සැබෑ ආදරය | Sabe Adaraya
" ලස්සනයි "
" හොදයි "
" ගොඩක් ලස්සනයි "
" නියමයි "
" අපි පැය ගානක් මහන්සි වෙලා ලියන කතාවට කමෙන්ට් එකක් දාන්න වචන දෙක තුනකට වඩා ටයිප් කරන්නෙ නෑනෙ මේ කවුරුවත් "
හිනා වෙවී තියන තමන්ගෙ කතා වලට තියන කමෙන්ට් ටික බලපු ඔහු මැසෙන්ජර් එකට ගියා.
හැම කෙනෙක් වගේම ඔහුත් ආසයි තමන්ගෙ නිර්මාණ කවුරු හරි අගේ කරනවනම්.
ඒක නිසා හැමදාම කතා වලට තියන කමෙන්ට් වගේම මැසෙන්ජර් වලට එවන මැසේජ් වලටත් ඔහු හැමදාම රිප්ලයි කලා.
" අයියගෙ කතා ගොඩක් ලස්සනයි.
මම හැමදාම බලාගෙන ඉන්නෙ ඔයා කතාව දානකල් ඒක බලන්න "
" කොහොමද අයියෙ ඔයා මෙච්චර ලස්සනට කතා ලියන්නෙ.
මාරම ලස්සනයි ඔයාගෙ කතා.
ඔයාගෙ ඔක්කොම කතා ටික මම බැලුව"
" අයිය වගේම අයියගෙ කතාත් ලස්සනයි "
එක දිගටම මැසේජ් ටික කියව කියව රිප්ලයි කරගෙන ආපු ඔහුගෙ ඇස්
එක මැසේජ් එක ලග නතර උනා.
" ඇත්තමයි ඔයාගෙ කතා වල තියන ආදරේ නියමයි අයියෙ.
ඔයාගෙ ආදරේ හම්බවෙන ගර්ල් ගොඩක් වාසනාවන්තයි "
" මගෙ ආදරේ ලැබෙන කෙල්ල වාසනාවන්තයි "
ඒ වචන පේලිය කීප සැරයක් මුමුණ මුමුණ ඉන්නකොට අවිශ්කටත් නොදැනිම ඔහුගෙ හිත අතීතෙට ඇදිල ගියා.
" දිනෙත්මි "
දෙනෙත්මි කියන්නෙත් කාලයක් අවිශ්කගෙ රසිකාවියක් වෙලා ඉදල ඔහුගෙ පෙම්වතිය උනු ඔහුගෙ පලවෙනි වගේම අවසාන ආදරේ.
ඔහුට තාමත් මතකයි ඇයව ෆේස් බුක් එකෙන් මුණ ගැහුන හැටි.
" Hi "
" Hi "
" ඔයාට කොහොමද අයියෙ "
" මම හොදින් ඔයාට කොහොමද "
" මාත් හොදින් ඉන්නව අයියෙ.
ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි "
" බොහොම ස්තූතියි නංග "
" ඒත් අයියගෙ කතා දෙකයි මට හම්බවුනේ.
තව අයියගෙ කතා තියනවද "
" ඔව් නංග තව කීපයක්ම තියනව "
" අනේ අයියෙ මට එහෙනම් ලින්ක් එවනවද "
" හරි නංගි මම එවන්නම් "
" ආයිත් අයිය කතා දානකොට මාව මෙන්ෂන් කරන්න පුළුවන්ද "
" හා නංග
මම කරන්නම් "
ඇය එක්ක සාමාන්‍ය විදිහට චැට් කලත් ඊට පස්සෙත් ආයිත් චැට් කරන්න හිතුනෙ ඇයි කියල අවිශ්කට හිතාගන්න බැරි උනා.
මොකද අවිශ්ක කා එක්ක වත් එහෙම එක දිගට චැට් කරන කෙනෙක් නෙමෙයි.
අහන ප්‍රශ්නෙකට උත්තර දීල නිකන් ඉන්න කෙනෙක්.
අනික ඔහු මැසෙන්ජර් එන්නෙත් රෑ නිදාගන්න යන වෙලාවෙ විතරයි.
ඒත් දිනෙත්මි එක්ක චැට් කරන්න ඇති උන ආසාව නිසාම ඔහු පුළුවන් හැමවෙලාවෙම මැසෙන්ජර් ආව.
ඇය එක්ක චැට් කලා.
මෙහෙම ටික දවසක් යනකොට තමන්ගෙ හිතේ දෙනෙත්මි ගැන ආදරයක් ඇති වෙලා කියන එක ඔහුට තේරුනා.
ඒත් ඔහු තාම දන්නෙ නෑ ඇය තමන් ගැන මොනව හිතාගෙන චැට් කරනවද කියල.
" මගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති උනාට එයා මා එක්ක චැට් කරන්නෙ මගෙ කතා බලන නිසා හරි
එහෙම නැත්නම් යාලුවෙක් හැටියට හරිද දන්නෙ නෑනෙ "
ඔහු හැමදාම හිතුවෙ එහෙමයි.
" අයිය ආදරේ ගැන ලස්සන ලියන්නෙ මේ ඔක්කොම අත්දැකීම් වෙන්න ඇති නේද "
මේ මාතෘකාවට එන්නෙ කොහොමද කියල අවිශ්ක හිත හිත ඉන්නකොට
දිනෙත්මි දවසක් මෙහෙම ප්‍රශ්නයක් ඔහුගෙන් ඇහුව.
" අනේ නෑ නංගි ගර්ල් කෙනෙක් වත් නැති මට ආදරේ ගැන මොන අත්තැකීම්ද "
" ඔන්න බොරුවක් කිව්ව.
අයිය වගේ කෙනෙකුට ආදරේ කරන්න කෙනෙක් නෑ කියල කොහොමද පිලිගන්නෙ "
" අනේ ඇත්තමයි නංග.
මට ආදරේ කරන්න කෙනෙක් නෑ.
හැබැයි ඔයාට නම් ආදරේ කරන්න කෙනෙක් ඇති නේද "
" තාම නෑ අයියෙ
මම නම් ආදරේ කරන්න ආසයි අයියෙ
ඒත් බයයි "
" ඒ මොකද නංගි ආදරේ කරන්න බය වෙන්නෙ "
" අද කාලෙ අහන කතා එක්ක කොහොමද අයියෙ කෙනෙක්ව විස්වාස කරන්නෙ "
" ඒක නම් එහෙම තමයි නංගි.
ඒත් මේ ලොකෙ වැරදි කරන අය වගේම හොද අයත් ඉන්නවනෙ.
ඉතින් එහෙම හොඳ කෙනෙක්ව හොයල
එයාට ආදරේ කරන්න "
" ඔව් අයිය කියන එක හරි
හොඳ අය ඉන්නව ඇති.
ඒත් අපි කොහොමද අයියෙ එහෙම කෙනෙක් හොයාගන්නෙ "
" එහෙම අය හොයාගන්න එක නම් ලේසි නෑ තමයි
ඒත් කතා බහ කරන විදිහෙන්
කතා කරන දේවල් වලින් කෙනෙක්ව අදුරගන්න පුළුවන් "
" ඔව් මාත් එහෙම තමයි හිතන්නෙ.
ඒත් අයියෙ ඒකටත් ටික දවසක් එහෙම කෙනෙක් එක්ක කතාකරන්න උනත් බයයිනෙ
මම අයිය එක්ක චැට් කලේ අයිය කතා ලියන කෙනෙක් නිසා "
" ම්ම්ම්ම්.
දැන් නංගි මං ගැන හිතන්නෙ කොහොමද
මම නරක කෙනෙක් වගේද "
" අ ... නේ අනේ නෑ අයියෙ
ඔයා නම් හොඳ කෙනෙක්
මට ඔයා එක්ක කතාකරපු මේ දවස් ටිකට තේරුන විදිහට ඔයා ගොඩක් හොඳ කෙනෙක් "
" අපෝ අපෝ එහෙම තීරණ ගන්න එපා
කවුද දන්නෙ මම ඔයාව රවට්ටනව නම් එහෙම "
" අනේ නෑ අයියෙ
නරක අයව අදුරගන්න අමාරු උනාට
අයිය වගේ හොඳ කෙනෙක් කියල අදුර ගන්න අමාරු නෑ "
" ඔයාට මාව එච්චරටම විස්වාසද "
" ඔව් ගොඩාඩාඩාක් "
" එහෙම නම් මම දෙයක් කියන්න නංග මාව වැරදියට හිතන්නෙ නැද්ද "
" අනේ නෑ අයියෙ
ඔයා එහෙම නරක කෙනෙක් නෙමෙයි කියල මම දැන් කිව්වනෙ "
" ඉතින් නංග මම නරක කෙනෙක් නෙමෙයි නම් ඔයාට පුළුවන්නෙ මට ආදරේ කරන්න "
" මො .... මොනව අයියට ආදරේ කරන්න "
" සොරි නංග ම .... මම වැරදි දෙයක් කිව්ව නම් "
" න් ..... නෑ අ ... යියෙ
මට මේක විස්වාස නෑ
ඔයා ඇත්තටමද අයියෙ එහෙම කිව්වෙ "
" ඔව් ඇත්තටම "
" ඒ කියන්නෙ අයියත් මට ආදරේ කරනවද "
" ඔව් දැන් ටික දවසක ඉදන් මමත් දන්නෙම නැතුව මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ.
ඒත් ඔයා මං ගැන වැරදියට හිතයි කියල
මම ඒක ඔයාට කිව්වෙ නෑ "
" අනේ අයියෙ මගේ හිත ඔයාට ආදරේ කරන්න ගත්තෙ ඔයාගෙ පලවෙනි කතාව බලපු දවසෙ ඉදන්මයි
ඔයා වගේ ආදරේ ගැන හිතන කෙනෙක්ගෙ ආදරේ මට ලැබෙන්න කියල
මම හිතින් දෙවියන්ගෙන් කොච්චර ඉල්ලුවද
දෙවියො මට කන්දීල
ඔයාගෙ ආදරේම දෙයි කියල මම කවදාවත්ම හිතුවෙ නෑ "
මෙහෙම පටන් ගත්ත ඔවුන්ගෙ ආදරේ තව ටික කාලයක් ගලාගෙන යනකොට
දෙපැත්තෙම ගෙවල් වල අයටත් කියල ගොඩක් සුන්දරව ගලාගෙන ගියා.
ඔවුන් දෙන්නම හිටියෙ කියා ගන්න බැරි තරම් සතුටකින්.
" මම ඔයා ගැන දැන් මගෙ වෝල් එකේ දාල ඔක්කොටම කියන්නම් දෙනෙත්මි "
" එපා එපා අවිශ්ක අයියෙ.
අපි එකපාරටම වෙඩින් ෆොටෝ එකම දාල කියමු
ඒක ඔක්කොටම හොද සප්‍රයිස් එකක් වෙයි "
" ඔව් ඒකත් හොදයි තමයි
එහෙම නම් එහෙම කරමු
මගෙ අනාගත බිරිදගෙ ආසාවනෙ "
ඇයවත් තුරුළු කරගෙන අවිශ්ක කිව්වෙ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන.
ඒත් ඒ ඔක්කොම නැති උනේ කවුරුත් හිතපු නැති විදිහට අවිශ්ක වැඩට ගිහිල්ල එනකොට උන හදිස්සි අනතුරත් එක්ක.
ඒකෙන් අවිශ්කගෙ ඉනෙන් පහල කොටස සම්පූර්ණයෙන්ම පන නැතුව ගියා.
මෙච්චර කල් අවිශ්කට පන ඇරල ආදරේ කරපු දෙනෙත්මි මේ ආරංචියත් එක්ක වෙනස් උනා.
මුලින් මුලින් ඔහුව බලන්න හොස්පිටල් එකට ආපු ඇය ඔහුගෙ කකුල් දෙක සනීප කරන්න බැහැ කියල දැනගත්තම වෙනස් වෙන්න ගත්ත.
ඔහුව මග ඇරිය
කාලයක් යද්දි ඇය ඔහුව බලන්න එන එක නවත්තලම දැම්ම.
" අපි කොහොමද මේ වගේ ලෙඩෙක්ට අපේ දුවව දෙන්නෙ.
එහෙම උනොත් එයාට වෙන්නෙ හැමදාම මෙයාගෙ කැත කුනු අත ගගා ඉන්න "
දවසක් අවිශ්කගෙ අම්මයි තාත්තයි එක්ක දෙනෙත්මිගෙ අම්ම මෙහෙම කියනව ඇහිල අවිශ්ක රෝද පුටුවෙන් අමාරුවෙන් එතනට ආව.
" දෙනෙත්මි මොනවද ආන්ටි කියන්නෙ.
එයත් ඔහොමද මං ගැන හිතන්නෙ "
" ඔව්
ඒකයි එයා ඔයාව බලන්න වත් ආවෙ නැත්තෙ "
ඒ උත්තර දුන්නෙ ඇයගෙ තාත්ත.
" එයා කියන ඕන දෙයක් අපි අහනව කියල පුතා දන්නවනෙ
ඔන්න එය තව කව්ද ලමයෙක් ගැන කිව්ව
හෙට අනිද්දම ඒ ලමය ගෙදර අයත් එක්ක අපේ ගෙදර එයි "
ඒ කතාවට අවිශ්කගෙ ඇස් වලින් කදුළු එලියට පැන්නෙ
දෙනෙත්මි කියන්නෙ ඔහුගෙ පලවෙනි ආදරේ වගේම
ඔහුගෙ හිතේ ඇති උන එකම ආදරේ හින්ද.
" එයා එහෙම කිව්ව නම්
එයා කියන කෙනාව එයාට බන්දල දෙන්න අංකල්
මමත් කොහොමත් කැමති නෑ මං හින්ද කවුරුවත් දුක් විදිනවට "
ඔවුන්ට එහෙම කියපු අවිශ්ක අහක බලාගත්තෙ ඒ කදුළු තමන්ගෙ අම්මටයි තාත්තටයි කොච්චර රිද්දනවද කියල දන්න නිසා.
අතීතෙන් මිදුන අවිශ්ක ෆෝන් එක පැත්තකින් තියල ඇදේ ඇලවුනා.
" අපි ලියන කතා වල ඉන්නව වගේ ආදරේ කරන අය මේ ලෝකෙ නෑ.
එහෙම අය ඉන්නව නම් ඒ අතලොස්සක් විතරයි.
මට දැන් ආදරේ කරන ඔයාල සේරම මම අබ්බගාතයෙක් කියල හෙට දැනගත්තොත්
මට ආදරේ කරනව තියා මම ලියන කතා බලන එකතුත් නෑ "
දෙනෙත්මි මතක් උන දුකට වගේම
තමන්ගෙ අවාසනාව ගැන හිත රිදුනු අවිශ්ක කදුළු පිරුනු ඇස් තදින් පියාගත්තෙ
තමන්ගෙ අපහැදිලි හෙට දවස ගැන වගේම තමන්ගෙ දෙමව්පියන්ට තමන් නිසා විදින්න වෙන දුක් කන්දරාව ගැන කලකිරීමකුත් එක්ක.
Author Contact - facebook.com/sumith.priyadarshana.9277