හුස්ම නුඹ මගේ💞 | Husma Nuba Mage
හුස්ම නුඹ මගේ💞
"යන්න එපා මහත්තයො මට ඉන්නෙ ඔයා විතරයි"
"කිඹුල් කදුලු උඹෙ ආයෙ රැවටෙන්නෙ නෑ"
"අනේ රත්තරන් මං තුන් හිතකින්වත් බොරුවක් කරලා නෑ මගෙ මහත්තයට"
"පලයන් යන්න මගෙ දෑහට නොපෙනී. මූසල මූණ දැක්කත් මට අප්පිරියයි දැන්"
"හරි මහත්තයො මං යන්නම්.මතක තියාගන්න මං වැරැද්දක් කරලා නෑ කියලා.මං හැමදාම මහත්තයට හොරෙන් කොහෙද ගියෙ කියල ඉක්මනටම දැනගන්න ලැබෙයි.හැබැයි එදාට මේ හිගන්නි මගෙ රත්තරන් ලග නෑ.එදාට දුක් වෙන්න එපා.තුරුණුවන් සරණයි මගෙ මහත්තයො"
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අවුරුදු දෙකක ප්‍රේමයට තිත තිබ්බෙ ඔහොමයි අපි.ඊට මාසෙකට පස්සෙ ලංකාවෙන් ගියපු මම හරියටම අවුරුදු තුනකට පස්සෙයි මේ ලංකාවට ආවෙ.
කාර් එක මදකට නවත්තලා, කලා වැවේ වැව් බැම්ම මත ඉදගත්තෙ වෙනදා පුරුද්දට වගේ. පුරුදු පාරෙ පුරුදු තැනක තනියෙන් ඉන්නකොට දැනෙන නුපුරුදු හැගීම හිතට දැනෙනකොට, හුස්ම මදකට නැවතුනේ අවුරුදු හයක හතක විතර පොඩි එකෙක් ඇවිත් ඇගිල්ලකින් තට්ටු කරලා,
"අනේ මහත්තයො කෑම එකක් ගන්නකො" කියලා ඇස් දෙකත් හීනි කරලා නුහුරට බෙල්ල හරවන් බත් පාර්සලේ අත් දෙකෙන්ම දික් කරනකොටයි.
අම්මගෙයි තාත්තගෙයි ආදරේ කුඩා කාලෙදිම අහිමි වුන නිර්මාල් ජයසූරිය වන මම අවුරුදු හයේ ඉදන් හැදුනෙ පුංචි අම්මයි අක්කි එක්ක.අම්මා තාත්තා දෙන්නටම උනේ මගෙ අක්කා.ඒත් මට අවුරුදු දහ නවයක් වෙනවත් එක්කම මගෙයි අක්කගෙයි බැදීම කැඩිලා ගියෙ මගෙ හිතුවක්කාරකම් නිසාමයි.
සල්ලි නිසා අදුරු වුන මගේ ජීවිතේට පහනක් උනේ පහන්මි සහන්සා. ලමා නිවාසෙක හැදුන චූටි හුරු බුහුටි කෙලි පැටික්කියක්.සල්ලි නිසා සෙල්ලක්කාර වෙච්ච ජීවිතේ පිලිවෙලක් කරේ ඒ කෙල්ල.ඒත් මගේ සල්ලිකාර යාලුවන් කියපු දේවල් අහලා, ඒ අහිංසකීව මගේ ජීවිතෙන් එලෙව්වෙ හිතක් පපුවක් නැති තිරිසනෙක් වගෙයි.
අම්මටයි අප්පච්චිටයි පිං සිද්ද වෙන්න ජීවිත කාලෙටම ඇති වෙන්න සල්ලි වගේම, ඉඩකඩම් සහ ජයසූරිය ක්‍රන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකත් මට තිබුනා.අක්කා කියපු එක වචනයක් නිසා ගෙදරින් ආපු මම, පහන්මිව නැති කරගත්තෙත් මගේ උද්දච්චකම නිසාමයි.
"මහත්තයට කෑම එක එපාද"
පොඩි එකාගෙ සද්දෙට පියවි සිහියට ආපු මට කොල්ලගෙ ඇස් දෙක දිහා බැලුනෙ ඉබේටමයි.මොකක්දෝ හුරු පුරුදු ගතියක් ඒ ඇස් වල මට දැනුනා.
"කීයද පුතේ කෑම එකක්"
වැව් බැම්ම මතින් නැගිට පර්ස් එක ගන්න ගමන් මං ඇහුවෙ පොඩි එකාගෙ හිත රිද්දන්න ලෝභ හිතුන නිසාමයි.
" සීයයි මහත්තයො"
"මෙන්න එකසිය පනහක්ම තියනවා"
"ගොඩක් පිං මහත්තයො"
කියලා කොල්ලා දුවන් ගියෙ රටක් රාජ්‍යයක් ලැබුන තරම් සතුටකින්.
පොඩි එකා නොපෙනී යනකම් බලන් හිටපු මගේ හිත නැවතත් අතීතයට දිව ගියෙ අතේ තිබූ කෑම පාර්සලය දුටු විටයි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" අනේ මහත්තයො අර චූටි ලමයගෙන් කෑම එකක් ගමුකො"
"මොකක්? තමුසෙට පිස්සුද පහන්මි ඔය හිගන්නුන්ගෙන් කෑම අරන් කන්න.විකාර නටන් නැතුව ඉන්නවා"
"මොන විකාරයක්ද නිර්මාල් මතක තියාගන්න මාත් හිගන්නියක් කියලා"
හදවත මොහොතකට නතර වුණි.ඒ අප ලං වූවාට පසු ඇය මට නම කියූ පලවෙනි වතාවයි.මගේ මූණ දිහා බලලා අතේ තිබුන පර්ස් එකෙන් රුපියල් දෙසීයක් ගත්තු ඇය පොඩි එකා ලගට ගියෙ මා දෙස නිකමටවත් නොබලාය.
" පහන්මි හරි සල්ලි දීලා කෑම එක ගත්තට කමක් නෑ.ඕක කන්නෙ එහෙම නෑ.අර අතන තියෙන ඩස්පින් එකට ඕක දාලා එන්න.ඔය පාර අයිනෙ තියෙන ජරාව කාලා ලෙඩ වෙයි තමුසෙ"
"නිර්මාල් මේ කෑම එක කෑවා කියලා මට මොනව හරි වෙනවනම් ඒ ලමයගෙ පවුලෙ අයටත් අද එහෙම වෙයි.ඒ මිනිස්සු කන්නෙත් මේ කෑමමයි.ඔයාට එපානම් ඉන්න.ඒත් මම කනවා"
ඇය කෑම එක කන්න ගත්තෙ මා බලා සිටියදීමය.කූඩැල්ලො මෙට්ටෙ තියන්න බැ වගේ තමා ඉතින් මට ගොඩේ විදියට හැදුන හිගන්නියො සල්ලිකාර මිනිස්සු කරන්න බෑනෙ කියූ මම එතනින් එන්න ආවෙ ඇය දෙසවත් නොබලාය.
මට හොදට මතකයි අක්කිත් පහන්මි වගේමයි.කොච්චර සල්ලි තිබ්බත් ඉන්න හැදුවෙ ගොඩේ මෝඩ විදියට. ඔහොම තැන්වලින් කෑම කන්න අක්කිත් කැමති.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඒ ඉස්සර මම හිතපු විදිහයි.ඒත් ලග නැති වෙනකොට අගේ වැඩිවෙනවා කියනවනේ.ලංකාවෙන් ගියාට පසු ජීවිතේ අනියත බව වැටහුණා.තනි වූ පසු බැදීම්වල වටිනාකම දැනුණා.අතීතයේ මා ගත් තීරණ සියල්ල වැරදිය.දැන් තේරුම් ගියාට පලක් නැත.මා පරක්කු වැඩිය.කොහේ සෙව්වත් අක්කිවවත් පහන්මිවත් හොය ගන්නට නොහැකි විය.
නැවත වැව් බැම්ම මත වාඩි වුණ මම කෑම පාර්සලය දිග ඇරගෙන බත් කටක් කෑවෙමි.
ඇත්තටම එය රසය.පහන්මි නිවරදිය.ගෙදර ඉන්න කාලෙදිවත් මා එතරම් රසට බත් කටක් කා නැත.ඇත්ත තේරුම් ගන්න මා කල් ගත්තා වැඩිය.
දෙනෙතට නැගුණ කදුලු බිදු පිසදාගත් මම කාර් එකෙන් වතුර බෝතලය ගෙන අත සෝදාගත් මම නැවත ගමන ආරම්භ කලා.
එතරම් දුරක් යාමට නොහැකි විය.මොහොතකට කලින් මා බත් පාර්සලය ගත් දරුවා තවත් කුඩා දැරියක් සමග අයිස් ක්‍රීම් කන්නෙ මහත් සතුටකිනි.
කොල්ලා මාව දැක්කා.ඔව් ඔහු මා හදුනා ගත්‍තා.කාර් එක ලගට දුවන් ආපු ඔහු නැවතත් අහිංසක ඇස් පුංචි කරලා ඔලුව පහත් කරේ මට ගෞරව කරන්නාක් මෙනි.
"පුතේ ගෙවල් කොහෙද"
"අර පේන්නෙ අපේ ගෙදර මහත්තයො"
පුදුමයකි.එය තරමක් විශාල තාප්පයකින් වට වුණ අලංකාර නිවසකි.ඒ ගෙදර දරුවා බත් පාර්සල් විකුණනවා කියන්නෙ පුදුමයක්මය.
"ඒ ගෙදර?"
පොඩි එකාට මාව තේරුනි.
"ඔව් මහත්තයො.ඒ ගෙදර මගේ.අර අර පැත්තෙ තියෙන චූටි ගෙදර දැක්කද? "
පොඩි කොලුවා කටු මැටි පුංචි ගෙයක් පෙන්නමින් ඇසුවේය.
"ඔව් ඒක කාගෙද?"
"අර අතන ඉන්න නංගිගෙ.එයාගෙ තාත්තා නෑ.එයාට ඇවිදින්නත් බෑ.ඉතින් එයාගෙ අම්මා හදලා දෙන බත් පාර්සල් ටික තියන් ඔතෙන්ට වෙලා හැමදාම එයා ඉන්නවා.අද එකක් ඉතුරු වෙලා තිබ්බා.ඒක තමා මං මහත්තයට දුන්නෙ"
දෙනෙත් වලට කදුලු පිරුණි.මෙතරම් කුඩා දරුවකු තුල එතරම් මනුස්සකමක්.සමාජය පුදුමය.දෛවට පුදුමය.පර්ස් එක අත ගත් මම රුපියල් පන්දාහක් පොඩි එකා අත තැබීය.
" පුතේ, ඕක අර නංගිගෙ අම්මට දෙන්න"
" ගොඩක් පිං මහත්තයො.මහත්තයා එන්න යන්න අපේ ගෙදරට"
" බෑ පුතේ මං වෙන දවසක එන්නම්.ඔයාලත් දැන් ගෙවල්වලට යන්න"
"හා මහත්තයො.ස්තූතියි ගොඩක්"
කොල්ලා දිව ගියේය.මා නැවතත් නවාතැන බලා යාමට පිටත් වුණා.
රෑ නින්දක් නැත.කෑමට ආසවක් නැත.මා කෙතරම් වැරදි කල අයෙක්ද.මගෙ අක්කා.මගෙ අහිංසකී දැන් කොහෙ ඇතිද.පුංචි අම්මානම් අම්මගෙ මහ ගෙදර ඉන්නවලු.එය දැනගත්තේද යහලුවෙකුගෙනි.හිත එහෙ මෙහෙ දුවයි.
ඔහේ කල්පනා කර කර සිටියදීම මට නින්ද ගිහින් ය.අවදිවන විට උදේ අටත් පහු වෙලා.
මූණ කට සෝදාගත් මම නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇදගෙන එලියට ආවෙ, වැව් බැම්ම පැත්තට යන්නටය.
මම සිතුවා නිවරදිය.අදත් චූටි කෙල්ල බත් පාර්සල් ටික තියන් සිටිනවා මා ඈතදීම දුටුවෙමි.
ඒ දෙස බලන් කාර් එක ඩ්‍රයිව් කරපු මම පාර පැනපු කෙල්ලෙක් දුටුවේ ලගටම ආ පසුව.දෙවියනේ, මම් බ්‍රේක් කර වාහනය නවත්වා ගත්තෙමි.කාර් එකෙන් ඉක්මනට බැහැපු මං අතින් අල්ලා කෙල්ලව නැගිට්ටුවෙමි.කෙල්ලට සීරිමක්වත් නැති බව පෙනුනි.හිත සැහැල්ලු කරගත් මා ,
"තුවාලයක් නෑ නේද" යැයි අසාගෙනම කෙල්ල දෙස බැලුවෙමි.
හුස්ම හිර විය.ඇස් බොද විය.ඇගට පන නැත.මා මහ පාර මත ඇදන් වැටෙයිදෝ යැයි සිතිණි.
ඒ ඇස් ඒ මූණ ඒ විදිහමය.අවුරුදු තුනකට පෙර මට තුරුල් වී සිටි ඒ අහිංසකී මගෙ ඇස් ඉස්සරහා සිටගෙන සීටි.මෙය ස්වප්නයක්ද, මා මගේ අතම කොනිත්තා බැලිමි.ආව් මට රිදුනි. ස්වප්නයක් නොව, මෙය හැබෑවකි..
"අක්කේ මොකද උනේ.හැප්පුනාද? තුවාලද?"
ඒ ඔහුයි.ඊයෙ මට බත් පාර්සලය දුන්නේ ඔහුයි.
මොනාද සර් පාර බලාගෙන වාහනේ අරන් යන්න බැරිද.කොල්ලා එසේ කියාගෙනම ආපසු මා දෙසට හැරුණි.
"මහත්තයො ඔයා"කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් මුවත් අයාගෙන මා දෙස බලා සිටී.
"සහන් ඔයා මේ මහත්තයව දන්නවද"
" ඔව් අක්කේ මේ මහත්තයා තමා ඊයෙ සදුනි නංගිලාට දෙන්න කියලා අර සල්ලි දුන්නෙ"
පහන්මිට මල්ලියෙක් සිටියේ නැත.මොහු පහන්මිට අක්කා යැයි කියයි.
"ආ එහෙමද? ස්තූතියි මහත්තයො.වාහනයක් අරන් යනකොට ඔයිට වඩා කල්පනාවෙන් යන්න" කියාගෙනම ඇය සහන්වත් ඇදගෙන ගියේ, ආයෙ මා දෙස නිකමටවත් නොබලාය.
ඇයව නවත්තන්නට හිතේ හයියක් නැත.මා ඇය යන දෙස බලා සිටියේ දුකිනි.
"නිර්මාල්..........."
සුපුරුදු කටහඩකි.මා ඉක්මනට ඒ දෙසට හැරුණි.
දෙවියනෙ අක්කා.මගෙ අක්කා.මා ඇය ලග වැද වැටුණි.මහ පාර කියාවත් මට ගානක් නැත.
"නැගිටින්න මල්ලි ගෙදරට ගිහින් කතා කරමු"
මා පලවෙනි වතාවට අක්කාට අවනත වෙමින් ඇය පසුපස ගමන් කලෙමි.
නිවසට ඇතුළු වුණු මට මියැදෙන්නට සිතුණි.බිත්තිය පුරා මගෙයි අක්කගෙයි වගේම මගෙයි පහන්මිගෙයි පින්තූර එල්ලා තිබිණි.
"අම්මේ මේ මහත්තයත් හරියට අපේ මාමා වගේ නේද"
මට ඇඩුණි.මේ මගේ අක්කාගෙ පුතාය.ඔහු තුලින් දැනුනු හුරු පුරුදු බව නිවරදිය.ඒ ඇස් අක්කාගෙ ඇස් වගේමය.මම පොඩි එකාව බදාගත්තෙමි.
"වගේ නෙවෙයි මම මාමා තමයි" කියා ඉකි ගැසුවෙමි.
"අම්මේ මේ ඇත්තද? මේ මගේ මාමද? මාව සනීප කරගන්න ඕන නිසා රට ගියපු චූටි මාමද මේ"
දෙවියනේ....අක්කා කියා ඇත්තේ බොරුය.මා ඔවුන් හැරගිය බව කියා නැත.සහෝදරකම එයයි.දැන් තේරුම් යයි.
"මල්ලි..."
"කියන්න මගෙ අක්කේ.මේ තිරිසනාට සමාවෙයන් අක්කේ..."
" සමාව ඉල්ලන්න ඕනෙ නෑ මල්ලි.තමන්ගෙ මිනිස්සු තරහ හිතේ තියන් ඉන්නෙ නෑ"
ඒත්....අක්කගෙ ඇස් වලද කදුළු පිරී ඇත.මම අක්කව බදාගත්තෙමි.
"ඇයි අක්කේ ඒත්..."
"අර අහිංසකී පව් මල්ලි.එයා ඔයාට වැරැද්දක් කරේ නෑ.ඔයාට හොරෙන් වෙන උන් එක්ක සුර සැප විදින්න ගියෙ නෑ ඒ කෙල්ල.ඔයාගෙ අක්කගෙ පුතා බලන්නයි ඔයාට හොරෙන් ආවෙ.ඒ කෙල්ල නිසයි මං වගේම පොඩි එකත් ජීවත් වෙන්නෙ"
පපුව පිච්චෙනවා මෙන් දැනිනි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" හෙලෝ පුංචි මහත්තයා ..."
" ඔව් සුමනා කියන්න"
" ලොකු නෝනා ඇක්සිඩන්ට් වෙලා.පුංචි මහත්තයට පුලුවන්නම් ඇවිත් යන්න"
මා පහන්මි සමග සිටින විට ඒ කොල් එක ආවා මතකය.ගනනකට නොගෙන කෝල් එක කට් කෙරුවෙමි.
"කවුද මහත්තයො කතා කරේ"
"අක්කගෙ ගෙදර වැඩට ඉන්න කෙනා"
"මොනාද කිවෙ"
"අක්කා ඇක්සිඩන්ට් වෙලාලු"
"අනෙ අපි යමු මහත්තයො අක්කව බලන්න"
"තමුසෙට ඕන්නම් යනවා.මම් එන්නෙ නෑ"
එදත් මගේ හිතුවක්කාරකම පෙන්වා මා එතනින් ආවෙමි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" මල්ලි ඒ අහිංසකී හැමදාම ආවා මාවයි පුතාවයි බලන්න.ඔයාගෙ මස්සිනා මාවයි පුතාවයි දාලා නොයෙන ගමන් ගියෙඒ ඇක්සිඩන්ට් එකෙන්.මට හයියක් වෙලා මාත් එක්කම හිටියෙ පහන්මි..මට සනීප උනත් පුතාට හොද වෙන්න අවුරුදු දෙකක් ගියා.ඩොක්ටර්ස්ලා කියපු විදිහට පහන්මිගෙ අත් ගුණේ නිසයි ඒ තරම් ඉක්මනට පුතාට හොද උනේ.ඒ කෙල්ලට සමාව දෙන්න"
මම දිව්වෙමි.මුලු ගෙදර පුරා දුව ගොස් පහන්මිව සෙව්වෙමි.ඒත් ඇය නැත.එලියට දුවපු මම දිව ගියේ අපිට පුරුදු අපේ තැනටය.මා හිතුවා නිවරදිය.ඇය වැව් බැම්ම මත ඉදගෙන ඔහේ බලා සිටියාය.මමත් ඇය අසලින් ඉදගත්තෙමි.මා දුටු ඇය නැගිට්ටාය.මම ඇයගෙ අතින් අල්ලා ගත්තෙමි. ඇඟේ දැස් කඳුළින් තෙමි තිබුණි. අැස් රතු වි තිබුණි.
"මගෙ රත්තරනේ අනේ මට සමාවෙන්න.බැදීමක වටිනාකම දැන් තේරෙනවා.මං මගෙ මැණිකට වගේම මගෙ අක්කට කරෙත් ලොකු වැරැද්දක්.සමාව ඉල්ලන්නවත් මං සුදුසු නෑ සුදු නෝනෙ.මේ අසරණයට දඩුවම් දෙන්න.ඒත් මගෙන් ඈත් වෙන්න එපා මගෙ දෙයියෝ.දාලා ගියපු දවසෙ ඉදන් මං විදෙව්වා.එක වචනයක් හරි කතා කරන්න"
මට රිදුනි.තෙරුම් ගතිමි මා කල කී දේවල් නිසා ඇයට කෙතරම් රිදෙන්න ඇතිද කියා.සමාව ඉල්ලන්නවත් මා සුදුසු නැත.ඇයගෙන් කිසිම පිලිතුරක් නැත.ඇය එදා කියූ දේවල් පෙලින් පෙල ටෙලි නාට්‍යයක කොටස් මෙන් සිතේ ඇදේ.ඒ වචන නැවත නැවත දෝංකාර දෙයි.ඇය එදා කීවේ සැබෑවක්ය.මා විදවනවා දැන් ගොඩක්.එත් පරක්කු වැඩිය.
"මට සමාවෙන්න.මං යන්නම්.පුලුවන් දවසක සමාව දෙන්න.විදව විදව බලන් ඉන්නවා හැමදාමත්"
මම ආපසු හැරුනෙමි.
"ඒයි මෝඩයෝ.ආයෙත් මාව දාලා යන්නද හදන්නෙ.අවුරුදු තුනක් දුක් දුන්නා මදිද"
මම ඇයව බදාගත්තෙමි.
"අනේ මගෙ රත්තරනේ... සමාවෙයන් කෙල්ලේ ආයෙනම් උඹව නැති කරගන්නෙ නෑ මම.ආදරෙයි නෝනෙ ගොඩක්. #මගෙහුස්මඋඹ"
" මාමෙ ආයෙ යන්න එපා.දැන් මට සනීපයිනේ.
පොඩි පුතා අතේ එල්ලුණි.මම ඔහුවද වඩාගෙන පහන්මිගෙ අතින්ද අල්ලන් අක්කා ලගට ගොස් තිදිනාවම තදකොට බදාගත්තෙමි"
මගේ මහමෙරක් වූ
නපුරුකම්
ඉවසලා නුඹ
මෙයයි #ආදරය බව
මට අගවන්න ඇති ....
පහන්මි උඹ
මටත් හොරෙන්
අක්කට
උදව් කරලා
#බැදීමක අරුත
මට තේරුම් කරවන්න ඇති.....
අක්කෙ උඹ
නුඹෙ පුතාටම
බොරු කියා
#සහෝදරකම
රකින්න ඇති....
අවුරුදු ගානක් බාල
පුංචි පුතේ උඹෙන්
උගත්තෙමි
#මනුස්සකම....
බැදීමත්
මිල කරන
මා වැනි
#නූගතුන්
තවත්
කීයක්
ඇතිද
සමාජය තුල.....
නිමි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
