ආදර හසිනි💗 | Adara Hasini
ආදර හසිනි💗
" මේ මොන වදයක්ද.. ගෙදර ඉන්න දවසටවත් ඉන්න නෑනේ... වද දෙන එකේ සීමාවක් තියාගන්න හසිනි..."
"අනේ මං මොකද්ද කිව්වේ ඉතිං.."
කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් අහද්දි කසුන්ගේ හිතත් නිකං මොකද්ද උනා... ඒත් ඉතිං රන්දිව මතක් වෙද්දි හසිනි කියන්නේ මුකුත්ම නැති කෙල්ලෙක් කියලයි වගේ.... රන්දිගේ කතා කරන ඇස්, ඒ කම්මුල් කටර් එකක් වගේ කියෝන හැටි මතක් වෙද්දි හොයාගෙන ගිහින් ඉඹින්න හිතෙනවා...
කසුන් දෙපාරක් නොහිතා බාටා දෙකත් දාන් එලියට බැස්සේ හසිනිගේ මූන බලන්න බැරිකමටයි තමන්ට ටිකක් තනියම ඉන්න ඕනයි නිසා...
"තරහා වෙලා යන්නද හදන්නේ ඒ ගමන... අනේ ඉතිං.. කාලා යන්න.." හසිනි මගින් මගටම පෙරැත්ත කරද්දි කසුන් හසිනිව ගානටවත් නොගෙන යන්න ගියා... ඒ යද්දි අවුරුද්දක චූටි දූවත් වඩාගෙන හසිනි දොර ලඟ ඉන්නවා කසුන් ඇස් කොනෙන් වගේ දැක්කා...
කසුන් කෙලින්ම ගියේ තමන්ගේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්න තිබුනු පාක් එකට... මහ දවල්,කට්ට අව්ව කියලා නැහැ නිවාඩු දවස නිසා එකේ මහා සෙනග.. වාඩිවෙන්නවත් තැනක් නැති තරං.. වාඩිවෙන්න තැනක් කියලා තිබුනේ හිඟන මනුස්සයෙක් හිටපු බංකුවක් විතරයි... වෙන කරන්න දෙයක් නැති කමට කසුන් ගිහින් එතනින් වාඩිගත්තා... හිඟන මනුස්සයා කසුන් දිහා හොරෙන් බලලා බඩුමූට්ටු ටික ලඟට ඇදගත්තේ හරියට නිකං ඒකේ නිධානයක් තියනවා වගේ...
ඒ අස්සේ කසුන්ගේ ෆොන් එක රිංග් වෙන්න ගත්තා...ඒ හසිනිගෙන්.. ෆෝන් එක සයිලන්ට් දාගත්ත කසුන්ට මතක් උනේ හසිනිව මුලින්ම බලන්න ගිය දවස.. කෙල්ලගේ ඒ තරං ලස්සනක් නැති උනත් කසුන් හසිනිව දැක්ක ගමන් කැමති උනා... දරුවා ලැබුනට පස්සේ හසිනි ඇඟපතින් තව අවලස්සන උනත් දරුවයි කසුනුයි වෙනුවෙන් හසිනි මාර විදියට මහන්සි වෙනවා කියලා කසුන් දන්නවා... පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් වෙච්ච කසුන්ට රන්දිව මුනගැහුනේ ඔය කාලේ... රන්දිගේ හුරතලේට ලස්සනට කසුන් වශී උනා වගේ...
"ඔයා හසිනිගෙන් අයින් වෙන්න කසුන්.. නැත්තං කෝමද මං අම්මලට මේ ගැන කියන්නෙවත්..." රන්දි නිතරම නහයෙන් අඬන්න ගත්තා ඔය ගැන කියලා.... කසුන්ට තේරුනා දැං තමන්ට හසිනිට වඩා ඕන කරන්නේ රන්දිව කියලා... ඒ නිසාම කසුන් පුංචි පුංචි දේවල් අල්ලගෙන හසිනි එක්න රන්ඩු කරන්න ගත්තේ ලගඳිම දවසක හසිනිගෙන් අයින් වෙන්න හිතාගෙන.. ඒත් මේකිට මොන මගුල කලත් කේන්ති යන්නෑ.. තරහා යන්නෑ... හසිනිගේ ඉවසීම ගැන කසුන්ට වෙලාවකට හරි පුදුමයි...
"ගෙදර ප්‍රශ්න නේද මහත්තයා..."
කසුන් නින්දෙන් නැගිට්ටා වගේ ගැස්සුනේ ඒ කටහඬට...
" මටත් ප්‍රශ්න මහත්තයා..." මේ හිඟන්නට මොන ප්‍රශ්නද.. කසුන්ට හිනාත් ගියා..
" දැං ප්‍රශ්න නැති එක ඇත්ත මහත්තයා.. ඒත් ප්‍රශ්න තිබ්බා... තමන්ගේ හිත කියුවා වගේ ඒ මනුස්සයා කියනකොට කසුන් ට පුදුම හිතුණා.
ඊට පස්සෙ හිඟන මනුස්සයා තමන්ගේ කඩමාල්ලක් වගේ තිබ්බ මල්ල අවුස්සන්න ගත්තා.. ඒක අස්සෙන් ආවේ මහා ජරා ගඳක්...
"මේ මිනිහා මැරිච්ච මීයක්වත් දාන් ඉන්නවද මංදා.. "කසුන්ට හිතුනා... අවුස්සපු මල්ල අස්සෙන් ඒ මනුස්සයා එලියට ගත්තේ පරන පින්තූරයක්... ඒක තැන තැන ඉරිලත් තබුනා...
"මේ මගේ ගෑනි මහත්තයෝ...හරි අපූරු ගෑනියෙක්... ලමයි හය දෙනෙක්ගේ අම්මෙක්... කිසි අඩුවක් නෑ උන්දැගේ..."
කසුන් ඒ පින්තූරේ අතට ගත්තා... ලොකුවට පැහැදිලි නැති උනත් ඒ ගෑනු කෙනා ලස්සනයි කියලා පෙනුනා...
" ඒත් පිරිමි හිත් ගැන මං මහත්තයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ... ඒ හිත එක එක තැන වල දුවනවා මහත්තයෝ... එක එක ගෑනුන්ගේ ඇඟවල් වලට ආස වෙනවා.. තමන්ව විශ්වාස කරලා ආව.. තමන්ට දාව ලමයි බිහිකරපු ගෙදර ගෑනිව අමතක වෙනවා... හැමෝම නැතත් මහත්තයාලා අපි ඒ වගේ...
"මේ මනුස්සයට හිත් කියවන්න පුළුවනංද මංදා..."කසුන්කටින් නොකියා හිතුවා..
"මට හිත් කියවන්න බෑ මහත්තයෝ...හැබැයි මහත්තයාගේ ඇස් වලින් මහත්තයගේ ජීවිතේම කියවතෑකි... මටත් වඩා හොඳට මහත්තයාගේ නෝනා ඒවා කියවලා ඇති... මහත්තයා නොදන්න ගොඩ් දේවල් නෝනා දන්නවා ඇති මහත්තයෝ නොකිව්වට.. ගෑනු හරි දස්සයි ඒ දේවල් හංඟන්න.. හංගලා හිනාවෙලා ඉන්න..
ඒක දස්සකමක්.. උන්ටම විතරක් තියෙන... මමත් මගේ ගෑනිවයි ලමයිනුයි දාලා කාලෙකට කලින් යන්න ගියා මහත්තයෝ... හැබැයි අන්තිමට ආවේ මගේ රස්සාවයි හැමදේමයි නැති කරගෙන... ඒ ආවම මගේ ගෑනි කියපු දේ මට අද වගේ මතකයි...
"ඒ මොකද්ද උන්නැහේ..."
"දරුවන්ගේ අප්පච්චි ආය එනවා කියලා මං දැනන් හිටියා දෙයියනේ.."
හිත වාවන්නැතුව ගියා මහත්තයෝ... ඒත් ඒ වෙද්දි මම ගිය දුකට උන්දැගේ මොලේ විකාර වෙලා තිබුනේ... ඒක ටික ටික වැඩි උනා මිසක් අඩු උනේ නෑ... උන්දැගේ අන්තිම කාලේ මං තමා මහත්තයෝ කැත කුනු ඔක්කොම අතගාලා උන්දැව බලාගත්තේ... උන්දැ නැති උනාට පස්සේ මට ගෙදර ඉන්න හිත දුන්නෑ... දරුවෝ එපා කියද්දි මං පාරට බැස්සා මහත්තයෝ... උන්දැ නැති උනේ මං නිසා.. මගේ වැරැද්දට කිසිම දඬුවමක් නෑ.. එදා ඉඳන් මගේ ජීවිතේ මේ පාරේ... කව්රුහරි දුන්නොත් දෙයක් ගන්නවා.. එච්චරයි... කෝමත් මට තව වැඩි කාලයක් නෑ මහත්තයා... ලඟදිම මමත් යනවා දරුවන්ගේ අම්මා ලඟට... අර අර උන්දැ දැනුත් මට කතා කරනවා..."
කසුන්ට හීල්ලුනා.... තමන් ගිය දවසට හසිනිටත් මේ දේ උනොත්..තමන් කවදාවත් තමන්ට සමාවක් දෙන්නෑ කියලා කසුන්ට තේරුනා... අනේ දෙයියනේ මං මේ මොකද්ද කරන්න හැදුවේ..තව ගෑනියෙක්ගේ ඇඟකට නේද මං මේ වහ වැටුනේ...
"ගෙදර යන්න මහත්තයා... නෝනා බලන් ඇති... අපි හිතනවටත් වඩා උන්දලැ අපිට අපිට ආදරෙයි... හොඳින් ඉන්න..."
කසුන් අර මනුස්සයාට යන්නම් කියලා පාර්ක් එකෙන් එළියට එනකොටම දැක්කේ රන්දිව තනියම නෙමෙයි තව කොල්ලෙක් එක්ක. ඒ කොල්ලාගේ අතේ එල්ලිලා වටේ මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නැතුව ඒ කොල්ලා එක්ක වේලිලා හිටියා.කසුන් රන්දි ට call කලා.
" මේ baby අර මිනිහා ගන්නේ මොකට ගන්නවද මන්ද "
"Answer කරන්න එපා. ඔයා සතියේ දවස් පහේම කරන්න ඕක එක්ක කියවන එක. මූ නිවාඩු අදත් ගන්නේ මොකටද මන්ද "
"එයා ඉතින් මට love නේ...... "
"අා..... අැයි දුකද"
"අපෝ...... නැ.... මට ඕනේ එයාගෙන් සල්ලි විතරනේ. ඒකට ඉතින් ටිකක් කිට්ටු වෙලා ඉන්නත් එපැයි නැතුව බෑනේ......"
කසුන් මේ සේරම අහන් හිටියේ පුදුම කේන්තියකින් මේකි නිසා මගේ හසිනි කොච්චර දුක් වින්ද ද
" අා...... රන්දි මැඩම් කොහොමද"
" කසු..... න්"
" ඔව් කසුන් කවුද මේ
"මාගේ යාලුවෙක් කසු...."
"හලෝ මේ නවත්ත ගන්නවා. මාව ඕනේ උබට සල්ලි ගන්න විතරද. අද ඉඳලා ඒකට වෙන එකෙක් හොයා ගන්නවා "
" කසුන් ඔහොම ඉන්න"
" මේ මන් ඔක්කොම අහගෙන හිටියේ උබේ යි මගෙයි සම්බන්දෙ ඉවරයි හොඳ හිතින් මට පාඩුවේ ඉන්න දියන් "
"හොඳයි කසුන් කවදා හරි මාව ඕන වෙයි"
"අනේ මේ විහිළු නොකර ඉන්නව හලෝ පැත්තකට වෙලා "
" මොකද්ද උඹ කියන්නේ" රන්දි එක්ක හිටපු කොල්ල කසුන් ට ගහන්න හැදුවා.
" මේ මිස්ටර් ඔයාගෙ මේ කෙල්ල තව කා එක්ක හරි සම්බන්ධ ද කියලා හොයලා බලන්න මට පාර්ට් දන්න එන්න කලින්"
කසුන් දෙන්නාටම සමච්චල් හිනාවක් දාල යන්න ගියා.
පාර්ක් එකෙන් එලියට ඇවිල්ල කසුන් හසිනිට කෝල් එකක් ගත්තා.. රින්ග් වෙද්දිම කෙල්ල ෆෝන් එක ඉස්සුවා... බලාගෙනම ඉඳලද කොහේද...
" සුදු මැණික..." මේ ආමන්ත්‍රනය කාලෙකින් ඇහුච්ච හින්දද මංදා කෙල්ල සද්දයක් නෑ...
"බබා.... කෑවද ඔයා? මං එනවා දැං.. කෑම බෙදලා තියන්න.. කාලා අපි යන් ටිකක් ඇවිදින්න..."
"ඔය ඇත්තමද... ඉක්මන්ට එන්න එහෙනං..."
කෙල්ල අඬලද කොහෙද... පව්.. කසුන්ට හිතුනා..
°°°°°°°°°°
"හසිනි ලෑස්තිද ඔයා.... "
"මං හරි.. ඉන්න එනවා...ඉන්න "
කසුන් ලඟට ආව කෙල්ල දිහා බලාගෙනම හිටියා...
"මොකද මේ....අද දැක්කා වගේ.."
අද තමයි හසිනිගේ ලස්සන දැක්කේ කියලා කසුන්ට හිතුනා... තමන්ගේ අැස් දෙකේ ගැටගහලා තිබ්බ කළු පටිය ලිහපු මනුස්සයව කසුන්ට මතක් උනේ එතකොටයි...
"අනේ හොඳ කෙල්ල වගේ බත් මුලක් ගැට ගහගෙන එන්න... ඉක්මන්ට... කෝ දරුවව මට දෙන්න..."මුකුත් නොකියා හසිනි ගෙට දිව්වා...
ඒ අතර කසුන් පුංචි එකාව උඩ දදා හුරතල් කරන්න ගත්තා... තාත්තගේ හුරතලේ කාලෙකින් ලැබුන නිසා පුංචි පැටියට හරි සතුටුයි... හුරතල් කටහඬින් තා..තා.. තා..ගාද්දි කසුන්ට පුදුම හිතුනා...
" ඒයි හසිනි මෙයා තාත්තා කියනවා මෙන්න..."
" එයා මුලින්ම අම්මටත් කලින් කිව්වේ තාත්තා කියලා තමයි... "
තමන්ට හුඟක් දේවල් මගෑරුනා කියලා කසුන්ට තේරුනා...
" ආහ් බත් එක... කාටද මේක..."
" මේ හිඟන මනුස්සයෙක්ට.. යංකෝ... "
පාක් එක ලඟ වාහනේ නවත්තපු කසුන් පාක් එක අැතුලට ගියේ හිඟන මනුස්සයට බත් එක දෙන්න හිතන්.. කරුවල වැටීගෙන එන නිසා එතන සෙනග හිටියේ ගොඩක් අඩුවෙන්... ඒත් අර මනුස්සයා පේන්න හිටියේ නෑ... පාක් එක වටේම බැලුවත් නෑ... බැරිම තැන සිකුරුටිගෙන් කසුන් අහුවා...
"මොන හිඟන්නෙක්ද මහත්තයා.."
"රැවුලයි කොන්ඩෙයි දෙකම වැවිලා කඩමාල්ලක් එල්ලන් ඉන්න කෙනෙක්... අර බංකුව උඩ හිටියා... එයා ගැන ඇහැව්වේ..."
"මොන... පිස්සුද මහත්තයා... මුළු දවසටම මං මේ පාක් එකේ ඇවිදිනවා.. ඔය එක හිඟන්නෙක්ටවත් මං මේ පැත්ත පලාතේ එන්න දෙන්නෑ.. ඒම එකේ මගේ ඇස් වහලා ඉන්නවා බොරු... "
"ඉතිං මං ඒ මනුස්සයා එක්ක කතා කලානේ උන්නැහේ..."
"මහත්තයට ඔල්මාද... ගිනිකාශ්ඨකේට ඔළුව විකාර වෙලා... යන්න මහත්තයා... "
කසුන්ට පුදුමයි තමන් අච්චර කතා කරපු මනුස්සයා ගැන මේ සිකුරුටි නොදන්න එකට...
"මොකෝ මහත්තයෝ.. මූන නරක් වෙලා.. ඒ මනුස්සයා බත් එක එපා කිව්වද... " කසුන්ගේ මූන දැක්ක හසිනි ඒම ඇහුවා...
"නෑ හසිනි ඒ මනුස්සයා ගිහින් යන්න ගිහින්..." මොකක්හරි වෙලා කියලා තේරුනත් හසිනි ඊට වඩා දෙයක් අහන්න ගියේ නෑ....
නිමි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
