මගේ පණ EP02 (Final) | Mage Pana
❤❤අවසානය❤❤❤
අම්මෝ දෙන්නා හා පැටව් දෙන්නා වගේ එකා පස්සෙ එකා උඩ තට්ටුවට ආවේ.දේදුනුගේ අම්මත් කුස්සියට ගියේ කුස්සිය ටිකක් අස් කරන්නයි.
"ආ ඔයාගෙ බෑග් එක."
"ඉන්න ටිකක් .අර මේසේ උඩ තියෙන්නෙ ඔයාගෙ බෑග් එක."
දහම් ගිහින් බෑග් එක එල්ල ගත්තත් ඒ ඇස් හෙව්වේ දේදුනු .කෝ මේ කෝලම.සීතල අත් දෙකකින් තම දෑස් වැසෙන්න විය .
අම්මෝ සුවද.මේ කෝලම තමා වෙන කවුද.දහම් තම දෑතින් ඒ දෑත් අල්ලා ගන්නට විය .හිමින් ලස්සනට ඒ අත් තම අත්ලටසිර විය .
"මොකෝ ඒ ගමන "
"මේක ඔයාට ."
"මොකද්ද"
ලස්සන චූටි කීටැග් එකක්.ඇත්තටම ගොඩක් ලස්සන කී ටැග් එකක්.
"ඇයි මේ මට දෙන්නෙ.හ්ම්"
"ඔයා මං හින්දා ගොඩාක් අපහසුතා වලට මුහුණ දුන්නු එකට.අනික සමාවෙන්න ආයෙ මම නිදාගන්නෙත් නෑ.කොහොම හරි ඇහැරලා එන්නම්.ගන්න"
දහම්ට නම් දුකත් හිතුනා.දේදුනු අතේ වූ කීටැග් එක අතට ගත්තා පමනයි,
"බුදු අම්මෝ"
"හි හි හි ඇයි මොකෝ උනේ ඒ ගමන ආ"
"තමුසෙනම් ඉන්නවා ඔහොම."
"අල්ලයි"
දේදුනු දුන්නු කීටැග් එක එක පාරම කට ඇරිලා දහම්ගෙ අත අහු උනා.අත හොදටම රිදුනා.දහම්ට කේන්තිත් එක්ක.
"ඉන්නවා ඔහොම අදනම් දෙනවා දෙකක්"
යකූ මෙන්න මේකි උඩ බැල්කෙනියෙන් අඹ අත්තට නැගලා ගහ දිගේ පහලටත් ගියා.අම්මෝ මේකිනම් කොලු නැකතකද කොහෙද ඉපදුනේ.
දහම් පහලට ආවේ බෑග් එකත් කරේ එල්ලගෙනමයි.දේදුනු ඉන්නවා ලස්සනට අබ ගහ යට බන්කුවේ.දහම් යන්න හිතාගෙන ආවෙ බංකුව ලගට.
"මම යනවා.බුදු සරණයි ."
"හ්ම් ඕකේ"
"දෙයියනේ ඔයාගෙ ඇගිල්ල ලේ එනවා.අනේ ඇයි මේ."
දේදුනු හොදටම බය උනේ ලේ ගලන දහම්ගේ ඇගිල්ල දැකලා.දහම් තමාගේ ඇගිල්ල බැලුවේ එවලෙයි.ගොඩක් ලේ යනවා.
"තමුසෙගෙ නයි මලු කීටැග් එක හින්දා තමයි සේරම.යක්සනී."
"අනේ ඉන්න ටිකක්"
ගේ අස්සට දිව්ව දේදුනු ප්‍රතමාදාර පෙට්ටිය අරන් ආවේ දුවගෙනයි.ලගින් වාඩි කරගෙන බෙහෙත් දාන අතරතුර දේදුනුගේ අම්මාත් මිදුලට ආවා.
"අනේ මොකද පුතා උනේ."
"අම්මේ මේ"
දහම් උත්තර දෙන්නට කට ඇරියත් දේදුනු ඊට ඉස්සර විය .
"මේ හොල්මන අම්මේ බෑග් එකේ ශිපර් එකට අත අහුකර ගත්තා."
දේදුනු බෙහෙත් දමා අවසානයේ ගේ අස්සට ගියේ ප්‍රතමාදාර පෙට්ටිය තියන්නයි.
"පුතේ මේකි නේද මොකක් හරි කලේ ආ.කියන්න ."
"නෑ අම්මා "
"මේ දරුවා ටිකක් දගයි පුතේ.ඒත් හොදට ඉගෙන ගන්නවා.කිසි දෙයක් හන්ගන්නෙ නෑ.මට හැමදේම කියනවා."
"ටිකක් නෙවෙයි අම්මා හොදටම දගමල්ල"
"හ්ම් ඔයා දන්නෙ නෑ දවසක්.උදේ දේදුනුගේ අප්පච්චි වැඩට යන්න කෑම එක බෑග් එකට දාන්න මම දෝනිටයි කිව්වෙ. මේ කෝලම කෑම එක බෑග් එකට දානකොට ප්ලාස්ටික් කැරපොත්තො දෙන්නෙකුයි හූනො දෙන්නෙකුයි දාලා.
අප්පච්චි බස් එකේ සෙනග හින්දා බෑග් එක ගෑනු කෙනෙක් අතට දීලා.මගදි ටිකට් ගන්න බෑග් එක ඇරලා පර්ස් එක ගනිද්දි කැරපොත්තෙක් ඇගට වැටිලා.බුදු අම්මෝ මුලු බස් එකේම එකම යුද්දයක් ලු.ගෑනු පෙරලි පෙරලි දුවනවලු.උන්ගෙ ලිප්ස්ටික් පිරිමි අයගෙ ශර්ට් වලලු.කොන්ඩ ඇවිස්සිලා යක්කු වගේලු.පස්සෙ බස් එක නවත්තලා කොන්දොස්තර කැරපොත්තව අල්ලලා එලියට දානකොටලු දැනගත්තේ ඌ ප්ලාස්ටික් කැරපොත්තෙක් කියලා.
අප්පච්චිවත් බස්සවලා කැරපොත්තව අතට දීලා පයින් යන්න කියලා බස් එක ගිහින්.
පස්සෙ හොදටම පරක්කුයි වෙලා වැඩට ගිහින් ඊලග බස් එකේ.
දවල් කෑම එක කන්න කෑම කාම්බරයට ගිහින් කෑම එක එලියට ගද්දි අනික් ප්ලාස්ටික් කැරපොත්තායි හූනො දෙන්නයි මේසේට වැටිලා.කෑම කකා හිටපු මිස්ලා පෙරලි පෙරලි දුවලා දෙන්නෙක්ගෙ කකුල් උලුක් වෙලා සති දෙකක් නිවාඩු.
"බුදු අම්මෝ මේකිගෙ වැඩ"
"කියලා වැඩක් නෑ දරුවො "
"දේදුනු මට හිතෙන විදියට ගොඩක් හොද කෙනෙක් අම්මේ.දග උනාට"
"අනේ දරුවො මගෙ දරුවව ටිකක් බලන්න "
"හරි අම්මා "
පාන්දර දහම් බස් එකට නගින්න දේදුනු නගින හෝල්ට් එක ලගට ආවෙ.මේ විස කට්ටි ලේසි පාසු දග මල්ලක් නෙවෙයි හින්දයි.අම්මෝ ලස්සන පිස්සු හැදෙනවා අප්පා.මලක් නෙවෙයි මල් වත්තක්.සූදේ බෑ.දවස් දෙකක් දහම්ගෙ අම්මත් අහනවා මොකද්ද දරුවො ලගකදි ඉදන් ඔයාගෙ ඇදුම් මෙච්චර සුවද කියලා.
"අක්කෙ මෙන්න මේක අර අයියා දෙන්න කිව්වා." අම්මො සුදුම සුදු ලස්සන කොල්ලෙක් ඉන්නවා .
අම්මෝ ලස්සන කලු මහත ඇන්ට් කෙනෙක් ඉන්නවා ඉස්සරහා.
"ඇන්ටි අර බෝයි මේක දෙන්නලු."
අම්මෝ ඇන්ටිට ඇස් වලින් දුන් විසි වෙන්න තරම් මල.....ගියා අඩියට දෙකට අර ලස්සන කොල්ලා ලගට අම්මෝ ශික් බස් එක ආවානෙ.අස්සනම ටික බලාගන්න බැරිඋනා.
දහම් නම් සේරම බලන් හිටියේ .මේ පිස්සියෙක් අප්පා.දේදුනු නැගලා ගිහින් ලස්සනට අපි දෙන්නගෙ ශීට් එකේ අයිනෙ වාඩි උනා.අම්මෝ ලස්සන රෝස කැටේ අම්මපා එක එක ඒවා හිතෙනවා අප්පා.තොල් දෙකත් රෝසම රෝස පාට.
මේකිට උම්මා දෙන්න ගිහින් මට කොහේ යන්න වෙයිද මන්දා.දේදුනු දහම් දැක්කේ දැන්.
මේ උරුලෑව මොකද තවම හිටගෙන.මාව කන්න වගේ බලන්නෙ.අම්මෝ අද ලස්සන .හරි එක විදියක් දැන් මෙයත්.
මෙන්න මෙයා ඇවිත් ලගින් වාඩිඋනා .කතාවක් බහක් නෑ.මහ ඔලුවනේ.
කටේ තිබූ චුයින්ගම් එක හිමින් අරන් දහම්ගේ බෑග් එක උඩ තිබ්බේ බෑග් එක උඩින් අත තිබ්බහම දහම්ගේ අත ඇලවෙන්නයි. දහම්ගේ අත බෑග් එක උඩ තිබ්බ ගමන් චුයින්ගම් එක අතේ ඇලවිය.චුයින්ගම් එක ඇල උනු අත දහම් එහෙම්මම දේදුනුගේ අත උඩින් තිබ්බේ ඒ අතේත් චුයින්ගම් ගෑවෙන්නයි.
දැන්නම් මරු දෙන්නගෙම අත් වල චුයින්ගම් .
"අනේ ඔයා මොකද්ද කලේ උරුලෑවා."
"තමුසෙනෙ මගෙ බෑග් එකේ චුයින්ගම් තිබ්බෙ.නේද."
"ඉන්නවා මම තමුසෙගෙ අතේ චුයින්ගම් අයින් කරන්නම්"
දහම් ආදරයෙන් දේදුනුගේ අතේ චුයින්ගම් ටික අයින් කරා.පස්සෙ දහම්ගේ අතේ ටිකත් අයින් කරගත්තා.
"අහන්න මං ආස නෑ ඔයා ඕනවට වඩා දගවැඩ කරනවාට.ප්ලීස් ටිකක් ගෑනු ලමයෙක් වගේ හිතන්න."
"හ්ම්"
පාසලට දේදුනු එනවාත් එක්කම දහම් ඇය පංතියට යනකල්ම ඇයට නොදැනී ඇයව ඇරලන්නට විය .ඇය දග මල්ලක් උනත් ඇය අහිංසක බව දහම් දනී.
දවල් විවේකය වෙලාවේ දහතුන වසර දේවකී සහ අනෙක් අක්කලා ආවේ කෑම කන්නත් පෙරයි.සුපුරුදු විදියට බෝල පිරිමි ලමයගේ බත් එක අදත් මුන් අතට ගත්තේ මහත කොල්ලා අඩද්දීයි.
"මේ අක්කෙ තියනව මේ ලමයගෙ කෑම එක.අද ඔය කෑම එක අරන් ගියොත් මම දැං ඔෆිස් එකට ගිහින් ප්‍රිංසිපල් සර් එක්කගෙන එනවා.මේ ලමයා කෑම එකක් ගේන්නෙ මේ ලමයට කන්න.ඔයාට දෙන්න නෙවෙයි ."
"තමුසෙ එච්චර ලොකු ලයින්ද ආ බලාගමු.හරිද."
කස්ටිය යන්න ගියේ බතලයාගේ බත් එකට පෙරේත බැල්ම හෙලලායි.
අම්මෝ මේ බතලයා කන්න පටන් ගත්තේ හරියට අර අක්කලා බත් එක අරන් යන්න ආයේ එයි කියලා හිතලද මන්දා.හරියන්නෙ නෑ වැඩේ දේවකීට හොද ගේමක් දෙන්න වෙනවා.
අන්තිම පීරියඩ් දෙක ප්‍රිංසිපල් සර් දහතුන පංතියට එනවා දෙන්නම්කෝ දේවකී .
ප්‍රිංසිපල් සර් ඇවිත් වාඩිඋනා හි හි හි දුකයි දුකයි දුකයි .චුයින්ගම් කොලයක හතර කොන අලවලා ඒකේ ලස්සනට ලියලා.
"ප්‍රිංසිපල් සර් මගේ.
මම සර්ගේ"
දේවකී
උම්මා
සර් ඇවිත් ලස්සනට ඇවිද අවිද උගන්වනවා.ලමයි සේරම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.
"මොකද තොපිට අමු කැවිලද ?"
"සර් ඔන්න ලියුමක් කලිසමේ"
"මොකක් "සර් පන දාගෙන කලිසම් සාක්කු වල ලියුමක් හොයනවා.
"උබලට පිස්සුද ආ"
"කලිසමේ පිටි පස්සෙ අලවලා"
"මොකක්"
අම්මෝ සර්ගෙ මූණ බලන්න ලස්සනයි .බුදු 😲 😲😲😲😲😲😲😲😲😲😲 අම්මො.
"දේවකී නැගිටපන්.උබට මනමාල විසේ ද.ගිහින් දනගහපිය අතන අව්වෙ." අම්මෝ දේවකීගේ මූණ බලන්න බෑ රතු වෙලා.අව්වෙ දනගහගත්තා .ආව මෙතන අපේ පංතියට ගේම ඉල්ලගෙන.
අම්මෝ දේවකී අක්කා ගිනි අව්වේ පීරියඩ් දෙකක් පව් අප්පා තව කලු වෙලාද මන්දා.ඔන්න ඉස්කෝලේ අරින්න බෙල් එක ගැහැව්වා.අමාරුවෙන් නැගිටලා පංතියට ගියා.
කොහේද ඉදන් ආව දහම් මිරිකුවා මගේ කන අම්මෝ මූණ හැටි විතරක් රවාගෙන .ඒ ඇස් බලන්න බෑ අමුතුයි .මට හොදටම රිදෙන නිසාද මන්දා ඇස් දෙකට කදුලුත් ආවා.යාන්තමට කදුලු ඇස් දෙක දිගේ බේරීගෙන ආවෙ " හිටපිය අද කන ඇල්ලුවට මායම් හැට හතරෙන් එකක් දාලා චොකලට් එකක් කන්නම්"කියන ගමන්මයි.
😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මෝ සුදු කන හොදටම රතු වෙලා.දහම්ට හොදටම දුකයි .දහම් දේදුනුගේ ඇස් බැලුවේ ඒ වෙලෙයි.දෙයියනේ කෙල්ල අඩනවා නේද?
"තමුසෙ මොකද්ද කල බලු වැඩේ ආ.මම දැක්ක සේරම.දේවකීට කර වැඩේ."
"මගේ කන හි හී හී රිදෙනවා ."
අම්මෝ හිනා යන්නත් එනවා.දේදුනු අඩනවා ඔන්න .දහම් නම් හොදටම අවුල්.දහම්ගේ අත් දෙකත් වෙව්ලනවා.මොකද්ද කරන්නෙ හිතාගන්නත් බෑ.
"සමාවෙන්න දේදුනු මට.රිද්දන්න හිතුවෙ නෑ."
(දැන් මං ශේප් වෙනවාද නෑ)
"අනේ මගේ කන හි හී හී 😂😂😂😂රිදෙනවා.සල්ලිත් ගෙනාවෙ නෑ අර කනට රිදෙනවාට දෙන බෙහෙත් එක ගන්න"
"මොකක් ඔයා කලින් කන රිදෙනවාට බෙහෙත් බොනවාද?දෙයියනේ මමත් කල ගොන් වැඩක්.හරි දැං මොකද්ද කරන්නෙ.හරි සල්ලි තියනවා.යමු මං අරන් දෙන්නම්."
පාසල් අවසාන වනවාත් එක්කම දහම් දේදුනු සමග ලග ෆාමසියට ආවා.
"මට සල්ලි දෙන්න මම ගන්නම්.සීයක් දෙන්න."
"ආ මෙන්න."
"අයියෙ සීයෙ චොකලට් එකක් දෙන්න .ආ සල්ලි."
අම්මෝ චොකලට් එක එවලෙම කැඩුවා.මෙන්න කනවා.යකෝ මේකි නම් මාර කපටි 👻 හොල්මනක් අම්මපා.
"තමුසෙනම් මාර කපටි.කන ඇල්ලුවට නේද.චොකලට් එකක් ගත්තේ.බොරු කියලා .ආ."
"ඔව් මට රිදුනා.ආ කෑල්ලක්."
චූටි කෑලි දෙකක් දහම්ට දුන්නා.දහම් ඒක කටට දා ගත්තා.බස් එක යන්නත් කිට්ටුයි .දුවලා ඇවිත් දෙන්නා බස් එකට නැගගත්තේ.දේදුනු අයිනෙන් වාඩි උනත් දහම් එන්න කලින් වෙන පිරිමි ලමයෙක් දේදුනුට මෙහයින් වාඩි උනා.අම්මෝ දහම්ගේ මූනෙ ලස්සන .අබ ටිකක් දැම්මොත් පුපුරන ගානයි.
දේදුනුට බෑග් එක දී ඒ ලගින්ම හිටගත්තේ මේ හොල්මන නිදාගන්න නිසායි.ටික දුරක් එන්න ඇති ඔන්න දේදුනු අර පැත්තට මේ පැත්තට වැනෙනවා. දෙපාරක් දහම් දේදුනුට ඇහැරුවා.කොහෙද මේ හොල්මන ආයෙ නිදි.ලග ඉන්න පිරිමි ලමයගෙ උරහිසට ඔන්න දැං ඔලුවත් තියාගෙන.අම්මෝ ඌත් ඉන්නවා ලස්සනට .දහම්ට දැන්නම් ඉතින් මල.
"මේ උබ මෙතනින් නැගිටලා පලයන් "ඇයි ඇයි"
"මචන් මේකි ඔහොම නිදාගෙන ඉදලා ඇගට එහෙම්මම වමනෙ දානවා."
"මොකක්"
"ඔව් බං"
කරන්ට් වැදුනු මීමෙක් වගේ අම්මෝ අර මල්ලි නැගිටපු ඉක්මන.දේදුනු ගෙදරට ඇරලවලා දහම් ගෙදර ගියේ.අම්මෝ දහම් ලග ඕඩිකොලෝන් සුවද .
"පුතා ඔයාට රට යන්න අවස්තාවක් ලැබිලා තියනවා."
"මොකක් ඇයි තාත්තා හදිස්සියේම"
"මගෙ යාලුවෙක්ගෙ දුවෙක් රට යනවා ඉගෙනගන්න.ඉතින් ඒ දුවත් ඔයාගෙ වයසෙ.ඉතින් මගේ යාළුවා ඇහැව්වා පුතාවත් යවමුද කියලා."
"අනේ තාත්තා"
"ඇයි දරුවෝ"දහම්ට මතක් උනේ දේදුනු .ඒ දගකාර කම්.කෙසේන දමා යන්නද .
කාම්බරයට ගිහින් ඇදට වැටුනත් හිතට නම් නිවනක් නැත.
"දේදුනු මම දහම්.ඔයා පාඩම් කරනවද?"
දහම් තම දුරකතන ගෙන දේදුනුට කෙටි පණිවිඩයක් යවා කල්පනා කලේ දුකින්.
"නෑ මම ආච්චිට හැට්ටෙ අන්දනවා."
දහම්ට තනියම හිනා .මේ කෙල්ල කොහොම දාලා යන්නද.අනේ දෙයියනේ මට උදව් කරන්න.දහම්ට පාඩම් කරන්නටවත් සිතක් නොවීය .
පසුදා සුපුරුදු පරිදි දේදුනු නගින හෝල්ට් එක ලගට ආ දහම් දේදුනු එනකල් බලා සිටියේ නොයිවසිල්ලෙන් .ඒත් දේදුනු නම් ආවේ නැත.ඒ ඇස් ඒ මූණ කෙසේ නම් දවසක් නොබලා ඉන්නද? පාසල් බස් එක ආවත් දහම් බසයට නැග්ගේ නැත.එහෙම්මම දේදුනුගේ ගෙදර ගියත් දේදුනු හෝ අම්මා තාත්තා කවුරුත් එහි සිටියේ නැත.
එහා ගෙදරට ගිය දහම් "අනේ සමාවෙන්න මේ ගෙදර කට්ටිය කෝ දන්නෙ නෑ නේද?පොත් වගයක් ඉල්ලගෙන යන්න ආවේ."
"අනේ දරුවො කොහෙද මන්දා ගියා.විස්තරයක් නම් දන්නෙ නැහැ."
දහම්ට මේ කිසිවක් සිතාගන්නට නොහැකි විය .කොතෙක් දේදුනුගේ දුරකතනට ඇමතුම් ගත්තත් "මෙම අංකය බාවිතයේ නොමැත".
දින සති මාස ගෙවුනත් දේදුනු ගැන ආරංචියක් දැන ගන්නට නම් බැරි විය .මව හදිස්සියේම ඇවිත් දේදුනුගේ අස්වීම අරන් ගිය බව දැනගන්නට ලැබුනේ සතියකට පසුවයි .දහම්ට පාසල් ගමන මෙන්ම ගම පවා අප්පිරිය විය .
මසකට පමන පසු දහම් තාත්තා ගෙනා තීරණයට එකග විය .යාළුවාගේ දුව සමග රට යන්නට එකග විය .
ලස්සන කෙනෙක් අහිංසක ලස්සනක් තියෙන්නෙ ඒත් ඒ ඇස් ගොඩාක් ලස්සනයි .ගුවන් යානාවේ එයත් මමත් එකලග නිසා මට ටිකක් අපහසුතාවයක් දැනුනත් මම ඇය සමග කතා කරන්නට හිත හදාගත්තා.
"ඔයා තාරැ නේද?මම දහම්"
"හ්ම් ඔව් මම තාරු."
නොයෙක් නොයෙක් කතා අතර අප රටින් ගොඩාක් දුර රටකට ආවේ මගේ හිත තව තවත් දේදුනු ගැනම සිතමින්.මාව මේ තරම් එපා වෙන්නට මම කල වරද මොකද්ද දෙයියනේ.පණ වගේ රැක්කෙ මම.කොහොමද මැණික මට ඔයාව මගහැරුනෙ.
දින සති මාස ගතඋනත් ඒ ආදරය පණ වගේ මං රැකපු විදිය මතක් වෙන්නේ මගේ දගමල්ල ඔයා නිසායි.
පාන්දර අවදි උනු දහම් එහා කාම්බරයට ගියේ තාරු ඉන්නවද බලන්න .ඒත් නෑ මේකි කොහෙවත්ම.එහෙම්මම ලෑස්ති වී පාසලට ගියත් තාරු එහි නොවීය .
හවස් වෙලා ආව තාරුගෙ ඇස් වල කදුලු .මොකක් වෙලාද මන්ද අහලා බලන්න ඕනි.
"තාරු මොකද මේ ආ කියන්න මට.උදේ ඉදන් කොහෙද ගියේ මට කියන්න."
"මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ දහම්."
"කියන්න.මොකද්ද"
"මගේ යාළුවා එයා ගොඩාක් හොද කෙනෙක්.ගොඩාක් ලස්සන ,විහිලුවෙන් ඉන්න කෙනෙක්.දවසක් ඉස්කෝලෙ ගිහින් ඇවිත් එහෙම්මම වැටිලා.හොස්පිටල් ඇඩ්මිට් කරාම එහෙම්මම මෙහෙ එවලා.එයාට ගොඩාක් අමාරුයි.අම්මා තාත්තා හොදටම අඩනවා.එයා විතරයි දරුවෙක්ට ඉන්නෙත්.මලක් වගේ ලස්සනයි .ඇස් මාර ලස්සනයි.කියවනවා කටර් එක වගේ.මට බලන්න බෑ එයා ඒ වගේ ඉන්නවා."
"අනේ හරි අපි හෙට ගිහින් බලමු .පුලුවන් හැම වෙලාවෙම අපි යමු.අපි උදව් කරමු."
"එයා ඉස්කෝලේ යන දවස් වල මට කතා කලා ලස්සන කොල්ලෙක් මාර ට්‍රයි කිව්වා.එයාත් ඒ නපුරට ආදරයෙන් හිටියෙ.ඒත් ඒකි මට නම කිව්වෙ නෑ.පස්සෙ කියන්නම් කිව්වා.මට දුකයි.මට ඕනි ඒ බෝයිව්ස් හොයලා මේ වෙලාවෙ මගේ යාළුවා ලගට එක්කන් එන්න.එයා ආස වෙයි."
"හරි අපි එහෙම්මම කරමු.මම උදව් කරන්නම්"
පාඩම් වැඩ සමග දින දෙකක් එහෙම්මම ගෙවී ගියේ මහන්සිය සමගින්.හෙට දින නිවාඩු නිසාම දහම් තාරු දෙදෙනා මිතුරිය බැලීමට යන්නට තීරණය කර ගත්තත් හදිස්සියේම තාරුට ලැබුනු දුරකතන ඇමතුම සමගම තාරු අඩ අඩ හනික අතට අසුවූ ඇදුමක් ඇද ගත්තා.
"මොකෝ කෑ ගහනවා ඇහුනෙ."
"මගේ යාළුවාට ගොඩාක් අමාරුයිලු.මං යනවා"
"මේ රෑ තනියම, ඉන්න මමත් එනවා "
දෙදෙනා ඉක්මනට අදාල රෝහලට ආවේ හුගක් කලබලයෙන්.තාරු හඩ හඩ දුවන පාරෙන් දහම් දුවන්නට විය .කාම්බරයේ දොර වසා තිබූ නිසා තාරු එය ඇරගෙන අස්සට දුවන්න විය .දහම් ඇය පසු පස රෝහල් කාම්බරයට ඇතුළු විය .
දෙයියනේ කෙසේ දරා ගන්නද රෝස පාට කම්මුල්,ඒ හුරතල් කතාව,ඒ ඇස්,ඒ දගකාරකම් මගේ ලෝකයම ඒ මැණික දේදුනු .දෙයියනේ මගේ පණ ඇදක බොහොම අමාරුවෙන් ඉන්නවා .මගෙ පණ මගෙ වස්තුව .
"මගේ පණ .දෙයියනේ මොකද මේ උනේ කියන්න මට කතා කරන්නකෝ.අනේ දෙයියනේ .මම කොච්චර හෙව්වද?"
දහම් එහෙම්මම දුව ආවේ දේදුනුගේ අම්මා ලගටයි.
"මොකද්ද අම්මා නංගිට උනේ.කියන්න මට මං පිස්සෙක් වගේ හෙව්වේ .අනේ අම්මා කියන්නකෝ.මගේ මැණික මට ගෙනත් දෙන්නකෝ අම්මේ.අනේ අම්මේ"
දහම් එහෙම්මම බිම වාඩි වී අඩන්නට විය .තාරුට නම් කිසිත් හිතාගන්න බෑ.මොකද්ද මේ වෙන්නෙ කියලා .
"දහම් ඔයා දේදුනුව දන්නවද ?"
"ඔව් මේ ඉන්නෙ මගේ පණ .ඔයාගෙ යාළුවා කිව්ව බෝයි මම.එදා ඉස්කෝලේ ඇරිලා ගෙදර ගාවටම ඇරලලා මම ගෙදර ගියේ.පහුවදා දේදුනු බස් එකට නගින හෝල්ට් එක ගාවට වෙල ගොඩාක් වෙලා බලන් හිටියා.බැරිම තැන දේදුනුගේ ගෙදරට ගිහින් බැලුවා නෑ,පිස්සෙක් වගේ හැම තැනම හෙව්වා."
"අනේ දරුවො එදා ඉස්කෝලේ ගිහින් ආවට පස්සෙ කන රිදෙනවා කිව්වා.පස්සෙ මම බෙහෙත් ගන්න එක්ක ගියා.පස්සෙ මෙයාට සිහිය නැතුව වැටුනා.එහෙම්මම හොස්පිටල් ඇඩ්මිට් කරා.රිපෝට් වගයක් චෙක් කලා මොකද්ද ලෙඩක් කියලා මෙහෙ ගෙනිච්චොත් සනීප කරන්න පුලුවන් කිව්වා.එදා රෑම ගෙවල් දොරවල් ඔක්කොම උකස් කරලා දරුවා අරං මෙහෙ ආවා."
දහම් එහෙම්මම දේදුනුගේ ඇද ලගට ගියා.ඒ ඇස් කදුලු .හිමින් ඒ අත අල්ලගත්‍තා.
"මගේ පණ ඔයා.මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ මං.පණ වගේ රකිනවා .මාව දාලා යන්න හිතන්නවත් එපා."
එහෙම්මම දේදුනුගේ මුහුණ සිපගත් දහම් කාම්බරයෙන් පිටට ආවේ තාරු සමගයි.
"තාරු මට උදව් කරන්න .මට දේදුනු බේර ගන්න ඕනි.අපි ඩොක්ටර් හම්බවෙන්න ඕනි.යමු"
දෙන්නා ඩොක්ටර් මුන ගැසී දේදුනු ගැන සියල්ල දැන ගත්තේ වේදනාව සමගයි.
කොයි වෙලවක හෝ දේදුනු අප අතහැර යන්නට පුලුවන් .හැකි සෑම මොහොතක්ම ඇයව සතුටින් තියන්න.තව දෙයක්.දේදුනුගේ මරනය දවසක් හරි පස්සට යන්නෙ එයා සතුටින් ඉන්නවා නම් විතරයි.ඒ අතරෙ මේ සම්බන්දව අපි ඔක්කොම පරීක්ෂණ කරනවා.රටවල් පනස් හතරක ගිහින් මේ පිලිබද පරීක්ෂණ කරන්න වෙනවා.ඩොක්ටර් කීවේ මෙන්නෙ මේ ටිකයි.ඒත් පසුගිය දවස් ටිකේම දේදුනු එක පාරක් හෝ හිනා වී නම් නැති බව තාරු දහම්ට කීවේ වේදනාවකින්.
"හරි අපි යමු දේදුනු ඉන්න කාම්බරයට .".
දහම් දෙයක් සිතුනු නිසා තාරු සමග දේදුනු ඉන්න කාම්බරයට නැවත ආවේ.
මෙන්න දේදුනුගේ පලතුරු කනවා.දේදුනුගේ අම්මටත් අවුල් ඒ ගමන යකෝ හොටු පෙර පෙර අඩපු එකා යකෝ ගානක් නැතුව මෙන්න පලතුරු ගිලිනවා .අම්මා මූට මල පෙරේතයෙක් වත් වැහුනද.මන්දා.
"පුතේ අසනීපයක්වත් ද?"
"ඇයි අම්මෙ.මට බඩගිනියි "
අම්මෝ මූ නම් මාසයක් කාලා නෑ.ඇපල් ගෙඩි දෙකක් කාලා ,🍌 කෙසෙල් ගෙඩි දහයක් විතර කාලා ලෙලි බිමට විසි කරනවා ඒ ගමන.අම්මෝ ලෙලි හැම තැනම.
දොර ඇරගෙන එනවා නේද මහත බෝල නර්ස් නෝනා කෙනෙක්,පෝන් එකත් ඔබ ඔබ අම්මෝ අලි අන්ඩක් වගෙ එක කකුලක් මහත.
හපොයි ගියා නේද ලිස්සලා නර්ස් නෝනා.අලියා පොලේ ගැහැව්වා වගේ.අම්මෝ පස්ස නම් ඉවරයි මගෙ හිතේ.
දේදුනුගේ අම්මයි,දහම් දෙන්නම අල්ලනවා මොන හෙලවෙන්නෙවත් නෑ.අප්පෝ මේක නම් ඇතින්නියක් .දහම්ට දාඩියත් දාලා.දහ දෙනෙක් විතර ඇවිත් බොහොම අමාරුවෙන් උස්සලා ඇදකට දැම්මෙ.
මහත නර්ස් හිමින් හිමින් ඇවිත් කෙසෙල් ගෙඩියක් අරන් දහම්ගේ මූනේ එහෙම්මම ඇතිල්ලුවා.
දහම්ට නම් මල යකෝ මේ ගෑනි වැටිච්ච වෙලේ ඔලුව වත් නරක තැනක වැදුනද මන්දා.නරක තැනක් නම් තමයි වැදුනෙ.ඉතින් මම මොකක් කරන්නද.අතගාන්නද බෑනෙ.
"ඉංග්‍රීසියෙන් ඉතින් බනින්නත් බෑනෙ අපි දන්න වචන දාලා."
දවස් ගානක් කිසි සද්දයක් නැති දේදුනු මෙන්න යන්තමට හිනා වෙනවා.යකෝ මේකිටත් මට මොකක් හරි වෙන්නම ඕනි හිනා වෙන්න.
"ඩොක්ටර් ඩොක්ටර් මෙන්න මැෂින් එක ආයෙ වැඩ"
අම්මෝ ඩොක්ටර්ස්ලා ගොඩක් නර්ස් නෝනලා ගොඩාක් දුවගෙන ආවා.ඉස්සෙල්ලම ආව සුදු නර්ස් නෝන නම් තව කෙසෙල් ලෙල්ලකට ඇදේට යද්දි නූලෙන් ඩොක්ටර්ස්ලා දෙන්නෙක් අල්ලගත්තා.
"කවුද මේ කෙසෙල් ලෙලි දාලා .අයින් කරන්න."
ඩොක්ටර්ස්ලා පුදුමයෙන් දේදුනුගේ අම්මා දෙස බැලුවේ."ආයෙ දුව හුස්ම ගන්නවා.අපි එයා බේරගන්න බැරිවෙයි කියලා හිතුවෙ.ඒත් අපිට දැං ආයෙ බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්
දහම්ගේ ඇස් සතුටින් දිලිසුනා.තාරු නම් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ.දේදුනුගේ අම්ම අප්පච්චි කදුලු හැලුවේ සතුටින් .එකම දරුවා බේරෙනවාට මොන දෙමාපියන් ද අකමැති .
"මේ ලෙඩා සතුටින් ඉන්න කැමති කෙනෙක් .එයා මෙච්චර දරුනු ලෙඩක් හැදිලත් බේරිලා ඉදලා තියෙන්නෙ හිනාවෙලා ජොලියෙන් හිටපු නිසා. අනික දැන් අපි මෙයාව බේර ගන්නවා.බය වෙන්න එපා."දොස්තරවරුන් කීවේ අපට සතුටක් එක් කරමින්.
කාලයත් සමග දේදුනු පෙර මෙන් ලස්සන ,පැහැපත් උනා.හරිම ලස්සනයි .දැක්කම උම්ම්ම්ම්ම්ම්ම්මා දෙන්නම හිතෙනවා .ඒත් සිහිය ආවෙ නෑ.
ඔය අතරෙ දහම් තාරු ඉගෙනීම කරගෙන ගියේ දැඩි කැපවීමෙන් .අමතර වියදම් වෙනුවෙන් පොඩි ජොබ් එකක් කලා දෙන්නම.
තාරැට ලැබුනු දුරකතන ඇමතුමක් සමගම තාරු ගොඩක් හිනා වෙන්න ගත්තත් ඒ කුමක් නිසාදැයි දහම්ට කියන්න ගියේ නම් නැහැ .
"මට හොස්පිටල් යන්න ඕනි.ඔයා එනවද දහම්"
"මාත් මේ යන්න තමා ලෑස්ති උනේ."
"යමු"
රෝහලට ආවත් දේදුනුගේ අම්මා තාත්තා වෙනදට වඩා වෙනස් විදියක් .ලස්සනට හිනා වෙනවා.තාත්තා තාරු දහම්ට නම් හොදටම තරහයි.දේදුනු මෙච්චර ලෙඩ වෙලා මුන්ට ගානක් නෑ.
"පුතා අපි පොඩ්ඩක් එලියට යනවා ෂොපින් ඔයා මෙතන ඉන්න හොදද"
"මොකක් ෂොපින් "
දහම්ට නම් අම්මපා ෂොපින් බෑග් දෙකක් ගෙනත් මුන් දෙන්නා ගැට ගහලා ඒ දෙකට දාන්න තරම් තරහයි.තාරු ආව දවසෙ ඉදන් අඩපු හොල්මන දැං ඉන්නෙ මාර ජොලියෙ.
අම්මපා දහම්ට නම් මල.දෙන්න හිතෙනවා ජනේල්ලෙ ගාව තියලා පයින්.එකක් පල්ලට වැටිලා මැරෙන්න.යකෝ මුන් වගේ යාළුවෝ.
දහම් ඉන්නෙ බොහොම අමාරුවෙන් හිතින් බැන බැන.දහම් බැලුවේ දේදුනු දිහායී.ඒ ආදරය කෙසේනම් නැති කර ගන්නද.මොකක් දේදුනුගේ ඇස් පියන් හෙලවෙනවද මන්දා .මටත් විකාර අප්පා.දහම් එලියට යන්න හදනවාත් එක්කම තාරු "අනේ ඩොක්ටර් .මැෂින් එක මොකද්ද උනා"කියා කෑ ගසනවාත් එක්කම යන්න ගිය දහම් වගේම ඩොක්ටර්ස්ලා ගොඩක් කාම්බරයට පිරුනේ ඉක්මනට .
එහෙන් දුවනවා මෙහෙන් දුවනවා මැෂින් මොකද්ද කරනවා.මොකක් එකෙක් මෙන්න අම්මෝ හිටු දෙයියනේ...........
🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
" මොකද්ද ඩොක්ටර් කරන්නෙ "අම්මපා ඉන්ග්‍රීසිත් අමතක වෙලා දහම් සින්හලෙන් අහලා ආයෙ ඉන්ග්‍රීසියෙන් ඇහැව්වෙ.
අම්මපා දෙන්න හිතෙනවා මූ දොස්තර හින්දා ඉවසනවා.යකෝ මූ මගේ ඉස්සරහා මගේ එකීට කිස් කරන්න අම්මපා ටොකු දාහක් ඇනලා බඩේ රතිඤ්ඤා එකක් ගැටගහලා පස්සට අහස් කූරක් ගැටගහලා මූව උඩ ඇරියත් මදි.දහම් හොදටම හිතින් බනින්නේ දොස්තරයට.
"දහම් ඔයා කේන්ති ගන්න එපා ඒ දොස්තර කෘතීම ස්වසනය දෙන්න හදන්නෙ."තාරු හිනාවෙවී නලව නලව මෙන්න කියනවා.
"අනේ මේ තාරූ මමත් ඩොක්ටර් කෙනෙක්ට තමා ඉගෙන ගන්නෙ.මම කරන්නම් .කට වහගෙන ඉන්නවා නැත්තම් දෙන්නෙ දත් ටික අතේ තියන් මදින්න."
හරි මං කරන්නම් කියලා දේදුනු ලගට දිව්වේ අඩියට දෙකට .මතක ගල් රෝලකට අහු උනා කියලා විතරයි.අම්මෝ ඇග නිකන් නෑ වගේ.අම්මෝ අර බතල නර්ස් මගේ ඇග උඩ වැටිලා.දෙයියනේ එහෙනම් මගේ අනාගත්‍යම අදුරු වෙලාද දන්නෙත් නෑ.අම්මෝ.ශික් මේ බතලිගෙන් තමා අසරණ දහම්ට කුලුදුල් උම්ම්ම්ම්ම්ම්ම්මා එක හම්බ උනේ.
එදා කෙසෙල් ලෙල්ලක් ද වෙන එකෙක් දාපු එකක් ද මන්දා දහම් ලුස්සුවා බතල නර්ස්ගේ ඇගේත් වැදිලා අම්මෝ නර්ස් නෝනත් දහම්ගෙ ඇගටම වැටුනා.
හිමින් හිමින් කට්ටිය අර බතලිව ගත්තා දහයක් විතර මාවත් බුදු අම්මෝ දෙයියෝ තමා බේරන්න ඇත්තේ .මේ ඉස්පිරිතාලෙට අර බතලිව ගත්ත දොස්තරයට අම්මපා මේ බතලිවම මේ විදියටම ඇග උඩට වැටෙන්න ඕනි .දහම් කුටු කුටු ගාමින් මුමුනයි.
කට්ටිය දහම්ට කීවේ ඉක්මනටම කෘතීම ස්වසනය දේදුනුට අවශ්‍ය බවයි.ඒ ඇස් මූණ ලස්සනයි .අනේ මන්දා අප්පා ලැජ්ජයි එක්ක.ආයෙමත් දෙන්නගිය එක පැත්තක තියලා රැව්වා රැවිල්ලක් .ඔන්න ඔක්කොම එලියට ගියා.
අම්මෝ දහමගෙ ලබ් ඩබ් එකත් අවුල්.මේකිගෙ ලස්සන .ඉන්න බෑ අප්පා.දහම් මූණ පුරා දෙතොල් තියමින් ඒ මුහුණට උම්මා දුන්නේ නිරායාසයේ.යකෝ කෘතීම ස්වසනය දියන්කො දැන්.දහම්ට මතක් උනේ දොස්තර මහත්තයා කී දේයි.පරක්කු කරන්න එපා.එයාට කෘතීම ස්වසනය ඉක්මනටම දෙන්න .
දහම්ගේ දෙතොල් දේදුනුගේ දෙතොල් අතර පැටලුනේආදරයෙන්.වෙලාව ගියත් මේ උම්ම්ම්ම්ම්ම්ම්මා එක නම් නෑ නෑ කෘතීම ස්වසනය නම් ඉවරයක් නෑ.ගොඩක් වෙලාවකට පස්සෙ දහම්ගේ දෙතොල් බුදු අම්මෝ හයියෙන් හපන්නට විය .
දහම් ඇස් ඇරියේ එවලෙයි .අම්මෝ පිස්සු හැදෙන ඒ ඇස් මගේ මැණික මට ආයෙ ලැබුනා.දහම් එහෙම්මම ඒ මූණට ආයෙ ලං උනා.
දහම් උඩින් පියාබනවා වගෙයි දැනුනේ.කට්ටිය දහම් උස්සලා එහා ඇදට දැම්මා.
"ඉන්න දෙනවා ඒ ලමයට මෝඩයෝ."
"තාරු ඔයා දන්නවද එතකොට මේකි අද සිහිය ඇවිත් හිටියෙ කියලා."
"ඔව් බං"
දහම්ට ගොඩාක් සතුටුයි .ඒ ඇස් ඒ මූණ දැං ලෙඩ පාටක් නෑ.අම්මෝ කෙල්ල තවත් ලස්සනයි .ටික ටික ඇවිදිනවා.පණ්ඩිත කම් කියනවා.දහම් ගොඩාක් සතුටින් .
කෙල්ලත් ටික ටික සනීප වෙනවාත් එක්කම ඉගෙනීමට හුගක් මහන්සි උනා.දහම් තාරු එක්කම පාඩම් කලා.
දේදුනුගේ අම්මා තාත්තා ලංකාවට ගියත් දේදුනු මේ රටේම නතර උනේ දහම් තාරු එක්ක.
"දහම් එන්නකො අපි ටිකක් එලියට යමු."
තාරු දහම්ට කතා කලේ නිවාඩු නිසායි.ටිකක් එලියට යන්නයි.
"කෝ දේදුනු "
"එයා තවම නිදි"
"අපි ටිකක් යමු ද?මට ටිකක් කතා කරන්න ඕනි."
"හරි ඉන්න ටිකක්"
දහම් දිව්වේ දේදුනු ඉන්න කාම්බරයට .කොච්චර ඇහැරෙව්වත් මේ නිදි කුම්මි නම් නෙවෙයි ඇස් ඇරලා බැලුවේ .ඔක්කෝටම ඔලුව වනනවා.
"මෝඩි නැගිටිනවා .අපි එලියට යනවා යමු."නෑ කතාවක්.
දහම් තාරු සමග එලියට එන්න කැමති උනේ කතා කරන්න ඕනි කිව්ව නිසාමයි .ලස්සන පාක් එකක් තාරු ලස්සන බන්කුවක වාඩි වී දහම් දෙසම බලා ඉන්නේ අමුතු විදියකටයි.
"දහම් මම ඔයාට ආදරය කරනවා ."
හරිනෙ ඔච්චරයි අඩු.කිරි අප්පට බල්ලො පනී කීවලු.යකෝ මෙන්න ඒ ගමන සිකුරු අයියා මාව බදාගෙනද?ඒ ගමන.
"මොකක්.බොට අමු කැවිලද?අරකි මාව බෝල කරලා මුහුදට විසි කරයි.පයින් ගහලා පයින් ."
"අනේ මේ දහම් මම ඔයාට ආදරය කරනවා .එච්චරයි ."
මෙන්න මේකී ඒ ගමන රාක්ශියක් වගේ වෙලා.
"අනේ තාරු මම දේදුනුට ගොඩාක් ආදරය කරනවා .මට ඔයා ගැන ආදරයක් නැහැ .සමාවෙන්න ."
"මමත් ඔයාට ගොඩාක් ආදරය කරනවා දහම්"
දහම් එහෙම්මම ආපසු එන්නට විය .තාරු බලා සිටියේ නම් තරහින්.
දහම් ආපසු එනකොටත් දේදුනු නම් නිදි.එහෙම්මම දහම් දේදුනු ඇදලා අරන් තම පපුවට තුරුළු කරගත්තේ ආදරයෙන්.හිමින් ඒ නලල සිපගත්තේ වෙව්ලන දෙතොලින් .එහෙම්මම දහම්ගේ පපුවට දේදුනු හයියෙන් තුරුළු උනා .අත් දෙකෙන් හයියෙන් දහම් බදාගෙන උම්මා '😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 එකක් පපුවට දුන්නේ ආදරයෙන්.
"මෝඩයෝ නිදාගන්න දෙනවාකෝ මට ටිකක් ."
"සුදු නෝනා"
"ඇයි වදේ"
"ආදරෙයි මැණික ගොඩාක් .ගොඩාක් බය උනා.මගේ මැණික මට නැති වෙයි කියලා."
"අනේ යන්න ආසයි නේද මං මැරෙනවාට"
දහම් එහෙම්මම දේදුනුගේ කට අති වසා ඒ මූණ දෙසම බලා සිටියේ ඇස් වල කදුලු පුරවගෙන.
"නිදිමතයි අනේ උකුලෙ නිදාගන්නද?මගේ ඔලුව අතගානවකෝ ටිකක්."
"හ්ම් එන්නකෝ ඉතින්"
දේදුනු දහම්ගේ උකුලෙන් ඔලුව තියාගත්තේ ආදරයෙන්.හිමින් ඔලුව අතගාන්න ගත්තේ ආදරයෙන් .
"මැණික අපි ලංකාවට යමුද?මට බයයි ඔයාව මට නැති වෙයි කියලා"
"මොකෝ ඒ ගමන අවුල හ්ම් කියන්න කියන්න "
"සුදු නෝනා තාරු මට ආදරය කරනවලු"
"ඉතින් හොදයිනෙ."
"මොකක් හොදයි"
"ඔව්"
"ඇයි මැණික ඔයාට මාව එපාද"
"මට වඩා තාරු හොදයි ."
"මට මගේ සුදු නෝනා විතරමයි ඕනි"
දේදුනු එහෙම්මම දහම්ගේ උකුලේ නිදාගත්තේ ඔලුව අතගාන සනීපෙටයි..
තාරු එන්න එන්නම දේදුනු පස්සට දමා දහම්ට කිට්ටු වෙන්නට නොයෙක් උත්සහ කරත් ඒ සියල්ල හරි ගියේ නම් නැහැ.
දින සති මාස ගතවී අධ්‍යාපන කටයුතු නිසි ලෙස ඉවර විය .දහම් හා දේදුනු තාරුට හොරා ලංකාවට ආවේ තාරු එන්න එන්නම වදයක් වූ නිසාමයි .
"මොකද අර ඔක්කොම දගලන්නෙ.ආ.සුදු නෝනා.ඔයා මොකක් හරි කරාද හ්ම්"
දහම් බැලුවේ ගුවන් යානයේ ඔක්කොම මිනිස්සු කලබල වී දගලන නිසායි.
"මම මොනවා කරන්නද ."
"බෝම්බ් 💣 💣 💣 💣 💣 💣 💣
බෝම්බ් 💣💣💣💣💣💣💣💣💣💣"
බුදු අම්මෝ දහම් මෙන්න හොදටම බයවෙලා අනිත් කට්ටිය වගේම හැම තැනම දුවනවා.අම්මෝ 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲 කට්ටිය කෑ ගහනවා.එකා පිට එකා වැටි වැටි අඩනවා.
ඔන්න කොහෙද මගක ✈ ගුවන් යානය ලෑන්ඩ් කරා කට්ටියම බස්සලා ඔන්න බෝම්බේ චෙක් කරනවා.ඔක්කොම බිම බුදි අම්මෝ බයේ.
"බෝම්බයක් නෙවෙයි .කවුද කරපු වැඩක්.බෝල වගයක් පාට කරලා අස්සට ⏰ ඔරලෝසුවේ එලාම් සෙට් කරලා."
ඔක්කෝටම මල බනිනවා හොදටම .දහම් නම් බලන්නෙම දේදුනු දිහා.ආයෙමත් ගමන ආරම්භ උනා.අම්මා තාත්තා කට්ටියම ඇවිත් දේදුනු දහම් එක්කන් යන්න.
දින කිහිපයකට පසු දහම් දේදුනු බලන්න ආවේ ඒ මූණ නොබලා ඉන්නට බැරි නිසායි.ගෙදර කවුරුත් පේන්න නැහැ.දේදුනු බලන්න එහෙම්මම කාම්බරයට ආ දහම් ටක් ටක් ටක් දොරට ගැහැව්වේ දේදුනු හදිසියේ ඇදුම් වත් මාරු කරමින් සිටියොත් හරි නැති නිසායි.
"එන්න එන්න"
"සුදු නෝනා.දෙයක් කියන්න ඕනි"
"මොකද්ද"
"අපි ඉක්මනටම බදිමුද?"
"මොකද්ද කොන්ඩෙද"
"නෑ මෝඩියේ කසාද බදිමුද ?"
"අම්මෝ කාවද දහම් බදින්න කෙනෙක් හොයන්න ඕනිනෙ"
"ඇයි මාව බදින්න බැරිද දැන් ආ කියනවා මට"
"හ්ම් ටිකක් හිතන්න ඕනි."
"හරි මං යන්නම් හිතන්නකො එහෙනම් "
දහම්ගේ හිත හොදටම රිදුනේ දේදුනු තමාට ආදරයක් නැහැ කියා සිතුන නිසායි.යන්නට කාම්බරයෙන් නැගිට එලියට යන්න ආ දහම්ව දුවගෙන ඇවිත් දේදුනු බදා ගත්තේ පපුවට ඔලුව තියාගෙනයි.
"පුලුවන්ද ඔහොම දාලා යන්න.හ්ම් කියන්න".
"බෑහෑ කවදාවත් බැහැ"
තාරුගෙ පියා ඇවිත් දහම්ට තාරු බදින්න කියා විටින් විට ආරාධනා කරත් දහම් ඒවා ප්‍රතික්ෂේප කලේ තමා වෙන කෙනෙකුට ආදරය කරන නිසායි.සියලු දේපල තාරුට බව කීවත් දහම් දේදුනු අත් හරින්නට තියා වෙන කෙනෙක් ගැන හිතන්නවත් ගියේ නැත.
කාලයත් සමග දහම් දේදුනු උසස් රැකියා වලට යොමු වූ අතර ගෙවල් දොරවල් වාහන ඇතිව ලස්සනට විවාහ වී ජීවිතය ගෙවන්නට තරම් වාසනාවන්තයෝ විය .දේවකීට හෝ තාරු ට දහම්ට ලංවීමට නොහැකි විය .
ආදරය නම් මුදල් වලට යට නොවන,ලෙඩ දුකකදී අත් නොහරින ලස්සන බැදීමකි.දුක සැප දෙකම බෙදාගෙන එක හිතින් අවංකවම ආදරය කරන්නේ නම් සියලු බාදක පරදා අපට ජය ගතහැක.
Author Contact - facebook.com/dar.lakshika
