පියකුගේ ව්ලාපය.... | Piyekuge Vilapaya


සුලු කාලයක් පන්හිඳට විරාම දුන් මා බෝහෝ කම්කටොලු මැද නැවත අකුරු කරන්නේ ලේකනය වනාහී මගේ ජිවිතය වූ නිසාත්...පාඨක නුබේ ඇගයුම මගේ ජයග්‍රහණය වූ නිසාවෙන්......
❤❤❤❤❤❤

පියකුගේ ව්ලාපය....
😔😔😔😔😔😔

ජිවිතේ ආපස්සට හරවන්න පුලුවන්නම් මන් හරවනවා...මම මන් ගැනම පසු තැවෙමින් මේ ගමන අද යන්නේ..ආදරේක පැටලිලා මගේ පුන්චි නිවස විසුරුවලා කාටත් හොරා ඒ මගේ පුන්චි පැලෙන් අවා...අද එතනම හොයන් යන්න වෙලා මට...ලැබුන ආදරයක් වත් නෑ මට..අහිමි උනේ පව්ල...

වැරදි තිරනයක් ජීවිතේ ගත්ත මම සේයා..එදා ගෙදරින් හොරෙන්ම ආදරේ හොයන් ආවේ..අම්මත් නැතුව මාව පන වගේ බලාගත්ත මගේ රත්තරන් තාත්තට පිටු පාලා.....
සිතිවිලි දාමයක් හිතේ දුවද්දී මම සුපුරුදු පාර දිගේ ආයෙත් යන්නේ මගේ පුන්චි ගෙදර හොයාගෙන...

වෙනදාට වඩා පරිසරයම නිසොල්මන් වෙද්දී මට නොකියන කතාවක් ඇති බව මට හැගුනා...ටිකක් දුර යද්දි සුදු පාට කොඩි වලින් පාර සැරසිලා දකිද්දි කාගේ මලගමද යන්න මට තේරුනේ...මාත් හරියට පටාචාරවක් වගේ...මුලු හිත මගේ ඇස් පාමුල කඩන් වැටුනේ මම පොඩි එකියක් වගේ දුවපු මිදුලේ ඈතට උඩුකුරුව මගේ රත්තරන් තාත්තා සැතපිලා..

ඔව් ඒ වෙද්දිත් අවසන් කටයුතු නිමාවෙන්නත් සූදානම්..හොයාගිය ප්‍රේමයත් නොමැතිම හිස් අතින්ම නැවත පියා සරන පතා ආ මා ඔහුගේ නිසල දේහය කෙසේ දකින්නද...මටත් නොකියා ඇස් කදුලු ඉස්සර කරද්දි මම උමතුවෙන් ඒ දෙසට දිව්වත් මා දැක ලොකු අයියා මාව ඇදගෙන ගොස් අතඇරියේ පරන කාමරේටයි....

බූමිදානයටවත් මට අවසර නොවුවෙන් බිත්තියකට මුවා වී හඩනවා හැර මා කුමක් කරන්නද..ඔහු ඇති දැඩි කල පුතුන්ගේ කර පිටින් ඔහු අද අවසන් ගමන් යන්නට සුදානම්..

නිසොල්මන් පරිසරයම මාව ගිල ගද්දී වේදනාව මා දවයි...

එදා පියාගේ සේනේ පසෙකලා මම හොයා ගිය ප්‍රේමය මුලාවකි...සියල්ල තාමත් මට අපහැදිලි ...කුමක් වූවද මා නොදනී..

මා සිතුවේ සියල්ලන් කනත්තට යන්නට ඇතයි කියා...

නමුත් මා වෙතට ආවෙ මැගී අම්මා..අම්මා නොමැති කල මා උස් මහත් වද්දී නිවසේ මෙහෙසිය වූවත් ඈ මට මවක්...

ඇගේ හඩ විවර විය...එය බයාදුය..

"සුදු නෝනා පරක්කු උනා වැඩි..නොනා ගිය දා ඉදන් නෝනා එනකන් මහත්තයා මග බලන් උන්නා..ඇස් රිදෙනකන් බලන් උන්නා ...මා එක්ක නිතරම කිවා..

"මැගී.. එකි මගේ පොඩි එකී නොතේරුම්කමට ගියාට මගේ කෙල්ලට මා නැතුව බෑ බන් ..බලපන්කෝ ඔන්න මගේ කෙල්ල අද එනවා කියලා..."

සති ගනන් බලන් උන්නා...

ඒත් මහත්තයා දැනන් උන්නා නොනා ඉන්න තැන .හෙව්වා නොනට නොදැනෙන්න...ඒත් මහත්තයට ඔන උනේ නෑ නොනාගෙ සතුට නැති කරන්න..ඒකයි එනකන් ඉස්තොපුවට වෙලා බලන් උන්නේ..

ඒත් නෝනා මහත්තයට වාවන්න බැරි උනා..නොනා ගියපු කොල්ලා ආය කෙල්ලෙක් එක්ක ගියා කියන එක..නෝනගේ වේදනාව උහුලන්න බැරි උනා ඒ හිතට..

ඒ අරන්චියෙන් පස්සෙයි අපෙ මහත්තයා අන්තරා උනේ..

මට කිසිවක් කිව නොහැක...පියකු යනු හදවතේ මහා මෙරක් තරම් ආදරෙ හන්ගන් ඉන්න කෙනෙකි...ඒ ප්‍රේමය අසීමිතය..ගනනය කිරිමට හෝ මැනිමට නොහැක...

වරද කාරි හැගීම මා වෙලා අවසානයී...ජිවත් වීමත් මරනයේත් මට දැන් වෙනසක් නැත...

කියන තැනට වඩා නිහඩ තැන ප්‍රේමය අසීමතය....

මගේ තාත්තේ මතු උපදින හැම බවේකම මගේම වෙන්න. නුබට නිවන් සුව පතනවා හැර කුමක් කරන්නද..

සේයා වේදනාවෙන් දැවෙමින ජීවත් වන්නට විය..

උදාර පිතෘ ප්‍රේමයට මගේ පුන්චි සිත්තම උපහාරයක්ම වෙවා...


Comments System WIDGET PACK