හැමදේම ඉවසූවා.ඒත් මම ඔයාට ආකාශ්ව නම් දෙන්නේ නැ.එයාව ඔයාට සෙල්ලමක් කර ගන්න දෙන්නේ නැ"
"තමුන් නොදුන්නට මං දැන් අරගෙන ඉවරයිනේ.
එදා තමුසෙ ආකාශ් එක්ක බස් එකේ එනකොට මමත් හිටියේ ඒ බස් එකේ. ඔයාලා දෙන්නගෙ ඔක්කොම කතා මම අහගෙන හිටියේ.
ගෙදර ගිහිල්ලා තමුසෙ බාත්රෑම් එකට ගියාම.මම තමුසෙගෙ ෆෝන් එක බැලුවා.ආකාශ්ගේ මැසේජ් එක ආවෙත් ඒ වෙලාවෙමයි.
මම නම්බර් එක අරන් මගේ ෆෝන් එකෙන් එයාට කෝල් කරා.අර දුන්න නම්බර් එකට ගන්න එපා එක අයින් කලා කිවුවා.අන්න එහෙමයි මම ආකාශ්ව ලබා ගත්තේ"
මට දැනුන තරහට මගේ අත වේගෙන් ඉස්සුනේ අක්කාගේ කම්මුලට.අන්තිමට මට තිබුන අන්තිම සැනසිමත් අක්කා උදුර ගත්‍තා.
ඒත් අපි ළඟට දුවගෙන ආව ආකාශ් මටත් කම්මුලට ගැහුවේ අක්කා දිහාත් බලලා. මට තේරුණා මට ආකාශ් නැතිවෙලා ඉවරයි කියලා. පුපුරු ගහන කම්මුලත් අල්ලාගෙන මම එතනින් පාර දිගේ දුවගෙන ගියා.
"ආකාශ් බලන්න අක්කා හදන්නේ මාව ඔයාගෙන් ඈත් කරන්න"
මෙච්චර වෙලා බය වෙලා හිටපු සදූගේ අක්කා එයාගේ රඟපෑම ආයෙමත් පටන් ගත්තා.
"බය වෙන්න එපා සදූ. මම ඔයාව දාලා යන්නේ නැ.එදා මතකද ඔයාට පංතියේදී මහ වැස්ස වෙලාවේ උන දේ. එදා මම පොරොන්දු උනානේ ඔයාව දාලා යන්නේ නෑ කියලා.කෝ මතකයිද කියන්නකෝ"
ආකාශ් අැහුවෙ සදූ වගේ හැසිරෙන සදූගේ අක්කාගේ මූණට එබිලා ගොඩක් ආදරණීය විදිහට.
'මෙයා මොනා ගැනද කියන්නේ. මොනාද එදා වෙන්න ඇත්තේ. එදා සඳුනි ගොඩක් සතුටෙන් හිටියේ ආවේ. සමහර විට...... එහෙමවත්ද... ඔව් ඒක තමයී වෙන මොනාද කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ඉන්නකොට වෙන්නේ'
සදූගේ අක්කා එහෙම හිතලා ආකාශ් දිහා බැලුවා.
"ඔව් ආකාශ් මතකයි.ඒ දවස කොහොම අමතක කරන්නද.කෙල්ලෙක්ගෙ වටිනාම දේ මම ඔයාට දුන්නේ එදානේ"
තමන්ගේ පපුවට හේතු වෙලා ඉන්න සදූ දිහා ආකාශ් බැලුවේ පුදුමෙන්. ඒත් එක්කම එතන බිම වැටිලා තිබ්බ පොතයි පර්ස් එකයි අහුල ගත්ත ආකාශ් බැලුවේ පර්ස් එකේ තිබ්බ අයිඩී එක එකේ තිබ්බ නම දැක්ක ගමන් ආකාශ්ට දාඩිය දාන්න ගත්තා. ආකාශ් එයාගෙ ෆෝන් එක අරගෙන එදා බස් එකේදි සදූ දුන්න නම්බර් එකට කෝල් කරාම පර්ස් එකේ තිබ්බ ෆෝන් එක රින් වෙන්න ගත්තා.
සදූගේ අක්කා ගාවට අඩියට දෙකට ගිය ආකාශ් එයාගෙ කම්මුලට තදින් පහරක් එල්ල කාලේ දැවෙන අැස් වලින් කදුලු කඩාගෙන වැටෙද්දී.
"කියපන් උඹ මගේ සදුනම් මේවා කොහොමද අක්කා ගාවට ගියේ. ආ......"
"ආ....ආකාශ් අක්කා හොරකම් කරන්න ඇති"
සදූගේ අක්කා බය යටපත් කරගන්න උත්සහ කරන ගමන් කිවුවා.
"හරි ඒවා එහෙමයි කියමුකෝ එතකොට උඹ කිවුවේ එදා පංතියේදි උනා කිවුව දේ එකට උඹ මොනාද කියන්නේ"
"ඉතින් ආකාශ් උනදේනෙ මම කිවුවේ"
"කට වහපන් යකෝ තවත් රගපාන්න එපා. උඹ කියනවා වගේ දෙයක් එදා උනේ නෑ.කියපන් ඇත්ත...."
"ඔව් ඔව් මම සදූ නෙමෙයි. මම එයාගෙ අක්කා"
ආකාශ්ට දැනුනේ ලොකු අසරණකමක්
"අැයි එහෙම කලේ කියපන් අැයි අපි දෙන්නගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කලේ"
"මට ඕනේ උනේ අරකිගෙ සතුට නැති කරන්න. දැන් ඒක හරි දැන් තමුන්ගෙන් මට වැඩක් නෑ"
"උඹ වගේ කෙල්ලෙක්...හොඳනම් වෙන්නේ නැ උබට.අනේ මගේ සදූ කොහොම දරාගන්නද මේ දුක. සදූ අනේ මට සමාවෙන්න"
ආකාශ් දුවගෙන ගියේ සදූ ගිය පාර දිගේ. සඳුගේ අක්කා ආකාශ් දුවන දිහා බලාගෙන හිටියේ සමච්චලයට හිනා වේගෙන.ආකාශ් ගොඩක් දුර දිවුවත් සදූ පේන තෙක් මානයකවත් හිටියේ නෑ.
"අනේ සදූ කොහෙද ඔයා ගියේ..... "
එතකොටම ආකාශ් දැක්කේ ඈත මිනිස්සු ගොඩක් වටවේලා ඉන්නවා. ආකාශ් එතැනට දුවගෙන ගියේ වේගෙන් ගැහෙන පපුවත් අල්ලාගෙන.
"සදූ............
ලේ විලක් මැද දැස් පියාගෙන හිටියේ ආකාශ්ගෙ සදූ.සඳුගේ නිසල සිරුර දැක්ක ගමන්ම ආකාශ් ඔලුව බැඳගෙන ඇද වැටුනා.
"මැණික නැගිටින්න මට සමාවෙන්න මැණික.... නැගිටින්නකෝ.... මාව තනිකරන්න එපා. මට සමාවෙන්න සදූ....."
ආකාශ් කොච්චර කතා කරත් ඒ වෙනකොටත් සදූ ඇඟේ අවසන් හුස්මත් වාතලයත මුසු කර අවසානයි.
දවස් කීපයකට පසු සඳුගේ සිරුර මිහිදන් කෙරුණේ ඇඟේ නැගණියගේ වෙස් මුහුණ ගැලවීමත් සමගයි. දෙමාපියන් සියලු දේ දැන ගත්තද දැන් ඉන් පලක් නැත.
ඉතින් අද මම හරිම ලස්සනයි. සුදුපාට ගවුමක් ඇදලා. ලස්සනට සරසල මම අද ඔයාලා දාලා දුර ගමනක් යන්න හදන්නේ.
ආයේ ඔයාලා ගාවට මට එන්න ලැබෙයිද කියලා මම දන්නේ නෑ.අම්ම අප්පච්චි ආකාශ් හිරු හැමෝම අඩනවා.ඒත් අද ඔයාලට අඩන්න එපා කියන්න මට බැ. මට ඔයාලව අල්ලන්නවත් බැරි වෙලා.
පිස්සෙක් වගේ දුවගෙන ආවා මට ඈතින් ආපු ටිපර් එක පෙනුනත් මම අයින් නොවුනේ මට තවත් ආදරේ කරන්න කවුරුත් නැනේ කියලා හිතාගෙන.
ඒත් අද ඔයාලා හැමෝම මගෙන් සමාව ඉල්ලා ඉල්ලා අඩනකොට, ඔයාලා ගාව මට තිබ්බ ආදරේ මට අද පේනවා. මට ආයෙත් එන්න හිතෙනව ඒත් මම එන්නේ කොහොමද. අද මට යන්නම වෙනවා.
සඳුගේ අක්කා අද දරුණු පිළිකාවකින් දුක් විඳිනවා. එතකොට ආකාශ්, සඳුගේ මතකයන් හිතේ තියාගෙන දුර රටකට වෙලා ජීවිතේ තනියම ගෙවනවා.
ඉතින් කුළුදුල් ආදරයක ඉරණම මෙසේ අවසන් උනා.......
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සදූගේන්👩🏻 ආකාශ්ට👨🏻
පෙරුම් පිරුවෙ ඔබේ පතිනිය වන්නට...
බාධා ආවා අපේ කතාවට...
මේ භවයේ මට අහිමි උනාත් ඔබ...
නික්මී යන්නම් මතු භවය පතාගෙන...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආදර පිට පතක් ලියුවා...❤️📃
ඒක මගේ කතාව...📕
ලස්සන පොඩි දෙයක් තිබ්බා...🤗
ඒක ඔබේ හිනාව...👄
ගැලපෙන අය හමු නොවෙන...🙄
ඒක ලොවේ සොබාව...😞
අවසානය වෙනස් උනා...💥
ඒක අපේ වෙලාව...🕛
ආසයි පවසන්න...☺️
ආයෙත් ලං වි ඉන්න...👫
එ මියැදුණු ප්‍රේමයට...💕
පණ දෙන්න...💓
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
✍🏻මම තිළිණි කාංචනා