වියරු අදෝනාව☠️ | Viyaru Adonawa


වියරු අදෝනාව☠️
...................

ඔරලොසුවේ වෙලාව 12යි දෝන්කාර දෙමින් නාද වෙද්දී අමාවක රාත්‍රිය දෙකඩ කරමින් උලමෙකුගේ හඩ ගේ සිසාරා ගියේ මටම ඇසෙන්නාක් මෙන්...මම තිගැස්සී ඇහැරුනේ වසා තිබු ජනෙල් පියන් විවෘත වෙමින් ඩාං ඩං ගා වදින්නට වුවෙන්...

චතුගේ නැගනි අන්තරා වී අදට දින 7ක් ගියා පමනි..සයනයේ වැතිරි සිටි චතු මා අවදි කලේ පුරුශයෙකු වුවද බිය මා සම්පුර්ණයෙන් වෙලා සිටි බැවින්..

"චතු නැගිටින්නකෝ චතු..."

ඇයි අනේ මොකද මේ මහ රෑ...

"මහ මූසල සද්ද ඇහෙනවා අනේ මට ටිකක් බයයි චතු"

අනේ මේ විකාර නැතුව නිදාගන්න සේනක ඔයා ඔය කියන්න හදන්නේ අපේ නන්ගි හොල්මන් කරනවා කියලද..ඒ ලමයා එම කරන්නෙ මොකටද. අනික නන්ගි නැති උනේ ඇක්සිඩන්ට් එකකින් එයා මොකටද අපිට හොලමන් කරන්නේ..."

"ඒත් චතු අර ජනේ.."
කියන්න ගිය වචන ගිලගත්තේ මා ජනේලය තිබූ පරිදිම වැසි තිබු නිසාවෙන්...චතු"මල විකාර" කියමින් නින්දට වැටුනත් මගෙන් නින්ද හොරා ගත්තෙ හදවත වේගයෙන් ගැහෙමින් මා මුලු ගතම සිතල කරමින්...උගුර කට වේලීගෙන ආ මම කුස්සියට ගියේ වතුර බිමේ අපේක්ශාවෙන් ...නමුත් කරාමයෙන් වතුර වෙනුවට ලේ වැගිරෙන්නට උනා..මගේ අතින් කෝප්පය ගිලිහුනේ නිරායාසයෙන් ..මමපස්සෙන් පස්සට යන්නට උනා..සීතල සුලගක් මගේ කනේ දැවටි ගියේ කුරිරු හිනාවක් මගේ කන් පුරා රැව්දෙමින්...

එක වරම මගේ හදවත නතර වුයේ කොන්ඩය විලිස්සාගෙන ලේ වැගුරාගෙන චතුගේ නැගනි අහින්සා මා ඉදිරිපිට මහ හයියෙන් කොක් හඩ නගන්නට වූයෙන්....

"උබ හිතුවද යකෝ යහතින් ඉන්න ...තොගේ බොටුව කඩාගෙන මම කනවා....තොට යහතින් ඉන්න දෙයි හිතුවද මම.."

ඈ මොහොතින් මොහොත වියරු වැටෙන්නට විය...දික් වු නිය මගේ ගෙලෙන්ම තද කර මාව ඉහලට ඈ එසෙව්වා...

මුලු පරිසරයම ඇගේ හිනාවෙන් දෙවනත් විය......

"උබ හිතුවද එහෙම ලේසියෙන් මරයි කියලා මම ..විදවපන් මම හෙලපු හැම හුස්මකටම විදවපන්.....

මට කල හැකි කිසිවක් නොවීය...මම බෙරිහන් දුන්නා මතකයි...

උදැසන අවදි වන විට චතු වගේම අම්මා තාත්තාත් මා වටා හිටියා...

"මයේ හිතෙ පුතා බය වෙලා මොකේට හරි"

නෑ අම්මෙ ප්‍රශ්නයක් නෑ මම හොදින්...

ඊයේ රෑ මා කීවත් චතු පිලිනොගත් අහින්සගේ වියරුව මට විතරක් පෙන්න ගත්තෙ අද රෑ වෙන තුරු විතරයි ..

සාලයේ සියලු දෙනා සිටියදී විදුලි බුබුලු ගැහෙන්නට ගෙන ක්ශනයකින් සියලු විදුලි බුබුලු පුපුර යන්නට විය ....

එක වරම මගේ ගෙල නැවත වතාවක් සිර විය...

ඔව් අහිසාගේ හඩ නැවත අවදි උනා...

"කියපිය යකෝ ඇත්ත...තෝ වගේ උන් මරලා මදි යකෝ.....මාව විසිවි බිම ඇද වැටුනා...ජිවිතය බේරාගැනිමට කිසිදු මගක් මට පෙනුනේ නැති නිසාවෙන් සියල්ල ඉදිරියේ සත්‍ය වමාරන්නට මට සිදු උනා...

දින 9කට පෙර......

අහින්සා....ඔයා ඉන්නවද....

එන්න සේනක අයියේ..අක්කා කෝ

ඉන්නවා නන්ගි අක්කා ගෙදර ..කෝ අම්මලා ඒම...

අම්මලා කවුරුත් නෑ ම් අයියේ ..අයියා වැඩකටද....

ඉස්සර සිටම අහින්සාට කෙල හැලු සේනක අවස්තාවෙන් ප්‍රයොජන ගැනිමට තැත් කලා
........

තේ රැගෙන ඒමට ගිය අහින්සාට හිරිහැර කිරිමට සේනක වෑයම් කරනවා...අත තිබු තේ එකෙන් මුනට දමා ගැසු අහින්සා නිවසින් පිටට දුවනවා...

ඔහොම හිටපන් නන්ගි....

අහින්සා වේගයෙන් ආ වෑන් රිය ඇගේ හුස්ම උදුරාගන්නවා....

සේනක සියල්ල වමාරන්නට විය ..මුලු පරිසරයම දෙවනත් කල අහින්සගෙ හඩ මැකි යන්නට යන්නට වූවත් චතු වියරු වැටුනේ ඉන් පසුවයි....

සියල්ල අනාවරණය වු කල චතූ හඩා වැලපෙනවා හැර කුමක් කරන්නද...

සේනක ජීවිතාන්තය දක්වා හිරේ වැටුනත් චතුට හදවතට මුහුන දිය නොහැකි විය...

අහින්සා සැබෑ දේ පෙන්වා දී මේ විශ්වයට එක් වන්නට ඇත.....

නිමි..



Comments System WIDGET PACK