දඬුවම | Daduwama


දඬුවම
------------

නිමේෂා හදිස්සියෙම ඔෆිස් එකට ආවෙ වැදගත්ම ලියවිලි වගයකට අත්සන් කරන්නම ඕන නිසා.
ඒත් ගේට්ටුව ලගට ඇවිත් කීප සැරක්ම හෝන් කලත් සිකියුරිටි ගාඩ් ඇවිත් ගේට්ටුව ඇරියෙ නෑ.
ඉක්මනින් යන්න ඕන වෙලාවෙ තවත් පරක්කු වෙන එකට කේන්තියකින් කාර් එකෙන් එලියට බැස්ස ඇය කෙලින්ම ගියෙ සිකුරිටි කැබින් එක ලගට
එතකොට ඇය දැක්කෙ තමන්ගෙ පුටුවෙ වාඩිවෙලා මේසෙට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න සිකියුරිටි ගාඩ්ව.

" නැගිටිනව
හරි ෂෝක්
තමුසෙලට අපි පඩි ගෙවන්නෙ මෙතන ඇවිල්ල නිදාගන්නද "

නිමේෂගෙ කෑගැගිල්ලට ගැස්සිලා ඇහැරුනු සිකියුරිටි ගාඩ් ඉක්මනට හිටගන්නව.

" ස ...... සමාවෙන්න මැඩම්
ම ..... ම ...... ම "

" ම . ම . නෙමෙයි
ඉක්මනට ගිහින් ගේට්ටුව අරිනව
අදින් පස්සෙ කරන්න වෙන ජොබ් එකක් හොයාගන්නව "

" අ ........ අනේ මැඩම් "

" අනේ ..... අනේ නෙමෙයි
මම ඔෆිස් එකට කියන්නම්
අද වෙනකල් වැඩ කරපුවට පඩි අරගෙන ගෙදර යනව "

ඔහු ඊට වඩා යමක් කතා නොකලෙ ඇය සමග තවත් කතා කලා කියල තේරුමක් නැති හින්ද
************************************
වැඩට යන්න හිතාගෙන ඇඳුම අතට ගන්න කොටම හසරැල්ගෙ ෆෝන් එකට කෝල් එකක් එනව.

" හලෝ "

" මේ මිස්ට හසරැල් නේද "

" ඔ .. ඔව් "

" ආ මිස්ට හසරැල්
මම මේ කතා කරන්නෙ කලුබෝවිල හොස්පිටල් එකෙන් ඩොක්ටර් නිශාන්ත කියල කෙනෙක් "

" ආ කියන්න ඩොක්ටර් "

" හසරැල්
දැන් ඇක්සිඩන්ට් වෙච්ච පේෂන් කෙනෙක් හොස්පිටල් එකට ගෙනාව එයාගෙ ලේ ගොඩක් ගිහිල්ල බේරගන්න නම් ඉක්මනට ලේ දෙන්න වෙනව ඒත් එයාගෙ බ්ලඩ් ගෲප් එක ඕ නෙගටිව්
ඔයා දන්නවනෙ හසරැල් මේ බ්ලඩ් ගෲප් එක තියන අය හොයාගන්න ගොඩක් අමාරුයි කියල
ඉතින් ඔයාට පුළුවන් නම් මේ වෙලාවෙ මේ ලෙඩාගෙ ජීවිතේ බේරගන්න උදව් කරන්න ඒක ලොකුම ලොකු පිනක් "

" හරි ඩොක්ටර් මම ඉක්මනට එන්නම් "

ඩොක්ටර් හසරැල්ගෙන් අහල ලේ පයින්ට් දෙකක්ම ගන්නෙ ලෙඩාට ගොඩක් ලේ අවශ්‍ය හින්ද.
ලේ දීල ඉවර වෙලා යන්න හදනකොටම හසරැල්ට පොඩි කලන්තයක් වගේ එනව. ඔහු පොඩ්ඩක් අමාරුවෙන් වගේ ඉන්න නිසා ඩොක්ටර් ඒ ගැන අහනව.

" ඇයි හසරැල් ඔයාගෙ ඇගට මොකක් හරි වෙනසක් දැනෙනවද "

" පොඩි කැරකිල්ලක් වගේ ආව ඩොක්ටර් "

" කලිනුත් ඔයාට මෙහෙම වෙලා තියනවද "

" නෑ ඩොක්ටර් සමහර විට ගිය පාර ලේ දීල තාම මාස දෙකක් වත් නැති නිසා වෙන්න ඇති "

" මො .... මොනව ඇයි ඔයා මට ඒක කලින් කිව්වෙ නැත්තෙ
එක පාරක් ලේ දුන්නට පස්සෙ ආයිත් මාස තුනක් යනකල් වත් ලේ දෙන්න හොද නෑනෙ "

" මම ඒක දන්නව ඩොක්ටර් "

" එහෙනම් ඇයි ඒක මට කිව්වෙ නැත්තෙ "

" මම එහෙම කිව්ව නම් මේ ලෙඩාට ලේ හොයාගන්න තවත් පරක්කු වෙනව "

" ඒ උනාට මේක සෙල්ලමක් නෙමෙයි
ඔයාට කරදරයක් උනා නම් එහෙනම් "

" මට ප්‍රශ්නයක් නෑ ඩොක්ටර් එහෙනම් මම යන්නම් "

" එපා එපා ඔයා තව පොඩ්ඩක් වෙලා රෙස්ට් කරන්න "

" බෑ ඩොක්ටර්
දැනටමත් වැඩට යන්න පරක්කු වෙලා තියන්නෙ මම යන්නම් "
**************************************
" ඩොක්ටර් නිශාන්ත
දැන් මගෙ අම්මට කොහොමද "

" ගොඩක් හොදයි නිමේෂා
ඉක්මනට ගෙදර ගෙනියන්න පුළුවන්
හැබැයි පරිස්සම් කර ගන්න වෙයි "

" ඒක තමයි කරන්න අමාරුම වැඩේ
මේ ඇක්සිඩන්ට් එක වෙලා තියන්නෙත් පන්සල් ගිය වෙලවෙ මොනවද ගන්න පාර පනින්න ගිහිල්ල
වැඩට ඉන්න ලමය බඩු වගයක් වාහනෙන් තියනකල් ඉන්න කියද්දිත් අහල නෑනෙ "

" අම්මගෙ බ්ලඩ් ගෲප් එක තියන කෙනෙක් ඉක්මනට හොයාගන්න පුළුවන් උන නිසා හොදයි "

" ඇත්තටම මට අහන්නත් බැරි උනා ඩොක්ටර් කවුද ඒ වෙලාවෙ අපේ අම්මට ලේ දෙන්න ආපු කෙනා "

" එයා ගොඩක් හොද කොල්ලෙක්
කාට හරි ලේ උවමනා වෙලා කෝල් කලොත් පුළුවන් කමක් තියනව අනිවාර්යයෙන්ම ලේ දෙන්න එනව "

" අපරාදෙ මට ස්තූති කරන්න වත් බැරි උනා "

" ඔයා දන්නවද නිමේෂා
සාමාන්‍යයෙන් කෙනෙක් එක පාරක් ලේ දීල මාස තුනක් යනකල් ආයිත් ලේ දෙන්න බෑ ඒත් ඒ කොල්ල කලින් ලේ දීල මාස දෙකක් වත් යන්න කලින් ඔයාගෙ අම්මට ලේ දෙන්න ඇවිල්ල තිබුන "

" ඉතින් ඒකට ප්‍රශ්නයක් නැද්ද ඩොක්ටර් "

" එහෙම හොද නෑ නිමේෂා
ඒත් මෙයා මට ඒක කිව්වෙ ලේ අරගෙන ඉවර උනාම
මොකද මම එහෙම කිව්වොත් එයාගෙ ලේ ගන්න එකක් නෑ කියල "

" පුදුම මනුස්සයෙක්නෙ "

" සමහර මිනිස්සු එහෙම තමයි
එයාල තමන්ගෙ ජීවිතේටත් වඩා අනුන්ගෙ ජීවිත ගැන හිතනව "

" හ්ම් "
**********************************
මේ සිද්ධිය වෙලා සති දෙකකට විතර පස්සෙ තලවතුගොඩ ෆුඩ් සිටි එකේ කාර් පාක් එකේදි ඩොක්ටර් නිශාන්තට නිමේෂාව හම්බවෙනව.

" ඩොක්ටර් නිශාන්ත "

" ආ නිමේෂා
කොහොමද "

" හොදින් ඉන්නව ඩොක්ටර් "

" දැන් අම්මට කොහොමද "

" දැන් ගොඩක් දුරට හොදයි ඩොක්ටර් "

මේ වෙලාවෙ නිමේෂා දකිනව නිදාගෙන ඉදල තමන් අස්කරපු සිකියුරිටි ගාඩ් එහා පැත්තෙ අලුතින් හදන කඩ කාමරයක් ලග සිමින්ති අනනව.
ඔහුව දැකපු ඇයට හිනා යනව.

" මොකද නිමේෂා තනියම හිනාවෙන්නෙ "

" නෑ ඩොක්ටර්
ඩොක්ටර්ට පේනවද අතන අර නිල් පාට ෂෝට් එකක් ඇඳගෙන සිමින්ති අනන කොල්ලව "

" ම් ......
දෙ ... දෙයියනේ හසරැල් "

" ඇ ..... ඇයි ඩොක්ටර්
ඩොක්ටර් එයාව අදුරනවද "

" ම් ......
ඔයා කියන්න ගියෙ මොකක්ද කියන්නකො "

" නෑ ඩොක්ටර්
එදා අම්මගෙ ඔපරේෂන් එක ඉවර වෙලා මට බෙහෙත් වගයක් ගේන්න කියපු වෙලාවෙ ඒවත් අරගෙන එන ගමන් මම ඔෆිස් එකට ගියා
එදා ඔෆිස් එකේ ගේට් එක ලග සිකියුරිටි ගාඩ් විදිහට හිටියෙ ඔය කොල්ල
මම යනකොට මෙයා හොදට නිදි
දෙතුන් පාරක් හෝන් කලත් මෙයා නෙමෙයි ඇහැරුනෙ
මම බැනල එදාම ජොබ් එකෙන් අස් කලා
ඔය වගේ කම්මැලි අයට හරි යන්නෙ මේ වගේ ජොබ් තමයි
ඒකයි මට හිනා ගියෙ "

" එ .... ඒත් නිමේෂා ඔයාට වෙලා තියන්නෙ ලොකු වැරැද්දක් "

" වැරැද්දක්
ඒ මොකක්ද ඩොක්ටර් "

" ඔය ලමයගෙ නම හසරැල්
එයා තමයි එදා ඔයාගෙ අම්මට ලේ දුන්නෙ
එක පාරක් ලේ දීල ආපහු දෙන්න ඕන කාලෙට කලින් දීපු නිසා එයා වීක් වෙලා වගේ හිටියෙ
මම පොඩ්ඩක් රෙස්ට් කරන්න කිව්වම බෑ වැඩට යන්න ඕන කියල ඉක්මනට ගියා
ඒ නිසා අමාරුවට වෙන්න ඇති එයාට නින්ද යන්න ඇත්තෙ "

" මො ..... මොනව ඩොක්ටර්
ඔ ...... ඔය ඇත්තමද "

" ඔව් නිමේෂා "

ඇය එවෙලෙම ඔහු හමුවෙන්න යනව.

" හසරැල් "

" මැ ..... මැඩම් "

" ම .... මට සමාවෙන්න හසරැල් "

" අනේ ඇයි මැඩම් මගෙන් සමාව ඉල්ලන්නෙ "

" එදා ඔයාට එතන නින්ද ගියෙ ඇයි කියල මම දැනගෙන හිටියෙ නෑ
ඔයාගෙ ලේ වලින් තමයි අද මගේ අම්ම ජීවත් වෙලා ඉන්නෙ
මට සමාවෙන්න හසරැල්
හෙට ඉදන් ඔයා වැඩට එන්න
හැබැයි සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට නෙමෙයි
මගෙ ඩ්‍රැයිවර් විදිහට
ඔයාට වාහන ඩ්‍රැයිව් කරන්න පුළුවන්නෙ "

" ඔව් මැඩම්
මට ලයිෂන් තියනව.
එත් එදා මම ලේ දුන්නෙ ඒ ඉන්නෙ මැඩම්ගෙ අම්ම කියල දැනගෙන නෙමෙයි
අනික මම කවදාවත් ඒවගේ දෙයක් කරන්නෙ ලාබ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි මැඩම්
"

" ඔයා හිතුවෙ මම මේ ජොබ් එක දෙන්නම් කිව්වෙ ඔයා මගෙ අම්මට ලේ දුන්න නිසා කියලද
නෑ හසරැල් කවදාවත් නෑ
ඔයා ඒ කරපු දේ මේ වගේ පොඩි දෙයක් දීල හෑල්ලු කරන්න තරම් මම ගුණමකු කෙනෙක් නෙමෙයි
කවදාවත්ම නොදැකපු කෙනෙක් වෙනුවෙන් ජීවිතේ අවධානමට දාන ඔයා තමන් වැඩකරන තැන අයිතිකාරයට කවදාවත්ම වැරැද්දක් කරන්නෙත් නෑ
වෙන්න දෙන්නෙත් නෑ
අන්න ඒක නිසයි මම ඔයාව මේ ජොබ් එකට ගත්තෙ
තේරුණාද "

ඔහුත් හිස සලා එය පිලිගන්නව.
********************************


Comments System WIDGET PACK