සෙබළියකගේ ආදරය | Sebaliyakage Adaraya


සෙබළියකගේ ආදරය (කෙටිකතාව )
------------------------------------
" ම් .......... "

" අත පය හොලවන්නවත් බෑ.
මුළු ඇඟම තලල දාල වගේ රිදෙනව.
යන්තම් වගේ ඇස් දෙක ඇරල වටපිට බැලුවෙ තාමත් මම ඉන්නෙ කැම්ප් එකේද බලන්න "

" න් ..... නෑ මම ඉන්නෙ හොස්පිටල් එකක.
මුලු ඇගම රිදෙනව
ඒ මදිවට පපුව හිරවෙනව වගේ දැනුන නිසා පොඩ්ඩක් අල්ලල බලන්න කියල දකුණු අත යන්තමට උස්සන්න හැදුව අත හොලවන්නවත් බෑ.
හුස්ම ගන්නත් අමාරුයි.
නහයට බටයක් දාල වගේ දැනෙනව.
කතාකරන්න හැදුවට කතාකරන්නත් බෑ "

" ඩොක්ටර් මෙයාට සිහිය එනව "

" නර්ස් කෙනෙක් එහෙම කියාගෙන මා ලඟට දුවගෙන ආව "

" මෙයාගෙ ගෙදරින් කවුරු හරි ආවද "

" ඩොක්ටර් කෙනෙක් ඇවිල්ල නර්ස්ගෙන් ඇහුව "

" තාම නෑ ඩොක්ටර් "

" මෙයාට ගොඩක් අමාරුයි
කවුරු හරි ආවොත් ඉක්මනට බලන්න ඉඩදෙන්න "

" එහෙම කියල ඩොක්ටර් යන්න ගියා "

" ම් .... "

ඔවුන් මදක් ඈතට ගිය පසු බෙහෙත් වල සැරට මෙන්ම ගතට දැනුනු වේදනාවට නැවතත් ඇය සිහිසුන් විය.
***********************************
" මම නම් ගොඩක් කැමතියි සුදු නංගි.
අපේ තාත්ත ඉන්න තත්වෙත් එක්ක මට යන්න බැරි නිසා මිසක් නැත්නම් මම මෙලහකටත් හමුදාවට බැදිල.
මට පුළුවන් තත්වයක් ආපු ගමන් මාත් හමුදාවට බැදෙනව සුදු නංගි "

" මම දන්නව සුදු අයියෙ කවදාවත්ම ඔයා මගෙ ආසාවකට විරුද්ධ වෙන්නෙ නෑ කියල ඒත් අපේ ගෙදර කවුරුවත්ම කැමති නෑ මම හමුදාවට බැඳෙනවට "

" අම්මල තාත්තල එහෙම තමයි සුදු නංගි.
මේ වගේ යුද්දෙ දරුණු කාලෙක තමන්ගෙ දරුවෙක් හමුදාවට යනවට එයාල කැමති නෑ "

" ඒත් ගොඩක් දේවල් කියල කියල මම යන්තම් ගෙදරින් කැමැත්ත ගත්ත "

" දැන් කවද්ද ඔයාට යන්න තියන්නෙ "

" අනිද්ද සුදු අයියෙ "

" එහෙනම් අපි දෙන්න හෙට උදෙන්ම බෙල්ලන්විල පන්සලට ගිහින් බෝධි පූජාවක් පටන් ගමු "

" ඉතින් සුදු අයියෙ මම අනින්ද උදෙන්ම යනවනෙ "

" ඉතින් "

" එතකොට ඔයාට තනියමනෙ බෝධි පූජාවෙ ඉතුරු දවස් ටිකට යන්න වෙන්නෙ "

" ඉතින් මම යන්නම් සුදු මැණික.
ඔයාටයි අපි හැමෝටමයි පිං පිරෙන්න මම බෝධි පූජාව කරන්නම් "

" මට සුදු අයිය ගැන කියාගන්න බැරි තරම් ආදරයක් දැනුන "

" සුදු අයිය වගේ මාව තේරුම් ගත්ත.
මට පණ වගේ කරන ආදරේ කෙනෙක් ලබන්න තරම් ගිය ආත්මෙ මම කොච්චර ලොකු පිනක් කරන්න ඇතිද කියල හැමදාම වගේම මට අදත් හිතුන "
******************************
" අවුරුද්දක් පුරාවට තිබුනු ට්‍රේනින් එක ඉවර වෙලා අපිව කෙලින්ම ක්‍රියාන්විත වලට දැම්ම.
මොකද මේ වෙනකොටත් යුද්දෙ ගොඩක් දරුණු තත්වෙක තිබුනෙ.
අපිට තිබුනෙ පිටිපස්සෙ ඉදන් තුවාල වෙන අපේම සහෝදරයො කෑම්ප් එකට අරගෙන එන්න.
වෙඩි වැදිච්ච කොල්ලො වගේම රට වෙනුවෙන් ජීවිතේ පූජ කරපු කොල්ලො දකිද්දි ඉස්සරහට ගිහින් කොටින්ව මරාගෙන මැරෙන්න තරම් කේන්තියකින් මම හිටියෙ.
*********************************
මාස ගාණකට පස්සෙ හම්බවුන නිවාඩුවට ගෙදර ආපු ගමන් සුදු අයියව බලන්න ආස හිතුන.
එයාලගෙ තාත්තට ටිකක් අමාරු උනා කියල අම්ම කියපු නිසා මම හිමින් හිමින් එයාලගෙ ගෙවල් පැත්තට ගියා.
නිවාඩු හම්බවෙලා ගෙදර එනව කාටවත්ම කියල ආවෙ නැති නිසා සුදු අයිය වත් මම අද එනව කියල දැනගෙන හිටියෙ නෑ "

" සුදු අයියලගෙ ගේ ලගට යනකොටම එයාගෙ අම්ම මිදුලෙ ඉදල මාව දැක්ක "

" ආ ...... සුදු දුව.
ඔයාට නිවාඩු හම්බවුනාද "

" ඔව් නැන්දෙ.
මේ ගෙදර ආපු ගමන්.
අම්ම මාමට අමාරු උනා කිව්ව නිසා බලන්න ආවෙ "

" ඔව් දුව.
ඒත් දැන්නම් ටිකක් අඩුයි "

" ඇස් වලට පේන මානෙ හෙව්වත් සුදු අයිය හිටියෙ නෑ "

" අපි කොහොමත් දුවත් එක්ක ටිකක් කතාකරන්න හිටියෙ "

" ඇ .... ඇයි නැන්දෙ.
මොකක් ගැනද "

" නැන්ද එහෙම කියනකොට නම් මගෙ හිතට අමුත්තක් දැනුන.
මොකද පහන් අයිය මායි අතර සම්බන්ධයක් තියනව කියල අපි දෙන්නගෙන් කවුරුවත් ගෙවල් වලට කියල තිබුනෙ නෑ "

" දුව අපි දෙන්න ගැන වරදවා හිතන්න එපා.
දන්නවනෙ මාමගෙ තත්වෙ.
එයාට තනියම කිසි වැඩක් කරගන්න බෑ.
මම ඉන්න තත්වෙ හැටියට මාමව බලාගන්නත් බෑ.
එයාගෙ හැමදෙයක්ම කෙරෙන්නෙ අපේ පුතාගෙ අතින් "

" නැන්ද මාම දිහා බලල ආයිත් මගේ පැත්තට හැරුන "

" අපිට පුතා කිව්ව එයාට ඔයාව කසාද බදින්න ඕන කියල.
වෙනවට කියනව නෙමෙයි දුව.
ඒත්.
අපේ පුතා දුවව කසාද බැන්දට පස්සෙ දුවටත් මොකක් හරි කරදරයක් උනොත්.
එතකොට අපේ පුතාට මේ හැමදේකටම තනියම මූණ දෙන්න පුළුවන් කියල ඔයා හිතනවද "

" එකපාරටම නැන්ද එහෙම අහනකොට මගෙ පපුව හිරවෙනව වගේ දැනෙන්න ගත්ත "

" අපිට සමාවෙන්න දුව.
ඔයා ගොඩක් හොද කෙනෙක්.
ඔයා වගේ දරුවො අද කාලෙ හරි අඩුයි.
ඒත් ඔයාගෙ රස්සාවෙ හැටියට අපේ පුතාට ඔයා වගේ කෙනෙක් කසාද බැදල ජීවත් වෙන්න අමාරුයි.
ඔයාට අපි කියන දේ තේරෙනව නේද "

" ම ...... මට තේරෙනව නැන්දෙ "

" ඇස් වලින් එලියට පනින කඳුළු හංඟගෙන මම කිව්ව "

" අපි පුතාට මේ ගැන කිව්වට එයා තේරුම් ගන්නෙ නෑ.
අනේ දුවේ ඔයා වත් පුළුවන් නම් මේ ගැන එයාට පොඩ්ඩක් තේරුම් කරල දෙනවද "

" ම ..... මම කො ... කොහොමද දෙයියනේ සුදු අයියට එහෙම දෙයක් කියන්නෙ.
සුදු අයිය කියන්නෙ මගෙ පණ.
මම කොහොමද සුදු අයිය නැතුව ඉන්නෙ "

" ම ..... මම සුදු අයිය එක්ක මේ ගැන
කතාකරන්නම් නැන්දෙ "

" අනේ දුවේ අපිත් එක්ක තරහ වෙන්න එපා "

" න් ...... නෑ නැන්දෙ.
මම තරහ නෑ "

" සුදු අයියෙ මොකක්ද රත්තරං අපි දෙන්නට මේ උනේ.
මගේ හිත කෑ ගහල අඩනව "
"

" ම .... මම එහෙනම් යන්නම් නැන්දෙ "

" අනේ ආව විතරයිනෙ දුව.
තේ එකක් වත් බිව්වෙ නෑන "

" ගෙදර ආපු ගමන් නැන්දෙ මෙහෙ ආවෙ
හරි මහන්සියි.
ම ... මම පස්සෙ එන්නම්කො නැන්දෙ තේ ටිකක් බීල යන්න "

" හොදයි.
එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න දුව
බුදුසරණයි "

" බුදුසරණයි නැන්දෙ "

" මම එහෙම කියල ඉක්මනට එතනින් ආවෙ මගෙ ඇස් වල තියන කඳුළු නැන්ද දකී කියල.
මම නිවාඩු හම්බවුනාම වැඩිපුරම සතුටු උනේ මගෙ රත්තරං සුදු අයියව බලන්න ඕන නිසා.
ඒත් දැන් සුදු අයිය මගෙ ඉස්සරහට ආවොත් එයාට මූණ දෙන්නෙ කොහොමද කියල වත් මට හිතාගන්න බෑ "

" ගෙදර ඇවිල්ල කාමරේ දොර වහහෙන හිතේ දුක පිට වෙනකල්ම මම ඇඩුව "

" මාව හොයාගෙන දවස් දෙකක් ගෙදරට ආවත් මම කාමරේට වෙලාම ඉදල හරි සුදු අයියව මග ඇරිය "

" කෙල්ලට නින්ද ගිහින් සුදු පුතේ
ඇහැරවන්නද "

" අනේ එපා නැන්දෙ
එහෙ ඉන්න කොට නොකා නොබී නිදිමරාගෙන අපි වෙනුවෙන් සටන් කරල ගෙදර ආපු වෙලාවෙ වත් පොඩ්ඩක් නිදාගන්න නොදී කොහොමද
මම පස්සෙ එන්නම් නැන්දෙ
සුදු නංගිට කියන්නකො මම ඇවිත් ගියා කියල "

" රට වෙනුවෙන් වගේම ඔයා වෙනුවෙනුත් මට කරන්න බැරි දෙයක් නෑ සුදු අයියෙ
ඒත් ඔයාගෙ අම්මගෙ ඉල්ලීම ඉස්සරහ මම අසරණයි "

" මට සමාවෙන්න සුදු අයියෙ
ඔයාලගෙ අම්ම කියන දේත් වැරැද්දක් නෑ
තමන්ගෙ දරුවට සතුටින් ඉන්න පුළුවන් වයිෆ් කෙනෙක් මිසක් හැමදාම බයෙන් ගැහි ගැහි ඉන්න වෙන වයිෆ් කෙනෙක්ව ලැබෙනව වට එයාල බයවෙන එක සාධාරණයි.
නිකන් හරි මටත් කරදරයක් වෙලා ඔයාට බලාගන්න උනොත් කියලත් එයාලට බය ඇති "

" සුදු අයියෙ මට සමාවෙන්න
මේ ආත්මෙ නෙමෙයි උපදින හැම ආත්මෙක මම ආදරේ කරන්නෙ ඔයාට විතරයි.
ඒක කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ.
ඔයා කියන්නෙ මගේ පණ.
ඒත් සුදු අයියෙ මගෙ ජීවිතේ දැන් කොයි මොහොතෙ නැති වෙයිද කියන්න බෑ.
සමහර විට අතක් පයක් කැඩිල මම ඉතුරු වෙන්නත් බැරි නෑ.
ඔයාගෙ තාත්තයි අම්මයි ඉන්න තත්වෙ හැටියට ඔයාට මාවත් බලාගන්න උනොත් මම කොහොමද සුදු අයියෙ ඒක දරාගන්නෙ.
මට සමාවෙන්න සුදු අයියෙ.
ඔයා හොද කෙනෙක් කසාද බැදල අම්මටයි තාත්තටයි හොද ලේලි කෙනෙක් ගේන්න.
ජාති ජාතිවත් මං ඔයා එක්ක තරහ නෑ.
මේ ආත්මෙ බැරි උනාට ලබන ආත්මෙ වත් මම ඔයාගෙම වෙන්නම්.
මම යන්නම් සුදු අයියෙ.
සමහර විට මට ආයිත් එන්න ලැබෙයිද කියන්න බෑ.
ඔයාව එක පාරක් හරි දකින්න මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ.
ඒත් ඔයාව දැක්කොත් මගේ මේ තීරණේ ආයිත් වෙනස් වේවි.
ඔයාගෙ අම්මට උන පොරොන්දුව කැඩෙයි.
මට සමාවෙන්න සුදු අයියෙ
මම යන්නම්.
ඔයාට බුදුසරණයි.
මම ඔයාගෙම සුදු නංගි "

ලියන්න දේවල් කෝටියක් තිබුනත් පොඩි ලියුම් කෑල්ලක් ලියපු මම කාමරෙන් එලියට ආව.

" අම්ම මම ආයිත් ඉක්මනට කෑම්ප් එකට යන්න ඕනි "

" අනේ රත්තරං ගෙදර ඇවිත් දවස් දෙක තුනයිනෙ හිටියෙ "

" කරන්න දෙයක් නෑ අම්ම.
දැන් කෑම්ප් එකෙන් කතා කලා
ආපහු ඉක්මනට එන්නලු "

" අනේ මගෙ දරුවට හරියට කෑම ටිකක් වත් කන්න උනේ නෑ "

" කමක් නෑ අම්ම
මම ගිහින් එන්නම්.
මේක සුදු අයියට දෙන්න "

" අනේ මගෙ කෙල්ලට සියලු දෙවියන්ගේ පිහිටයි.
බුදුසරණයි
පරිස්සමෙන් ගිහින් වරෙන් රත්තරං "
**********************************
" දැන් සුදු අයියට මගෙ ලියුම් කෑල්ල හම්බවෙලා ඇති.
හැමතිස්සෙම මට සුදු අයියගෙ මූණ මැවිල පේනව.
ලියුමෙ තිබුන දේවල් වලට වගේම නිවාඩුවට ඇවිල්ලත් වචනයක් වත් කතානොකර ආපු එක ගැන මට සමාවෙන්න සුදු අයියෙ.
මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ "

" ඈතින් ඇහුන වෙඩි සද්දෙත් එක්ක අපේ කොල්ලො දෙතුන් දෙනෙකුට වෙඩි වැදුන.
මම හිමින් හිමින් පහත්වෙලා ගිහින් එක කොල්ලෙක්ව ගන්න හදනකොටම කොහෙන්ද මන්ද ආපු මෝටාර් එකක් අපි ලගින්ම වැටෙනව වගේ මට මතකයි "
*******************************
" සුදු නංගි "

" සුදු අයියගෙ කටහඩ.
කවුරු හරි මගෙ ඔලුව අතගානව.
මම යන්තම් ඇස් ඇරල බලන කොට සුදු අයිය මගෙ මූණට එබිල කතාකරනව.
ඒ කියන්නෙ මේක හීනයක්.
මම ආයිත් ඇස් දෙක තද කරල පියාගත්තෙ ඒ හීනෙන් ඇහැරෙන්න තිබුන ලෝබ කමට "

" සුදු නංගි "

" ආයිත් සුදු අයියගෙ කටහඩ මගෙ කන ලගින්ම ඇහුන "

" හීනයක් නම් කොහොමද සුදු අයියගෙ කටහඩ එලියෙන් ඇහෙන්නෙ.
මම ආයිත් ඇස් ඇරල බැලුවෙ මුකුත් හිතාගන්න බැරුව "

" දෙ ..... දෙයියනේ මේක හීනයක් නෙමෙයි සුදු අයිය මගෙ මූණට එබිල මං දිහා බලාගෙන මගෙ ඔලුව අතගානව "

" සු ..... සුදු අ .... අයියෙ
මම හිතුවෙ මං හීනයක් දකිනව කියල
එහෙනම් ඔයා ඇත්තටම මාව බලන්න ඇවිත් "

" මම එහෙම කියන්න හැදුවත් මට කතාකරන්න පුළුවන් උනේ නෑ "

" මම සුදු අයියගෙ මූණ දිහා බලල හිනා වෙනවත් එක්කම මාව කොහෙට හරි ඇදිල යනව වගේ මට දැනුන "
*********************************
" සුදු නංගි
ඔයා මාව දාල ගිහිල්ල අවුරුදු තුනක් වෙනව.
තාත්ත නැති උනාට පස්සෙ මම අම්ම වෙනුවෙන් මෙච්චර දවස් හිටියෙ.
අම්ම නැති වෙලා හත් දවසෙ බණ තිබුනෙ ඊයෙ.
හෙට මමත් ඔයා වගේම මගෙ රට රකින්න හමුදාවට යනව.
ඊලග ආත්මෙදි අපි දෙන්නට නිදහසේ එකතු වෙන්න මේ රට නිදහස් කරල තියන්න මම උපරිම විදිහට උත්සහ කරනව.
හැමදාම වගේ මම මගෙ පණටත් වඩා මගෙ මැණිකට ආදරෙයි.
නිවන් දකිනා තුරාවට ඒ ආදරේ වෙනස් වෙන්නෙ නෑ "

තම සෙබල පෙම්වතියගෙ සොහොන දිහා බලාගෙන සුදු අයිය කිව්ව.

( ගොඩක් අය සෙබල පෙම්වතුන් ගැන කතා ලිව්වට සෙබල පෙම්වතියන් ගැන කතා නොලියන නිසා මට වෙනසක් කරන්න හිතුන.
ඔවුනුත් අපි වගේම ආදණීය හදවත් තියන අය.
අපි වෙනුවෙන් යුධ බිමට ගිහිල්ල මේ රට රැක ගන්න සතුරන් එක්ක සටන් කරාට එයාලත් ආදරේ ලගදි අපි වගේම තමයි.
කතාවෙ අඩුපාඩු නම් ගොඩක් ඇති ඒ ගැන සමාවෙන්න )

Author Contact - facebook.com/sumith.priyadarshana.9277

Comments System WIDGET PACK