ඇඳුම | Aduma


ඇඳුම
---------
කාන්තාවගෙ ඇදුම ගැන මේ දවස් වල ටිකක් කතා කරන නිසා මටත් හිතුන ඒ ගැන පුංචි දෙයක් කියන්න.
සාමාන්‍යයෙන් අපි දන්න විදිහට කෙනෙක් ඇදුමක් අදින්නෙ තමන්ගෙ විලිවහගන්න.
ඒත් .....
දැන් තියන ඇදුම් දිහා බැලුවම නම් ඒක එහෙමයි කියල අපිට කියන්න බෑ.
සමහර අය තමන්ගෙ නිරුවත වහගන්න ඇදුම් අදින කොට
සමහර අය අනිත් අය අතරෙ තමන් කැපී පේන්න ඕන නිසා තමන්ගෙ නිරුවත පේන්න ඇදුම් අදිනව.
අනිත් එක දැන් ඇදුම කියන්නෙ ගැහැණියකගෙ වත් පොහොසත්කම , සමාජ තත්වය වගේ දේවල් පෙන්නන සාධකයක් වෙලා.

සමාවෙන්න.
මම මෙතන ගැහැණිය මූලික කරගත්තට.
කෙල්ලො විතරද විලාසිතා කරන්නෙ කොල්ලො විලාසිතා කරන්නෙ නැද්ද

ඔයාල ලේසියෙන් දැකල තියනවද උත්සව අවස්තාවක කොල්ලෙක් බාගෙට ඇදුම් ඇදන් ඉන්නව.
අඩුම ගානෙ ෂෝට් එකක්.
නෑ ...... නේද
එහෙම කියල කොල්ලන්ට කෙල්ලන්ගෙ තියන ආකර්ෂණය අඩු වෙනවද.
කෙල්ලො කොල්ලො දිහා බලන්නෙ නැද්ද.
නෑ නේද.
ඇයි ඒ.
අපේ සමාජෙ ඉස්සර ඉදන් හැදිල තියන්නෙ එහෙමයි.
ලස්සන කියන තැනට කාන්තාව මූලික කරල තමයි ඉස්සර ඉදන්ම මේ සමාජ ක්‍රමේ හැදිල තියන්නෙ.
ඒකයි විලාසිතා උනත් කාන්තාව මූලික කරල වැඩිපුරම හැදෙන්නෙ.

ඕනම කෙනෙකුට තමන් කැමති විලාසිතාවක් කරන්න අයිතියක් තියනව.
ඒකට වියදම් කරන්නෙ එයා නම්
ඒක අදින්නෙ එයා නම් මොකක්ද අනිත් අයට තියන ප්‍රශ්නෙ.
මේ සමහර අය කරන තර්කයක්.

අනිවාර්යයෙන්ම ඒ තර්කෙ හරි නේද.
තමන්ට සල්ලි තියනව නම් මොනව කරාම අපිට මොකද.
බාගෙට බැරි නම් ඇදුම් නැතුව ගියත් අපිට මොකද.
එයාලට එයාගෙ දෙමව්පියන් , මහත්තය , දරුවො වගේම නෑදෑයන්ට පේන්න එහෙම ඇදුම් අදින්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නෑ නේද.
ඒක එයාලගෙ කැමැත්තනෙ නේද.

කෙල්ලො කොටට ඇන්දට ඇග පේන්න ඇන්දට මොකද වෙන්නෙ මොකක්ද ඒකෙ තියන වරද.

ගෑනියෙක්ගෙ නිරුවත තමන්ගෙ තාත්ත , මහත්තය වගේම තමන්ගෙ පුතා දැක්කට කමක් නෑ කියල හිතෙන ඕනම කාන්තාවකට වගේම තමන්ගෙ අම්මගෙ , නෝනගෙ ඒ වගේම දුවගෙ නිරුවත ඕනම පිරිමියෙක් දැක්කට කමන් නෑ කියල හිතන ඕනෑම පිරිමියෙකුටත් මෙහෙම කියන අයට එකග වෙන්න පුළුවන්.

කෙල්ලො තමන්ගෙ ඇග පේන්න ඇදුම් අදින එක නෙමෙයි වරද.
කොල්ලො ඒක දිහා වැරදි විදිහට බලන එකයි වරද.
ඇග පේන්න නෙමෙයි ඇග වැහෙන්න ඇන්දත් සමහර කොල්ලන්ට ඒව පේන්නෙ වැරදි විදිහට.
ඒක නිසා කෙල්ලන්ගෙ ඇදුම නෙමෙයි කොල්ලන්ගෙ මනසයි හදන්න ඕන.
ඒ තව තර්කයක්.

කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙ නිරුවත පේන කොට හැගීමක් ඇති වෙන එක වරදක්ද කියල මම දන්නෙ නෑ.
හැබැයි ඒක පාලනය කරගන්න බැරි එක නම් අනිවාර්යයෙන්ම වරදක්.
කෙල්ලෙක්ගෙ කකුලක් , පස්සක් වගේම පපුව පොඩ්ඩක් දැක්කත් ෆොටෝස් ගහල පේස් බුක් දානව වගේම ඒව දිහා බලල යම්කිසි තෘප්තියක් ලබන්න යනව නම් මට තේරෙන විදිහට ඒක මානසික ලෙඩක්.

මම හිතන විදිහට ඕනෑම දෙයක් කරන්න යම්කිසි හේතුවක් තියන්න ඕන.
උදාහරණයක් විදිහට කියනව නම් ගවුම් ඇදපු ගෑනු ලමයි කලිසම් අදින්න ගත්ත.
ඇත්තටම ඒක හොඳ දෙයක්.
ගවුමක් වගේ නෙමෙයි කලිසමක් ඇදගෙන ඕනම දෙයක් කරන්න පහසුයි.
අනික මුලු ඇගම ඒකෙන් ආවරණය වෙනව.
ඒත් අන්තිමට ඒ කලිසමට මොකද උනේ.
කලිසමක් ඇන්දත් ඇන්දෙ නෑ වගේ පේන විදිහට ඇගටම හිරකරල මුලු ඇගම පේන විදිහට විලාසිතා ආව.

මුලු ඇගම වැහෙන්න අදින සමහර ගවුම් උනත් එහෙමයි.
පපුව , පිටි පස්ස මේ ඔක්කොම හොදටම නෙරල පේන විදිහට තමයි විලාසිතා එන්නෙ.

හරි අපිත් එහෙම කියමුකො.
ඇදුම් වලින් කෙල්ලෙක්ගෙ කකුල් දෙක දැක්කට , පස්ස ලොකුවට දැක්කට වගේම පපුව දැක්කට කිසිම හැගීමක් නැති වෙන විදිහට කොල්ලන්ගෙ මනස හදන්න ඕනි.
එතකොට කෙල්ලන්ට ඔය ඕනම විලාසිතාවක් කරල පාරෙ යන්න පුළුවන්.
මොකද ඇග පේන්න අදින එක කෙල්ලන්ට අත්‍යවශ්‍ය දෙයක්නෙ.
නේද.
ඒක නිසා අපි කොල්ලන්ගෙ මනස එහෙම හදමු.
මෙහෙම කියන අය හැබැයි එක දෙයක් හොදට මතක තියාගන්න.

( කොල්ලොගෙ මනසට කෙල්ලොන්ගෙ නිරුවත දකින එක සාමාන්‍ය දෙයක් වෙනකොට කෙල්ලන්ගෙ හිතේ තමන්ගෙ නිරුවත පේනවට තියන ලැජ්ජ බය කියන දෙය නැති වෙලා යනව.)

පේස් බුක් එකේ දැන් ඔය ඕන තරම් වීඩියෝ එන්නෙ වෙනින් රට වල තරුණ ගෑනු ලමයි අඩ නිරුවතින් නටන වීඩියෝ.
අඩ නිරුවත් දාන ෆොටෝස්.
ඔන්න ඔය තත්වෙ ලංකාවෙත් එන්න වැඩි කාලයක් යන්නෙ නෑ මේ වෙන සමාජ පරිහානියත් එක්ක.
දැනටත් මේව නැත්තෙම නෑනෙ.
නේද.

කෙල්ලෙක් ඇග පේන්න ඇදුම් අදින එක සරල සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්.
හැබැයි ඒකෙන් ඉස්සරහට වෙන්න තියන සමාජ පරිහානිය සුලුපටු නෑ.
කෙල්ලන්ගෙ හිතින් ලැජ්ජ බය කියන දෙක ගියොත් එතනදි වෙන්න පුළුවන් හානිය ගැන හොදට හිතල බලන්න.
ඒ වගේම කෙල්ලෙක්ගෙ නිරුවත පේන්නෙ නැති කොට තියන තැන නිරුවත පේන්න තියනකොට නෑ.
කෙල්ලන්ගෙ ඇග පෙන්නන්නෙ නැතුව ඇදුම් අදින්න බැරි නම්.
ඒක අත්‍යවශ්‍ය නම් එහෙම කලාට කමක් නෑ.
ඒත් ඒක එහෙමද කියන්න මට නම් තේරෙන්නෙ නෑ.

අවසාන වශයෙන් මම මුහුණු පොතේ හොඳ කියමනක් දැක්ක.

ඇග වැහෙන්න ඇදුම් අදින හැමෝම පත්තිනි අම්මල වෙන්නෙ වත්.
ඇග පේන්න ඇදුම් අදින හැමෝම ගණිකාවො වෙන්නෙ වත් නෑ කියල.
ඒක අනිවාර්යයෙන්ම මාත් පිලිගන්නව.
හැබැයි මේ කොහොම කිව්වත් කෙල්ලෙක්ට ඇග පේන්න ඇදුම් අදින්නෙ නැතුව ඉන්නම බැරිද කියන එක ගැන නම් දෙපාරක් හිතන්න වෙනව.
-------------------------------------------------------------------


Comments System WIDGET PACK