වටිනාම දේ ඔයා🌺 | Watinama De Oya
🌺වටිනාම දේ ඔයා🌺
නෙහන්සා වික්‍රමසිංහ අවුරුදු 16ක ලස්සන පුංචි කෙල්ලෙක්.අම්මගෙ අප්පච්ච්ගෙ ආදරේට හුරතලෙට හැදුන කෙල්ලෙක් ඒ ඇරෙන්න කෙල්ලට වෙන ආදරයක් ගැන හිතිලම නැහැ.ඒ වගේම කෙල්ල O/L ලියන්නයි ඉන්නේ. ගණිතය විෂයට ගොඩක් දක්ෂයි. නෙහන්සට අයියා කෙනෙක් ඉන්නවා දිමුත් වික්‍රමසිංහ වයස අවුරුදු 19 A/L කරන්නයි ඉන්නෙ. මාරම කම්මැලියෙක්. පාඩම් කරන්නෙත් හරිම අඩුවෙන්.ඒත් අම්මලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉතින්.
නෙහන්සා උදේ හොඳටම නිදි අම්මා වෙලාව බලලා,
"හොදටම පරක්කුයි."මේ කෙල්ල තාම නිදිනේ නේහා නැගිටින්න ළමයෝ ඉස්කොලේ යන්න වෙලා යනවා."අම්මා නෙහන්සා ට කියන්නේ නේහා කියලා.
"අනේ අම්මා තව ටිකක් ඉන්නම්"
"දූ එහෙම බැ දැන් ඔයා විනාඩි 15 ක ඉඳන් ඕකමනේ කියන්නේ"
"හරි හරි සුදු ඔන්න නැගිට්ට දැන් happy ද?"
"ආපෝ උදෙන්ම නාකි මල කොලන්"
ඒ නෙහන්සාගෙ අයියා හැම අයියම ඉතින් නංගිලා අවුස්සන එකනේ වැඩේ හී හී.
"අනේ මේ අයියා ඔයාට වැඩක් නැනේ මගේ අම්මා මේ හරිද?"
" අනේ මේ, මේ මගේ අම්මා තමුසෙට දෙයි මෙන් කියලා.තමුසෙ අපි පොඩිකාලේ කුණු ගොඩේ ඉඳලා ගෙනාවේ හු හු"
" අනේ අම්මාආආආආආ"නෙහන්සා කටට අප්පච්චි ආවේ හොඳටම බය වෙලා.
"නෙහ් දූ ඇයි මොකද ළමයෝ උනේ. උදෙන්ම දෙන්නගෙ වැඩේ එල්ලේන එක මන් බැලුවා නේහාව සතෙක් වත් කාලාද කියලා"අම්මාට ඉතින් හොදටම හිනා මේ වැඩ වලට,
"සුනේත්‍රා ඔයත් හිනා වෙන්න මේ දෙන්නටම හොදටම පරක්කු වෙලා school යි clz යි ඔයා හිනා වෙන්න ඉතින්"
"ඇයි ජයේ එයාලට විතරක්ද දැක්කද ඔයාටත් වැඩට යන්න වෙලා ගිහිල්ලා"
අම්මා කිවුවෙ ඔරලෝසුව පෙන්නන ගමන්.
"අප්පට සිරි මේ දෙන්නගෙ වැඩ නිසානේ මට පරක්කු උනේ ඔයා දෙන්නව මම හවසට අල්ල ගන්නම්කො"
"අප්පච්චි ඕක හැමදම කියනවනේ හි හි" නෙහන්ස හිනා වෙවි කියන ගමන් මූන හොදන්න පැන්නෙ, අයිය මූන හෝදන්න ගියොත් පැයකටවත් එන්නෙ නැ කියලා දන්න නිසා.
සුපුරුදු විදිහට නෙහන්ස school ගිහිල්ල ඉගන ගෙන ගෙදර අවෙ එයගෙ හොදම යාලුව හිමශා එක්ක.
හිමශා ගැන කිවුවොත් එයාට අනිත් ලමයි වැඩිය කැමති නැ මොකද එයා එච්චර හොද ලමෙක් නෙමෙයි එත් නෙහන්සයි හිමශායි එක ගමෙ ඒ නිසා නෙහන්සයි හිමශායි යලුවො උනේ.
හිමශා නරක වැඩ කරනකොට නෙහන්ස බනින නිසා හිමශා නෙහන්ස එක්ක තරහ උනා. ඒත් හිමශාට කවුරුත් නැති වෙනකොට අයෙ නෙහන්ස ගාවට එනව.
ඔහොම කාලය ගෙවිල යනකොට සුනේත්‍රාගෙ පොඩි මල්ලිගෙ wedding එකට ටික ටික ලන් උනා.ඇදුම් ගන්න යන දවසේ ජයසිංහට වැඩ නිසා නෙහන්සයි,අම්මයි,අයියයි ගියා ඇදුම් ගන්න නෙහන්ස මේ පලවෙනි වතව wedding එකකට යන,ඒ නිසා නෙහන්ස හිටියේ ගොඩක් සතුටින්.
නෙහන්ස දිමුත් කියන්නෙ හරිම ලස්සන ලමයි දෙන්නෙක් ඒ ගැන සුනේත්‍රායි ජයසිංහයි ඉන්නෙ ගොඩක් ආඩම්බරේන්. ඒ නිසා එයාලට හැම ඇදුමක්ම ලස්සනට තිබ්බ. අන්තිමට නෙහන්ස ලස්සන දිග රතු පාට ගවුමක්, අයියටත් රතු පාටින්ම ඇදුම්, අම්මත් රතු පාට සාරියක් ගත්තා. අම්මගෙම මල්ලී නිසායි මේ විදිහට කට්ටිය ඇදුම් ගත්තෙ.අප්පච්චත් නිවාඩු පඩුවෙ ගිහිල්ල එයාටත් රතු පාටින්ම ඇදුම් අරන් ආවා. අනිත් අයත් රතු පාටින් ගත්ත නිසා.wedding එක තියෙන දවසත් ආවා.නෙහන්සයි අම්මයි saloon ගිහිල්ලා අදින්න තිරනය කලා.
නෙහන්ස ලෑස්ති වෙලා දොරේන් එළියට එනකොටම..........
නිමි.
02 කොටස
එනකොටම.... අම්මායි අයියායි අප්පච්චියි ගල් වෙලා වගෙ නෙහන්ස දිහා බලගෙන හිටියා.නෙහන්සත් බය උනා එයලා බලන් ඉන්න විදිහ දැකල.
"ඇයි ඔයලා ඔහොම මන් දිහා බලන්නේ"
අප්පච්චි නෙහන්ගෙ ලගට ඇවිල්ල "මගෙ දුව ලස්සයි කියලා දැනන් හිටියා.මෙච්චර ලස්සනයි කියලා අදනේ මම දන්නෙ"
අම්මත් ලගට ඇවිල්ල නෙහන්සගෙ ඔලුව අත ගෑවෙ හරිම ආදරෙන්.
මෙ ඔක්කොම බලන් හිටිය අයිය නෙහන්සට කිවුවෙ "නන්ගි එකක් කියන්නම් අදනම් තමුසෙ ලස්සනයි. හැබැයි saloon එකේ අක්කට පින් සිද්ද වෙන්න හි හි හි"
"අනේ අම්මාමාමාමාමා"
"පුතා මෙතනත් අවිල්ලා එල්ලෙන්නෙ නැතුව ඉන්න බැයිද ආ"
ඉතින් ඊට පස්සෙ හතර දෙනාම ආවෙ ලොකු අම්මලගෙ ගෙදර.අයියා මගින්ම බස්සෙ මහම්මලාගෙ ගෙදර යන්න. මොකද අයියගෙ ගැන්සිය හිටියෙ එහෙ හි. ගැන්සිය කිවුවෙ අපේ නෑදෑ පරපුරේ පිරිමි ලමයි හිටියෙ එහෙ.මම අම්මල එක්ක ලොකු අම්මලගෙ ගෙදර මිදුලෙන් බහිනකොටම මම දැක්කෙ ඇස් දෙක. මිදුලෙ හිටිය පිරිමි ළමයෙක් මගෙ දිහාම බලගෙන හිටියා.කවදාවත් නොදැනිච්චි හැගීම්ක් මට දැනුනත්.මම එක ගනන් නොගෙනම අම්මල එක්ක ගේ ඇතුලට ගියා.
කට්ටිය වැඩ කරගෙන එහෙම පල්ලියට යන bus එකට නැග්ගා.පල්ලියට යන්නේ මාමා බඳින අක්කා කතෝලික කෙනෙක්.bus එකේදී අපේ අයියා හැමදාම වගෙ මාව ළැජ්ජ කරන්න පටන් ගත්තා. මමත් ඉතින් කෙක්ක වගෙ එල්ලෙනකොට හැමොටම හිනා හි හි.
එතකොට මම දැක්කෙ අර මම එනකොට මන් දිහා බලන් හිටපු පිරිමි ලමයා මගෙ දිහා සැරෙන් සැරෙට බලනව.මම ටග්ගලා අහක බලා ගත්තා.
අපි පල්ලියට ගියම එයා අපෙ අයියල එක්ක ඉස්සහින් ඉද ගත්තා.මමයි අපෙ නන්ගිල දෙන්නෙක් ඉන්නව එයලා එක්ක වාඩි උනා.අපි නෑදෑයො උනාට හොදම යලුවො තමයි ඉතින්. අපි එක්ක තව එක්කෙනෙක් එකතු උනා ඒ අපෙ චුටි මාමා බදින්න ඉන්න අක්කා.
පල්ලියෙ වැඩ ඉවර වෙලා අපි අවෙ hotel එකට. මන් කන්න වගෙ hotel එක දිහ බලන් හිටිය.මම මේ wedding එකකට ආව පලවෙනි වතාව නිසා මට පුදුම හිතුනා. ඒ තරම්ම hotel එක ලස්සනයි.අපි ඇතුලට ගියම මම දැක්කෙ හැම තැනම ලස්සනට සරසල එලියෙට වඩා ඇතුල කොච්චර ලස්සනද කියලා මට හිතුනා.
අපි අම්මලා එක්කම table එකකින් වාඩි උනා.අයියත් අනිත් අයියල එක්ක වෙන table එකකින් වාඩි උනා.අපෙ චුටි මාමගෙ අක්කත් චුටි මාමා එක්ක ඒ table එකටම ගියා.
ටිකකින් කෑම එහෙම කාලා ඇවිල්ල කට්ටියක් නටන්න ගත්ත.අපෙ අයියලත් හො ගලා නටනව හි.
ඒ අතරෙ අපි ගියෙ ජෝඩුව එක්ක photo ගහන්න.අපි ඒ ඉන්න අතරෙ අර පිරිමි ලමය මන් දිහා පුටුවකත් ඉඳගෙන හොඳට බලගෙන ඉන්නවා මම දැක්කා.මටනම් හිතා ගන්න බෑ මොනා කරන්නද කියලා මම බැරිම තැන ලොකු නන්ගිට කිවුව.
"මෙ හලො අර කොල්ල දැන් හෙන වෙලවක ඉදල බලනව බලනව ඉවරයක් නෑනෙ"
"කෝ කවුද"
"අර අතන ඉන්නෙ කහ පාට shirt එකක් ඇදගෙන"
"ඇ එහෙමද ඒ අර චුටි මාමා බදින්න ඉන්න අක්කගෙ ලොකු මල්ලි"
"ඇ එහෙමද ඉතින් මොකටද මන් දිහා බලන් ඉන්නෙ අර අයෙ බලනව"
තවත් ඉවසන්න බැරුව මම නන්ගිට මුවා උනේ තියෙන ලජ්ජාවටමයි.
"ඉන්නකො මම බලන්නකො හරිද මත් එක්ක කතා කරනවා එයා ටිකක් විතර"
නන්ගි ඒ අයිය දිහ බලලා හිනා උනා එයත් හිනා වෙනව මම දැක්කා.
photo ගහල ඉවර වෙලා අපි tabel එකට එනකොට අයියල අපිව නටන්න ඇදන් ගියෙ මෙ මොකද උනෙ කියලා මට හිතා ගන්න වත් බැරි වෙනකොට.අයියලගෙ වදෙ නිසාම අපි කොහොම හරි නටුව ඉතින්.
ඒ නටන අතරෙ අර අයියත් නටන්න ඇවිල්ලා මාගෙ ගාවට එනකොට මන් හොඳටම බය උනා. ඒ නිසා මම අහක බලා ගත්තා. එයා නංගී ගාවට ඇවිල්ලා එයා එක්ක නටන්න ගත්තා. ඊට පස්සෙ එයා මගේ ගාවට ආවේ නංගී එක්කමයි. මගෙ ඉස්සරහට ඇවිල්ල නටන්න ගත්තා. මන් යන්න හදනකොට එයා මාව එයා ගාවට ඇදලා ගත්තෙ මාව වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. මම වැටෙයි කියලා බයට එල්ලුනේ එයාගේ shirt එකේ. එයා මාව හයියෙන් අල්ලා ගත්තා.
"ඇයි ඔයා මත් එක්ක නටන්න කැමති නැද්ද "
එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට මතක් උනේ නැ. මන් එයා දිහා ගල් ගැහිලා වගේ බලන් හිටියේ.මොකද එයා මගෙ අතිනුයි ඉනෙනුයි අල්ලන් හිටියෙ. මෙහෙම දෙයක් උන පලවෙනි වතාව නිසා මගේ හිත ටිකක් ගැසුණා.
"මොනාද කල්පනා කරන්නේ කැමැති නැද්ද"
" මොකටද" මම අමාරුවෙන් වචන පිට කර ගත්තා.
"මන් අැහුවෙ මත් එක්ක නටන්න කැමැති නැද්ද"
"අනේ එහෙම දෙයක් නැ"
කොහොම හරි අන්තිමට මට එය එක්ක නටන්න උනා. අපි wedding එක ඉවර වෙලා ආයේ bus එකේ එනකොට අපි වැඩිවෙලා ආවේ අයියලා එක්කම එයා මාගෙ දිහා බලනව මට නංගී පෙන්නුවා.අපි එනකොට හොඳටම වහිනවා bus එකේ වීදුරු වල පින්න වැදිලා එයා එකේ මොකද්ද ලියනවා මම දැක්කා එයා ලියුවේ එයාගෙ නම.
"ඉෂාර" මම කිවුවා නෙමෙයි මට ඒක කියවුණා. එයා මගෙ දිහා හිනා වෙවි බැලුවා.
"ඔයාගෙ නම මොකද්ද"
"නෙහන්ස"
එයාගෙ නම ලගින් මගෙ නමත් ලිවුවා. එයා ලියන්නෙ වම් අතින්.
"ඔයා වමත්ද"මම ඇහුවෙ මොකද මමත් වමත් නිසා.
"ඔව්. ඇයි ඔයත් වමත්ද"
"ඔව්"එයා මම ඔව් කිවුවම.ලස්සන හිනවක් දලා අහක බලාගත්තා. ඔය අතරේ අපෙ අයිය එයගෙන් fb name එක අහගෙන profile එක බලලා.
" ඔයා october 01 ද ඇහුව "අයියා ඇහුවාම මමත් ඒ දෙන්නා දිහා බැලුවා.
"ඔව් ඇයි තව කවුද ඉන්නෙ"
"අපෙ නන්ගිත් october 01 තමයි"
එයාගෙ මුන එක කිවුවම තවත් එලිය උනා.
ඔහොම කොහොම අපි ගෙවල් වලට ලං උනා. නංගිල ගෙදර ගියා.අපි ලොකු අම්මලගෙ ගෙදර ආවා.අරයත් අපි එක්ක අවෙ මොකද එයා මාතලේ ගෙදර ගිහිල්ලා අයෙත් wedding එකේ දෙවෙනි දවසටත් එන්න ගියාම එයාට මහන්සි නිසා එයාට චුටි මාමා එයා එක්ක ඉන්න කිවුවා.
හවස අපි ගෙදර ආවා එත් මගෙ හිත තිබ්බෙ එයා ගාව.එයටත් එහෙම අති කියලා මට හිතෙනවා.wedding එකේ දෙවෙනි දවස තියෙන්නෙ අනිද්දට.මම ආයෙත් එයාව බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නවා.
පහුවදා දවස නිකංම ගෙවිල ගියේ මට clz නිසා.wedding එක දවසේ උදේ උනා .ඒත් මම බලන් ඉන්න නිසද කොහෙද හවස් උනෙ හරි හෙමිට.
නිමි.
03 කොටස
අම්මයි මමයි sloon ගිහිල්ලා ලැස්ති වෙලා ආවා.අම්ම කිවුවෙ මම එදාද අදද ලස්සන කියලා හිතා ගන්න බැ කියලා.
අපි හවස 6ට වගෙ ලොකු අම්මලගෙ ගෙදර ආවා එත් එයා හිටියෙ නෑ. මගේ මූණේ තිබ්බ හිනාවත් නැති උනා.
ඒ එක්කම නංගිලා ආවා.
"මොකෝ දුකෙන් වගේ"
"ඇයි එහෙම නැ"
"නැ නිකන් කවුරු හරි නැතුව දුකෙන් ඉන්නවා වගේ"
"අනේ මේ පිස්සු කියන්න එපා යං bus එකට"
අපි bus එකට නැග්ගා. නංගිට තේරිලාද මන්ද මගේ දිහා බල බල හිනා වෙනවාමයි වැඩේ.
"මොකෝ"
"ඇයි"
"මගෙ දිහා බල බල හිනා වෙන්නෙ මොකද"
"නැ ඉතින් අක්කේ එයා නැ කියලා අපි මොන කරන්නද"
" කවුද ඔයාට පිස්සුද අනේ නිකන් ඉන්න"
එතකොටම bus එකට කට්ටිය නගින්න ගත්තා. ඒ අතරේ බිම බලාගෙන හිනා වෙවී එන එයාව මන් දැක්කේ.
"මම හිතුවේ මෙයා නැ කියලා දැන් එන හැටි විතරක් හිනා වෙවී" මම හිතෙන් හිතුවා.
මගෙ දිහා එයා බලන්නවත් එක්කම මම ඔරවල අහක බලා ගත්තා. නංගිලාට හොදටම හිනා.
Hotel එකට යනකන්වත් මම එයා දිහා බැලුවේවත් නැ. නංගිලා දෙන්න එක්ක නම් මොනාද කුටු කුටු ගානවා මට ඇහුනා. මම කල්පනා කාලේ මොනාද දන්නේ නැ මේ කියන්නේ කියලා.
Hotel එකට ගිහිල්ලා අපි හැමෝම කතා කර කර ඉඳලා කන්න ගියා. එයා මත් එක්ක කතා කරන්න ගොඩක් try කරා ඒත් මම කතා කාලේ නැ.
කන්න බෙදාගෙන නංගිලා එක්ක tabel එකෙන් ඉඳ ගත්තම එයා එතැනට ආවා.
"ඇයි දැන් මේ තරහ වෙලා"
"කවුද, මම ද, අනේ නැ අනික අපි යාලු වෙලා හිටියේ නැනේ තරහ වෙන්න"
"එකනේ නේද යාලු නැ හැබැයි දැන් නම් යාළු වෙන්නමයි හිතෙනවා"
කාපු බත් කාටත් මට හිර උනා. නංගි හිනා වෙවී වතුර එක දුන්නම එයා ඒක අරන් මට පෙවූවා.
"කැමතිද"
"මොකටද
"මට"
මට හිතා ගන්න බැරි මොනාද කියන්නේ කියලා. හිතට දැනුන පලවෙනි කෙනා. නැති කර ගන්නත් බය හිතුනා. අනික එක දවසක් එයාව දැකල, ඉක්මන් තිරණයක් අරන් මට දුක් විඳින්න වෙයිද කියලා මට හිතුනා. මම මුකුත් නොකියා හිටියා. ඊට පස්සෙ එයා ආයේ මගෙන් මුකුත් අහුවෙ නැ.
"බඩගින්නකුත් තියෙනවා..... "
"ඉතින් අයියා බෙදාගෙන එන්න කන්න"
චුටි නංගී කිවුවම එය නංගිගේ පැත්තට හැරුණා.
"අනේ බැ කැවුවොත් නම් කනවා චුටි"
"කෝ එහෙනම් මම කවන්නම්"
චුටි නංගී එයාට කවන්න ගත්තා.
"නංගී ඔයත් කවන්නකෝ"
ලොකු නංගිත් එයාට කැවුවා. ඊට පස්සෙ එයා මාගෙ දිහා බලලා.
" ඔයා කවන්නේ නැද්ද"
මම අනික් පැත්ත බලා ගත්තා.
" අයියේ ඕකි මහ පෙරේතයි. බත් එකෙන් කාටවත් දෙන්නේ නැ."
නංගිලා මාව ලැජ්ජා කරන්න ගත්තා.
" අනේ මේ එහෙම නැ හරිද"
"හා එහෙනම් කවන්න අයියට "
කරන්න දෙයක් නැති තැන මට බත් එකෙන් භාගයක කවන්න උනා.
නංගිලා අපි දිහා බලලා හොඳටම හිනා උනා.
අපි කාලා photo අරගෙන අයියලා එක්ක නටන්න ගියා. එයත් මත් එක්ක නටන්න ආවා. මට මගඅරින්න විදිහක් නැ මොකද මගේ අයියා හිටියා. එයා ඇයි මම ඉශාර අයියව මගඅරින්නෙ කියල හිතයි කියලා මම එයා එක්ක නටුවා.
කට්ටිය එන්න එන්නම වැඩි උනා.නටන්න ඉඩත් මදි.ඒ අතරෙ ඉශර අයියා මගෙ ගවටම එනවා.මම පස්සට උනා.එයා අයෙත් මගෙ ගවට අවා.
"ඔයා මට කැමති නැද්ද නන්ගි"
"එහෙම දෙයක් නැ අයියෙ"
"එහෙනම් boyfriend කෙනෙක් ඉන්නවද"
" අනේ නැ අයියෙ"
"එහෙනම් ඇයි"
"නිකන්"
"මට කැමති නැද්ද"
"කැමති නම් මේ number එකට call" "එකක් දෙන්නවද"
"එයා මගෙ අතට පොඩි කොලයක් දුන්න"
අපි නටල මහන්සි නිසා වතුර බොන්න ගියා.එතකොට මම නන්ගිලට විස්තරෙ කිවුවා.
"අනේ හලෝ ශොක්නේ"
"මොන ශොක්ද අම්මලා දැන ගත්තොත් මම ඉවරයි."
"එහෙම දැන ගන්නෙ නැ"
"අනේ මට බැ අනේ."
"අනේ අක්කේ"
චුටි නන්ගි පොඩි නන්ගි මට කැමති වෙන්න කියලා බල කරනවා.එයලට ඉශර අයියව හොදට හිතට අල්ලලා.
අපි කතා කර කරම wash room ගියා.චුටි නන්ගි අම්මා ගවට ගිහිල්ලා පනාව ඉල්ලන් එන්න ගියා.මොකද එයගෙ කොන්ඩෙ හොදටම අවුල් වෙලා තිබ්බෙ නටලා.
එයා එන්න වෙලා ගිය නිසා අපි දොර ගාවට වෙලා බලාගෙන හිටියා.
"මොකද පරක්කු උනේ"
"පරක්කු උන්ද නැනෙ"
"නැත්තෙ කොහෙද"
"හරි හරි ලොකු නන්ගි දැන් ආවනෙ අපි ඇතුලට යමුකො"
මම එලියට එනකොට දෙන්න කොන්ඩෙ පිරන ගමන් ලොකු කයියක්.
"මොනද කියවන්නෙ දෙන්නා"
"මුකුත් නැ අක්කෙ හි හි හි"
"මොකද හිනා වෙන්නෙ"
"හි හි හි"
"මොකද....."
"මුකුත් නැ අපි යමුද අක්කෙ..."
"හ්ම් හ්ම් මොකටද ඔය දෙන්න එන්න හඩනෙ ආ....."
"හි හි හි"
මම දොරෙන් එලියට එනකොටම කවුදො මාව අයෙ washroom එක අතුලට ඇදල ගත්තා.ඒ ඉශර අයියා.
"අයියෙ පිස්සුද"
ඒ මුන අඩන්න වගෙ තිබ්බා.
"ඔයා මට කැමති නැ කිවුවද අම්මලට බයේ"
"නැ කවුද කිවුවෙ"
"ඇත්ත කියන්න මට නෙහන්ස "
එයා අඩන්න වගෙ මගෙ අතත් අල්ලගෙන එයගෙ පපුවට තියගෙන මගෙ උරහිසෙන් අල්ලගෙන අහුව.මට බයත් හිතුනා.
"ඔව් කිවුවා"
"බය වෙන්න එපා මම අම්මලගෙන් අහන්නද ඉන්නකො මම අහන්න"
එයා යන්න හදනකොට මම අතින් අල්ල ගත්තා.
"එපා....."
"එහෙනම්"
"මම දන්නෙ නැ අයියෙ"
"ඔයා කියන්නකො කැමතිද කියලා ,කෝ කියන්න"
"හ්ම්"මම කිවුවෙ බිම බලාගෙන.
එයගෙ මගෙ මුන් එය්ගෙ මුන ගාවටම ගත්තා.මගෙ ඇස් දෙක දිහාම බලගෙන.
"ආදරෙයි මැණික,මට ආදරෙයිද"
"ඔව්"
එයා මාව එයගෙ පපුවට තුරුල් කර ගත්තා.
"අපි දැන් මෙතනින් යමුද නන්ගිලත් එලියෙ පවුනෙ"
"හා යමු නෙහන්ස"
අපි එලියට එනකොට එයා නන්ගිල දිහා බලලා,
"ඔන්න දැ අක්ක මගේ..."
එතකොටම නන්ගිල මගෙ අත්දෙකෙ එල්ලිල.
"ඇත්තද අක්කේ...."
මම ඔව් කියන්න ඔලුව වැනුවා.නන්ගිලා උඩ පන්නා.
"හරි ශොක් ඔන්න අයියෙ දැන් අයිය ඉවරයි"
"ඇයි අක්කා වසයිද"
"අපො නැ අපි වසයි හි හි"
එයා ඇස්දෙකත් උඩ යවලා හිනා වෙවි එතනින් ගියා.
wedding ඉවර වෙලා අපි ගෙදර යන්න එනකොට නන්ගිලගෙ ගෙදරි මම එයව හම්බෙන්න ගියා.
"අයියෙ අක්කා ආවා"
එයා මගෙ දිහා කදුලු පුරවගෙන බලගෙන හිටියා.
"පරිස්සමෙන් ගිහිල්ල එන්න එහෙනම් මත් හෙට උදෙම ගෙදර යනවා. අපි මට exam ඉවර උනාම අයෙ හම්බෙමු"
"හා අයියෙ හොදට exam කරන්න."
"හා ඔයටත් O/L නෙ ඒක නිසා හොදට පාඩම් කරන්න."
"හා අයියෙ"
අපි හිටපු තැන light එක එයා නිමුවා.
"ඇයි light නිමුවෙ"
"දෙයක් දෙන්න"
මාව බිත්තිය්ට තද කර ගත්ත පරට මාව හොදටම ගහෙන්න ගත්තා.අඩ අදුරෙ එයගෙ මුන මට ලවට පෙනුනා.මගෙ මුන දිහා බලගෙන.මුනට වැටිල තිබ්බ කොන්ඩෙ හෙමිට අයින් කරලා මගෙ තොල්පෙති වලට එයගෙ තොල් ලන් කලෙ මම හිතන්නත් කලින්.
විනාඩි ගානකට පස්සෙ මගෙ තොල් වලින් එයගෙ තොල් ගන්නකොට මම හිටියෙ ඇස් වහගෙන.මගෙ කම්මුල් වලටත් kiss දිලා මගෙන් අත් දෙකෙන්ම අල්ලගෙන,
"මාව දාලා යන්න එපා මැනික"
"මම යන්නෙ නැ අයියෙ"
ඊට ටික වෙලවකට පස්සෙ අපි ගෙදර ආවා මට මතක් උනෙම අයියව.මම ගෙදර ඇවිල්ල ඇග හොදන් ඉක්මනට අදට ඇවිල්ල අයියට msg එකක් දැම්ම.
අපෙ ආදරෙ ඔය විදිහට ලස්සනට ගලාගෙන ගියා.අයිය A/L ලිවුවා.අපිට ඒ උනාට එදයින් පස්සෙ හම්බෙන්න ලැබුනෙ නෑ.
අයිය A/L pass. A2 B1යි .එයට bank එකක හොද job එකක් හම්බුනා.මම O/L ලිව්වා .A5 B4 යි. අම්ම අප්පච්චි මගෙ අයියා වගෙම ඉශර අයියත් ගොඩක් සතුටු උනා.මම A/L commerce කරන්න තෝර ගත්තා.
අපෙ අදරෙට දැන් අවුරුදු 3 කටත් කිට්ටුයි. එත් අපිට එදයින් පස්සෙ තම හම්බෙන්න ලැබුනෙ නැ .phone එකෙන් හැමදම කතා කලා. msg කරලා.
මට exam වලටත් තව දවස් 2යි. එදා අපි දෙන්නම නිද ගත්තා. රෑ වෙනකන් msg කලේ නැ මට exam නිසා.
මම exam ලියලා english course එකක් කරන්න ගත්තා. එක දවසක්,
"මැණික"
"කියන්න අයියෙ"
"අපි දැන් මෙච්චර කලෙක ට හම්බුනේ නැනෙ අපි අනිද්දට හම්බෙමුද,මම මෙච්චර කලෙකට ඔයට clz කට් කරන්න කියලා නැ"
"හා අයියෙ මම එන්නම්"
"හොද මැනික.අපි පන්සල් යමු හරිද"
"හා යමු"
ඒ දවස ආවා,
"ඔයා කොහෙද ඉන්නෙ අයියෙ"
"ඉන්න නෙහන්ස මම ඔයාව දැක්කා මම එන්නම් හා අයියෙ පරිස්සමෙන්.."
එයා පාර පැනල මගෙ මුන දිහා බලගෙන හිනා වෙවි එන දිහා මම බලගෙන හිටියා එතකොටම......
නිමි.
04 කොටස
එතකොට car එකක් ඇවිල්ලා එයාව හැප්පූවෙ මම බලන් ඉන්න කොටමයි. මගේ ඇස් අදහගන්න බැරි උනා. පාරේ හිටපු හැමෝම ඇවිල්ලා අයියා වටේ හිට ගත්තා. මාගෙ පණ ලාවට අමාරුවෙන් හුස්ම ගන්නවා. හැමෝගෙම උදාවූවෙන් අයියව hospital ගෙනාවා. අයියගෙ phone ඒකෙන් අම්මා කියලා තිබ්බ number එකට call කරලා අඬ අඬාම විස්තරේ කිවුවා. ටික වෙලාවකින් අයියගේ අම්මලා ආවා. අම්මා හොඳටම අඩනවා.
"අනේ දුවේ මේ මොකද උනේ"
"අනේ අම්මා මට සමාවෙන්න මාව හම්බෙන්න ආපු නිසා අයියට මෙහෙම උනේ අනේ මාව අරන් මාගෙ අයියව බේරගන්න දෙවියනේ.... "
"එහෙම කියන්න එපා දුවේ පුතානේ ඔයාට එන්න කිවුවෙ"
"අම්මා දන්නවාද"
"ඔව් පුතේ ඔයාලා දෙන්න යාලු උන දවසෙම පුතා මට කිවුවා අද ඔයාව හම්බෙන්න එන්න එයා හරි ආසාවෙන් ආවේ දවස් දෙකක ඉඳලා කියවන්නේ අනේ දුවේ මගේ පුතා මට නැති වෙයිද..... "
" අනේ නැ අම්මේ එහෙම කියන්න එපා.... "මට හොඳටම අඩෙන්න ගත්තෙ අම්මා අඬනකොට. එතකොටම කවුද මගේ කනට ගැහුවා. මම හැරිලා බලනකොට ඒ අයියගෙ තාත්තා.
අයියගෙ අම්මා" ජයසේන ඒ ළමයට ගහන්නේ ඇයි"
" මෙකී නිසායි මගේ පුතාට එහෙම උනේ, අනේ දෙයියනේ මාගෙ පුතා...."
එතකොට මගේ අම්මයි අප්පච්චියි එතනට ආවා.
" නෙහා මොකද මේ"
මට අම්මට උත්තර දෙන්න සිහියක් තිබේ නැ මම හිතුවේ මාගෙ පණ බේරලා දෙන්න කියලා.
"තමුසෙලාගෙ මේ දුව නිසා මගේ පුතා මට නැති වෙන්න යන්නෙ.තමුසෙලගෙ මේ මහා ලොකු දුවවත්ත අරන් මෙතනින් යනවා යන්න මගෙ දෑහැට නොපෙනි"එහෙම කිව්වෙ අයියාගේ තාත්තා එයා මත් එක්ක ගොඩක් තරහින් ඉන්නෙ.
එවෙලෙ ඩොක්ටර් ආවා.
"පෙශන්ට්ට ප්‍රශ්නයක් නැ. හැබැයි......"
"ඇයි ඩොක්ටර්" ඒ අයියගෙ තාත්තා.
"ගොඩක් ලේ ගිහින් තියෙනවා. ඒ හින්දා ඉක්මන්ට ලේ ගෙන්න ගන්න ඔනේ.මෙහෙ එයගෙ ලේ වර්ගෙ ඉවරයි ඒත් අපි බ්ලඩ් බන්ක් එකෙන් ලේ ගෙන්නනවා. ලේ ගේනකන් අපිට චුට්ටක් වෙලා ඉන්න වෙනවා. එතකන්...."ඩොක්ටර්ටට කියන්න හම්බුනෙ එච්චරයි.
"ඩොක්ටර් පෙශන්ට්ට අමාරුයි ඉක්මනට එන්න." නර්ස් කෑ ගහන්න ගත්තා.හැමෝම බය උනා. ඩොක්ටර් අයියගෙ පපුව තෙරපනවා. එත් මැශින් එක වැඩ කරන්නෙ නෑ.මට හුස්මත් හිරවෙන්න වගෙ ආවා.මම කෑ ගහ ගහ අඩන්න ගත්තා.
එක පරටම මැෂින් එක වැඩකරන් නැතුව ගියා.මගේ කකුල් දෙකත් පණ නැති වූ වගේ ගියා. මම කෑ ගහන්න ගත්තා.
"අනේ මගේ අයියේ නැගිටින්න මාව දාලා යන්න එපා"ඒත් අයියා නැගිට්ටෙ නෑ.
ඩොක්ටර් ඉලෙක්ට්‍ර්ක් ශොක් දෙන්න පටන් ගත්තා. ඒත් අයියා නැගිට්ටෙ නෑ. ටිකෙන් ටික දෙන කරන්ට් එක වැඩි කරා.අයියගේ අම්මයි අප්පච්චියි හොදටම අඩන්න ගත්තා. මට නිකන් දැන්නෙ මගේ වටේ තියෙන දේවල් කැරකෙනවා වගේ.පාරටම කලන්තේ දාලා වැටුණා.අයියට මොකද උනා ට මොකද උනේ කියලා මම දන්නෙ නැහැ. ටිකවෙලාවකින් මට සිහිය ආවා.මම ඉස්සෙල්ලම කතා කරේ මගෙ පනට. "ඉෂාරා අයියෙ ඔයා කොහෙද" එතකොටම අම්මා මගේ ලගට ආවා මම අම්මගෙන් කෝ ඉශාන් අයියා කියලා ඇහුවා.අම්මා මට මුකුත් කිව්වේ නැහැ .මම අම්මගෙ අතින් අල්ලන් ආයේ පාරක් ඇහුවා
"කෝ අම්මෙ මගෙ ඉශාර"
" එයා ගියා දුවේ"
"ගියා කිව්වේ කියන්න මට,කියන්න අම්මේ......"
"මගෙන් මුකුත් අහන්න එපා දුවේ...."
"ඔයලා මට ඔය කියන්නෙ බොරු නේද මගේ අයියට මාව දාලා යන්න බෑ......"
අවුරුදු 4ට පසු....................
අයියා මාව තනිකරලා ගිහිල්ලා දැන් අවුරුදු 4ක් මම කැම්ප්ස් ගිහිල්ලා ආවා විතරයි.අම්මලා මට කසාද කීයක් ගෙනාවත් මම කැමති උනේ නෑ.මම මගේ ජීවිතේම දෙන්න හිටියෙ, දෙන්නෙත්, ඉශාර අයියටම විතරයි.
මම දැන් bank එකක maneger කෙනෙක් . ඒත් හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.අවුරුදු හතරක් මම තනියම ඉදලා, හිත බොහොම අමාරුවෙන් හදාගත්තා.
දන්නෙම නැතුව වැඩත් ඉවරයි.හවස හතර හමාරයි. මම bank එකෙන් එළියට ආවෙ බස් එකට නගින්න කියලා හිතාගෙන. එතකොට මම දැක්ක දෙයින් මට මගේ ඇස් අදහ ගන්න බැරි උනා. ඒ තමයි..............
නිමි.
05 කොටස
ඒ තමයි අපේ අයියා තනියම නෙමෙයි මම මෙච්චර කාලයක් ආදරේ කරපු ඉෂාර අයියා එක්ක. තව ඉෂාර අයියාගෙ අතේ කෙල්ලේකුත් එල්ලිලා හිටියා. තුන් දෙනාම Bus holt එක ගාව තියෙන රෙස්ටුරන්ට් එකකට යනවා. මගේ ඇස් අදහ ගන්න බැරි උනා මෙච්චර බොරුවක්. අනික මගේම අයියා ඇයි මට මෙහෙම කාලේ කියලා මට හිතා ගන්න බැරි උනා. මම ඉක්මනට එයාල ගිය රෙස්ටුරන්ට් එකට ගියේ ඇයි මෙච්චර බොරුවක් කාලේ කියලා අහන්න.
මම ඒයාල ඉස්සරහට ගියාම ඉෂාර අයියා මන් දිහා සාමාන්‍ය කෙනෙක් දිහා බලනවා වගේ බලලා අහක බලා ගත්තා. අයියත් කිසිම ගානක් නැතුව මාගෙ දිහා හිනාවෙලා බලලා,
"ආ නංගී අපිව දැකලද ආවේ"
"ඔව් අයියේ ඔයාලව දැකල තමයි. ඔයාලගෙ මේ බොරුව දැකල ආවේ"
මම ඉෂාර අයියා ගාවට ගියා.
"ඇයි මට මෙහෙම බොරු කලේ "
"ඔයා මොකද්ද කියන්නේ"
"මචං මේ මගේ නංගී "
ආ...... නංගී ඉන්නකෝ මම ඔයාට කියන්න... මම ඔයා හිතන කෙනා නෙමෙයි නංගී.... "
"ඔව් ඔව් ඔයා මම හිතන් හිටිය කෙනා නෙමෙයි තමයි. මම හිතුවෙ ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. ඒත් ඔයා මහ බොරු කාරයෙක්. ඔයාගෙ තව බොරු මට අහන්න ඕනේ නැ මට . අයියේ ඔයා මගේම අයියා වෙලත් ඇයි මට මෙහෙම බොරුවක් කාලේ. ඔයා දැක්කා මෙච්චර කාලයක් මම මෙයා හින්දා කොච්චර දුක් වින්ද ද කියලා" මම කීවේ ඉෂාර අයියව පෙන්නලා.
" මම හිතුවේ ඔයා මැරිලා කියලා ඔයා මෙහෙ මාගෙ අයියත් එක්ක එකතු වෙලා මට බොරු කරනවා. මම නොකා නොබී මැරී මැරී ජීවත් උනේ. ඔයාව මතක් වෙන්කොට අනේ මාවත් දැන් මැරෙන්න කියලා හිතුවා. අවූරුදු 25 ක් වෙනකන් උස් මහත් කරපු අම්මලට කොච්චර දුකක් දැනෙයිද කියලා එයාලට දුක් දෙන්න බැරි නිසා මම ඉවසුව"
මම කොහෙද ඉන්නෙ කියලා බලන්නේ නැතුව හොදටම ඇඩුව. එතකොට මගේ අයියා,
" නංගී මේ අහනවා මේ ඉන්නේ ඉෂාර නෙමෙයි. මමත් මෙයාව දැකපු දවසේ ගහන්නත් හැදුවා මගේ නංගී දුක් විඳිනවා මේක මැරිලා කියලා ඒත් මේක හොඳට ඉන්නවා කියලා" මට අයියා කියන්නේ මොනාද කියලා තේරුනේ නැ.
" මොනාද අයියේ කියවන්නේ මට තේරෙන්නේ නැ" මම කිවුවේ අත් දෙකෙන්ම ඔලුව අල්ලාගෙන.
" නංගී මේ ඉන්නේ මල්ෂ සේනාධීර. මම මෙයාව book shop එකේදී දැක්කේ මමත් එදා මේ ඉන්නේ ඉෂාර නෙමෙයි කියලා දැන ගත්තම හොඳටම පුදුම හිතුණා එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියනවානේ නංගී " මට හිතා ගන්න බැරිවුනා මේ මොනාද වෙන්නේ කියලා මට ඕනෙ උනේ එතනින් යන්න. මම යන්න හදනකොට.
"නංගී" ඒ කතා කලේ මල්ෂ. ඉෂාර අයියා කියලා මම රැවටුන කෙනා.
"නංගී මට අයියා එදා විස්තරේ කිවුවා. මට ඇත්තටම ඒ ගැන ගොඩක් දුකයි. අපි අද මේ අහම්බෙන් හම්බවෙලා මේ රෙස්ටුරන්ට් එකට ආවෙ නිකන් කතා කරන්න"
"හරි අයියේ එකට කමක් නැ මම දැන් යන්නම්"
"ඔහොම ඉන්න මමත් එන්නම් නංගී මල්ෂ එහෙනම් අපි යන්නම් වෙන දවසක හම්බ වෙමුකො "
"හරි දිමුත්"මම අයියා එක්ක යන ගමන් ආයේ හැරිලා බැලුවේ මට මේක අදහා ගන්න බැරි නිසා. මල්ෂ අයියා ඒ ගැනු ලමයා එක්ක හිනා වෙවී කතා කර කර හිටියා.
අයියායි මමයි ගෙදර ආවා. අම්මලට කතා කරලා මම ගියේ කාමරේට මෙච්චර දවස් හදන්න හිටිය හිත පෑරුනා වගේ දැනුනා. එතකොට මතක් උනේ මට,
" ඒ අයියා එක්ක හිටිය ගැනු ලමයා කවුද දන්නේ නැ"මම අයියව හොයන් ගියේ එක අහන්නමයි. මම යනකොට අයියා සින්දු අහනවද කොහෙද හැන්ෆරී ගහගෙන.
" අයියේ"
"ඔව් නංගී කියන්න ඇයි "
"අර හවස මල්ෂ අයියා එක්ක හිටියේ කවුද"
" කවුද අර ගැනු ලමයා ද"
" ඔව් "
"ඒමේ... ආ ඒ එයාගෙ gril friend"
"එහෙමද " ඇයි දන්නේ නැ මට ලොකු දුකක් දැනුනා
එවේලේම අපේ අම්මා හයියෙන් කෑගහනවා ඇහුන
මමයි අයියයි දුවගෙන අම්මලාගේ කාමරේට ගියා. අප්පච්චි පපුව අල්ලාගෙන හයියෙන් හුස්ම ගන්නවා. අපි අප්පච්චිව ඉක්මනට hospital ගෙනාවා.
"දුවේ" මම hospital එකේ අප්පච්චි ගාවට වෙලා වැඩිවෙලා ඉන්නකොට අම්මා මට කතා කලා.
"ඇයි අම්මා "
"අප්පච්චි ගැනවත් හිතලා අර යෝජනාවට කැමැතියි වෙන්න දුවේ "
"අනේ අම්මා "
"අප්පච්චිට ඔහොම උනේ ඔයා ගැන කතා කර කර අපි හිටියේ. අපි මැරෙන්න කලින් ඔයා එකලස් වෙනවා දකින්න අපි කැමති දුවේ" මම මුකුත් නොකියා එතනින් එලියට ආවා. එතකොට මට හම්බුනේ ආයේ හම්බවෙයි කියලා හිතන්නවත් බැරි කෙනෙක්ව.
"මල්ෂ අයියේ"
" නංගී කොහෙද මෙහෙ "
මේ අප්පච්චි ට සනීප නැති උනා අයියේ"
"ඇයි මොකද උනේ"
"කෝ තාම hospital එකේද"
"ඔව් අයියේ ඉන්නවා. අප්පච්චිට පපුවේ අමාරුවක්. දැන් අඩුයි"
" අනේ ලොකු දෙයක් මට දැන්නම් එන්න බැරි වෙයි නංගී මම ගෙවල් පැත්තේ එන්නම් අප්පච්චි බලන්න හා අයියේ කෝ අයියත් ආවද "
"ඔව් ආවා අයියේ"
" හරි නංගී මාව හම්බුනා කියන්නකෝ මම call කරන්නම් කිවුව කියන්න"
" හා අයියේ" මල්ෂ අයියා ගියා. මට දැනුනේ මේ මගේ ඉෂාරමයි කියලා.
අපි ගෙදර ආවා අප්පච්චිවත් එක්කන් ආවා. මල්ෂ අයියා එදා ට පහුවදා අපේ ගෙදර ආවා හැබැයි මම කාමරෙන් එළියට ආවේ නැ. මොකද මට ආයේ හිත පාර ගන්න ඕනේ උනේ නැ. මට අම්මලා ආයේ බඳින්න අය හොයන්න ගත්තා. මම හැබැයි බඳින්න නම් කැමති උනේ නැ. මම එන එන හැම කෙනාම ඇදයක් කිවුවා. ආයේ මම මල්ෂ අයියව දැක්කේ නැ. අයියා කිවුවා එයා බැඳලා කියලා අර gril ව.
දවස් මාස සති ගනන් ගියා මන් තාමත් ජීවත් වෙන්නේ මාගෙ ඉෂාර ගෙ මතක එක්ක.
මම bank එකේ madam කෙනෙක්ගේ brithday එකට දෙන්න සාරියක් ගැන ඇදුම් කඩේකට ගියා. එතැනදී........
නිමි.
06 කොටස
එතැනදී මම දැක්කා එදා අර හිටපු ගැනු ළමයා අපේ අයියා එක්ක හිනා වෙවී ඇදුම් තෝරනවා.
"එයා මොකටද අපේ අයියා එක්ක ඇවිල්ලා ඉන්නේ. අනික එයා මල්ෂ අයියව බැන්දා කිව්වනෙ" මම එතනට ගියා.
"අයියා...." අයියා මන් දිහා බැලුවේ බය වෙලා වගේ. ඔයා මොකද මෙහේ කරන්නේ.
"ආ..... මේ නංගී..... "
"ආ...... නෙහන්සා" මම හැරිල බැලුවා ඒ හිටියේ මල්ෂ අයියා. මට ඇහුනේ ඉෂාර අයියා කතා කරනවා වගේ. මම ගොඩක් සතුටෙන් ඒ පැත්ත බැලුවේ. ඒත් මේ ඉෂාර අයියගේ රූපේ අරන් ඉන්නේ මල්ෂ අයියනේ. මේ මගේ ඉෂාර නෙමෙයිනෙ. මට දැනුන දුක වව ගන්න බැරි උනා.
"නංගී කොහෙද මෙහෙ අපි මේ ආවා ඇදුම් ගන්න. ඒ ගමන් ඔයාලගෙ අයියටත් කතා කලා."
"අා.... මම මේ bank එකේ මැඩම් කෙනෙක්ට සාරියක් බලන්න ආවා. ඒ madam ගෙ birthday එක හෙට එකයි "
"ආ.... හරි නංගී අපි නම් ඇදුම් ගත්තා ඔයාගෙ සාරි එකත් බලන්න යන් "
"නැ නැ අයියේ ඔයාලා යන්න "
"මල්ෂ මම නංගී එක්ක යනවනේ අවුලක් නැ ඔයාලා යන්න "
"හරි එහෙනම් අපි යන්නම්"
"හරි මචං"
" යන්නම් නෙහන්සා"
" හරි අයියේ"
අර ගැනු ලමයාත් එක්ක මල්ෂ අයියා ගිය. අයියායි මමයි සාරි එක අරගෙන ගෙදර ගියා.
අපේ චුටි මාමායි ඉෂාර අයියගේ අක්කයි බැන්ද දැන් එයාලට අවුරුදු 2ක චුටි දුවෙක් ඉන්නවා.
මට දවසක් ලස්සන බෝනික්කෙක් දැකල ඒක චුටි මාමාගේ දුවට දුන්නා නම් එයා ගොඩක් ආස වෙයි කියලා මට හිතුනා.
මම බෝනික්කත් අරගෙන චුටි මාමලාගෙ ගෙදර ගියා.
"නැන්දි....... "
"දූ..... මෙන්න මන් ඔයාට දෙයක් ගෙනාවා ලස්සනද බලන්නකෝ"
"අනේ ලස්සනයි....... "
"අා.... දුව "
"නැන්දා ...... "
"එන්න ඇතුලට "
"කෝ මාමා නැන්දා "
"කඩේට ගියා දැන් එයි දුව "
"ඉන්න මම තේ ටිකක් හදන්න එන්නම්"
"හා නැන්දා "
නැන්දා කියන්නේ චුටි මාමාගේ නෝනාට. වයසින් අක්කා කියන්න පෙනුම තිබ්බත් නෑකමට අපි එහෙම කතා කලා.
" නැන්දි "
" කියන්න මැණික"
" නැන්දි අද ඉන්නවා නේද"
" නැන්දි යන්න ආවේ දුව.... නැන්දි දූට ඔය බෝනික්ක දෙන්න ආවේ"
" මම තරහයි"
" අනේ...... දු...."
" මාමිත් ඇවිල්ලා doll දීලා යන්න හැදුවේ ඒ උනාට මම තියා ගත්තනේ..... අද නැන්දිට යන්න දෙන්නෙත් නැ...... "මම දූ දිහා එක පාරටම බැලුවේ මේ මොන මාමා ගැනද කියන්නේ කියලා.
"කවුද දූ මොන මාමද"
" නැන්දා එයාගෙ අපේ අ....."
" දූ....." නැන්දා එවේලේ එතැනට ආවා දුව කියන්න ගිය දේ කියන්නත් බැරි උනා.
" අන්න ආච්චි එන්නලු"
" නැන්දා... මේ දූ කියන්නේ මොන මාමද ආවේ"
" ආ මේ..."
"ආ සුදු..... මේ ඒ......"එවෙලේ එතැනට චුටි මාමාගේ අම්මා ආවා. එ කියන්නේ මගේ ආච්චි.
" ආච්චි.... මෙන්න දුව cake එක දාලා ඇවිල්ලා මම මේ එක අරන් ආවා "
"අනේ තව ටිකේ අමතක වෙනවා මෙන්න නංගී ඔයා chocolate cake කන්න ආසනේ ඉතින්.... නේද...." අපිට හුරුවක් නැති නිසා ඉඳලා හිටලා අක්කා නංගී කියවෙනවා.
"ඔව්නේ හි... අක්කා කෝමද දන්නේ මම chocolate cake වලට ආසයි කියලා" මම cake කන ගමන් ඇහුවේ එක කවුරුත් දන්නේ නැ අම්ම අප්පච්චි අයියා ඉෂාර අයියා විතරයි දන්නේ.
" මල්ලී කිවුවෙ එකමයි මේ ගෙනාවේ"
මට එතකොටම cake හිර උනා. මට cake හිර උනේ ඉෂාර අයියා කියුව කියපු නිසා.
" මොකද්ද ඉෂාර අයියා.... "
" ආ.. මේ... නංගී ඒ දවස් වල කිවුවෙ ඔයා ගැනමනෙ කියන්නේ එහෙම දන්නේ අපි "
"ආ.... "
"සුදු දැන් ද ආවේ "
"නැ මම ටිකක් වෙලා "
"ආ..... ඉතින් දැන් මොනාද කරන්නේ"
" Job එක කරගෙන පාඩුවේ ඉන්නවා මාමා "
"මම ඇහුවේ එක නෙමෙයි කසාදේ ගැන"
"අනේ මාමා මට බඳින්න ඕනෙ නැ"
" එහෙම කියලා බැ සුදු"
"නැන්දි...... "
" ඇයි දූ....."
" Phone ඒක......."
" අා දූ ගන්න"
" බැ මාමා. මම බඳින්නේ නැ"
" අනේ මේ අපේ ඉෂාර මම ඊයේ මට doll අරන් එනකොට ඇදන් ආවෙත් මෙකමයි" මට දූ කියනකොට ඇස් අදහා ගන්න බැරි උනා.
" මොකද්ද දූ...... මේ මාමද ඔයාට ඊයේ ඔයාට doll ගෙනාවේ"
" ඔව්"
"කෝ මේ මාම "
" අර උඩ කාමරේ ඉන්නවා"
" මම ඒකන් එන්න හැදුවා නැන්දි එක්ක හැංගි මුත්තු කරනවා කිවුව"
" මාමේ මේ මොකද්ද දූ කියන්නේ"
මම බිම බලාගෙන හිටියා මිසක් මට උත්තර දුන්නෙ නෑ.
මම උඩ කාමරේට ගිය යනකොට ඇදේ හිටියේ ඉෂාර අයියා. මාව දැක්ක ගමන් භය වෙලා බැලුවා.
"අයියේ ඇයි මෙහෙම කලේ මට" මට කදුලු නවත්ත ගන්න බැරි උනා බිම වාඩි වෙලා මම හොඳටම ඇඬුවා. ඒත් ඉෂාර අයියා මුකුත් කිවුවේ නැ.
" කියන්න මට අයියේ"
"කියන්නම් මම. මට තමුසේව එපා වෙලා හිටියේ හම්බෙන්න එන්නේ නැ call කරාම අම්මා එනවා කියලා බයේ තියනව මට ඕව එපා වෙලා තිබ්බේ එදා හම්බෙන්න එන්න කිවුවේ ඕවා කියන්න. ඊට පස්සේ ඔයාට කලන්තෙ දාලා දවස් 4 සිහි නැතුව හිටියා ඔළුව බිම වැදිලා ඒ අතරේ මම අම්මලාට ඔයට කැමැති නැ කියලා ගෙදර ආවා ඔයා මගේ පස්සෙන් ආයේ එන නිසායි මම අම්මලා කියන්න කිවුවේ ඔයට මම මැරුණා කියලා "ඉෂාර අයියා එහෙම කියනකොට මම හීනෙන් වගේ අහගෙන හිටියේ.
" එතකොට අපේ අයියා එක්ක හිටපු මල්ෂ ඒ....
"ඒ මම එදා ඔයා bank එකෙන් එලියට එනවා අපි දැක්කා කරන්න දෙයක් නැති නිසා රෙස්ටුරන්ට් එකට යන ගමන් තමයි මම මල්ෂ කියමු කියලා කතා උනේ. මම එදා හිටියේ මම බඳින්න ඉන්න කෙනා තමුසේගෙ අයියා එදා අපිව දැකල මට ගහන්න හැදුවා තෝ මැරිලා කියලා හිතාගෙන අපේ නංගී බඳින්නේ නැ තෝ කොහොමද බඳින්නේ අැහුවා. අපේ නංගී කාව හරි බැන්දෝත් විතරක් මට බඳින්න බඳින්න දෙන්නේ කිව්වා. ඒ නිසා මගේ කෙල්ල බඳින්න බැ කිවුව තමුසෙගෙ අයියට බයේ. තමුසෙගෙ අයියා හැමදාම තර්ජනය කරන්න පටන් ගත්තා. එහෙම අහම්බෙන් දැකල මාගෙ කෙල්ලව භය කරන වෙලාවේ තමයි තමුසේ ආවේ එතැනට. කාව හරි බදිනවකො වද නොදී . පිස්සෙක් හරි කමක් නැ. වද නොදී බදිනවකො. තමුසේ නිසා මට බැඳින්නත් නැ. "
මේ ඔක්කොම මට හීනයක් වගේ. කට වහගෙන ඉෂාර කියපු ඔක්කොම අහගෙන හිටපු මම,
" ඔව් පිස්සෙක් තමයි බඳින්න වෙන්නෙ ඔයා මැරුණා කියලා හිතන් මම පිස්සීයේක් වෙලා හිටියේ. ඔයාට මම පණ වගේ ආදරේ කල අදටත් කරනවා එහෙම කරන මට මෙහෙම කලා ඔයා ඔව් මම බදින බලාගෙන ඉන්න ඉෂාර.මාව එපා නම් කියන්න තිබ්බ මම අයින් වෙනවානේ ඇයි බොරු කාලේ මැරුණ කියලා මම කොච්චර දුක් වින්දද"
" දැන් ඒවා මට වැඩක් නැ බඳිනවා ඉක්මනට"
" ඔයා කිවුව මම ඔයාගෙ විතරයි මගේ හැමදේම ඔයාගෙ විතරයි කියලා අද ඔයා ම ඒවා වෙන කෙනෙක්ට දෙන්න කියනවා මට ඒක කරන්න බැ "
" මේ ඕවා දෙන නොදෙන එක තමුන්ගේ වැඩක් ඒක මට අදාළ නැ තමුන්ගේ අර අම්මයි අප්පච්චිත් මේ දැන් මැරෙයි ද දන්නේ නැ " මම ආපු තරහට ඉෂාර ගෙ කනට ගැහුවා
"තමුසෙ බොරුවට මැරෙනවා වගේ හිතන හිතන වෙලාවට මිනිස්සු මැරෙන්නේ නැ අනික මගේ අම්මා අප්පච්චි හොඳට ඉන්නවා මම බඳිනවා දෙන්න තියෙන හැමදේම බදින එකට දෙනව තමුසෙ වෙනුවෙන් මේ වෙන් කරපු හිතයි ගතයි දෙකම බලාගෙන ඉන්නවා" තරහ එක්ක පිටවෙන මගේ කදුලු වලට ඔහේ යන්න දීලා මම එ ගෙදරින් ආවා.
" දූ.... පරක්කු උනා නේද"
"අම්මා ඔයාලත් මට බොරු කරා නේද අනේ ඉතින් දුව ඉෂාර පුතා නේ කිවුවෙ එයාගෙ අඩු පාඩුව නිසා ඔයා දුක් විඳිනවට කැමැති නැ කියලා"අම්මා ඒ කියුවේ මොකද්ද කියලා මට හිතාගන්න බැරි උනා.
"මොකද්ද......"
නිමි.
07 කොටස
"මොකක් ද මොන අඩුපාඩුව ද" එතකොටම අයියා අපි ඉන්න තැනට ආවේ කලබලෙන් වගේ.
"ඇයි දුව ඔයාට පුතා කිව්වේ නැද්ද එයට.... "
"අම්මා....." අයියා අම්මට කියන්න දුන්නෙ නැ.
"ඇයි අයියේ අම්මාට කියන්න දෙන්න ඔයා මුකුත් කියන්න එපා"
"අම්මේ කියන්න "
" පුතේ එයාට අර එදා accident එකෙන් උනා බලපෑම නිසා එයාට.... "
"කියන්න අම්මේ.....
"එයාට දරුවෙක් හදන්න තියෙන හැකියාව සීයට 99 ක් ම අඩු යි කිවුවෙ" මට හිතා ගන්න බැරි උනා මොනාද මේ අම්මා කියන්නේ කියලා.
"එතකොට මොනාද අර ඉෂාර කියවන්නේ.... එයා බඳින්න ඉන්නවා මම බඳින්නේ නැති නිසා එයාට බඳින්න නැ කියලා"
"ඒ බොරු නංගී "අයියා මට කිවුවා.
"ඔයාගෙ අනාගතේ අදුරු කරන්න ඕනේ නැ කියලා එදා එයා කිවුවා. ඕන ගැනු කෙනෙක් බැන්දට පස්සෙ ඊලගට කැමති අම්මා කෙනෙක් වෙන්නේ මන් නිසා මගේ නේහට එහෙම වෙන්න ඕනේ නැ කියලා එයා අපිට බල කලා ඔය ට එයා මැරුණා කියන්න කියලා. අපිට කැමති වෙන්න සිද්ධ උනා නංගී. ඔයා දුක් වෙන විඳවන හැම වෙලාවෙම ඒක කියන්න හැදුවත් අපිට එකට ඉෂාර ඉඩ දුන්නෙ නැ. ඒ නිසායි එදා ඔයාගෙ ඉස්සරහට ඉෂාර, මල්ෂ වගේ ආවේ. ඒ එදා හිටපු gril ඉෂාරගෙ නෑදැ කෙනෙක්. ඔයා එදා ඒක මගෙන් ඇවිල්ලා අහනකොට ඉෂාර මත් එක්ක call එකේ හිටියේ. එයාට ඔයා කියපු එක ඇහිලා. මට කියුව කෙල්ල කියන්න කියලා. මම ඒකයි ඔයාට එහෙම කිවුවේ. ඔයාට අද ඉෂාර බැන්නානේ ඒ කියුවේ ඔක්කෝම බොරු. ඒ ඔයා බඳින්නේ නැති නිසා. අනික එතකොට ඔයා එයා ගැන තරහ හිතලා බඳි කියලා එයා එහෙම බැන්නේ. ඔයා එහෙන් ආවම මට අඩ අඩා විස්තරේ කිවුවා. ඔයාට දැන් ආවම ඒ විඳිහටම කියන්න කිවුවා. ඒත් අම්මගෙ අතින් අපි ඔයාට හංගපු ඇත්ත එළි උනා. ඒකයි මම ඔයාට ඔක්කොම ඇත්ත කිවුවේ "
අයියා ඔක්කොම කියලා ඉවර වෙන්කොට මම හොඳටම අඩ අඩා හිටියේ. ඉෂාර ට එයාගෙ ආදරේ, එයාගෙ මේ නේහව වෙන කෙනෙක්ට දෙන්න හිත හදාගත්තෙ කොහොමද කියලා මට එයා එක්ක ලොකු තරහක් ආවා. මම ආයේ එළියට බැස්සේ ඔළුව හැරුණ අතේ යනවා කියලා. ඒත්......
නිමි.
08 කොටස
ඒත් අම්මා නෙහන්සාට කතා කරන ගමන් කලන්තෙ දාලා වැටුනේ අයියත් නෙහන්සත් බය කරමිනුයි.
"අම්මා..... නැගිටින්න "
"නංගි ගිහිල්ලා වතුර එකක් අරන් එනවා "
නෙහන්සා ඉක්මනටම කුස්සියට ගිහිල්ලා වතුර ගෙනල්ලා අම්මගෙ මුන්ට ඉස්සර අම්මා හිමීට ඇස් ඇරියා.
"නංගි අම්මව කාමරේට එක්කන් යන්න"
පහුවදා නෙහන්සා වැඩට ගියා. වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල,
" අම්මේ මට දෙයක් කියන්න තියෙනවා"
" ඔව් කියන්න දූ.... "
" මට අම්මලා බඳින්න කියනවානේ මම බඳින්නම් හැබැයි මට කැමති කෙනාව "
"ඒ කවුද දූ....."
"හෙට ඉරිදා නේ එයා මෙහෙ එයි"
"ජයේ කවුද දන්නේ නැ නේද අද එන්නේ"
"ඉෂාර වෙන්න ඇති සුනේත්‍රා "
"ඔව් නේද වෙන කවුරු එන්නද අපි දූගේ කැමැත්තට ඉඩ දෙමු එයා ඉෂාර ඇර වෙන කෙනෙක් ගැන කොහොමත් හිතන්නේ නැනේ"
" ඒක තමයි සුනේත්‍රා මමත් මේ හිතුවේ"
දොරේ බේල් එක නාද විය.
" අම්මා එන්න පහළට. ඔයා එන්න ඇතුලට එළියේ ඉන්නේ තාම හි හි"
සුනේත්‍රා සහ ජයසිංහ පහළට එන විට දොර ළඟ සිටි කෙනා දැක ඇස් අදහා ගත නොහැකි විය.
" දූව කවුද මේ" දොර අසල සිටියේ ඉෂාර නොවේ. සුනේත්‍රා ට අදහා ගත නොහැකි තැනම විමසන්නට විය.
" මේ හර්ෂ මාගෙන් ගොඩක් කාලයක් යාලු වෙන්න ඇහුවා. මම එයාට කැමැත්ත දුන්නා අම්මා. මෙයාව තමයි මම බඳින්නේ "
හර්ෂ එදා හවස ගෙදරින් පිටත් උනේ සියලුම වැඩ කතා බහ කරගෙනයි. නේහාගෙ මේ වෙනස ඇඟේ දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක් ගෙනාවා. මෙච්චර ඉෂාර ට ආදරේ කරපු කෙනා මේ වෙන කෙනෙක්ට කැමති උනේ ඇයි කියලා.
" අම්මේ මම මේ wedding card එක කෙනෙක්ට දීලා එන්නම්"
" කාටද"
" ඉෂාර අයියට" අම්මගෙ ඇස් පුදුමයට පත් උනා. මේ නේහට මොකද උනේ කියලා.
"ඇයි අම්මා ඔහොම බලන්නේ "
"නැ දුව ඔයා ඉෂාර ට මෙච්චර ආදරේ කරද්දී කොහොමද වෙන කෙනෙක් බදින්නේ"
"මම දැන් ඉෂාර ට ආදරේ නැ මගේ හිතේ දැන් එයා ගැන තියෙන්නේ වෛරයක්" නේහා එසේ පවසා පිට වන්නට විය. අම්මාට මේ දේ නම් අදහා ගත නොහැකි උනා.
"අා දුව "
"කෝ නැන්දේ චුටි මාමා "
" වැඩට ගියානේ"
" ආ කමක් නැ එහෙනම් මෙන්න
" මේ මොකද්ද"
"මම බඳිනවා wedding card එක"
"මොකක්ද "
"ඔව් ඇයි"
"නැ නිකං දුව"
"කෝ ඉෂාර අයියා "
"උඩ ඉන්නවා "
මම උඩට යනකොට ඉෂාර අයියා කල්පනාවක.
"ආ අයියේ"
"ඔයා"
" ඔව් මම"
"මෙන්න"
"මොකද්ද"
"බලන්නකෝ"
"ඔයා බඳිනවා ද"
"ඔව්"
"සුභ පතනවා"
"Thank you. අනිවාර්යයෙන්ම එන්න. ඔයාගෙ නේහා වෙන කෙනෙක්ගෙ වෙලා, honeymoon යනවා බලන්න. ඔයාගෙ ඔක්කොම මගේ කියලා කියපු ඔයාගෙ නේහාගෙ ඔක්කොම තව ටික දවසකින් වෙන කෙනෙක්ගෙ" නේහා දාලා ගියේ අමුතු හිනාවකුත් දාලා. ඉෂාරට ඒක හිතටම වැදුනේ ඒ සමච්චල් හිනාවක් නිසා.
Wedding එක දවසටත් ලං උනා. නේහාගෙ ගෙදර අය බරටම වැඩ.
නේහට ඕනේ උනේ ඉක්මනට පොඩි wedding එකක් ගන්න.
ඒ නිසා චාම් පොඩි සාදයක් වගේ wedding එකක් ගත්තා . ඒත් ඉෂාර නම් ආවේ නැ.
Wedding එක ඉවර වෙලා දෙන්නම hotel එකට ගිහිල්ලා ඇග හෝදන් කෑම කාලා හර්ෂ ඇඳට ආවා. නේහා කණ්නාඩි මේසෙ ගාව කොන්ඩෙ පීරනවා.
"නේහා..... "
"ම්......"
"එන්නකෝ "
"ඇයි හදිස්සිද හර්ෂ..... හී හී"
"නේහා...... "නේහා එන්නේ නැති නිසා හර්ෂ හිමිට ළඟට ගිහිල්ලා නේහාව උස්සන් ඇවිල්ලා ඇදෙන් තිබ්බා.
ටිකක් වෙලා නේහා දිහා බලන් හිටපු හර්ෂ නේහගෙ තොල් වලට බර උනා. නොඉවසිල්ලෙන් මුලු ඇග පුරාම අත යවන ගමන් නේහාගෙ දුහුල් ඇදුම ඇඟේ ඉවත් කරලා ඇදේ රෙද්ද දෙන්නගෙම ඇගට දාගෙන හර්ෂ නේහගේ ළැමට තොල් පෙති තිබ්බා. රාගික පැය 2 ක 3 කට පසු හර්ෂ නේහාව ගතිනුත් තමන්ගේම කර ගත්තා. උදේ හර්ෂට ඇහැරුනේ room එකේ bell එක වදින සද්දෙට.
නේහාගෙ නිරුවත් ලැම රෙද්දෙන් වහලා දොර අරියා. දොර ගාව හිටියේ ඉෂාර.
"මොකද ඉෂාර මේ උදෙන්ම "
"මට නේහට කතා කරන්න ඕනේ "
"දැන් බැ"
"ඇයි මට මගේ නේහට කතා කරන්න බැරි අා හර්ෂ එයා මගේ "
"ආ.... එහෙමද ගිහිල්ලා බලනවා එයා කාගෙද කියලා "
ඉෂාර කාමරය තුළට එන විට නේහා අද මත අනික් පැත්ත හැරී නිදාගෙන හිටියා. නේහාගෙ නිරුවත් පිට දැකපු ගමන් ඉෂාර තේරුම් ගියා වෙලා තියෙන දේ. මහ හයියෙන් hotel එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා. නිදාගෙන හිටපු නේහා ඇහැරැනෙ නිරැවත් ලැම රෙද්දෙන් වහගෙන.
" නැ නේහා ඔයා මගේ නේහා. ඔයා මගේ. දෙයියනේ ඇයි මට මෙහෙම කාලේ"ඉෂාර බිම වැටී අඩන්න ගත්තා.
එතකොටම.....
නිමි.
09 කොටස (අවසානයට පෙර)
"මල්ලී මොකද මේ....... " ඒ ඉෂාරගෙ අක්කා ඒ කියන්නේ නෙහන්සාගෙ චුටි මාමාගෙ නෝනා.එතකොට ඉෂාර අක්කා දිහා බැලුවා.
"ඇයි අක්කේ "
"නෙහන්සා කියලා කෑ ගැහුවේ අැයි"
එතකොට ඉෂාර ඉක්මනට වටපිට බැලුවා එයා මෙච්චර වෙලා දැක්කෙ හීනයක් කියලා ඉෂාරට තේරුණා. ඒ වගේම එයාට ලොකු සතුටක් දැනුනා ඒ හීනයක් කියලා දැනුනම.
"මල්ලී අැයි ඔයා මොනාද දැක්කේ "
"මුකුත් නැ අක්කේ "
"මල්ලී ඔයා හිතනවද ඔයාට නෙහන්සා බෑන්දම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා "
"මගෙ සතුට වැඩක් නැ අක්කේ මට ඕනෙ එයාගෙ සතුට මාව බැඳලා දරුවෝ නැතුව පසුතැවෙනවට වඩා එයා මේ තීරනේ ගත්ත එක හොඳයි"
"මන් හිතන්නේ නෑ එයා සතුටෙන් ඉදි කියලා"
" අැයි එහෙම කියන්නේ"
"මෙච්චර කාලයක් ඔයා නැතුව දුක් විඳපු කෙල්ල හිතන්න එක පාරටම වෙන කෙනෙක් බඳින්න කැමති උනේ අැයි කියලා"
" අැයි මට තේරෙන්නේ නෑ"
" මොකද එයාට ඕනේ එයාගෙන්ම පලිගන්න"
" අැයි මොකද ඒ එයා එයාගෙන් පලි ගන්නේ"
" මොකද ඔයා වගේ ආත්මාර්ථකාමී කෙනෙක්ට ආදරේ කරාට"
" මම කොහෙද අක්කේ ආත්මාර්ථකාමී මම හිතුවේ එයා ගැනනේ"
" නැ ඔයා හිතුවේ ඔයා ගැන ඔයා නෙහන්සා ට ආදරේ නැ එකයි ඔයාට එයාව එපා උනා එකයි"
"ඔයට මොනාද අක්කේ මේ වෙලා තියෙන්නේ මොනාද ඔයා කිය වන්නේ මම කොහෙද ආත්මාර්ථකාමී උනේ මම මාගෙ නෙහන්සා වෙන එකෙක්ගෙ වෙනවට කැමති නැ. මොකද මම එයාට මැරෙනකන්ම ආදරෙයි එක මොනම හේතුවකටවත් මම නවත්තන්නෙ නැ. ඒත් මත් එක්ක ඉදලා එයා දුක් විඳින්න ඕනේ නැ. ඒකයි මම මේ තිරණය අමාරුවෙන් හරි ගත්තෙ "
" මල්ලී දෙයක් කියන්නද"
" හ්ම්"
"ඔය දේ මට උනානම්. අනිත් කෙනාගේ හොඳට කියලා ,මම කවදාවත් මගේ ආදරේ වෙන කෙනෙක්ට අයිති වෙන්න දෙන්නේ නැ . මොකද ඒ මගේ ආදරේ නිසා. අපේ ආදරේ වෙන කෙනෙක්ගෙ වෙනවට අපි කවුරුත් කැමති නැ මල්ලී. එහෙම වෙන කෙනෙක්ට දීලා ඒක දැක දැක ඉන්නවට වඩා හොඳයි මැරිලා යනවා. ඔයා ඔය අරන් තියෙන්නේ ආත්මාර්ථකාමී තීරනයක් තමයි මල්ලී ඔයාට තිබ්බ එදා නෙහන්සා ට ඇත්ත කියන්න. එහෙනම් ඒ ලමයා ලමයෙක් අරන් හරි හදා ගන්නවා හරි කියනවා මොකද එයා ඔයාට එ තරම් ආදරේ. ඔයා නැති උනාට "
"අක්කේ... මං...."
" කතා කරන්න එපා ඔයා. අපිට වඩා ඔයයි දන්නේ නෙහන්සා ඔයාට ආදරේ කරපු තරම.අද නෙහන්ස වෙන කෙනෙක් ගාවට යනවනම්, ඔයා හිතනවද ඒ යන්නේ කැමැත්තෙන් කියලා ආ..... මට කියන්න මල්ලී .
"මම දන්නේ නැ අක්කේ..... "
"ඔව් ඔව් ඔයා මුකුත් දන්නේ නැ. තනි තිරණනම් ගන්න දන්නවා. එයා වෙන කෙනෙක්ට කැමති උනේ ඔයාට රිද්දන්න. නැතුව එයාගෙ ඔයාට අැර වෙන කාටවත් ආදරේ නැ. මමත් කෙල්ලෙක් මට එයාව තේරෙනවා"
"අනේ අක්කේ දැන් ඇති........ "
"නැ මල්ලී අද තමුසෙට අහන්නම වෙනවා. මල්ලී ඕනම ආදරේ කරන දෙන්නෙක් ප්‍රාර්ථනා කරන්නේ හැම ආත්මෙකම අපි අපේම වෙන්න කියලා. එතකොට ඔයා හිතනවද, නෙහන්සාට අද මේ ඔයා කරපු දේට එයා ඔයාට වෛර නොකර ඉදි කියලා. එයා අර හොයලවත් බලන්නේ නැතුව කොල්ලෙක් බඳින්න යනවා. ඒකා එයාට ආදරෙන් සලකයි ද. එයා හැම දුක් විඳින සැරයක් පාසාම ඔයාට වෛර කරයි"
" එයා අර කොල්ල බැඳලා එකා ඒ කෙල්ලට වද දුන්නොත් ඔයා ඒ කෙල්ලව බේර ගන්නවද ඒ කෙල්ල එතකොට දුක් විඳිනවා බලන්න පුලුවන්ද එයා ඔයා එක්ක හිටියනම් එයා ආදරේ කරන කෙනා එක්ක ලමයෙක් හදාගෙන හරි ජීවත් වෙයි. ඒත් අර කොල්ලා එක්ක කොහොමද එ කෙල්ල ඉන්නෙ ඔයාට තියෙන ආදරේ හිතේ තියාගෙන ඔයා මැරිලා කියලා හිතන් එ කෙල්ල හිටියනම් එයා තනියම හරි නිදහසේ ජීවත් වෙයි, ඊලග ආත්මෙ ඔයාව ප්‍රාර්ථනා කරයි. ඒත් දැන් එයා ඊලග ආත්මෙ ඔයාව ප්‍රාර්ථනා කරයිද ආ...... අහක බලන් ඉන්නේ මට උත්තර දෙනව..... "
" මම දන්නේ නැ මට තේරෙන්නේ නැ අක්කේ......"ඉෂාර මහ හයියෙන් කෑ ගහන්න ගත්තා. ඉෂාර ගෙ අක්කා ඉෂාර ගෙ කනට හයියෙන් එකක් ගැහුවා.
"ඔව් තමුසෙට තේරෙන්නේ නැ තමයී. මේවා දැන් තමුසෙට කිවුවා කියලා මොන කරන්නද වෙන්න ඕන නැති දෙයක් මේ වෙන්න යන්නේ මල්ලී ඒක දැන ගන්නවා" ඉෂාර අක්කා ගියාම හොඳටම අඩන්න ගත්තා.
Wedding එක දවස ආවා.
"මල්ලී යන්නේ නැද්ද ඔයා "
"මම එන්නේ නැ අක්කේ "
"ඔව් ඔව් එන්නත් එපා. ඒ කෙල්ලගේ ජීවිතේ විනාස කරලා wedding වලට යන්න ඕනෙත් නැ. ඒ කෙල්ල බොරු හිනාවක් මවාගෙන හැමොටම කතා කරනවා බලන්න. අද ඒ කෙල්ල බැඳගන්නේ කොල්ලෙක් ව නෙමෙයි මල්ලී මුළු ජීවිත කාලයටම වේදනාවක්. ඒක දුන්නෙ ඔයා ඒක හොඳට මතක තියා ගන්න. අපි ගිහිල්ලා එන්නම්. දැන් ගියාම ඒ කෙල්ල අහන්නේ නැති උනාට අපි එනකොටම බලන්නේ ඔයාත් ඉන්නවාද කියලා විතරයි. ඒක හොඳට මතක තියා ගන්න " ඉෂාර කාමරේට ගිහිල්ල හොඳටම අඩන්න ගත්තා. ඉෂාර ට නොදැනීම නින්දා ගියා. ඊයේ දැක්ක හීනෙ ආයිමත් දැකල ඉෂාර භය වෙලා ඇහැරුනා. වෙලාව බැලුවා. 7:00 යි කියලා සටහන් වෙලා තිබ්බා. ඉෂාර ට අැස් ඉස්සරහ නෙහන්සා හර්ෂ එක්ක කාමරේ ඉන්නවා පෙනුනා. හර්ෂ නෙහන්සා ළඟට ගිහිල්ලා නෙහන්සා දෙතොල් වලට ලං වෙනවා දැක්කා. මුළු කාමරේ ම එක එක ඒවා පේන්න ගත්තා. ඉෂාර පිස්සෙක් වගේ ගෙදරින් එලියට ඇවිල්ලා,
"බැ මැණික ඔයා මගේ විතරයි. මේ පවුකාරයට සමාවෙන්න මගේ මැණික. ඔයා නැතුව මට ඒක මොහොතක් ඉන්න බැ සුදු. ඊට වඩා හොඳයි මම මැරිලා යනවා."
එතකොටම.....
නිමි.
10 කොටස (අවසාන කොටස)
එතකොටම ඉෂාර තීරනයක් ගත්තා. "නෙහන්සා නැතුව මට ඉන්න බැ. මම මැරෙන්න ඕනේ. මම එහෙම කළොත් අක්කා කිවුවා වගේ නෙහන්සා මට වෛර කරනවානම් එයා මට සමාවක් දෙන එකක් නැ. නැ මම මැරෙන්නේ නැ. මම මගේ නේහාව කාටවත් දෙන්නේ නැ"
එහෙම හිතලා ඉෂාර ඉක්මනටම hotel එකට ගියා. Hotel එකේ කවුරුත් නැ.
"කෝ මේ කට්ටිය ගෙදර ගියාද දන්නෙ නැ. නේහාගෙ ගෙදර යන්න ඕනේ"
එහෙම හිතලා ඉෂාර නෙහන්සා ගෙ ගෙදර ගියා.දොර ඇරලා තිබ්බා. ඉෂාර ගෙ ඇතුලට ම ගියා.
" නේහා..... ඔයා ඉන්නවද"
" පුතේ ඔයා කොහෙද මෙහෙ" එ නේහා ගෙ අම්මා.
"අම්මා කෝ මගේ නේහා" ඉෂාර අැහුවෙ අම්මගෙ අත්දෙකන් අල්ලන් පිස්සෙක් වගේ.
" පුතේ එයා බන්දනෙ ඔයාටත් එන්න කිව්වනේ පුතේ "
"ඔව් දැන් කෝ එයා "
"Hotel එකේ පුතේ අද ඉන්නේ හෙට එ පුතාගෙ ගෙදර යනවා "
"මම එහෙට ගියා මං හිතුවේ මෙහෙ කියලා " ඉෂාර එහෙම කියලා යන්න හැරෙනකොටම,
"පුතේ ඔයා අැයි දැන් නේහා ව හොයන්නේ. දැන් නේහා හර්ෂ පුතාගෙ"
"නැ අම්මේ එයා මගේ අදත් හෙටත් හැමදාටම "
"දැන් ඒවා කියලා වැඩක් නැ ඉෂාර "
එතකොටම නේහා ගේ ඇතුලේ ඉඳන් ආවේ හර්ෂ එක්කමයි.
" නේහා....." ඉෂාර නේහා ගාවට යනකොට නේහා..
"නවතින්න ඉෂාර දැන් ඔයාට මගේ අයිතියක් නැ"
" එහෙනම් කාටද අයිති කියනවා. ආ..... කියනවා මේකටද මම ඔයාව කාටවත් දෙන්නේ නැ" ඉෂාර කිවුවෙ නේහා ගෙ මූණේනුයි අතිනුත් තදින් අල්ලාගෙන. හර්ෂ එතකොට ළඟට ආවේ ඉෂාර ව නේහාගෙන් ඇත් කරන්න.
" එහාට පලයන් මේ මගේ කෙල්ල මගේ පණ. උබට දෙන්න බැ මේ මගේ කෙල්ල" එතකොට නේහා ඉෂාරගෙ අත අයින් කලේ නේහා ගෙ මුණ ඉෂාර ගෙ නියපොතු වලට සීරේනවත් එක්කමයි.
" එයාට එහෙම කියන්න ඔයාට බැ ඉෂාර මොකද ඔයයි මාව එයට දුන්නෙ. ඔයයි මට මෙහෙම කාලේ. ඔයා මට ආදරෙයි නම් එදා එහෙම කරන්නේ නැ. මට බොරු කරන්නේ නැ.ඔයා යන්න. ඔයාට මම වෛර කරනවා .යන්න මෙහෙන් මගේ ළඟට ආයේ එන්නවත් එපා" ඉෂාර තල්ලු කරන ගමන් නේහා කියාගෙන කියාගෙන ගියේ පිස්සෙක් වගේ.එවෙලේ ඉෂාරට ආපු තරහට නේහාගෙ කනට ගැහුවා. ඒ නේහා ට ගහපු පලවෙනි වතාව.
" කට වහනවා මොනාද කියවන්නේ මම මේ හැමදේම කලේ ඔයා නිසා ඒක ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්නවා. මාව බැඳලා ලමයෙක් හම්බුනේ නැති උනොත් ඔයාට මිනිස්සු ඔයාට ඇඟිල්ල දික් කරයි. අනික හැම කෙල්ලම කැමැති තමන්ගේ ලෙයින් හැදුන ළමෙක්ට. මත් එක්ක ආවොත් ඔයා දුක්විඳි කියන එක විතරයි මට හිතුනේ. ඒකයි මම එහෙම කලේ. මට සමාවෙන්න නෙහන්සා.... "එතකොටම හර්ෂ හයියෙන් හිනා උනා.
"මම ඔයාගෙ නේහා ගන්න ඕනේ නැ. මෙන්න ගන්න" නේහා හිනාවෙවි බිම බලා ගත්තා. ඉෂාර බලන් හිටියේ පුදුමෙන් වගේ. එතකොට චුටි මාමයි නැන්දායි (ඉෂාරගෙ අක්කා) ඉෂාරගෙ අම්මයි අප්පච්චි හැමෝම එළියට ආවා.
" මේ මොකද්ද වෙන්න"
" අනේ මගේ මෝඩ පැටිය කොහොමද හිතුවේ මම වෙන කෙනෙක්ගෙ වෙයි කියලා ආ..... දෙන්න ඕනේ ඇත්තමයි......"
"මට තේරෙන්නේ නැ එතකොට ඔයා..."
"මම බැන්දේ නැ.මේක plan එකක් අපි හැමෝගෙම. ඔයාට මම නැතුව බැ කියලා ඔයාට තේරුම් කරවන්නයි මෙහෙම කලේ. නැත්තන් මේ ගොන් පැටියට තේරෙන්නේ නැනේ හි හි " ඉෂාරට ඇත්තටම ලොකු සැනසීමක් දැනුනා.
"අම්මෝ මම බය උන තරමක්" හැමෝටම ඉෂාර දාඩියත් පිහල එහෙම කියනකොට හිනා ගියා.
"ඔයාලට හිනා ඉතින්, තව ඩිංගෙන් මගේ පන යනවා" ඉෂාර කිවුවෙ කටත් ඇද කරන්න. එතකොට නෙහන්සා ට හොඳට හිනා.
" ඔයා නම් නේහා......."
" ආ මේ.... ඉෂාර හෙට අපේ wedding එක"
"මොකක්...." ඉෂාර ඇහුවෙ පුදුමෙන්.
"ඔව් ඉෂාර ඔයාට තියෙන්නේ හෙට ලෑස්ති වෙලා එන්න. දැන් ඉතින් ගෙදර යන්න. ගිහිල්ල කාල නිදාගෙන හෙට එන්නකෝ...... හි හි " ඉෂාර අක්කල එක්ක ගෙදර ගියා. ඉෂාර පහුවදා wedding එකට ආවා. නෙහන්සා තනියම ඔක්කොම නෑදෑයෝ එක්ක එකතු වෙලා කරලා. දෙන්න චාරිත්‍ර ඉවර වෙලා කාලා එහෙම ඉවර වෙලා වාඩිවෙලා ඉන්න ගමන්,
" නේහා.... "
" කියන්න පණ" එහෙම අහනකොට ඉෂාරට ලොකු සතුටක් දැනුනා.
" අැයි පණ කියන්න"
" මැණික මට එක දෙයක් තේරෙන්නෙ නැ"
"මොකද්ද පණ"
"එතකොට මේ wedding කොහොමද ඔයා මට දුන්න card එක මට ඒවා තේරෙන්නේ නැ"
"ඉන්නකෝ කියන්න. මම ඔයා ගැන දන්නවානේ පණ. මම ඔයාට දුන්නෙ මගෙයි හර්ෂ ගෙයි නම දාලා ඔයාට විශේෂයෙන් හදපු wedding card එක හි හි. එතකොට නැදෑයින්ට අපි දෙන්නගෙ නම් දාලා හරි wedding card දුන්නා. අන්න ඒකයි උනේ හරිද පණ. හර්ෂ මගේ bank එකේ යාලුවෙක් මල්ලී කෙනෙක් උස මහතට හිටියට"
" එහෙම ද ඔයා නම් නේහා හි. මේ එතකොට මම ඊයේ එහෙම එන්නේ නැතුව හිටියනම් අපිට අද මෙහෙම බඳින්න වෙන්නේ නැනේ"
" ආ... එහෙම උනානම් මම ඇවිල්ල උස්සන් එන්නේ හරිද අද wedding එකට"
" ආ ඇත්තද මාව උස්සන්න ගිහින්, මට ඔයාව උස්සන්න වෙයි. හි... හි..."
" අැයි උස්සන්න උනොත් බැරිද "නේහා කටත් හදන් අහනකොට ඉෂාර ආදරේ හිතුනා තවත්.
" කවුද බැ කිව්වේ. මගේ චුටි.... "
" හි එහෙනම් හොඳයි. මගේ මහත්තයා... "ඉෂාර හිනා උනාට හිත ඇතුලෙන් ලොකු දුකක් හිටියේ එයාගෙ අඩු පාඩුව ගැන. එයාලට දරුවෝ ලැබුණේ නැත්තන් නෙහන්සා ඉෂාර ව එපා වෙයි කියලා ඉෂාර බයෙන් ඉන්නේ.
Wedding ඉවර වෙලා දෙන්නම room එකට ඇවිල්ලා. Wash එකක් දාගෙන ඇදෙන ඉඳගෙන ලෑස්ති උනේ කන්න.
" නේහා මට කවන්නකෝ"
" අනේ අලි බාබා හි කෝ එන්න ""
දෙන්නම කාලා නිදා ගත්තේ දෙන්නටම හොඳටම මහන්සි දැනුනා නිසා. නේහා කවදාවත් නැති තරම් ආදරෙන් ඉෂාරට තුරුල් වෙලා නිදා ගත්තා. ඉෂාර නේහාව ආදරෙන් තුරුල් කර ගත්තා.
පහුවදා දෙන්නම එළියේ ටිකක් ඇවිදලා දවල්ට කාලා. දෙන්නම ගියේ Garden එකට එතනට වෙලා photo ගහලා කියෝ කියෝ ඉන්නකොට දෙන්නට වෙලාව යනවා දැනුනේම නැ.
නේහා wash එකක් එහෙම දාලා කොන්ඩෙ පිරන ගමන් හිටියේ . එක පාරටම සිතලක් දැනුනා.
"අනේ.... එ පිස්සා. මම බය උනා"
"මොකටද "
"මන් බැලුවා සිතලට කවුද ඇල්ලුවේ කියලා "
"හි හී හි "
"ඔයා හිනා වෙන්න" නේහා තරහ වෙලා කණ්නාඩිය දිහා බලාගෙන කොන්දේ පිරන්න ගත්තා. ඒ අතරේ ඉෂාර හිනා වෙවී ඇවිල්ලා නේහාව උස්සාගෙන ගිහිල්ලා ඇදෙන් තිබ්බා.
" මොකද "
"මුකුත් නැ මැණික අැයි මට ඔයාව උස්සන් එන්න බැරිද"
"හි පුළුවන්" ඉෂාර නේහා බෙල්ල ගාව තිබ්බ නියපොතු පාර දැක්ක.
" මේ අැයි"
"ඊයෙ ඔයාගෙ නියපොතු වලට තුවාල උනේ. බෙල්ලෙන් අල්ලපු වෙලාවේ මම අත ගසලා දැම්මානේ"
"රිදෙනවා ද "
"දැන් නැ ඊයේ රිදුනා දැන් නැ "
"බෙහෙතක් දෙන්නද"
" මොනාද" එහෙම කියලා ඉෂාර නේහාගෙ බෙල්ලට හෙමින් එයාගෙ තොල් තිබ්බා. නේහා ඉෂාරගෙ උණුසුම ලබන්න ගොඩක් ආසාවෙන් හිටියේ. කෙල්ලට අද හරි සතුටුයි. නේහා අැස් පියාගෙන ඉෂාරගෙ සිපගැනිම වින්දා. ටික වෙලාවකින් නේහාගෙ දුහුල් ඇදුම ඇගෙන් ඉවත් කරලා සියුම් ස්පර්ශ ටිකෙන් ටික රළු උනේ දෙදෙනාගේම හැඟුම් පුබුදුවමින්. ඉෂාර නේහාව ගතිනුත් තමන්ගේම කරගෙන හමාරයි. අනුරාගී පැය කිහිපයකට පසු දෙදෙනාම නිදා ගත්තෙ එකිනෙකා තදින් වැලඳ ගමින්.
Wedding එකේ දෙවනි දවසක් තිබේ නැති නිසා දෙන්නම ගෙදර එන්න ආවා. අලුත් බැඳපු ජෝඩුවක් තනියම ඉන්න ඕනේ කියලා ඉෂාරගෙ අම්මා කියපු නිසා,තාත්තා ඉෂාරටයි නේහාටයි අලුතෙන් ගෙයක් wedding gift එක විදිහට ලෑස්ති කරලා තිබ්බා. නේහාගෙ අයියාගෙන් හම්බුනේ car එකක්. ඒකෙම අයියා නේහාවයි ඉෂාරවයි එයාලගෙ අලුත් ගෙදරට එක්කන් ගියා. මේ ගැන දෙන්න දැන ගෙන හිටියේ නෑ. එනකොට අම්මලා එකතු වෙලා දෙන්නව පිළි ගත්තා. පුතේ මේ ගේ අපෙන් ඔයාට තෑග්ග. නේහාගෙ අයියාගෙන් දෙන තෑග්ග තමයි දැන් ඔයාලා ආපු car එක. නේහාටයි ඉෂාරටයි ගොඩක් සතුටුයි එයාල වෙනුවෙන් පවුලේ අය කරපු දේවල් වලට.
ඉෂාර යි නේහා යි බැඳලා අදට මස 6 ක් ඉෂාරට නේහා doctor කිවුව පිලිවෙලට බෙහෙත් වෙලාවටම දෙනවා. ඉෂාර නම් ඉන්නේ ගොඩක් බයෙන්. ඒක නේහා ට තේරිලා තිබ්බේ. ඒත් එයා ඒක පෙන්නුවේ නැ. දෙන්න හිටියේ හරිම ආදරෙන්.
මේ මාස 6 පුරාවට නේහා ඉෂාර ගෙ උණුහුමේ හිටියේ නැති මොහාතක් නැ. දවසක් උදේක නේහා washroom එකට වෙලා වමනේ දානවා හොඳටම. ඉෂාර හොඳටම බය වෙලා. ඉක්මනට නේහා එක්කන් ඇවිල්ලා ලෑස්ති කරගෙන නේහාගෙ අම්මාත් call කරලා කියලා. නේහා doctor ට පෙන්නුවා.
"පුතා කෝ දුව "
"ඇතුලේ ටෙස්ට් එකක් අම්මා "
"ඔයාලගෙ අම්මාත් මම කිවුවා පුතා දැන් එනවා ඇති"
"හා අම්මා ඒක හොඳයි "
"මාගෙ සුබ පැතුම් ඔයා ඔන්න තාත්තා කෙනෙක් වෙන්න යන්නේ ඉෂාර දේවියෝ ඔයාලා දිහා බැලුවා " doctor කියනකොට ඉෂාර ට පුදුම සතුටක් දැනුනා. Doctor ට thankz කරලා ඉෂාර යි නේහාගෙ අම්මයි ගියේ නේහා බලන්න. කෙල්ල හිනා වෙවී ඇඳට වෙලා ඉන්නව. ඉෂාර ගිය ගමන් කෙල්ලට උම්මා දීගෙන ගියේ හිතේ තිබ්බ මහා සතුටටමයි.
ඉෂාර ගෙ අම්මත් ආවා. කට්ටියගේ මූණු වල සතුටෙන් ඉෂාර ගෙ අම්මට තේරුණා. මොකද්ද හේතුව කියලා. හැමොටම call කරලා දෙන්න විස්තර කිවුව.
මාස 9 කුත් ගියා. දවසක් නේහා අම්මාලා දෙන්න එක්ක කතා කර කර ඉන්නකොට නේහා ට අමාරු උනා. එහා ගෙදර අයගේ උදවූවෙන් නේහා hospital ගෙනාවා. ඉෂාරත් office එකෙන් ආවේ හොඳටම බය වෙලා.
නේහා කෑ ගහනවා ඉෂාරට ඇහෙනකොට ඉෂාරට හොඳටම බය හිතුනා. ටිකකින් පොඩි දරුවෙක් අඩනවා ඇහුන. Nurse කෙනෙක් ඉෂාර ට බාබා ගෙනල්ලා දුන්නා.
"ලස්සන පුංචි දුවෙක් "
Nurse ඉෂාරට කිවුවෙ හරිම සතුටෙන් ඉෂාර අම්මලාට තමන්ගේ ලේ වලින් හැදුන සිඟිති දියණිය පේන්න ගමන් ඇඩුවා. ටිකකින් තව බබෙක් අඩනවා ඇහුනේ හැමෝම පුදුම කරවමින්.
"මෙන්න අනිත් පැටිය. නිවුන්නු ඔයාගෙ wife කියන්න එපා කිවුව. ඔයාව පුදුම කරවන්න ඕනේ නිසා " nurse කියනකොට ඉෂාර ට නේහා ගැන තිබ්බ ආදරේ තව තවත් වැඩි උනා. දුවලා දෙන්නව ඉබල අම්මලාගේ අතට දීලා ඉෂාර ගියේ නේහා බලන්න.
අමාරුවෙන් අද උඩට වෙලා දාඩිය පෙරාගෙන ඉන්න නෙහ් දැක්කම ඉෂාර ට හොඳටම දුක හිතුනා. නේහා ගාවට ගිහිල්ලා කෙල්ලව බැඳගෙන ඇඩුව. ඉෂාර මේ අඩන්නෙ දුවලා දෙන්න ලැබුණ සතුටට වඩා තමන්ගෙ මෝඩ තිරණය නිසා තව ටිකෙන් තමන්ට පණ වගේ ආදරේ කරන නේහා නැති කර ගන්න ගිය දුකට.
Hospital එකෙන් නේහා ගෙනාවා.හැමෝම දුවලා දෙන්න බලන්න ආවා. අම්මා කිවුවෙ ඉෂාරගෙ අැස් දෙකයි කටයි වගේම කෙල්ලො දෙන්නගෙත් කියලා. හැබැයි පාටයි,කොන්ඩෙ, හැඩ ඔක්කොම නේහා වගේ කියලා කිවුවා.
කෙල්ලො දෙන්න හා පැටවූ වගේ නිදි. ඉෂාර එ දෙන්න ළඟට වෙලා කල්පනා කරනවා.
"මොනාද කල්පනා කරන්නේ පණ"
"මම කරන්න ගියපු මෝඩ වැඩේ ගැන මැණික "
"පණ දැන් ඒවා හිතන්න එපා..... ඒවා අතීත කතා නෙ අනික අපි දෙන්න මේ ලස්සනට එකතු උනේ. නේද පණ... ආ....."
"ඔව් මැණික මම ආදරෙයි ඔයාට ගොඩ............ ක්"
"මත් අාදරෙයි මගේ පිස්සු කෝච්චියට ගොඩ ගොඩ ගොඩ........... ක් හි හි"
" මගෙ ජීවිතේ #වටිනාමදේඔයා මගේ මැණික ඔයා දුන්නා ඊලග වටිනාම දේ අපේ මේ පැටික්කියො දෙන්නා. මාගෙ ජීවිතේ දැන් සම්පූර්ණ වෙලා ඉවරයි මැණික ඒ ඔයා නිසා"ඉෂාර ට තුරුල් වෙලා හිටපු නේහාට ඉෂාරගෙ සතුට කොච්චරක්ද කියලා ඉෂාර ගෙ මූණේන් පෙනුනා.
ඔය විඳිහට ඉෂාර නේහා හරිම ආදරෙන් තමන්ගේ පුංචි දඟකාර කෙල්ලො දෙන්න එක්ක සතුටෙන් ජීවත් උනා. ඒ වගේම ඉෂාර පොරොන්දු උනා ආයේ කවදාවත් තනි තීරණ ගන්නේ නැ කියලා.
නිමි.
