පුනරුප්පත්තී.....🤫 | Punaruppaththi


පුනරුප්පත්තී.....🤫

අනිවාරෙන්ම කියවන්න...නිහඩ විලාපයක නැවත හඩගෑමක්.....

❤️❤️❤️❤️❤️❤️

"කවීතා මම වදින්නම් ප්ලීස් ඔය දරුවාව නැති කරන්න..පින්සිද්ද වෙයි..."

අද මට මේම කියන්නේ වෙන කව්රුත්ම නෙමෙ...මම පන වගේ ආදරේ කරන දේව්..ඔව් තාම විවාහ නොව්නත් කුසට ආව දරුවාව නැති කරන්න තරම් කුරිරු වෙන්නෙ කොහොමද...

පිරිමියෙක්ට ගැහැනියකට දරුවෙක් දෙන්න පුලුවන්නම් ඒ දරුවාව බාර ගන්න බැරි ඇයි...

දේව් ගැන මගේ හිතේ තිබ්බ පැහැදිම බින්දුවටම වැටීගෙන ආවේ..

"දේව් මේ මගේ විතරක් නෙමෙ අපි දෙන්නාගෙම දරුවා..අනික දැනටමත් මාසෙකට වැඩි ..ඔයාට තෙරෙන්නෙ නැද්ද..."

අනෙ මේ ඔය දරුවෙක් නිසා මගේ අනාගත ප්ලෑස් ඔක්කොම වතුරේ දාගන්න බෑ

..............................

නොහිතපු දෙයක් උනේ ..කෙනෙක්ට පුලුවන්ද එයා ගැන හිතලා ජිවිත දෙකක් නැති කරන්න....

දේව් හොදටම දැනන් හිටියා මම දැන් දරුවා නැති කරන්න හැදුවොත් මම වගේම දරුවත් ජිවත් නොවන වග...ඒත් දේව් ඒ තීරනේ ඒ වෙනකොටත් අරගෙන...මගේ වතුර එකට මගෙ පුන්චි පැටියව නැති වෙන්න ගබ්සා වෙන්න බෙහෙත් එකතු කරලා....

ඇට මස් ලේ නහර දිගේ වේදනාව ගලන් යද්දී මාව මගෙන්ම ගිලිහෙනවා ..මට දරා ගන්න බැරි උනා...ඔව් දේව් එදා මගේ පපුවේ ගැබුරුම තැනක ඔයා ලොකුම ලොකු කුහරයක් ඇති කලා...ආදරේ ගැන මහා කලකිරිමක් එක්ක..බිත්ති හතරක් ඇතුලේ මගේ කුසේම මගෙ පැටියා තුරුල් කරන් මම ඇස් පියා ගත්තා....... 😔😔😔😔

වසර 6කට පසු.....

දේව් විවාහ වෙලා වසර 3ක් ගත උනත් ඔහුට දරු සම්පත් අහිමී..කවීතා මිය ගිහින් වසර 3ක් යද්දි දේව් අපර්ණා එක්ක විවාහ වෙනවා..

එදා හදිසියේම ඔවුන්ට දැන ගන්න ලැබෙනවා. ඔව් අපර්ණා ගැබ් ගෙන....

අතීතය සම්පූර්නෙන් වල දාලා අද සම්පූර්න පරම පිවිතුරු විදිහට දේව් කොහොමද ඒ දරුවෙකුගේ සතුට විදින්නෙ හරිම පුදුමයි..මිනිස්සු හරි ඉක්මනින් අතීතය වලදාලා පරම පිවිතුරු විදිහට රගපානවා..

ඒත් දෛවය එච්චර ඉක්මනින් දේව්ට ඒ අතීතය වලදාන්න දෙන්නේ නෑ...

ඔව් දේව්ට ලස්සන දෝනියක් ...ඒ තමා බිනුලි...බිනුලිට අවුරුදු 2ක් විතර වෙද්දි පරන මතක ඇවිස්සෙන්න ගන්නේ..ඔව් බිනුලි තුලින් පේන්නෙම කවීතා ...කවීතාගේ කැරලි කොන්ඩය ..වල ගැහුන කම්මුල්...නිකට පාමුල ලපය..මේ කිසිවක් දේව්ගෙවත් අපර්ණාගේවත් දේහ ලක්ශන නෙමෙ...කොටින්ම ඇය කවිතාමයි...

ඔව් ඈ දකින වාරයක් ගානේ දේව් නිහඩයි...වලදැමු අතීතය බුර බුරා නැගෙන ගින්නක් සේ උඩු දුවයි ...ප්‍රචන්ඩයි..
ඒත් කතාව අනිත් පැත්ත ගහන්න ගත්තෙ හරි ඉක්මනින්....

විශේශම දේ බිනුලි කවදාවත් සිය පියා ඒ කියන්නෙ දේව් එක්ක එකදු වචනයක් කතා කලේ නෑ..හැබැයි අපර්ණා සමග ඈ ගිරවියකී...තොරතොන්චියක් නැතුව කියවයි...

විටෙක දේව් වේදනාවෙන්...

"දෝනී ඇයි අප්පච්චි එක්ක කතා නොකරන්නෙ.."

බිනුලි දේව්ගෙ ඇස් දෙස බලා හිද යනවා හැර වචනයක් කියන්නෙ නැත...

දිනක් අපර්ණා විලාප තියන්නට විය. ..

"දේව්..අනේ දේව්...දේව්..."

ඇයි අපර්ණා ...

"අනේ දෝනි කතා කරන්නේ නෑ..කෙල්ල ඇස් අරින්නෙ නෑ"

ඔවුන් වේගයෙන් රෝහල වෙත ගියත් බෝහෝ වෙලා වෙහෙසුන වෛද්‍යවරයා පැවසුවේ ඇගේ පපුවේ සිදුරක් බව..බලාපොරොත්තු අත්හරින්නට කිවත් එසේ කරන්නේ කෙසෙද..

මොහොතකට බිනුලි දෑස් විවර කරා...ඒ එක්කම දේව් අපර්ණා ඈ වෙත දිව ගියත් වෛද්‍යවරයා ඔවුන් නතර නොකලේ ඒ බිනුලිගේ අවසන් දෑස් හැරීම බව ඔහු දැන සිටි බැවින්...

පුදුමයකි ..අපර්ණාගේ ගිරවී අල්ලා ගත්තේ දේව්ගේ අතයී...

කිසිදා ඔහු ඇමතූ නැති බිනුලි හඩ විවර විය..

"ඇයි මේ "

ඔහු හද දෙදරා යයි..මගේ රත්තරන් ඔයාගෙ පපුවේ සිදුරක්ලු...

"කෝ මෙහාත එන්න..." බිනුලි දේව්ගේ කනට සමීප විය..

ඈ දේව්ව ඇමතුවේ අප්පච්චි කියා නොවේ දේව් කියාය..

"දේව් දුක් වෙන්නෙ ඇයි..මේ ඔයාම මේ පපුවෙ හදපු කුහරේ නේද"

එය පොඩි දරුවෙකුගේ අදහසක් නොව...

දේව් අල්ලාගත් බිනුලිගේ අත ඔහුගෙන් ගිලිහුනේ
බිනුලි නැවත ඇහෙරෙන්නෙ නැති නින්දක තියලා.....

නුබ ගත්ත හුස්ම මගෙන්....

නැවත දුන්නම දියනියක ලෙසින්..

උදුරන් දුවන්නද මමත් ටිකකින්....

විදවන්න ජිවිතේ නුබටත් උගන්නමින්

................................

නිමි

Comments System WIDGET PACK