මගේ පණ EP01 | Mage Pana


පලමු කොටස

🌹☎☎☎☎☎☎☎☎☎☎🌹
😲😲😲😲😲😲😲😲😲😲😲😲

"අම්මෝ මේ පෝන් එක .....
විනාඩි පහක් දාලා ගියොත්
ඔන්න අඩනවා..."

"එක්කො"

"ඔබගේ ආදරයන් වෙනුවෙන් සින්දුවක් ටෝන් එක ලෙස දා ගන්නලු.මගුලක් කතා කරනවා යකෝ මේ බාත් රූම් එකට දිව්වෙ හදිස්සි අත්‍යාවශ්‍ය වැඩකට ඒකත් බාගෙට කරලා ආවා ෆෝන් එක වදින නිසා ශික් අම්මපා"

දේදුනු ආයෙමත් බාත් රූම් එකට ගොස් දොර වහගත්තේ හොදටම කේන්තියෙන් .

උදේම නැගිටලා ගෙදර වැඩ සේරම කරලා යන්තම් නා ගත්තා.අම්මෝ සූද ඕඩිකොලෝන් දාලා සුවදේ බෑ.

කොන්ඩෙ කඩලා දාලා නාගෙන එලියේ වාඩි උනේ ටිකක් නිදහසේ ඉන්නයි.තේ එකත් බිමින් තියලා අම්මෝ ලස්සන කෙල්ලෙගෙ.සුදුම සුදු ලස්සන බෝලයක් වගෙයි කෙල්ල හරිම ලස්සනයි .හැබැයි ඉතින් කොච්චි කරලක් තමයි.

"ආ නංගි නාලා වගේ මේ උදේ පාන්දර"

ලයිට් බිල දෙන්න ආ තරුනයා අම්මෝ මල් හිනාවක් දාගෙන කියන්න විය .

"අනේ නෑ මම නෑවෙ නෑ.හරක් මුත්‍රා ගොම එක්ක කවලම් කරලා ඕඩිකොලෝන් දාලා කවලම් කරලා ගාලා අව්වෙ ඉන්නවා."

"මොකක්"

"ඔව් අයියේ "

"ඇත්තමද?"

"හ්ම් මම ඔයාට විතරයි කිව්වෙ.ලස්සන වෙන්න ඕනිනම් හොරෙන් කරන්න කාටවත්ම කියන්න එපා."

දේදුනු ඒ ටික කීවේ රහසින් වගේ.ලයිට් බිල් ගෙනා කොල්ලාටත් මේක ඇත්තමයි කියා හිතුනේ.

"ආව මෙතන නාලද අහන්න.ඇටි කුකුලා.

හි හි හි හෙට ඉතින් නිවාඩු දාගෙන ගොම ගාගෙන ,හරක් මුත්‍රා එක්ක ,ඕඩිකොලෝන් දාලා අව්වෙ ඉදීයි."

"මොකද කෙල්ලෙ ආ කාටහරි බාල්දියක් පෙල්ලුවද තනියම හිනා වෙන්නෙ."

දේදුනු ගැන දන්නා අම්මා අසන්නට විය .

"මොකද හෙට නිවාඩු දාන්නෙ ආ කියනවා බලන්න"
"සර් මට හෙට අපේ නෑදෑ කෙනෙක්ගෙ මලගෙදරක යන්න තියනවා."

"හරි එහෙනම්"

"ඕඩිකොලෝන් එකක් දෙන්න ."
"ආ සර්"
🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶

"මොකෝ බං මේ ,ශික් ගද මොනවද මේ ගාලා තියෙන්නෙ ."

"අනේ අම්මා ඉන්නකෝ ටිකක්"

කෙල්ලො විතරද ලස්සන .අපි ලස්සන උනාම නරකද.අම්මෝ ගොමයි,හරක් මුත්‍රා සහ ඕඩිකොලෝන් දමා කවලම් කර මූණේ ගාගෙන අව්වෙ ඉන්නට විය .අම්මෝ ඉන්න නම් බෑ පණුවො මූණ හැම තැනම යනවා.මූණම කසනවා.අම්මෝ ලස්සන වෙන්න තියන අමාරුවක්.විදුලි බිල් බෙදන කොල්ලා සිතන්න විය .

අව්වේ සිට මූණ හේදුවත් ලස්සන නම් නැත.ඉන්න බැරි තරම් මූණ කස කස ඉදිමෙන්නට විය .

අම්මෝ
😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲

අම්මෝ
😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲

"මොකද බූරුවෝ ඒ ගමන අම්මෝ ගගා හුරතල් වෙන්නේ ආ කියපිය."

"මොන හුරතල් ද අම්මේ ආ මගෙ මේ මූණ කසනවා ඉන්න බෑ.අයියෝ......"

"ඇයි බං උබ දැං මොකද්ද කොල පාට අටමගලක් උලාගෙන මෙතන උරුලෑව වගේ මර අව්වෙ හිටියෙ"

"ඔව් අම්මෙ මේ ලස්සන වෙන්න පොඩි දෙයක් ගෑවා."

අම්මෝ කොල්ලා ලස්සන වෙන්න ගිහින් නතර උනේ ඉස්පිරිතාලෙ .

දවස් තුනකට පස්සෙ ගදර ආවේ.ඒත් මූණ හොදටම ඉදිමිලා.දැක්කම බය හිතෙනවා.කොල්ලට නම් හොදටම තරහයි.අර ගෙදර හිටපු කෙල්ල එක්ක.

"අම්මා මම ටවුමට ටිකක් යනවා.ඉක්මනටම එන්නම් ."

"හ්ම්"

"සුදු බෝලේ මගේ රත්තරං "

අම්මපා නාකියාගෙ විසේ දෙන්න හිතෙනවා එකක් .දේදුනුට ඕවා අල්ලන්නෙ නැහැ.

අම්මෝ මොකක් කරයිද ඒ පාර.

තරමක් මැදි වයසේ පිරිමි කෙනෙක් දේදුනු දැක පැණි හිනාවක් සමග සිංදුවක් කියන්නට විය .කේන්ති ආවත් කිසිත් නොකියා අවශ්‍ය බඩු ටික අරන් ආයෙ එන විට අර මැදි වයසේ පිරිමි කෙනා අම්මෝ ඇන්ටි කෙනෙක් එක්ක බලන එපැයි ඇබරි ඇබරි අම්මෝ කොහු තිබ්බනම් කඹ අබරගන්න තිබ්බා.අච්චර මුකුලුව දැන් ඉතින් මොකද කරන්නේ.නිකන් යනවද මේ දේදුනු හි හි හි නැනේ එහෙම යන්න බෑනේ.දේදුනු හිතන්නට විය .ටිකක් ඒ ලගට ලං උනත් අර මනුස්සයාටත් ඇන්ටිටත් මෙලෝ සිහියක් නැහැ.

"අම්මෝ යන්තන් අතිනුත් අල්ලගෙන දෙන්නා.යකෝ ඇගිල්ලෙන් බිම හාරනවා ඒ ගමන ."
"ඔයාගෙ පෝන් නොබ්‍බරය දෙන්නකෝ නංගි මම කෝල් කරන්නම්"

"හරි අයියේ ඉන්න දෙන්නම්"

"තාත්තේ මොකද මෙතන කරන්නේ.යමු ගෙදර.කවුද මේ ඇන්ටි."

"මොකක් තාත්තා"

ඇන්ටි උඩ ගියේ එවිටයි.අර මනුස්සයා නම් මල පැනලා කන්න වගේ බලන් ඉන්නේ.

"ඇන්ටි මේ අපේ තාත්තා .මෙයාගෙ වැඩේ කාගෙ හරි පෝන් නම්බරයක් ඉල්ලගෙන ,මෙයා හවසන අරක්කු බොන මාමලාට ගිහින් දෙනවා."

"මොකක්.තමුසේට මෙච්චර ලොකු ලමයි ඉන්නවා ද?බැදලා නෑ කිව්වා නේද?ආ කියනවා.බොරුකාරයා .ඉන්නවා තමුසෙට මම "

අම්මෝ අතට ගත් කුඩයෙන් මනමාල මාමා ගුටුකෑවේ කට්ටිය බලන් ඉද්දි.

දේදුනු ගෙදර ආවේ තනියම හිනාවෙවී.යස වැඩේ එනවා නාකි කරේ යන්න.ආයෙ නම් අපි වගේ ලමයින්ට විහිලුවක් කරන්න කලින් ටිකක් හිතයි.

😏😏😏😏😏😏😏😏😏😏

"කෙල්ලේ තවම නිදිද ආ.නැගිටිනවා ඉක්මනට .අද නේද ඉස්කෝලෙට ඉස්සෙල්ලම යන්න තියෙන්නෙ ආ."

"කීයද අම්මා වෙලාව."
"හයයි"
"මොකක්"

දේදුනු ඇදෙන් බිමට පැන වොශ් රූම් එකට දුවන්නට විය .උසස් පෙල සදහා අලුත් පාසලකට යන පලමු දිනය අදයි.

අදයි කිව්වට ගිය සතියේ අම්මා එක්ක ගිහින් සේරම වැඩ ටික කරගෙන ආවා.දේදුනු තනියම යන පලමු දවස අදයි.

පාසල් බස් රථයට නැගගත්තේ දුවලා ආපු නිසායි.

"අම්මෝ සුවද කවුද බං පොඩි දරුවෙක්ගෙ අම්මා කෙනෙක් නැග්ගේ."

"මොකක් පිස්සුද උබට .මේක පාසල් සේවය මිසක් බේබි වාට්ටුවට යන බස් එකක් නෙවෙයි."

"හරි බං මට කියපන් චූටි බබෙක් ඉන්නවද මේකේ."

සනුල් හිමින් ඇහැක් ගසා දේදුනුව පෙන්නුවේ කොල්ලන්ට කුතුහලයක් නිසාමයි.

"අම්මෝ ඕඩිකොලෝන් සුවද නේද බං"

"හ්ම්"

"ඒ මචං දහම් බලපන්කෝ බබෙක් ඉන්නවද කියලා මේ බස් එකේ"

දේදුනු මේ සියල්ල අසාගෙනයි ඉන්නේ.තමාට මේ සේරම කියනවා කියලාත් ඇය දන්නවා.

"නංගි ඔයා ඉස්කෝලේ එන්නෙ බබා ගෙදර දාලාද"

ශික් කට්ටියම ඒ ගමන මගේ දිහා බලනවා.

👀 👀👀👀👀👀👀👀👀👀👀

රබර් ඇස් කරක කරක.ඔක්කොම හිනාවෙනවා.හිටපන්කෝ දෙන්නම් සුපිරි ගේමක්.මාව විහිලුවකට ගත්තාට.

අම්මෝ ගේට්ටුවෙන් ඇතුළු වෙන්න තියන අමාරුවක්.ඔක්කොම දුවනවා කඩි වගේ.අපි අලුත් හින්දා ටයි එකත් නෑ ශික් .කට්ටියම අපිව එහෙට මෙහෙට තල්ලු කර කර අස්සට යනවා.

ඔන්න ඒ ගමන බෙල් එක ගැහැව්වා.යකෝ මුන් ගේට් එක වැහැව්වා මාව එලියෙ තව ලමයි ටිකක් එක්ක.අර උදේ මං ආපු බස් එකේ ආව උගුඩුවෝ ටික තමයි සේරම කලේ.

අන්න අර දහම් කියන ඉරුලෑවා ඉන්නවා ඒ ගමන ලොකු බැජ් ටිකක් ගහගෙන .යකෝ මූ ශිෂ්‍ය නායකයෙක් ද .ලමයින්ට දෙයියන්ගේම පිහිටයි .

"මේ තමුසෙ මොකද රවන්නේ ගාතා කියනවා"

"මූ නම් මගේ පරන මලගිය ප්‍රාණ කාරයෙක් ,පලි ගන්න පස්සෙන් එනවා"

"මොකද ඒ ගමන කුටු කුටු ගාන්නේ ආ"

"සේරමලා ඉන්න දැං ප්‍රිංසිපල් සර් එයි.දන්නවා ඇතිනේ ඉස්කෝලේ පටන්ගන්නේ 7.30 කියලා.අලුතින් ආව අයත් හොදට මතක තියා ගන්න.ඕඩිකොලෝන් ගගා බබාල වගේ එන්න නෙවෙයි වෙලාවට එන්න ඉගෙන ගන්න."

"යකෝ මූ ප්‍රිංසිපල් සර්ගෙ තාත්තා ද කොහෙද?"

"මොකද ඔතන ආ තනියම කුටු කුටු ගාන්නේ .තමුසෙට තනිකන් දෝසෙද නැත්තම් කලුකුමාර දිස්ටියද?"

අම්මපා රැව්වා ඒ ගමන රැවිල්ලක් .ඇයි යකෝ මූට මාවමයි පේන්නේ.රෙද්ද .අහිංසක කමට ඉන්නකොට හිතේ ඇති මම අහිංසක ලමෙක් කියලා.දෙන්නම්කෝ ලස්සන ගේමක්කට්ටියටම තනි ඇහැට ඇඩෙන්න.දේදුනු හිතන්න විය .

"මොකද අදත් ලමයි පරක්කු ආ.අලුතින් ආව ලමයි යන්න පන්තියට .ආයෙ සමාවක් නෑ ඔයාලටත් හොදද."

"අම්මෝ සර් බදාගෙන උම්මා කෝටියක් දීලම මරන්න තරම් ආදරයක් ආවේ.ඒත් කරන්න ගියේ නෑ .මොකද කලා නම් අදම මම ගෙදර ආයේ උසස් පෙල කරලත් ඉවරයි."

Author Contact  - facebook.com/dar.lakshika

Comments System WIDGET PACK