ඇය_එනකම්_හිදිමී_මඟ_බලා | Aya Enakam Hidimi Maga Bala


#ඇය_එනකම්_හිදිමී_මඟ_බලා


අහ්… අද මගේ කෙල්ලට කලින්ම මාව මතක්වෙලා තියෙන්නේ… ”

ලක්ෂිත තමන්ගේ කාර්යාලයේ වැඩ අවසන් වෙලා ෆෝන් එක අතට ගත්තේ එයාගේ පුංචි දඟකාරිගෙන් ආපු මැසේජ් එක දැකලයි.

බබා....

මං දැන් ඕෆ් උනේ…...

ගෙදර ඇවිල්ලා විඩීයෝ Call එකක් ගන්නම් හොඳද..? පරිස්සමින් ඉන්න මැණික ගොඩක් ආදරෙයි…...!

හරි බබා….. ඉක්මනට එන්න මං බලාගෙන ඉන්නවා...

ඔයාට බුදුසරණයි..!

මම නම් ආදරේ නෑ....කියමින් ඇය සිනාසී දුරකතන ඇමතුම විසංදි කළේය...

ඇය නමින් කාව්‍යා විය...,

ඇය දුරකතන ඇමතුම විසංදි කළ සැනින්ම ලක්ෂිතට msg එකක් දැම්මේ ඒ වේලාවේමයි....

ලක්ෂිත රැකියාව කරන්නේ නුවර...

ලක්ෂිත දවස් විසිදෙකකට පස්සේ කාව්‍යා බලන්න නිවාඩුවට එන්න තමයි ඉන්නෙ.... තව දවස් දෙකයී...ඔහු මිමිනුවේය....

කාව්‍යා ලක්ෂිතව අදුරගන්නේ දනට අවුරුද්දකට කලින් ය. මේ දෙන්නාගේ සම්බන්ධයට ගෙවල් වලින් නම් කිසිම අකැමත්තක් නෑ....,

කාව්‍යා කියන්නේ දඟකාර කටකාර හුරතල් කෙල්ලෙක්. එයා එක්ක ඉන්න ඕනේම කෙනෙක්ට පාළුවක් නම් දැන්නේ නෑ....,
සත්තයී......!

ලක්ෂිත ඉක්මන්ට බෝඩිමට ආවේ කාව්‍යාට විඩියෝ call කරන්නයි....,

සම්කුටු බෝලේ….. මං ආවා... ඔන්ලයින් එනාකු ඉක්මනිම්....,

ආහ්.... ඔහුගෙන් msg එකක්,

හරී බබහ්... එත් මගේ කැම් එක වැඩ නෑනේ,

අපි Audio කතා කරමුද සත්තලම්…?

ලක්ෂිත විඩියෝ දාලා කතා කරාට කාව්‍යාට විඩියෝ දාන්න පුළුවන් කමක් නොතිබුණේය...

අයියෝ බබා… තාම හැදුවේ නැද්ද ..?

මාසයකටත් ළඟයිනේ.... . ඉන්නකෝ මං ආවම ඕක බලන්නම්…..!

” අයියෝ හරි බබෝ… තව දවස් දෙකයි ඉවසන්නකෝ..ඇති තරම් අපිට කතා කරන්න බැරියෑ මැට්ටෝ…..

කාව්‍යා කියපු විදියට ඇත්තටම ලක්ෂිතට හිනා ගියා....,

අම්මේ…..

මේ කෙල්ලගේ කට නම්.... ඔය කටර් එක අහන්න තමයි මං එන්නේ....,

එක නෙමෙයි වෙනදාට මමයි එන්න කියන්නේ කොල් කරන්න. අද මගේ කෙල්ලෙටම මාව මතක් වෙලා…,

අහ් ඇයි....? මට සුදාත්තියාව මතක් උනොත් නරකද...?

කාව්‍යා පොඩ්ඩක් හුරතල් විය...,

අනේ නැහැ..…

මම ආසයිනේ සුඩුබෝලේ..., මට කෝල් කර කර වද දෙනවාට....

ඒක නෙමෙයි මොනවාද තව ඕනේ… ”

මට ඔකුම ඔකු චොකෝවක් ඔනී සුදාත්තියෝ..., ඔයා ඒකත් අරගෙන පරිස්සමෙන් මාව බලන්න ඉක්මනටම එන්නකෝ ඒ හොදටෝම ඇති මට…...,

කාව්‍යාට එක පාරටම කැස්සක් ආවා…..

බබා..... ඔයා හොඳින්ද...?

අනේ අර කැස්ස තාම හොඳ නැද්ද ....?

කෝ වතුර ටිකක් බොන්නකෝ බබෝ...!

හරි මං හොඳින්… බයවෙන්න එපා..බබා....

බෙහෙත් ගන්න සල්ලි ආයෙත් දාන්නද බබා…

පිස්සුද අනේ කැස්සක් විතරයිනේ…..
හරි හරි අපි එක අමතක කරමු
පුංචි ගේම් එකක් කරමු ද මහත්තයෝ....?

කාව්‍යා කතාව වෙනස් කරන්න හැදුවේ.., නැත්තම් පොඩි අසනීපයක් උනත් ලක්ෂිත මහා ගොඩක් බයවෙන නිසයි. කව්‍යාව බැඳලා නැති උනත් හැම මාසේම සල්ලි යවන පුරුද්දක් ලක්ෂිතට තිබ්බා....

මෙයත් මහ රෑ මාර දේවල් හිතෙන්නෙ...!

හාකෝ…හාකෝ…

මගේ මැට්ටි කියන්නකෝ මොකක්ද කියලා.. ඒක නෙමෙයි අද ගෙදර සද්ද මොකද..? ”

අාහ්.... ඒ අක්කලා ඇවිල්ලා අද ඒකයි...

හරි හරි…

ගේම් එක අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඔයා කරේ නැත්තම් මට කැස්ස ගොඩක් හැදිලා මාව ඉස්පිරිතාලේ නවත්තන්න ඕනේ…..!

මොනාද බබා මේ කියවන්නෙ… ඉස්පිරිතාලේ කතා… පිස්සුද ඔයාට… ආහ්…?

ලක්ෂිතව ඉමෝශනල් බ්ලැක්මෙල් කරන එක කාව්‍යාගේ දඟකාරකම් වලින් එකක්....

මොකක්ද කියන්නකෝ…..කරන්න යන්නෙ. හරි පොරොන්දු වෙන්නම්....

ඒත් පිස්සු නටන්න එපා…

එහෙනම් ඔන්න මං කිව්වා… ඔන්න කිව්වා … මෙන්න කිව්වා…. මොකක්ද දන්නවාද..?

ඔයා මාව බලන්න එනකම් මාත් එකක් කතා නොකර, මැසේජ් නොකර ඉන්න ඕනේ…..?

මොකක්….. පිස්සුද මට බෑ.... ඔයාට පුළුවන් ඇති එහෙම..… ඒත් මට බෑ..… ඊටත් ඒ මොන සෙල්ලමක්ද.. සෙඩ්ඩ.. මට බෑ.... අනික මං මේ එද්දී….. මට බෑ මට බෑ මට බෑ....

එහෙමනම් ඔයා මට ආදරේ නෑ.... මං තරහයි මං යනවා ඔෆ්ලයින්.. බොරු ආදරේ …. කියද්දීම කාව්‍යාට ආයෙත් කැස්සක් ආවා.

බබා.... යන්න වතුර බොන්න.... කෝ කැස්ස හොදටම... මං අම්මට කියන්නම් ඔයාව පෙන්නන්න එක්කන් යන්න කියලා….,

” නෑ මං වතුර බොන්නෙත් නෑ.. බෙහෙත් ගන්න යන්නෙත් නෑ.. ඔයා මට පොරොන්දු වෙනකම්..…”

මොකක්ද අනේ මේ ඔයාට වේලා තියෙන්නෙ...? දෙයියනේ ඔයාට කතා නොකර මං කොහොමද එහෙම ඉන්නේ...? මං එහෙම ඉදලා තියෙනවාද...? ඔයාට මැසේජ් නොකර...

ඔයා තරහා උනත් මං පිස්සෙක් වගේ මැසේජ් කරනවා, ඔයා යාළුවෙනකම්... මං ඔයාව බලන්න එන්න ඉද්දීම ඇයි මෙහෙම කරන්නේ…? ඔයාට පුළුවන් උනාට මට බෑ බබා....!

අනික ඔයාගෙන් අහන්නෙත් නැතුව මට බඩු පැක් කරන්නත් බෑ....

ඒ කියන්නේ ඔයාට මං වෙනුවෙන් කතා නොකර ඉන්න බැරිද...? මට බලන්න ඕනේ ඔයා මට කොච්චර ආදරෙයිද කියලා. මං නැතුව ඉන්න පුළුවන් ද කියලා විතරයි. බස් එකට නැන්ග ගමන් එන්න අපේ ගෙදර හරිද..?

මං ඔයා අදින්න ඕනේ ඒවා..., ඔයාගේ බඩු ඔක්කොම දැන් මැසේජ් කරනවා....,

” අනේ මට බෑ බබා… ඇයි මේ.. හරි ඔයාගේ දඟ වැඩවලට මං ආසයි. ඒත් ඇයි මට කරන්න බැරි දේවල්ම කියන්නේ.. බස්එක ළඟටවත් ඔයාට එන්න බැරිද…? ”

ලක්ෂිත කතා කලේ හරිම දුකෙන්... ලක්ෂිතට මහේෂා කියන්නේ එයාගේ ජිවිතේ...

ලක්ෂිත හරීම සංවේදී කෙනෙක්....,
එයාට කාව්‍යාගේ මැසේජ් එකක්වත් නැතුවවත් ඉන්න බෑ..., කටහඬ අහන්නෙ නැතුව ඉන්න බෑ....

ලක්ෂිත ඉන්නේ නුවර උනත් හැමවේලාවේම නිශූට දැනෙන්න දුන්නේ එයා ඉන්නේ කාව්‍යා ළඟමයි කියලා....

කවදාවත් කාව්‍යාගෙන් අහන්නේ නැතුව ඇඳුමක් ඇන්දේ නෑ... ගමනක් ගියේ නෑ….. කාව්‍යාත් ලක්ෂිතට හවුල් උනේ එයා ළඟම ඉන්නවා වගේ....,

අනේ….. බබා.... මට එද්දී චෝකො ගොඩක් ගේන්න හරිද....? කෙලින්ම අපේ ගෙදරට. ඔයාට සප්‍රයිස් එකක් ලැස්ති කරලා අනේ තියෙන්නේ එකයි.. ඒ නිසා අද එලිවෙනකම් මං ඔයා එක්ක මෙහෙම කතා කරන්නම්කෝ….

අනේ.... මට බෑ .... යන්න අනේ යන්න...
මංදා බබා… ඔයා කරන ඒවාට මට බයත් හිතෙනවා…!

මම ඔයාට මැසේජ් කරනවා. ඔයා බලනවාද නැද්ද මං දන්නේ නෑ.... මට මැසේජ් නොකර ඉන්න බෑ… හරි මං කොල් කරන්නේ නෑ... හරිද..?

ඒකට කාව්‍යා “හා” කියලා පොරොන්දු උනා... දෙන්නා එලිවෙනකම් කතා කරා...

කාව්‍යාට විටින් විට කැස්ස ආවා...,

ෆෝන් එක තියලා Game එක පටන් ගන්න කලින් කාව්‍යා මේ දවස් දෙකේ ලක්ෂිතට කරන්න ඕනේ දේවල්, එයාව බලන්න ඇඳගෙන එන්න ඕනේ මොනාද..? ඒ හැමදේම විස්තර කරලා අන්තිම msg එකත් යැව්වා...,

ඔන්න අපි දවස් දෙකක් කතා නොකර ඉන්න යන්නේ මහත්තයෝ.... බලමු ඔයා මට කොච්චර ආදරේයිද කියලා….

ඔන්න තරඟය පටන් ගත්තා….

...... Game Start .....

මේ මැසේජ් එක දැක්කාම ලක්ෂිතට ආවේ ලොකු දුකක්..., පොඩි එකෙක් වගේ මේ කෙල්ලගේ වැඩ... හිත බිඳින්න පොඩ්ඩක්වත් ආස නැති නිසා කියන හැමදේකටම හා කියනවා....,

කල්ප ගානක් ගියා වගේ නිවාඩු යන දවස ලක්ෂිතට ළංවුනේ. කාව්‍යා නැති අඩුව ලක්ෂිතට තදින්ම දැනුනා...

ඒත් ඒ දවස් දෙකේ කරපු හැමදේම සුපුරුදු විදියට මැසේජ් කරාට කාව්‍යා ඒවා කියෙව්වේ නම් නෑ....,

බස් එකෙන් බැහැලා එළියට එද්දී අම්මලා ඇවිල්ලා හිටියා....

” අනේ.. තාත්තා කෙලින්ම කාව්‍යාගේ ගෙදර යමුකෝ ”

අම්මායි තාත්තායි මුණට මුණ බලාගත්තා.

කාව්‍යාගේ ගෙවල් වලට ළංවෙද්දී ලක්ෂිතට අමුත්තක් දැනුනා… ගේ ගාවින් බැස්සාත් ගෙදර සුදු කෝඩි දාලා තිබ්බා.

” අම්මා කාටද කරදරයක් වෙලා තියෙන්නේ. අනේ කියන්නකෝ.. ”

ලක්ෂිත අම්මගේ උරහිසෙන් අල්ලාන් එහෙම අහද්දී අම්මායි තාත්තායි බිම බලාගෙන ඇඩුවා...

කව්‍යාට ගත්ත බඩු හැමදේම බිම දාලා ලක්ෂිත දිව්වේ කාව්‍යාගේ ගේ ඇතුලට.

දැකපු දේ ලක්ෂිතට අදහා ගන්න බැරි උනා. එතනම කලන්තේ දාලා ලක්ෂිත වැටුනේ සිහිය එන්නත් ටිකක් වෙලා ගියා.....

සුදු අම්මි.... අනේ නැගිටින්නකෝ රත්තරන්... අනේ මේ මොකද උනේ සුදු නෝනා ඔයාට මාව දාලා මෙහෙම යන්න බෑ....

දෙයියනේ මගේ ජිවිතේ මේ ඉන්නේ මාව දාලා කොහොමද යන්නේ… ඔයා කිව්වේ දවස් දෙකක් නේද අපි කතා නොකර ඉන්නෙ කියලා.... එහෙම කියලා ආපහු කතා කරන්න බැරි වෙන්නම ඔයා ගියේ කොහොමද…..?

මනාලියක් වගේ ලස්සන සුදු සාරියකින් සැරසිලා නිසොල්මන්ව මිනි පෙට්ටියක වැතිරිලා ඉන්න කාව්‍යාව දැක්කාම ලක්ෂිතට අදහාගන්න බැරි උනා.

ඒ මුණ කොච්චර ලස්සනද .?

ඒත් මගේ කෙල්ල කොහොමද මාව මෙහෙම දාලා යන්නේ....?

ලක්ෂිත කාව්‍යාගේ මුණ ඉඹ ඉඹ මිනිය බදාගෙන ඇඩුවා.....!

එතන අඩ අඩ හිටපු කාව්‍යාගේ අක්කා පිටට තට්ටු කරලා ලියුමක් වෙනුරට දිග් කරා... එතන බිම ඉද ගත්ත ලක්ෂිත….

මගේම සුටි මහත්තයාට,

හිහිහි…...මේ ලියුම ඔයාට ලැබෙද්දී මං ඔයා ළඟ නැතුව ඇති සුදු මහත්තයෝ. කොහොම හරි ඔයා Game එකෙන් දින්නා. Yehhh.. yehhh…congratulations .

මං දන්නවා මගේ සුදු මහත්තයාට මං නැතුව බෑ කියලා. ඒ නිසාමයි ඔයාගෙ හිත රිද්දන්න මං ආස නොකලේ. එදා ඔයාට මං කතා කරද්දීත් මං හිටියේ හොස්පිටල් එකේ...

මං පිලිකාව ගැන දැන ගත්තේ ගිය මාසේ. එතකොටත් ලාස්ට් ස්ටේජ් එකේ. ඔයාට කිව්වේ නැත්තේ ඔයා දුක්වෙනවා මට බලන් ඉන්න බැරි නිසා. ඒ වෙද්දී පවුල් දෙකම මේක දන්නවා ඔයා ඇරෙන්න...,

ඒකට මට සමාවෙන්න මහත්තයෝ. එදා හොස්පිටල් එකට හැමෝම ඇවිල්ලා හිටියා. ඔයාවත් අන්තිම වතාවට බලාගන්න ඕනේ උනා. යන්න කලින් ඒ ආසාවත් මට ඉශ්ඨ කරගන්න පුළුවන් උනා.

මේ ආත්මේ ඔයාව ඉක්මනට දාලා ගියත්, උපදින හැම ආත්මේක මං ඔයාගේ විතරයි. මං ඔයාව කාටවත් දෙන්නෙ නැ. දුක්වෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න අහ්හ්....

සමාවෙන්න මහත්තයෝ ඔයා මට විඩියෝ කොල් කතා කරන්න එන්න කියද්දි මං ආවේ නැත්තේ ඒ වෙද්දී මගේ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා බබා. ඒ නිසයි බොරු කියන්න උනේ ඔයාට....

තව දෙයක් බබා, ඔයා මට එවපු හැම සතයක්ම ඔයාගේ නමින් අකවුන්ට් එකක් Open කරලා ඒකට දාලා ඇති. එක රුපියලක්වත් වියදම් නොකලේ ඔයා මහන්සි වෙලා එවන සල්ලි වියදම් කරන්න මට හිත දුන්නේ නෑ බබා.

Pass Book එක අක්කාට දීලා ඇති එයා ඔයාට දෙයි. ඔයා හොදින් ඉන්න ඕනේ. වේලාවට කන්න බොන්න ඕනේ. පුළුවන් වේලාවකට මේ කටකාර කෙල්ලව මතක් කරන්න හරිද.. ? මගේ මැට්ටෝ. කොහේ හිටියත් ඔයා දිහා මං බලාන් ඉන්නවා...

මගේ සුදු මහත්තයාට උපදින හැම ආත්මයක පැලෙන්න ආදරෙයි.. කෝ කෝ දැන් හිනාවෙන්න අඩන්නේ නැතුව. බුදුසරණයි පණ සමාවෙන්න මේ කෙල්ලට ගොඩක්....!

ඔයාගේ පිස්සී
– කාව්‍යා –

මුළු ලෝකෙම කළුවර වෙලා ඇස් නිලංකාර වෙනවා වගේ ලක්ෂිතට දැනුනා. කෑ ගහලා අඬන්නවත් හිතට හයියක් එන්නේ නැති තැන කඳුළු බිංඳු එකින් එක ලියුම උඩට වැටුනා...

අම්මායි තාත්තායි ඇවිල්ලා ලක්ෂිතව අල්ල ගනිද්දි ඒ බොඳ වෙලා යන කාව්‍යාගේ පුංචි බෝල අත් අකුරු අතරින් වෙනුරට මැවිලා පෙනුනේ කාව්‍යාගේ හිනාව ඒ පුංචිඇස් දෙක....

ඒත් ඒ ඇස් දෙක අද සදහටම පියවිලා නේද මේ තමන් ඉස්සරහා ඉන්නේ කියලා ලක්ෂිතට හිතා ගන්නවත් බැරි උනා.....,

!....සමාප්තයී.....!

Comments System WIDGET PACK