උමතු පෙම්..😔 | Umathu Pem


උමතු පෙම්..😔

..............................
ජීවිතේ ආදරේ ගැන මට තියෙන්නෙ මහා කලකිරිමක් ..බැදිම් නිසා කොච්චර මිනිස්සු විදවනවද...අපාය දිව්‍යලෝකේ විස්වාස නොකෙරුවත් මිහිපිට අපාය බලන්න ඔනේනම් යන්න උම්මත්තකාගාරෙකට...

ඔව් මම මානසික වෛද්‍යවරයෙක් ..මම ගැටෙන්නෙ හැමවෙලේම මානසික ලෙඩ්ඩු එක්ක ..සම්බන්දකම් මිනිස්සුන්ගෙ ජිවිත විනාස කරන විදිහ දැකලම මට විවාහය වචනයත් අරහන්...

මම සිතිජ ..අවුරුදු 28ක් වගේ පොඩි වයසකින්ම මේ ක්ශෙස්ත්‍රට ඇවිත් මාස කිපයක් උනත් විවාහ වෙන්න මට එපා වෙන්නෙ මේ ලෙඩ්ඩු දැකලමයි..

ඒත් එක දවසක් මගෙ ඉස්සරහට එන ඒ රූපෙ මගේ මුලු ජීවිතේම වෙනස් කරනවා...

ලස්සන ගෑනු ලමයෙක් ..වයස 24ක විතර පෙනුම තිබ්බ ඇය හරිම ලස්සයි ..හැබැයි ඈ දුටු පමනින් උමතු බවක් මට පෙනුනේ නෑ..ඒත් ඇගෙ මව හෑඩු කදුලින්...

"අනේ මහත්තයෝ මගේ කෙල්ල ....හොද කරලා දෙන්න දෙයියනේ......😔😢😢...

හරි අම්මා සන්සුන් වෙන්නකෝ මොකක්ද උනේ කියන්නකෝ....

මා දැවී යයි ..ආදරයෙන් පැරදුන පලියට මෙසේ උමතු වනවාද..බැදීම් මේ තරම් බයානකද...

ඈ අනිත් අයගෙන් බොහෝ වෙනස්ය..ඒ ඈ කතා නොකරයි..බලාගත් අතබලාහිදී...

විටෙක මද සිනාවක් නගයි..නැවත ක්ශනයෙන් කදුලු සලයි....

අනෙක් රෝගින් බොහෝවිට පාලයන අපහසුයි ..ඒත් ඈ නිහඩයි...

සේපාලිකා නම . එයත් සේපාලිකා මලක් වගේමයි..මම මටත් හොරා ඈ ගැන වැඩි සැලකිල්ලක් කරන්න ගත්තා..

දවසට දෙතුන් පාරක් ඈ ඉන්න වාට්ටුවට යාම මගේ සිරිත උනේ ඉස්සර දවසට එක පාරක් විතරක් හැම වාට්ටුවකට ගියපු මගේ දින චර්‍යාව වෙනස් වෙමින්...

දිනක් මගේ හද සසල උනා...සේපාලි වාට්ටුවේ නැති බව හෙදියක් පවසද්දි උන් තැනින් නැගිට මම රෝහල පුරා හෙව්වා...

මටත් නොදැනි මගේ දෑස් තෙමුනේ මගෙ හැසිරීම හෙදියන් පවා මවිත කරමින්....

එක වරම ඈත හෙල පාමුල යමෙක් ඉන්නා බව මා දුටුවා...මම වේගෙන් ඒ දෙසට ඇදුනේ කිසිවක් නොසිතා...

මට මා තවත්නම් පාලනේ කරගත නොහැක ඈ හෙල ලගින් ඉවතට ගත් මා වෛද්‍යවරයාගෙන් මිදි මොහොතකට ආදරවන්තයෙක් විය...එක් මොහොතෙන් ඈ මගේ පපු පහසේ ගුලි කරගත් මා ප්‍රථම වරට ස්ත්‍රියගේ සුවද ප්‍රේමය රිසි සේ වින්දා....

නින්දකින් ඇහුරානා සේ මෙතෙක් වෙදකමින් සුව නොවු සේපාලි එකදු සියුම් පහසකින් සුවය ලැබුවා ....ප්‍රේමයෙන් බැට කෑ සේපාලිට මගෙ උනුහුම නිකිනි වැස්සක් වැනිය...

පලමු වරට ඒ පුන්චි දෙතොල් මුමුනන්නට විය..

මම මේ කොහෙද කෝ මගේ අම්මා...ගෙදර අය කෝ...

උමතු වී සිටි කාලය ඇයට හීනයකි...

සුව වූවත් ඇය නැවත යැවීමට හෝ අමතක කිරිමට මට නොහැක ..මට ලෝබය...එක එක හෙතු කියමින් සතියක් ඇගෙ පිටවීම මා ප්‍රමාද කලා..තවත් නොහැක...

සේපලි සුව වූ පසු සතියම ඈ ගිරවියක සේ කියවන්න විය..ඇයට තවත් හිත පෙම් කලා තව තවත් පෙම වැඩි උනා කීවොත් මා නිවැරදී...

නමුත් ඇය එය මතකයක් පමනයි..ඈ නික්මෙන විට මට ඉහිලිය හැකද ...හද දෙදරා යයි..ඉහිලිය නොහැක...වේදනාව මා දවයි..

..............................

ඇය නැගි මෝටර්රථය නොපෙනෙන තෙක් මා බලා සිටියා...නමුත් මට දැන් ඇයව සිහිවෙයි....ඒ සේපලි වැලදගත් මොහොත හදවත සිසාර උඩු දුවයි......

කවුරුනම් හිතන්නට ඇතිද....මා සුව කල මා ඇවිද ගිය මේ රෝහලේ තවත් එක් ඇදක මට තවත් එක් රෝගියෙක් වන්නට වෙයි කියලා.....මම බෙහෙත් ලෙඩ්ඩු අතරට අද මම තව එකෙක් පමනයි...

😔😔😔😔😔😔

උමතු කතකට පෙමින් බැදි හිත.....

උමතුවෙන් මෙන් හැසිරුනා.....

උමතු මම මිස නුබ නොවේ දැන්...

ආදරෙන් මා පැරදුනා....

😔😔😔😔😔😔😔

නිමි....


Comments System WIDGET PACK