ඇය මගේ💗 | Aya Mage
අැය මගේ💗
👖ආ........ නංගී කොහෙද මේ හිරමනෙකුත් අරගෙන යන්නෙ ආ....
🌹අනේ අයියා මට යන්න දෙන්න"
👖එහෙම බැහැනේ සුදු.... නේද මචං
👕එකනේ නංගී අපි ටිකක් ආශ්‍රය කරමුකෝ
🌹අනේ අයියා මගේ වයලීන් එක දෙන්න
👕ඒ අන්න සුදීර අයියා එනවා
👞මොකද උබලා මෙතන කරන්නේ. අැයි මේ කෙල්ලට වද දෙන්නේ.
👖නැ අයියා නිකන් මේ අපි විහිලුවට
👞පලයන් ගිහිල්ලා වැඩ කරපන් ඕක දීලා පලයන්
👞නංගී ආ මේක ගන්න තමුන්ටත් කියන්න තියෙන්නේ මේ කොල්ලො ඉන්න පැති වලින් එන්න එපා හරිද
🌹හා අයියා
👞දැන් යනවා එහෙනම්. මොනාද තවත් බලන්නේ, යනවා ඉතින්
🌹අයියා මගේ ස්ටික් එක
👞මොකක්....
එතකොට මම දැක්කේ බිම වැටිලා තිබ්බ අන්ධ අය උදව්වට ගන්න ස්ටික් එක මට අරුන් එක්ක ආවේ පුදුම තරහක්. මෙහෙම අසරණ කෙල්ලෙක්ට ද කරදර කලේ එහෙනම් මුන්දෙන්නා.
👞අනේ නංගී මට සමාවෙන්න මන් දැක්කේ නැ
🌹කමක් නැ අයියා ඔයාට ගොඩක් පින් එහෙනම් මම යන්නම්
👞හා නංගී පරිස්සමට
ලස්සන අහිංසක කෙල්ලෙක් කොන්ඩෙ ඉනෙනුත් පහළට, සුදු පාට හම කෙල්ල නිකන් පුංචි සුරංගනාවියක් වගේ. ලස්සන උපරිම තිබ්බත් ඒවා බලා ගන්න කෙල්ලට පින නැ කියලා මට හිතුනම දැනුනේ ලොකු දුකක්.
💥ආ උඹ ආවද
🌹ඔව් කුඩම්මා
💥ඔය මඟුලට මොකටද උඹ යන්නේ හැමදාම අැස් පේන්නේ නැති අන්ධ උබට මොන වයලීන් ද
🌹නැ කුඩම්මා මට වයලීන් play කරන්න පුළුවන් දැන්
💥ඔව් ඔව් පුළුවන් වෙයි උඹට
ගෙදර ඉන්නේ නැතුව මම පන්ති යන්නෙත් කුඩම්මාගේන් බැනුම් අහන්න බැරි නිසා. හැම තිස්සෙම එයා කියන්නේ මාව එයාලට බරක් කියලා මෙවා ඔක්කොම අහගෙන මාගෙ තාත්තා මන් ගැන ගානක් නැතුව ඉන්නව අම්මා නැති උනාට තාත්ත කුඩම්මා ගෙනාවේ මාව බලා ගන්න කිවුව කුඩම්මාට නංගිලා දෙන්න හම්බුනා ම එයට මම ගැන ඉස්සර තිබ්බ ආදරේ නැතුව ගියා. මාව ඉල්ලන ඕන එකෙක්ට දීලා කුඩම්මාට ඕනේ උනේ මගෙන් නිදහස් වෙලා නංගිලාට තාත්තගෙ දේපළ දෙන්න. මම ගෙදර ඉන්නේ පුදුම දුකකින්. වයලීන් පංති යන එක මට තිබ්බ ලොකු සැනසීමක්.
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
👕සුදීර අයියා වාහනේ අර පාර්ක් එක ගාව කඩෙන් නවත්තන්නකො හලෝ
👞ඒ මොකටද බං
👕නැ මට යාලුවෙක් හම්බෙන්න යන්න මම පස්සේ බොස් හම්බෙන්න එන්නම් මට එන්න කිවුවෙත් නැනේ අද
👞ආ හා හා බැහැපම් එහෙනම්
👕මම යනවා අයියා
මම ආයේ වාහනේ හරවනවත් එක්කම දැක්කේ එදා අර අන්ධ ගැනු ලමයාව පාර්ක් එකේ බන්කුවක් උඩට වෙලා ඔහේ ඉන්නවා හිත කිවුවෙම එයාට කතා කරන්න කියලා
👞නංගී.....
🌹කවුද....
👞මාව මතකද දන්නේ නැ එදා අර කොල්ලෝ දෙන්නෙක් කරදර කරනකොට එතනට ආවේ...
🌹අනේ ඒ අයියද කොහොමද අයියා ඉතින්
👞හොඳින් ඉන්නවා ඔයාට කොහොමද
🌹කියන්න වරදක් නැ අයියා
👞මෙතන මොකද කරන්නේ
🌹 නිකන් හිටියා අයියා
👞ඔයා ගැන මම දන්නේ වත් නැනේ නංගී
🌹මම සඳුනි අහස්නා අයියා අම්මා නැ තාත්තා යි කුඩම්මා යි නංගිලා දෙන්නෙකු යි ඉන්නවා එතකොට අයියා....
👞මම අසංක සුදීර හැමෝම කියන්නේ සුදීර කියලා කරන්නේ බිස්නස් පවුලේ කවුරුත් නැ
🌹අනේ එහෙමද
👞හ්ම්.. නංගී ඇහුවට තරහ වෙන්න එපා
🌹අනේ අහන්න අයියා
👞ඔයාගෙ අැස් පොඩි කාලේ ඉඳලා පේන්නේ නැත්තේ
🌹නැ අයියා මම පොඩිකාලේ
👞ඒ කොහොමද
🌹එක දවසක් අම්මයි මමයි තාත්තා යි car එකේ යනකොට accident එකක් උනා එකෙන් මට ඇස් පේන්නේ නැතුව ගියේ අයියා
👞ඉතින් සනීප කරන්න බැලුවේ නැද්ද 🌹බැලුවා එතකොට අපිට ලොකුවට සල්ලි නැ අයියා අම්මා නැති ලෝකේ දිහා බලන්න මට ඕන උනෙත් නැ
👞එතකොට ඔයාගෙ අම්මා....
🌹අම්මා නැති උනේ ඒ accident ඒකෙන් අයිය
👞 ඉතින් දැන් හොඳ කරන්න බැරිද
🌹දන්නේ නැ අයියා
👞කුඩම්මා අහන්නේ නැද්ද ඔයාගෙන්
🌹නැ අයියා තාත්තා කුඩම්මා ගෙනාවෙ මාව බලා ගන්න කුඩම්මාට නංගිලා දෙන්න හම්බුනාම මාව වදයක් උනා එයා දැන් මට කැමති නැ අයියා
👞හ්ම් අනේ මන්දා නංගී මිනිස්සුන්ගේ ජීවිත.... මම ඔයාව ඇරලවන්නද
🌹එපා අයියා මම යන්නම් තව ටිකයි තියෙන්නේ
👞හා නංගී එහෙනම් පරිස්සමට බුදු සරණයි
🌹හා අයියා ඔයාටත් බුදු සරණයි
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
අදත් මම පාර්ක් එකට ආවෙ අර නංගී ඉන්නවද බලන්න හිතුවා වගේම ඉන්නවා
🌹අයියා.....
👞ඔයා කොහොමද මාව අදුර ගත්තෙ මම කතා කලේ නැනේ
🌹අයියාගෙ සෙන්ට් එකේ සුවඳින්
👞ආ......
හැමදාම මම නංගී එක්ක කතා කරන්න ගත්තා එයා එක්ක කතා කරනකොට මට ලොකු සැනසීමක් දැනුනා
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
👞නංගී
🌹කියන්න අයියා
👞ඔයාට දෙයක් කිවුවොත් මත් එක්ක තරහ වෙනවද
🌹අනේ අයියා නැ කියන්න
👞මට දැනෙනවා නංගී මම ඔයාට ආදරේ කරනවා කියලා
ඒ සුදු මූණේ ලස්සන හිනාවක් ඇදිලා ආයේ මැකිලා ගියා
👞අැයි නංගී ඔයා මට කැමති නැද්ද
🌹අනේ අයියා මම වගේ අන්ධ කෙල්ලෙක් කර ගහන එක ඔයාටත් වදයක්
👞එහෙම කියන්න එපා සදු හරිද ඔයාව මට වදයක් නෙමෙයි මැණිකක්
🌹හී හී
👞හිනා වෙන්නේ කියන්නකෝ
🌹කිවුවෙ නැති උනාට අයියා ඔයා එක්ක කතා කරන එක මට ලොකු සතුටක් ඒ සතුට ජීවිත කාලයටම ලබා ගන්න තියෙනවානම් මට වෙන මුකුත් ඕනෙ නැ
👞එ කියන්නේ ඔයා කැමති නේද
🌹ඔව් අයියා
👞මට ආදරෙයි ද
පලවෙනි වතාවට එයාගෙ අත අල්ලන් මම ඇහුවේ
🌹ඔව් සුදීර අයියේ ගොඩක් ආදරෙයි
👞 මමත් මාගෙ පැංචිට ගොඩක් ආදරෙයි
එදා මම ගෙදර ආවේ ලොකු සතුටකින් මාගෙ අදුරු ජීවිතේට එළියක් හම්බුනා ඒ නිසා
💥දුව....
🌹අැයි කුඩම්මා
කවදාවත් නැතුව කුඩම්මා දුව කිව්වා මට බයත් හිතෙනවා
💥දුව අනිද්දාට මේ ඇදුම අඳින්න clz යන්න එපා
🌹අැයි එ
💥දුව බලන්න මනමාලයේක් එනවා
🌹මට බැ
💥මොකද්ද කිව්වේ උඹ
🌹මට බැ
💥අැයි
🌹මම කැමති නැ
💥උබේ කැමත්ත අකමැත්ත මට වැඩක් නැ මේක එදාට අදීන්න තියා ගන්නවා හරිද
මම කන්න ගියෙත් නැ මුළු රෑම ඇඬුවා.
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
පහුවදා අයියව බලන්න මම ගියාම අයියාට ඔක්කොම විස්තරේ කිවුව.
👞 සදු.....
🌹ඔව් අයියේ කියන්න
👞දැන් අපි මොකද කරන්නේ
🌹මම දන්නේ නැ අයියේ මට ඕනෙ ඔයා විතරයි
👞අනේ මැණික මටත් ඕනෙ ඔයාව තමයි මම ජීවත් වෙලා ඉන්නකම් ඔයා මගේ විතරයි
🌹මොකක් හරි කරන්නකො අයියා මම දැන් හෙට මොකද කරන්නේ
👞සදු ඔයාට මාව විස්වාසයි ද
🌹ඔව් අයියේ අැයි එහෙම අහන්නේ
👞එහෙනම් මම ඔයාව එක්කන් යන්නම් එනවද
🌹හා අයියේ එන්නම්
👞හරි මැණික එහෙනම් දැන් බය වෙන්න එපා මම ඔයාටයි මටයි හදපු ගෙදරට අපි යමු
🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡🏡
👞මේ අපේ පුංචි ගෙදර හැමදේම තියෙනවා හරි ද මැණික
🌹මට කිවුවේ නැත්තේ අැයි ගෙදර ගැන
👞ස්ප්‍රායිස්නේ මැණික
🌹හී හී ආ.... ලස්සනයි අයියේ
👞ලස්සනයි ?
🌹ඔව් අැයි
👞ඔයාට පේන්නේ නැනේ, මැණික ඉතින් කොහොමද....
🌹ඔයාගෙ සතුටෙන් වචන වලින් මට තේරෙනවා
👞අනේ මගේ මැණික
සුදිර දැනුනේ ලොකු දුකක් ඒ වගේම ලොකු ආදරයක්. සුදිර ආදරෙන් සඳුනිගෙ නළලට හාදුවක් දුන්නා
👞මැණික මම අපි දෙන්නට කන්න මොනහරි අරන් එන්නම් හෙට නම් මම උයන්න කෙනෙක් ගේනවා මැණික අදට කඩෙන් කමු....
🌹අනේ හා අයියේ එකට කමක් නැ මටත් කඩෙන් කන්න ආසයි
👞ආ..... ඒ මොකෝ
🌹මතක අැති කාලේකින් කාල නැ මම කුඩම්මා මට දෙන්නෙ නැ කඩෙන් ගෙනාවාම මට දවල් හරි උදේ හරි ඉතුරු උන ඒවා දෙනව එයාල කඩෙන් ගෙනාපුව කනවා
👞ඉතින් මැණික කොහොම ද දන්නේ එයාල කඩෙන් ගෙනල්ලා කනවා කියලා
🌹මගෙ අැස් පේන්නේ නැති උනාට සුවඳ දැනෙනවා අයියේ
සුදීරට දැනුනේ මහා දුකක් මේ කෙල්ල කොච්චර පවුද කියලා සුදිර ට හිතුනා. අැස් වලට ආපු කදුළු හෙමින් පිහදා ගත්තෙ කෙල්ලට තමන් අඩනවා කියලා දැනෙයි කියලා.
👞ඒවා දැන් ඉවරයි මැණික ඒවා ඒකීය දවසක තියෙයි. මගේ මැණික ට මම අැරියස් ඒවත් එක්කම අරන් දෙන්නම්කෝ. මොනාද ඕනේ ආ....
🌹මට පාරාට දෙකක්
👞මොකක්
🌹අැයි....
👞දෙකක් ඇතිද අනේ
🌹පිස්සා මම බය උනා මොකද කියලා හී ඇති.....
👞 නැ නැ ඊට වඩා කන්න වෙනවා මැණිකේ මම එක්ක ඉන්නවනම් හරිද
🌹හි හි හා එහෙනම් ගෙන්නකො දෙනවනම් කන්නම්
👞ආ..... ඒ කියන්නේ කන්න බැරුව නෙමෙයි නේද
🌹හි හී තුනක් පුළුවන් වෙයි
👞පිස්සු කෝලම එහෙනම් මම ඉක්මනට අරන් එන්නම් ඇතුලේන් lock කරගෙන මෙතැන දොර ගාව බිම වාඩි වෙලා ඉන්න මම ආවම දොර අරින්න ලෙසිනේ නේද එතකොට
🌹හා අයියේ පරිස්සමට ගිහිල්ලා එන්න....
👞හා මැණික ඉක්මනට එන්නම් බය වෙන්න එපා......
සුදිර ඉක්මනට කෑම අරන් ආවා දෙන්න කාල නිදා ගත්තා. සඳුනිට වෙනදා වගේ නෙමේයි ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුනා.
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
ට්‍රින්..... ට්‍රින්......
👞 උදෙන්ම කවුද අයියේ අනේ මට බයයි
🌹ඉන්නකෝ මැණික මම බලන්නම්
👚මහත්තයා
👞ආ...... මැගී ආච්චි එන්න ඇතුලට වෙලාවටම ආවා නේද
👚ඔව් මහත්තයා මම ඉතින් මතක තියාගෙනම හිටියේ උදෙන්ම යන්න ඕනේ කියලා
👞සදු මේ ඉන්නේ අපිට උදවුවට එනවා කිවුවෙ
🌹ආ....... මැගී ආච්චි ද
👚ඔව් නෝන
🌹අනේ නෝනා කියන්න ඕනේ නැ ආච්චි දුව කියන්න
👚අනේ එහෙම හොඳ නැනේ නෝනා
🌹අනේ එහෙම එපා ආච්චි දුව කියන්න මම එහෙම ආසයි අහන්න
👞ඔව් ඔව් ආච්චි අපිට දුවයි පුතයි කියන්න අද ඉඳලා ආච්චි අපේම ආච්චි හරිද
👚අනේ මහත්තයෝ හරි එහෙනම් දුවයි පුතයි කැමැති නම් හා මම කියන්නම්
🌹ඒක හොඳයි හි.....
👚මම එහෙනම් කන්න හදන්නම් පුතා
👞නැ ආච්චි උදේට මම කන්න ගෙන්න ආච්චි ටිකක් ගමන් මහන්සි එහෙම ඇරලා දවල්ට උයන්න ගන්න
👚එහෙම හරි නැනේ පුතා
🌹අනේ ආච්චි අයියා කන්න ගෙනෙයි ආච්චි ටිකක් මහන්සි අරින්න ආවා ගමන් උයන්න ඕනේ නැ....
👚හරි දුවේ
ඔහොම ලස්සනට සතියක්ම ගෙවිලා ගියා....
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
👞මැණික මම අද වැඩකට එළියට යනවා එද්දි රැ වෙයි ඔයා ආච්චි එක්ක දෙන්න හොඳට දොරවල් වහගෙන නිදා ගන්න මම යතුරක් අරගෙන යනවනේ හරිද
🌹හා අයියා ගොඩක් රෑ වෙන්න එපා පරිස්සමට ගිහිල්ලා එන්න බුදු සරණයි
👞හා මැණික බුදු සරණයි
අයියා පහුවදා හවස් වෙලා ආවෙ......
👚පුතා අැයි මේ
🌹අැයි ආච්චි අයිය ට මොකද අයියේ අනේ කෝ..... එන්න මන් ගාවට
👚දුව පුතා අත බැඳගෙන
👞අනේ ආච්චි මේ වැටිල අත තුවාල උනා ටිකක්
සදූ සුදිරගෙ කට හඩ ඇහෙන පැත්තට කලබලෙන් අත් දික් කරගෙන එනකොට සුදීර කෙල්ල ගාවට ගියේ පුටු වල හැප්පෙයි කියලා.
👞සදු කෝ පුටුවේ හැප්පෙයි බලාගෙන
🌹කෝ අත රිදෙනවා ද
👞නැ මැණික පොඩ්ඩක්වත් නැ
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
දවස් ගෙවිලා ගියා සුදිර සදු ව doctor කෙනෙක්ට පෙන්නුවා
💉 අපිට සදූ ට පෙනීම ලබා දෙන්න පුළුවන් ඒකට ඉක්මනටම අැස් දෙකක් හොයා ගන්න වෙනවා
කෙල්ලට ගොඩක් සතුටු හිතුනා අලුත් බලා පොරොත්තුවක් ලැබුණා. සුදිර අැස් වල කදුලු පුරෝගෙන.
👞හොඳයි Doctor මම හොයන්නම් මාගෙ කෙල්ලව සනීප කරලා දෙන්න මට එ ඇති doctor
💉බය වෙන්න එපා සුදිර මම මගේ උපරිම කරනවා අැස් දෙකක් හොයාගෙන මාව ඇවිල්ලා meet වෙන්න ok සුදිර
👞හරි doctor thank you very much
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
තවත් සතියක් ගෙවුන.......
👞මැණික හෙට ඔප්ෂන් එක ඔයාගෙ
🌹මොනාද මට අැස් දෙකක් හම්බුනා ද අයියේ
👞ඔව් මැණික හෙට යන්න ලෑස්ති වෙන්න
🌹මට මුලින්ම බලන්න ඕනේ ඔයාව පන හරිද
👞හා මැණික අනිවාර්යයෙන්ම මගෙන් තාමයි ඔයා බලන්න ගන්නේ
සුදිර සඳුනි ගෙ දෙතොල් මත කුළුදුල් ප්‍රථම හාදුව තැබුවා.
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
ඔපරේෂන් එක කරලා සඳුනි මැගි ආච්චි එක්ක ගෙදර ආවා කෙල්ලට දැන් හොඳට පේනවා හැබැයි සුදිර තාම ගෙදර ආවේ නැ.
ට්‍රින්.... ට්‍රන්.....
🌹අයියා ඇවිල්ලා මම දොර අරින්නම් ආච්චි
එතන හිටියේ සුදිර නෙමේයි ටිකක් වයස උස මහත පිරිමි කෙනෙක්.
🌹ඔයා කවුද
✨බය වෙන්න එපා දුව මම සුදිරගෙ බොස්
👚දුව එයාලට ඇතුලට එන්න කියන්න එයාලව මම දන්නවා පුතා එයාලට ඔයට කතා කරන්න කිවුව
🌹මට තේරෙන්නේ නැ අැයි එ මොකද උනේ කෝ මාගෙ අයියා
✨දුව ඉඳ ගන්නකො දුව සුදිර කරපු බිස්නස් මොනාද කියලා දන්නවාද
🌹නැ
✨එයා මගේ ගෝලයෙක් ඊට වඩා පුතා වගේ එයා මාගෙ මම කරන්නෙ ගන් විකුණනවා එතකොට දුව පුතා කාලෙ ගන් හුවමාරු කරපු එක
🌹මොකද්ද
✨ඔව් දුව බය වෙයි කියලා එයා නොකීවේ
🌹 හරි එයා කවුරු උනත් මොන කරත් එයා මාගෙන් කෝ දැන් එයා
✨දුව එක දවසක් පුතා අත තුවාල කරන් ආවා නේද ඒ police එක්ක ප්‍රශ්නයක් වෙලා එදා ඉඳලා අපේ කට්ටියට ප්‍රශ්න විශේෂයෙන් සුදිර ගැන පොලිසිය අැහැ ගහගෙන හිටියේ මට පුතා කියන්න කිවුවෙ එච්චරයි. ආයේ මේ ලියුම දෙන්න කිව්වා.
සඳුනි ගැහෙන අත් වලින් ඉකි ගගා අඩමීන් ලියුම කියවන්න ගත්තා.
👞මගේ චුටි කෙල්ල සදු......
මට සමාවෙන්න මැණික ඔයාගෙන් මෙවා හැංගුවට මගේ බොස් ඔයට දැනටමත් මම මොනාද කාලේ කියලා, ඔයට කියලා ඇති.
මම මෙක ලියනකොට ඔයා හා පැටියෙක් වගේ නිදි මැණික ඇදේ මට සමාවෙන්න මැණික මට අැස් දෙකක් හොයා ගන්න බැරි උනා අන්තිමට මම තිරණය කල මම හිටියත් කවද හරි පොලිසියට අහු වෙනවා ඒ නිසා ඔයට අැස් දෙක දීලා මැරිලා යන්න .
මට සමාවෙන්න මැණික ඔයාව තනිකලාට මේ ආත්මේ අපිට එකතු වෙන්න වෙන්නේ නැ මාගෙ මැණික මම නීතියට වැරදිකාරයෙක් අහු උනාම මට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හම්බෙන්න. එහෙම වෙනවට වඩා මාගෙ අැස් ඔයට දීලා මම මැරෙන එක හොඳයි මැණික එ පිනෙන්ම ඊලඟ ආත්මේ අපි අපේ වෙමු මැණික.
ඔයට මම පැටියෙක් නොදුන්නේ ඔයාගෙ ඇගට අතක්වත් නොතිබ්බෙ මම ගියාම ඔයා පැටියෙක් එක්ක තනි වෙන්න ඕනේ නැති නිසායි. පැටියට තාත්තේ ක් නැති වෙන නිසා යි. මට සමාවෙන්න මැණික ඔයට ලං උනොත් මට මේ තිරනය ගන්න බැරි වෙයි කියලයි පැටියෙක් හදන්නේ නැතුව ලං වෙන්න පුළුවන් උනත් ලං නොවුනේ.
හැබැයි ඊලඟ ආත්මේ මේවාට ඇරියස් එක්ක ඕනේ හරිද ඕනේ ඒවා කියන්නද හි හි. එක්කෝ ඒවා එදාටම බලන්නකෝ..... චුටි බබාලා දුසිමක් හදනවා මම ඔය එක්ක හි හි.....
මගෙ මැණික ආච්චී එක්ක සතුටෙන් ඉන්න ඕනේ මැණික හරිද. තනි තමයි මැණික. ඒත් මගෙ මැණික එළිය දකින්න ඕනේ අදුර ම දැකල බැනේ . මගෙ මැණිකට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න ඒකට මම තරහ නැ. මම දැන් නැති නිසා මම වගේම ආදරේ කරන කෙනෙක් ගාවට යන්න ඔයට පුළුවන්. හැබයි ඊලග ආත්මේ ඔයා මගේ කියලා එයට කියන්න හරි ද.......
සමාවෙන්න මගේ මැණික මම ඔයාට ගොඩා.............. ක් ආදරෙයි. බුදු සරණයි මගේ මැණිකට. සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න මට මැණික.
මම ඔයාගෙ පණ සුදිර අයියා
ලියුම කියවලා ඉවර වෙන්කොට සඳුනි හොඳටම අඩනවා. සඳුනි ලියුම ආච්චිටත් දුන්නා එයත් කියවලා හොඳටම ඇඬුවා.
💭💭💭💭💭💭💭💭💭💭💭💭💭💭
කාලය ගෙවිලා ගියා සුදිර ජීවිත කාලයටම සඳුනි වෙනුවෙන් සල්ලි ඉතිරි කරලා තමයි ගිහින් තියෙන්නේ. සඳුනි කොයිම විඳිහකින්වත් අසරණ නොවෙන විදිහට සුදීර හැම දේම ප්ලෑන් කරලා.
සඳුනි වෙන කා ගාවටවත් ගියේ නැ සුදීර වෙනුවෙන්ම පතිවත රැකගෙන ඉන්නවා.
සුදීර වෙනුවෙන් එය තියලා ගිය සල්ලි වලින් වැඩිහිටි නිවාස වලට, අන්ධ ලමයින්ට, දුප්පත් ලමයින්ට උදවු කරනවා.
සංගීතයට කැමැති ලමයින්ට වයලීන් play කරන්න උගන්නනවා. ආච්චි දෙයියන්ගේ පිහිටෙන් තාමත් ජීවත් වෙලා ඉන්නවා. රැට හැමදාම සුදීර ගෙ photo එක දිහා බලාගෙන සඳුනි ප්‍රාර්ථනා කරන්නේ ඊලග ආත්මේ අපිව අපේම කරන්න කියලා.....
නිමි.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
