යශෝදරාව | Yashodarawa


"අර බලපන්කො බං අර.ලස්සන කෑල්ලක් බං"
දේවක බයික් එකේ එන ගමන් අසංකයාගේ කෑගැහිල්ල නිසා බස් හෝල්ට් එක දිහා බැලුවෙ.ලස්සන අහින්සක කෙල්ලෙක් කෙට්ටු,සුදු ක්රේල් කොණ්ඩෙ හරිම වෙනස් හැගීමක් දේවගෙ හිතට ආවෙ.
දේවක කියන්නෙ පොහොසත් පවුලක එකම දරුවා .මුදල් වගේම කිසිම ප්‍රශ්නයක් කොල්ලට නෑ.නගරෙ ලොකු ඉස්කෝලෙක ඉගෙනගෙන දෙමාපියන්ගේ අකමැත්තෙන් උවත් කොල්ලගෙ කැමැත්ත නිසාම නාවික හමුදාවට බැදුනා.
දේවක ඉස්කෝලේ යන කාලෙ නිපුනිකා එක්ක තමා යාළු වෙලා හිටියෙ .ඒත් ඒ කෙල්ලට දේවක විතරක් මදි උනා.දේවකට හොරෙන් වෙන වෙන පිරිමි ලමයි එක්ක සම්බන්දකම් ඇති කරගත්තා.දේවක එකක් දෙකක් ඉවසුවා සමාව දුන්නා.
දවසක් දේවක නිවාඩු ඇවිත් ගෙදර ආවා.ගෙදර ඇවිත් නිපුනිකාට නොකියාම කෙල්ලගෙ ගෙදර ගියා.ගෙවල් වලිනුත් දෙන්නගෙ සම්බන්දෙ දැනගෙනයි හිටියෙ.
නිපුනිකා ගෙදර හිටියෙ නෑ.කොල්ලා ආව බව නිපුනිකාගෙ ආච්චි කෝල් කරලා නිපුනිකාට කියන්න හැදුවෙ.ඒත් දේවක කිව්වෙ එපා මට එයාව පුදුම කරන්න ඕනි.ඒ නිසා කෝල් කරන්න එපා කියලයි.
නිපුනිකා ගෙදර ආවා එනකොට දේවක සැටියෙ ඉන්නවා .කොල්ල දැක්ක නිපුනිකා එහෙම්මම කාම්බරයට යන්න හදන්නෙ වොශ් එකක් දාගන්න.
"මට ෆෝන් එක ටිකක් දෙන්න.කෝල් එකක් ගන්න."දේවක නිපුනිකාගෙ ෆෝන් එක ඉල්ලනවා.කෙල්ල දෙන්නෙ නෑ.දේවක බලෙන්ම ගන්නවා.
නිපුනිකාගෙ ෆෝන් එකේ එස් එම් එස් ගොඩායි.වෙන පිරිමි ලමෙක් හම්බවෙන්න ගිහින්.ඉන්න තැන.එන වෙලාව ඔක්කොම ෆෝන් එකේ .දේවක එහෙම්මම එලියට බැහැලා එනවා.කෙල්ලගෙ ෆෝන් එක කෙල්ලට දීලා.කෙල්ලගෙ අම්මා තාත්තා ආච්චි කට්ටියම කතා කරලා විස්තරය කියලා දේවක එනවා.
කොල්ලගෙ ජීවිතය වෙනස් වෙන්නෙ දැන්.කොල්ලට කෙල්ලො සන්හතියම එපා වෙලා ඉන්නෙ.යාළුවෝ එක්ක යනවා බොනවා.
දේවක ගොඩක් හොද පවුලක පිරිමි ලමයෙක් .සල්ලි තිබ්බට කොල්ලගෙ යහගුණ පොඩ්ඩක් වත් අඩු නැහැ.ගමේ හැමෝටම කොල්ල හරි ආදරෙන් කතා කලේ.සල්ලි තියනවා කියලා අහන්කාර කමක් නැහැ.
දේවක නාවික හමුදා කෝස් එහෙකට ඉන්දියාවට යන්න තේරෙනවා.කොල්ල ගොඩාක් දක්ෂයි.ඔක්කොම තරග වලට ඉහලම ලකුණු දේවක ගන්නෙ.හවස කට්ටිය සෙල්ලම් කර කර ඉද්දි කොල්ල බෝලය වැදිලා වැටෙනවා.කොන්ද බිම වදින්නෙ. දේවකට සිහිය නෑ දින තුනක් එහෙම්මම සිහියක් නෑ.කොල්ල එහෙම්මම ලංකාවට එවනවා.
නේවි හොස්පිටල් එකට කොල්ලා එවනවා.දේවකගේ ජීවිතය බේරෙනවා.ඒත් කොල්ලට කවදාවත්ම කෙල්ලෙක් එක්ක විවාහ වෙලා පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ කියලා ඩොක්ටර්ස්ලා නිගමනය කරනවා.
දේවක නිවාඩු ඇවිත් කොල්ලො එක්ක ඉන්නෙ.මේ බෙහෙත් වගයක් ගන්න ටවුමට ආවා.බයික් දෙකක් ආවා.එකක් දේවක අසංකයා අනික් එකේ තව දෙන්නෙක්.දැන් දේවක බයික් එක එහෙම අරන් යනවා ටික ටික.කොල්ලට ඕනි බෙහෙත් වගයක් ගන්න මේ ආවෙ සේරම.
"අම්මෝ බං අර බලපන්කෝ .අර කෙල්ල නේද."
කට්ටියම බැලුවෙ ෆාමසිය දිහා.හ්ම් කලින් දවසක අසංකයා කෑගහලා පෙන්නුව අහිංසක රූපයක් ඇති කෙල්ල ෆාමසියෙ ඉන්නවා.හරිම ලස්සනයි .අද ඒත් බලන්නෙවත් නෑ.නගරයේ තියන ලොකුම ෆාමසිය නිසා කට්ටිය තුන් දෙනෙක් ඉන්නවා.කෙල්ලත් එක්කම බෙහෙත් දෙන්න.
ඒ ඇස් හරිම ලස්සනයි .මූණ කහ පාටයි.හුරුබුහුටි කෙල්ලෙක්.දේවකගෙ ඇස් නම් ඒ ඇස් ලග නතර වෙලා.ඒත් ඒ කෙල්ල නම් බලන්නෙ වත් නෑ.
"නංගි අර ෆේස් වොශ් එකක් දෙන්න"
කෙල්ලො තුන් දෙනාම මේ පැත්ත බැලුවා.හ්ම් නපුරියෙක් අනිත් කෙල්ලට ගිහින් බලන්න කියලා නපුරි අහක බලා ගත්තා.දේවක නම් ඒ මූණ දිහාම බලන් ඉන්නවා .
"නෑ නංගි අනිත් ෆේස් වොශ් එක"
අපරාදෙ කියන්න බෑ මුන් ටික කඩේම ගන්න වගේ එක එක ජාතිය ක්‍රීම් සෙන්ට් ෆේස් වොශ් බලනවා .
දේවක අර නපුරි ඉන්න තැනට ආවා."මට පණු බෙහෙත් ගන්න පුලුවන් ද."
"පුලුවන් කාටද"
"මට "
"දැක්කම පේනවා"
"මොකද්ද පේන්නෙ ."
"පණු බෙහෙත් ඕනි කියලා"
කෙල්ල පණු බෙහෙත් දුන්නා.මේකිගේ ගනම් ශික් සත පහකට ගනන් ගත්තෙ නැහැනෙ බං.දේවක සහ මිතුරන් පණු බෙහෙත් අරන් ෆාමසියෙන් එලියට ආවා.
"දැං ඉතින් හොදට පණු බෙහෙත් බීලා නිදාගනින්."
ඔක්කොම හිනා වෙනවා.දේවක නම් ඉන්නෙ වෙනම ලෝකෙක.කොල්ලට අර කෙල්ල ආයෙ බලන්න ආසයි.
"මචං අපි හවස එමු ද"
"හරි හරි බං එමු එමු.හවස ඇවිත් බඩ සුද්දවෙන්න බෙහෙත් ගම්මු."
දේවක නාවික හමුදා නිලධාරියෙක් .නිවාඩු තමයි ඇවිත් ඉන්නෙ.කොල්ලා ඇත්තටම ෆාමසියෙ ගෑනු ලමයට කැමතී.ඒ මූණ කොල්ලට කොයි වෙලෙත් මතක් වෙනවා.හවස් වෙනකල් ඉන්න බෑ බෑ වගේ .
"අයි උබව නයි කූම්බි කනවද දගලන්නෙ.ආ"
ශික් මුන් වස නෝන්ඩිය දානවා.දේවක සද්දයක් නැහැ .හවස අසංකයා එක්ක දේවක එනවා නගරයට .අම්මෝ කොල්ලගෙ මූණ පෙම් පාට.හිනාවක් එක්ක කට මදි.කෙල්ල ඉන්න ෆාමසියට ඉස්සරහ සින්ගර් එක .අසංකයා එක්ක දේවක සින්ගර් එකට යනවා.සිංගර් එකේ ඉන්න ගෑනු ලමයා මේ කට්ටියව අදුනනවා.
"අනේ බං අර ෆාමසියෙ ඉන්න සුදු කෙල්ල මෙන්න මූට සෙට් කරලා දියන්කෝ."
අසංකයා කියනවා.සිංගර් එකේ කෙල්ල දෙන්නා දිහාම බලනවා බැලිල්ලක් .
"අම්මෝ මටනම් බෑ .ඕකි කොච්චි කරලක්."
හරි ඉතින් ඒ උත්තරයට නම් කොල්ලො දෙන්නෙත් අවුල් වෙනවා.
"මොකද්ද ඒ කෙල්ලගෙ නම"
"උත්පලා"
"හ්ම් හරි හරි උත්පලා.හරි තම්පලා හරි මෙන්න මූට හිත ගිහින් බං.රෙද්ද .අන්න අර කෙල්ල එලියට ආවා.යමං යමං කනේ පාරක් හරි කන්න බැරියෑ."
උත්පලා ෆාමසියෙ වැඩ කරන තව කෙල්ලෙක් එක්ක තමයි බස් එකට යන්නෙ.ඒ නංගිත් ගෙවල් ලග.දේවක කෙල්ල බහින තැනට පහල වන්ගුවේ ඉදන් ඉස්සරහට එනවා.කෙල්ලො දෙන්නා ඉස්සරහට එනවා.
"කවුද නංගි අර එන්නෙ.මෙහෙ කෙනෙක් නෙවෙයි නේද"
ලස්සන කොල්ලෙක් ඉස්සරහට එන්නෙ.කෙල්ල බිම බලා ගන්නවා.කෙල්ලො දෙන්නා පාස් කරලා ගිහින් අසංකයාගේ බයික් එකට නැගලා කෙල්ලො දෙන්නව පාස් කරගෙන යන්න ගියා .දවස් දෙක තුනක් මෙහෙම උනා.උත්පලා ඒත් ගනන් ගත්තෙ නෑ.
දේවකගෙ නිවාඩු ඉවර වෙලා කොල්ලා වැඩට ගියා.කොල්ලා අසංකයට කිව්වා.අසංකයාගේ අම්මාට උත්පලාගෙ අම්මාට කෝල් කරන්න කියලා.
උත්පලාගෙ අම්මාගෙන් කෙලින්ම අහන්න කිව්වා.අසංකයාගේ අම්මා උත්පලාගෙ අම්මාට කතා කරා.නගරෙ යහමින් සල්ලි තියන නම ගිය මුදලාලි කෙනෙක්ගෙ එකම දරුවා දේවක .ඉතින් කොල්ලා කෙලින් වැඩ.
උත්පලාගෙ අම්මා මොකුත් කිව්වෙ නෑ.අපි දුප්පත් මිනිස්සු .මට දරුවගේ ජීවිතය ගැන තීරණයක් ගන්න බෑ.කෙල්ලගෙ කැමැත්තක්.උත්පලාගෙ අම්මා කිව්වෙ එහෙමයි.
කොහොම හරි උත්පලාගෙ දුරකතන අංකය අරං දේවක කෙල්ලට කතා කරනවා.කෙල්ල ගොඩාක් ලස්සනයි.ඒ වගේම දුප්පත්.ඒත් ගමේ ලස්සනට ජීවත් වෙන කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් .කෙල්ල කිසි ගෙදරකට ගියේ නෑ.කාගෙවත් දෙයක් හොයන්නෙ නෑ.කාගෙවත් ඕපදූප කතා කරන්නෙ නෑ.පුංචි ගේ කෑල්ලක් උනාට කෙල්ල මලක් වගේ ඉන්නෙ.ගෙදර ඉන්නවද කියලා කාටවත් හොයන්න බෑ.
වැඩට යනවා එනවා තමන්ගෙ පාඩුවේ ලස්සනට ඉන්නවා.උසස් පෙල ලියලා ප්‍රතිඵල එනකල් තමයි කෙල්ල මේ ෆාමසියට යන්නෙ.
"කවුද මේ."
"මම දේවක.හ්ම් පණු අමාරු කාරයා නේද"
කෙල්ල කොල්ලා ලස්සනට ආදරය කරනවා.කෙල්ල මලක් වගේ කොල්ල පරිස්සම් කරන්නෙ.කෙල්ලට පුලුවන් හැම වෙලේම කතා කරනවා.කෙල්ල නිවාඩු දවසට ඇවිදින්න එක්ක යනවා.කොල්ලගෙ ගෙදරටත් කොල්ල උත්පලා ගැන කිව්වා.
දේවක උත්පලා දෙන්නා ගොඩාක් ආදරයෙන් ඉන්නවා.කෙල්ල ඇර වෙන කිසිම කෙනෙක් දිහා කොල්ල බලන්නවත් ගියේ නැ.කෙල්ල වැඩ කරන ෆාමසියෙ මහත්තයාගෙ මල්ලි කෙල්ලට කැමතී බදින්න ඕනි කිව්වා.ඒත් කෙල්ල තමන් වෙන කෙනෙක් බදින්න ඉන්නෙ කියලා මග ඇරියා.
දේවක කලින් යාළු වෙලා හිටි නිපුනිකා සැරින් සැරේ කතා කර කර අඩන්න ගත්තා.මම ගොඩාක් ආදරෙයි මාව දාලා යන්න එපා.මට ඔයා නැතුව බෑ කිය කිය.ඒත් දේවක උත්පලා ගැන කිව්වා.
දවසක් කොල්ලා කෙල්ල එක්ක ඇවිදින්න ගියා නුවර.කෙල්ල ලගට වෙලා කෙල්ලගෙ අතින් අල්ලගෙන කෙල්ලට ලං වෙලා හිටියා.
"සුදු නෝනා.මට දෙයක් කියන්න ඕනි.මේක අහලා සමහර විට ඔයා මට බනී ඒත් මම මේ දේ කියන්න ඕනි."
"කියන්න"
"මට ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ කසාද බදින්න එපා කියලා."
"මොකක් ඒ ඇයි"
කොල්ලා ඔක්කොම විස්තර කෙල්ලට කියනවා.උත්පලා දේවකට ආදරය කලේ අවංකවමයි .ඒ නිසා කොල්ලව අත් අරින්න බෑ.කෙල්ල එහෙම්මම කොල්ලගෙ පපුවට තුරුළු වෙනවා.
"කමක් නැහැ.අපි බදිමු.මං ඔයාව දාලා යන්නෙ නෑ."
කෙල්ල කෙල්ලගෙ අම්මටවත් මේ විස්තර කියන්න ගියේ නෑ.කිව්වා නම් කීයටවත් මේ විවාහයට කැමති වෙන්නෙ නැති නිසා.
උත්පලා සහ දේවක ලස්සනට විවාහ උත්සවයක් එක්ක විවාහා උනා.හරිම ලස්සන ජීවිතයක් කෙල්ල රස්සාවට යවන්න දේවක කැමති උනා නෑ .ඒ නිසාම උත්පලා රස්සාවට නොයා ඉන්න තීරණය කරා .
දේවක රට රකින රණවිරුවෙක්.පණ වගේ කෙල්ලට ආදර කලා.කෙල්ලගෙ ආදරය නිසාම සාමාන්‍ය විදියට කොල්ලට කෙල්ල එක්ක ජීවත් වෙන්න පුලුවන් උනා.
දේවක පුලුවන් හැම වෙලේම ගෙදර ආවා.සමහර වෙලාවට රෑ ඇවිත් උදේ යන්න උනත් කොල්ලා ගෙදර ආවා.කෙල්ල ඒ තරම්ම කොල්ලගෙ ජීවිතය උනා.
දේවක නැතුව ඉන්න උත්පලට ගොඩාක් අමාරු උනා .කෙල්ලට ඕනි උනේ දේවගෙ පපුව උඩ නිදාගන්න .ඒත් කෙල්ලට ඒ පපුව උඩ නිදාගන්න ලැබෙන්නෙ මාස එකහමාරටම දවස් පහක් හයක්.
කෙල්ල මග බලන් ඉන්නෙ කොල්ල එනකල්.එන දවසට පාර දිහාමයි බලන් ඉන්නෙ.එනකොට මගට දුවනවා.බෑග් එක ගන්න.කොල්ල කෙල්ල එහෙම්මම තුරුළු කරගෙන එන්නෙ.පලතුරු චොකලට් කොල්ල ඉතින් අරන් එන්නෙ.
කෙල්ල දේවක එන දවසට වතුර උණු කරගෙන බලා ඉන්නේ.නාලා තමයි ලගට ගන්නෙ.ඒ ආදරය කොච්චර වටිනවාද.ඒ දවස් හය හත ඉක්මනටම ඉවර වෙනවා .ලොකු බැග් එකත් එල්ලගෙන දේවක ආයෙ යන්නෙ උත්පලාගෙ හිත දුකින් පුරවලා.ඒත් කෙල්ල අඩන්නෙ නෑ.කොල්ලට දුක හිතෙයි කියලා.
"සුදු මහත්තයා මට දෙයක් කියන්න ඕනි"
"කියන්නකෝ පණ "
"අහන්නකෝ පණ ."
"හ්ම්"
"මට අරෙහෙම උනේ නෑ .මම එච් සී ජී පටියක් දාලා බැලුවා.ඉරි දෙකක් පෙන්නනවා."
"මොකද්ද මගෙ මැණික මට සුදු මැණිකක් ගේනවා"
කොල්ලට ඊට වඩා දෙයක් නෑ.කොල්ලා තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ.කොල්ලට මැවි මැවි පෙනුනා කෙල්ලව.ඒ මූණ .
"දන්නවද මැණික ඉක්මනටම මම එනවා උබේ ලගට.මගෙ දරුවා රකින්න පණ වගේ.මේ හුස්ම ඔයයි දරුවයි වෙනුවෙන්." කොල්ල උත්පලාට එව්ව අවසන් කෙටි පණිවිඩය .
දවසෙම කෙල්ල බලන් හිටියා නෑ.දේවකගෙ ෆෝන් වැඩ නෑ.කෙල්ල හොදටම බයේ අඩනවා .යුද්දය නිසා දේවකට කරදරයක් ද කියලා කෙල්ල බයේ ඉන්නේ.
දවස් දෙකක් ගියා නෑ පණිවිඩයක් .කෙල්ල වතුර උගුරක් බිව්වෙ නෑ.ඒත් කෙල්ලට මතක් වෙනවා කොල්ලා එව්ව අවසන් කෙටි පණිවිඩය . කෙල්ල එහෙම්මම අමාරුවෙන් වතුර ටිකක් බොනවා.
ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්
"හෙලෝ කවුද කතා කරන්නෙ."
"ඩී අමරසිංහගෙ ගෙදරද"
"ඔව්"
"මේ ඩී අමරසිංහගෙ කවුද "
"මම වයිෆ් "
"සමාවෙන්න ඩී අමරසිංහ නැති වෙලා"
.කෙල්ලට මතක එච්චරයි .සිහිය එද්දි උත්පලා හිටියෙ ඉස්පිරිතාලෙ .කෙල්ල කොච්චර ඇඩුවත් දේවක ආවෙ නෑ.දවස් තුනකට පස්සෙ උත්පලා ගෙදර එක්ක එනකොට සීල් කරපු පෙට්ටියක් ගෙයි තියනවා .
"නෑ මේ මගේ මහත්තයා නෙවෙයි .එයා මෙහෙම එන්නෙ නෑ .මගෙ බඩේ ඉන්න පුංචි පැටියගෙ තාත්තා මෙහෙම එන්නෙ නෑ.මගෙ මහත්තයෝ ."
ආපු හිටපු සේරගෙම ඇස් කදුලු පිරුනා උත්පලාගෙ කෑගැහිල්ලට.කෙල්ල කොච්චර කතා කරත් ඇඩුවත් දේවක ආවෙ නෑ.කෙල්ලගෙ පුංචි බඩ ටික ටික ඉස්සරහට ආවා.කෙල්ල කාම්බරය පුරාවටම දේවකගෙ ලස්සන ලස්සන රූප ඇලෙව්වා.ඒ මූණ ඒ හිනාව කෙල්ලව ජීවත් කරා.උදේ හවා කෙල්ල පහන තියලා දේවකව ගෙදර එවන්න කියලා ඉල්ලුවා.
"උබෙ තියන මූසලකමට මගෙ කොල්ලා මරා ගත්තා.තෝ තොගෙ අවජාතක පැටියා අරන් පලයන් යන්න". දේවක නැති ගෙදර උත්පලාට කුඩම්මගෙ සැලකිලි තමයි උරුම උනේ.කෙල්ල ඒත් ඉවසුවා "උබ පලයන් යන්න මට ඔය මූණ පෙන්නන්නෙ නැතුව" .
උදේ හවස කෙල්ලට බැන බැන දේවකගෙ අම්මා වෙනස් කම් කරා.ඒත් උත්පලා ඉවසුවා.දවසක් කෙල්ලගෙ කෑම එකට මොනවද දාලා ගෙනත් දුන්නා.
"මේක කාපන්.එතකොට ඔය අවජාතක පැටියා මැරෙයි"
කෙල්ලට ගොඩාක් දුකයි .තව මට මෙහෙ ඉන්න බෑ.මගෙ පණ එනකල් මම මේ දරුවා රකින්න ඕනි.කෙල්ල රෙදි ටිකත් අරන් කෙල්ලගෙ ගෙදර එනවා.ටික දවසක් ඉද්දි එහෙත් කට්ටිය උත්පලාට එක එක විවාහ යෝජනා ගේනවා.ඒවට අකමැති උනාම උත්පලාගෙ අම්මා කෙල්ලට හොදටම බනිනවා වෙනස්කම් කරනවා.කෙල්ල දරුවා ලැබෙන්න කිට්ටුයි .ඒත් කෙල්ල කුලියට ගෙයක් ගන්නවා.වයසක ආච්චි කෙනෙක් වැඩට ගන්නවා.කෙල්ල ලස්සන දරුවෙක් බිහි කරනවා.මලක් වගේ ලස්සනයි .කෙල්ල පැටියා බදාගෙන අඩනවා .මගෙ පණ හිටියනම් දුවගෙන එනවා අද.මාව ඉබී දවසෙම.ඒත් කමක් නෑ පණ .මම දන්නවා ඔයා එනවාමයි.
කෙල්ල කොහොම හරි චූටි පැටියා ඇස් දෙක වගේ බලා ගත්තා.වයසක ආච්ච් දිගටම වැඩට තියාගත්තා.කෙල්ල පොඩි දරුවට දේවකගෙ ලස්සන රෑප පෙන්නුවා .තාත්තා ගැනමයි කියලා දුන්නෙ.තාත්තා තාත්තා ටික ටික පොඩිත්ති ලොකු වෙනවා.උත්පලාට ලෝබයි .ලස්සන කෙල්ල පැටියා දේවක දැක්කනම් පිස්සෙක් වගේ ඉබිනවා කෙල්ලට මැවිලා පේනවා.
දින සති මාස ගෙවිලා දෝනී අවුරුදු තුනක් වෙනවා.උත්පලාට විවිධ ආදර යෝජනා ආවත් කෙල්ල ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා.
එදා හරිම වෙනස් දවසක් ලස්සනට ඉර පායලා.දෝනී උදේ ඉදන් හිනා වෙනවා.කෙල්ල හරි සතුටින් .අප්පච්චිගෙ ෆොටෝ එක්ක හරි හරියට හිනාව.කෙල්ල කුස්සියට ගියේ උයන්න.ආයා අම්මා එක්ක දෝනී සාලෙ.
අප්පච්චී.......අප්පච්චී
දරුවගෙ හිනා එක්ක උත්පලා දිව්වා සාලෙට.දෙයියනේ අදහන්න මගෙ පණ කෙන්ද මේ ඇස් ඉස්සරහ .මගෙ හුස්ම ටික මගෙ එකම පණ මගෙ මැණික දේවක මගේ ලෝකෙ මගෙ ඉස්සරහ .දෙවියනේ මම දෙමව්පියන්ට හරි කීකරු වෙලා වෙනකෙනෙක් ලගට ගියා නම් අද මගෙ පණ මොනවා කරගනීද?
ඔක්කොම දන්නවා පණ .මම මැරුනා කියලා සේරම හිතුවත් ඔයා මගෙ පැටියා මම වෙනුවෙන් රැක්කා.ඔයා මගේ යශෝදරාව .මගෙ පණ එදා බෝම්බෙකට අහු වෙලා ඔක්කොම මැරිලා.මාව හතුරො අල්ලන් ගිහින්.මාවත් මැරුනා කියලා හිතාගෙන කට්ටියගෙ කෑලි දාලා සීල් කරලා එවලා.
ඒත් මම මගෙ මැණිකගෙ ආදරය වෙනුවෙන් ජීවත් උනා.හැමදාම මගෙ දරුවව ඔයාව මතක් කලා.මේ ඇස් ඔය දෙන්නා වෙනුවෙන් හැමදාමත් කදුලු හැලුවා.
ඔයා යශෝදරාව වගේ ඉවසලා මග බලලා.මගේ දරු පවුල රැක්කා.මගේම යශෝදරාව ඔයා හැම සසරෙම.කොල්ලා පිස්සෙක් වගේ දරුපැටියව ඉබිනවා.බලන්න බෑ.ඇස් කදුලු පිරෙනවා.එහෙම්මම ආවෙ උත්පලා ලගට කෙල්ලව පපුවට තුරුළු කරගෙන ඔලුව ඉබගෙන ඉබගෙන ගියා.ඇති වෙනකල් උත්පලා දේවක ඇඩුවා.
ලස්සනට දරු පැටියා එක්ක දේවක උත්පලා ජීවත් උනා.
යාළුවනේ මේක තරගෙට ලියපු කතාවක්.මගේ මාතෘකාව යශෝදරාව . ලයික් කමෙන්ට් කරන්න .බුදු සරණයි .,,මේ තරගෙන් පලවෙනියා උනා මේ කතාව.

Author Contact  - facebook.com/dar.lakshika


Comments System WIDGET PACK