පරිත්‍යාගය | Parithyagaya
පරිත්‍යාගය
-------------------
" හලෝ අෂේන් "
" කියන්න හෂී "
" අෂේන්.
මම දැන් මිනෝලි එක්ක එයාගෙ වැඩකට පොඩි ගමනක් යනව.
අපි එනකොට ටිකක් හවස් වෙන නිසා මට අද ඔයාව හම්බවෙන්න එන්න බැරි වෙයි.
අනේ සොරි අෂේන් "
" ඒකට කමක් නෑ හෂී.
යන්න ඕන ගමනක් නම් නොගිහින් බෑනෙ.
ඔයා යන්න.
පරිස්සමෙන් ගිහින් එන්න.
හොඳද "
" අනේ තෑන්ක්ස් අෂේන්.
එහෙනම් ඔයත් වැඩ ඇරිල පරිස්සමෙන් ගෙදර යන්න.
මම ඔයාට ගොඩක් ආදරෙයි අෂේන් "
" මාත් ඔයාට ගොඩක් ආදරෙයි හෂී.
බායි "
" බායි "
අෂේන් කියන්නෙ හෂීගෙ පෙම්වතා.
ගෙදරින් ගෙනාපු යෝජනාවකින් මුන ගැසුනත් දෙන්නට දෙන්න ආදරෙන් බැදෙන්නෙ කාටවත් හිතාගන්න බැරි විදිහට.
" හරි මිනෝලි
එහෙනම් අපි ගිහින් එමු "
" අෂේන් තරහින් වගේද හෂී.
ඔයාට මුකුත් කිව්වෙ නෑ නේද "
" ඔයා දන්නවනෙ මිනෝලි අෂේන් ගැන
එයා කවදාවත් මට නීති දාන්නෙ නෑ.
මොකද මාව එයාට ඒ තරම් විස්වාසයි.
මටත් එහෙමයි.
කවදාවත් අපි දෙන්නට දෙන්න ඒ විස්වාසෙ කැඩෙන කිසිම දෙයක් කරල නෑ.
ඒක නිසා අපි දෙන්න දෙන්නට ඕන තරම් නිදහස දෙනව "
" මං දන්නවනෙ හෂී ඔයා ගැන හැමදෙයක්ම.
ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම මගෙ හොදම යාලුව උනු ඔයා ගැන මම දන්නෙ නැද්ද.
අෂේන් හම්බවුනාට පස්සෙ ඔයා කවදාවත් එයාට වැරැද්දක් කලේ නෑ කියල මම දන්නව "
" හ්ම්.
එහෙනම් අපි යමුද "
----------------------------------------------------
" මම හිතුවට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් උනා හෂී"
" ඒකනෙ
ඔයා කලින් කිව්වෙ ගොඩක් වෙලා යයි කියලනෙ "
" මම හිතුවෙ එහෙම තමයි හෂී "
" ඒයි නිලූ මෙතන හරි ලස්සනයි නේද.
මම අෂේන් එක්ක ගොඩක් සැරයක් මෙතනට ඇවිල්ල තියනව.
හරි නිස්කලංක තැන.
අපි මෙතනට ගිහින් මොනව හරි බීල යන්ද "
" හා යමු.
මාත් ටිකක් තිබහෙන් හිටියෙ "
ඔවුන් දෙදෙන කතා කර කර ඉන්න කොට එකපාරටම.
" හෂී "
" දෙ .... දෙයියනේ ක .... කවිශ්ක
ඔ ..... ඔයා "
කවිශ්ක කියන්නෙ හෂීගෙ කලින් පෙම්වතා.
ඔහු අම්මලගෙයි තාත්තගෙයි කීමට හෂීව අතඇරල ඔස්ට්‍රේලියාවට යන්නෙ හෂීව ප්‍රශ්න ගොඩක අතරමං කරල.
" මට ඔයාව අදුරගන්නත් බැරි උනා
ඔයා තවත් ලස්සන වෙලා.
කොහොමද මිනෝලි.
මොකද මේ දෙන්නත් එක්ක මෙතන කරන්නෙ "
" අපි ගමනක් යන ගමන් පොඩ්ඩක් රෙස්ට් එකකටත් එක්ක මෙතනට ආවෙ කවිශ්ක.
ඉතින් ඔයාට කොහොමද.
ඔයා ආපහු ලංකාවට එන්නෙ නෑ කිව්ව නේද "
" ඔව් මිනෝලි මම එන්න කියල නෙමෙයි හිටියෙ.
ඒත් මේ ප්‍රොපටි වල ප්‍රශ්නයක් වෙලා මට හදිස්සියෙන්ම එන්න උනා "
" දැන් කවිශ්ක මැරි කරල එහෙම ඇති නේද "
" ඔව් මිනෝලි
දැන් මට පුංචි පුතෙකුත් ඉන්නව
ඔයාලත් දැන් මැරි කරල ඇති නේද "
ඔහු එහෙම අහද්දි හෂී බිම බලාගන්නව.
කවිශ්ක හිමින් ඇයගෙ අත් දෙකෙන් අල්ලගන්නව.
" මට සමාවෙන්න රත්තරං
ඔයාට මගෙන් උනේ සමාවගන්න බැරි තරම් වැරැද්දක් කියල මම දන්නව
ඒත් අපේ අම්මයි තාත්තයි ලග මම අසරණ උනා "
" ඔයා අම්මයි තාත්තයි අසරණ වෙනව කියල මේ අහිංසකී අසරණ කරල දාල රට ගියා.
දන්නවද මේ කෙල්ල ඒ දවස් වල කොච්චර දුක් වින්දද කියල "
" මට තේරෙනව මිනෝලි
මගෙ අතින් උනේ ලොකු වැරැද්දක්
ඒ වෙලාවෙ මම හෂීව තනිකරල ගිය එක වැරදියි.
ඔයා ඒකට මොකද හෂී කලේ
දරුව නැති කලා නේද "
" ඔයාට මම කරපු දෙයින් වැඩක් නෑනෙ කවිශ්ක.
ඔයා මාවයි දරුවයි එපා නිසානෙ දාල ගියෙ.
දැන් මට මගේ නිදහසේ ඉන්න දීලා ආපහු ආපු දිහාවකටම ආපහු යන්න "
" ද .... දරුව එ ...... ඒ කියන්නෙ ඔයා දරුව නැති කලේ නැද්ද "
" දරුව ජීවත් උනත් නැතත් ඔයාට වැඩක් නෑනෙ කවිශ්ක "
" ඔයා කතා කරන විදිහට මට තේරෙනව
ද .... දරුව ජීවත් වෙනව.
ම .... මගේ දරුව ජීවත් වෙනව
අනේ රත්තරං කෝ මගේ දරුව මට බලන්න ඕන.
අනේ ප්ලීස් මට මගේ දරුව බලන්න ඕන "
" මගේ දරුව
ඔයා කොහොමද කවිශ්ක දැන් මේ දරුවට මගෙ දරුව කියන්නෙ
එදා එපා කියල දාල ගිය දරුව දැන් කොහොමද ඔයාගෙ උනේ "
" අනේ රත්තරං ප්ලීස් එහෙම කියන්න එපා
මට එක පාරක් මගෙ දරුව පෙන්නන්න
එකම එක පාරක් "
" අනේ මට කරදර කරන්න එපා
ප්ලීස් මට ඉන්න දීල මෙතනින් යන්න කවිශ්ක "
" ප්ලීස් හෂී.
මිනෝලි ඔයාවත් කියන්නකො හෂීට "
" ඔයාට පිස්සුද කවිශ්ක මෙතන මිනිස්සු ඉන්නව.
ඒ කෙල්ලව අතරමං කරල ගියා මදිවට දැන් ලැජ්ජ කරන්නත් හදනවද.
කරුණාකරල අපිට වද නොදී ආපු අතක් බලාගෙන යන්න "
" අනේ අපි ඉක්මනට යමු මිනෝලි "
" ඔයා යන්නකො කෙල්ලෙ වාහනේට මම බිල ගෙවල එන්නම් "
හෂී දුවගෙන ගිහින් කාර් එක ඇතුලට ගිහින් දොර ලොක් කරගන්නව.
ඇයගෙ පිටිපස්සෙන් ආපු කවිශ්ක කාර් එකේ දොරට තට්ටු කර කර තව තවත් ඇය ලග පිංසෙන්ඩු වෙනව.
" අනේ ප්ලීස් හෂී
මට සමාවෙලා එක පාරක් මට මගේ දරුව පෙන්නන්න "
මේ අතර මිනෝලි ආපු ගමන් ඔවුන් වේගයෙන් එතනින් යන්න යනව.
ඒ මොහොතෙම වගේ කවිශ්ක බලාපොරොත්තුවෙන් සිටි යාලුවො කීප දෙනත් එතනට එනව.
" ආ මස්සිනා
ලංකාවට ආපහු එන්නෙ නෑ කියපු උඹ එහෙනම් ආපහු ආව නේද "
ඔහුගෙ යාලුව මිලින්ද එහෙම කියල කවිශ්කගෙ පිටට තට්ටුවක් දාල ඔහුව තමන්ගෙ පැත්තට හරව ගත්තට පස්සෙයි ඔහුගෙ ඇස් වල තියන කදුළු දැක්කෙ.
" ඒ .... යි කවිය.
මේ මොකද බන්
මොකක්ද උඹට උනේ
කතා කරපන්කො බන් "
" ඒ .... යි කවිය.
මේ මොකද බන්
මොකක්ද උඹට උනේ
කතා කරපන්කො බන් "
" ම ... මචං හ .... ෂිනි "
" හෂිනි
හෂිනි කව්ද
උඹේ හෂිනිද "
" ඔව් බන් මේ දැන් මෙතන ඉදල ගියේ "
" මෙතන හිටිය
මේ දැන් "
" ඔ ... ඔව් බන්
මිනෝලිත් එක්ක කොහෙද ගිහින් එන ගමන් කියල
මම එන වෙලාවෙ මෙතන හිටිය "
" හරි ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ කියපන්කො "
ඒ අතරෙ ඔවුන් ලගට තව අමුත්තො දෙන්නෙක් එනව.
" හලෝ හසිතය
ඉතින් කොහොමද "
" ඉතින් ඔහෙ ඉන්නව මචං
උඹට කොහොමද "
" වරදක් නෑ බන් මාත් ඔහෙ ඉන්නව "
" ආ අකලංකය
මූ මගෙ හොඳ යාලුවෙක්
අෂේන්
මූ අද ප්‍රී කියපු හින්ද මම මූවත් එක්කගෙන ආව "
" ආ ඒකට කමක් නෑ බන්
මටත් උඹ මෙතනට සෙට් වෙමු කියනකොටම මෙන්න මූ කෝල් කලා
මූ කවිශ්ක
මගෙ හොඳ යාලුවෙක්
ඕස්ට්‍රේලියාවෙ ඉදන් ඊයෙ ආවෙ
මාව හම්බවෙන්න ඕන කිව්ව
ඉතින් මම මූටත් මෙතනට එන්න කිව්ව
අවුලක් නෑනෙ "
" පිස්සුද බන් මොන අවුලක්ද.
උඹේ යාලුවො කියන්නෙ මගෙත් යාලුවො
මගෙ යාලුවො කියන්නෙ උඹෙත් යාලුවො "
" හරි හරි විස්තර පස්සෙ කතාකරන්න බැරියෑ
මුලින්ම ගිහින් වාඩිවෙලා ඉමුකො "
" හරි උඹල ගිහින් වාඩි වෙයල්ලකො
මම ගිහින් පොඩ්ඩක් මූණ හෝදගෙන එන්නම් "
කවිශ්ක එහෙම කියල පොඩ්ඩක් මූණ හෝදගෙන එන්න යනව.
" මචං අකලංකය ඇහුවට තරහ වෙන්න එපා උඹේ යාලුව මොකක් හරි අවුලකින්ද ඉන්නෙ "
" ඇ ... ඇයි උඹ එහෙම ඇහුවෙ "
" නෑ උගෙ ඇස් රතුවෙලා පුංච් වෙලා
නිකන් අඩල වගේ ඒකයි ඇහුවෙ "
" ඔව් බන් ඌ රට යන්න කලින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය.
දෙන්න හරිම ආදරෙන් හිටියෙ.
හරියට බැදල වගේ තමයි දෙන්න හිටියෙ
පස්සෙ මුගෙ ගෙදරින් කෙල්ලට අකමැති උනා
ඒකයි මූ රට ගියෙ
කෙල්ල සාමාන්‍ය ෆැමිලි එකක්
මූං හෙන සල්ලිකාරයොනෙ "
" එහෙනම් මූ කෙල්ලට සෑහෙන ආදරෙන් ඉන්න ඇති
ඒකනෙ මූ ඔච්චරම අප්සට් ගියෙ
කෙල්ල කොහෙ කෙනෙක්ද බන් "
" කලින් හිටියෙ ගම්පහ
මේ ප්‍රශ්නෙන් පස්සෙ උන් ගෙවල් මාරු කරා කියල ආරංචියක් ආව
මූ මට කෙල්ල ගැන හොයන්න කියල කියපු නිසා මම පොඩ්ඩක් හොයල බැලුව
ඔන්න ඔහෙ රත්තනපිටිය පැත්තෙ ඉන්නව කියල ආරංචි උනා
පස්සෙ මම ඒකි ගැන හොයන එක අතඇරල දැම්ම බන් "
" රත්තනපිටිය පැත්තෙ
මුගෙ කෙල්ලත් ඒ පැත්තෙනෙ
මොකක්ද දන්නෙ නෑ කෙල්ලගෙ නම "
" සම්පූර්ණ නම නම් මම දන්නෙ නෑ
අපි කතාකරන්නෙ හෂිනි කියල
හරි ලස්සන කෙල්ල
ලස්සන වගේම හරි හොඳ කෙල්ල
මූට පණ ඇරල හිටියෙ "
" හ .... හෂිනි "
" ඔව්
ඇයි මචං එහෙම කෙල්ලෙක්ව උඹට මීටර්ද "
" එක නමින් කෙල්ලො කොච්චර ඉන්නවද
කොහොමද බන් එහෙම මීටර් වෙන්නෙ "
හෂිනි කියන නම ඇහුන ගමන් අෂේන් පොඩ්ඩක් අප්සට් උනා කියල තේරුන හසිත එහෙම උත්තර දුන්න.
" ඌ ආවම බලමු
මූ ලග කෙල්ලගෙ ෆොටෝස් ඇති
එතකක් අපි මොනව හරි ඕඩර් කරමුකො මොනවද උඹල බොන්නෙ
කෑම කන්න වෙලා තියන නිසා මොනව හරි බීල ඉමු "
" ඔය මොනව හරි ඕඩර් කරපන් බන් "
ඔවුන් ආගිය තොරතුරු ටිකක් කතා කර කර ඉන්නකොට අකලංක කවිශ්කගෙ ප්‍රශ්නෙට එනව.
" මචං කවිය අර හෂිනිගෙ ෆොටෝ එක මූට පෙන්නපන්
මුගෙ කෙල්ලත් ඉන්නෙ ඒ පැත්තෙලු
සමහර විට මූ කෙල්ල ගැන දන්නව ඇති "
" අනේ පොඩ්ඩක් බලපන් මචං
කෙල්ල ඉන්න තැනක් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්
මේ ඉන්නෙ මචං කෙල්ල "
ඒ ෆොටෝ එකේ හිටියෙ හෂිනි
කවිශ්කට තුරුළු වෙලා ඇය ඉන්නව දැකපු අෂේන්ට තේරුනේ තමන් පාවෙනව වගේ
ෆෝන් එකට එබුනු හසිත අෂේන්ගෙ අතින් අල්ලගත්තෙ
අෂේන්ට මේ වගේ දෙයක් දරාගන්න අමාරු බව දන්න හින්ද
" කෙ ..... කෙල්ල නම් ලස්සනයි
ඒත් දැකල පුරුදු නෑ වගේ නේද මචං "
අෂේන්ගෙ වෙනස කවිශ්කලට නොදැනෙන්න ඕන නිසා හසිත ඔහු වෙනුවට උත්තර දුන්න.
" ඈ බන් හසිත
දැන් උඹ කිව්වෙ අෂේන්ගෙ කෙල්ල ඉන්නෙ රත්තනපිටියෙ කියලනෙ
එහෙනම් උඹ කොහොමත් දකින්න විදිහක් නෑනෙ "
" න් .... මේ ...... "
" න් ..... නෑ මටත් දැකල පු .... පුරුද්දක් නම් නෑ වගේ
ඒත් මම ටිකක් හොයල බලන්නම්
මට මේ ෆොටෝ එක දීපන්කො "
අෂේන් බොහොම අමාරුවෙන් වචන ටිකක් ගලපගන්නව.
" අනේ ලොකු උදව්වක් බන්
මට මගේ ලමය එක පාරක් බලාගන්න පුළුවන් උනොත් ඒ ඇති "
" ල ...... ලමය "
" ඔව් බන්
මේක දිග කතාවක්
උඹලට අහන්න ගියොත් පැය ගානක් යයි "
" ක .... කමක් නෑ බන් උඹ කියපන්
මෙච්චර උඹ ආදරේ කරන කෙල්ල ගැන අපිත් අහන්න ආසයි "
අෂේන්ගෙ නිහඩ බව නිසා ආයිත් හසිත උත්තර දුන්න.
" හෂිනියි මායි මුලින්ම හම්බවුනෙ අපි කැම්පස් යන්න ගත්ත මුල් කාලෙමයි.
වැඩිකල් නොගිහින්ම අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති උනා.
අපි දෙන්න අපි දෙන්නටම පන වගේ ආදරේ කලා
එයාගෙ ගෙදරින් නැතත් අපේ ගෙදරින් ප්‍රශ්නයක් වෙයි කියල බයට අපි ගොඩක් වෙලාවට පිට තැන්වලදි හම්බවුනේ නෑ
එක්කො යාලුවෙක්ගෙ ගෙදර
එහෙම නැත්නම් කොහෙ හරි රූම් එකක
ඔහොම හම්බවෙන අතරෙ අපි අපිටම අයිති වෙලා හිටියෙ
කොහෙන් හරි අපේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා මාවත් අරන් ඕස්ට්‍රේලියා යන දවසෙ මම ගෙදරට හොරෙන් හෂිනිට කෝල් කරපු වෙලාවෙ තමයි එයා මට කිව්වෙ එයා අම්ම කෙනෙක් වෙන්න යනව කියල
මට එකපාරටම කරන්න කියන්න දෙයක් ඔලුවට ආවෙ නෑ
ඒක නිසා එයාට දරුවව නැති කරන්න කියල මම ගියා
මම මෙච්චර කල් හිතන් හිටියෙ එයා ඒ දරුව නැති කරල කියල "
" එ ... ඒ කිව්වෙ "
හෂිනිට දරුවෙක් ලැබෙන්න හිටිය කිව්වම අෂේන්ට හිතාගන්න වත් බැරි උනා.
තමන් මෙච්චර රැවටීමකට අහුවෙලා කියල පොඩ්ඩක් වත් තමන්ට දැනුනෙ නැත්තෙ කොහොමද කියල අෂේන් තාමත් පුදුම වෙනව.
" දෙයියනේ මෙච්චර ලොකු රැවටීමක්
මම හෂිනිට කොච්චර ආදරේ කලාද
මම ජීවිතේට කෙල්ලෙක්ට කියල ආදරේ කලාමයි
එයත් මාව රැවැට්ටුවනෙ.
ඒත් එයා මාව රවට්ටනව කියල මට පොඩ්ඩක් වත් තේරුනේ නැත්තෙ කොහොමද.
මට එයාගෙ ආදරේ හොදටම දැනුන
ඉතින් කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ
කෙල්ලෙක් කොල්ලෙක් අතර මෙහෙම දේවල් වෙන්න පුළුවන් තමයි
ඒක ප්‍රශ්නයක් නෑ කියමු
ඒ .. ඒත් දරුවෙක් හැදෙන්නත් පුළුවන්ද
එහෙම උනත් ඒ වගේ දෙයක් හංගන්න පුළුවන්ද
ඇයි හෂීගෙ අම්ම තාත්‍තයි හෂියි මගෙන් මේ වගේ දෙයක් හැංගුවෙ "
අෂේන්ගෙ කල්පනාව බිදෙන්නෙ කවිශ්කගෙ හඩින්.
" අද මෙතනදි එයා හම්බවෙලා කතා කලාම තේරුනා එයා ඒ දරුවව නැති කරල නෑ "
" නැ .... නැති කරල නෑ "
" ඔව්
ඒකයි මම කිව්වෙ
එයා නැතත් කමක් නෑ මට දරුව එකපාරක් හරි බලන්න ඕන කියල "
" දරුව විතරක් බලන්න ඕනි කියන්නෙ ඇයි උඹ දැන් ඒ කෙල්ලට ආදරේ නැද්ද "
" හෂිනිට තියන ආදරේ කවදාවත් නැති උනේ නෑ බන්
ඒත් මගෙ අම්මගෙ කීමට මම එහෙදි එක කෙල්ලෙක්ව මැරි කලා
ඒකිට ලමය හම්බවෙලා මාස හයෙන් ඒකි ලමය වත් දාල වෙන මිනිහෙක් එක්ක යන්න ගියා.
මට කවදාවත් ඒ ගැන දුකක් දැනුනෙ නෑ
මොකද මම ඒ කෙල්ලව මැරි කලේ අම්ම කියපු නිසා විතරයි
මම එදත් ආදරේ කලේ අදත් ආදරේ කරන්නෙ හෂිනිට විතරයි.
දැන් ඒ මතකයත් එක්ක මගෙ ලමයත් එක්ක මම පාඩුවෙ ජීවත් වෙනව "
" ඒත් කොහොමද බන් උඹ අම්ම නැතුව මාස හයක ලමයෙක්ව හදන්නෙ "
" අම්ම තමයි ගොඩක් බන් මහන්සි වෙන්නෙ
එයා දැන් දුක් වෙනව එයා ගත්ත තීරණය ගැන
මට වෙන කෙනෙක් මැරි කරන්න කියන්නත් බෑ එයාට
මටත් ඕන නෑ වෙන කවුරුත්
ලමය වත් හදාගෙන මම තනියම ඉන්නව "
ටිකක් වෙලා හිටපු අෂේන් කතාකරනව.
" මම මේ කෙල්ලව කොහොම හරි හොයන්නම්
සමහර විට ඒ කෙල්ල උඹෙයි එයාගෙයි ලමයට වගේම මේ ලමයටත් අම්ම වෙන්න කැමති උනොත් "
" මො .... මොකක්ද බන් උඹ කිව්වෙ "
" ඔව්
සමහර විට ඒ කෙල්ල එහෙම කැමති වෙන්න පුළුවන් "
අෂේන් කියන්නෙ මොනව උනත් ඔහු ඉන්නෙ පපුව පැලෙන්න තරම් දුකකින් කියල හසිතට තේරෙනව.
ඔහු හෂිනිව දැකපු පලවෙනි දවසෙ ඉදන්ම ඇයට ආදරේ කරපු හැටි
ඒ හැම විස්තරයක්ම තමන්ට කියපු හැටි ඔහුට අද වගේම මතකයි.
" අනේ එහෙම වෙනව නම් කොච්චර දෙයක්ද මචං
එහෙනම් දරුවො දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ලැබෙනව වගේම මට මගෙ වැරදි වලට සමාව අරගෙන ඒවට වන්දි ගෙවන්නත් පුළුවන් "
" උඹ බය වෙන්න එපා ඒක එහෙම වෙයි
මම උඹට අනිවාර්යයෙන්ම ඒක පොරොන්දු වෙනව "
එහෙම කියපු අෂේන් එතනින් නැගිටල යන්න හදන්නෙ තව දුරටත් ඔහුගෙ හිතේ තියන දුක හිරකරගෙන හිටියොත් පපුව පැලිල මැරෙයි කියල හිතල.
ගෑනියෙක්ට වගේ නෙමෙයි පිරිමියෙක්ට තමන්ගෙ හිතේ තියන දුක කෑ ගහල අඩල නැති කරගන්න බෑ
මේ සමාජෙ හැදිල තියන විදිහට පිරිමියෙක් අඩනව කියන්නෙ ඔහුගෙ පෞරුෂයක් නෑ කියන එක
ඒක නිසා ගොඩක් පිරිමි ලැජ්ජාව නිසා දුකක් ආවාම ඒක හිත ඇතුලෙ තියාගෙන දුක් වෙනව මිසක් අඩල ඒක පිට කරන්නෙ නෑ.
අෂේන් හදිස්සියක් නිසා යන්න ඕනි කියල නැගිටල යනකොට
" එහෙනම් අපි පස්සෙ හම්බවෙමු මචං "
කියල හසිතත් ඔහු පිටිපස්සෙන් දුවගෙන ආව.
මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියනව කියල කවිශ්කට අකලංකටයි තේරුනත් ඒ මොකක්ද කියල ඔවුන්ට එක පාරටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ නෑ.
ඒ වගේම මේ සිද්ධිය කතාවට ලොකු බලපෑමක් නොකරන නිසා මීට වඩා මම මේ ගැන කියන්නෙ යන්නෙ නෑ.
-----------------------------------------------------
හදිස්සියෙම කවිශ්ක දැකල කලබල උනු හෂිනි ගෙදර ආපු ගමන් වොශ් එකක් දාගෙන ඇදට වැටුනෙ ආයිත් පරණ මතකයන් ඔලුවට වද දෙන්න ගත්ත නිසා.
කොහොම උනත් ඇය පහුවෙනිද උදේ වෙනද වෙලාවටම නැගිටිනව.
නැගිටල ෆෝන් එක අතට අරන් බලනව අෂේන් නිකමට හරි කෝල් කරලද කියල
සාමාන්‍යයෙන් ඔහු ඇයට කෝල් කරන්නෙ නෑ
ඇය තමයි ඔහුට කෝල් කරන්නෙ
ඒක නිසා පුරුදු විදිහටම ඇය අෂේන්ට කෝල් කරනව.
පලවෙනි පාර ආන්සර් නොකලත් දෙවනි පාර ඔහු කෝල් එකට ආන්සර් කරනව.
" ගුඩ් මෝර්නිං මැණික "
" ගුඩ් මෝර්නිං මහත්තයො
අනේ මට සමාවෙන්න රත්තරං
ඊයෙ මහන්සිය වැඩි කමට මට ආපු ගමන් නින්ද ගියා "
" අනෙ ඒකට කමක් නෑ මැණික
මටත් ඊයෙ හොදටම නින්ද ගියා.
ම් .......... ඒක නෙමෙයි.
අද අපි පොඩි ගමනක් යන්ද "
" කොහෙද රත්තරං
එතකොට අද අපි වැඩට යන්නෙ නැද්ද "
" හැමදාම වැඩට යන එකේ අද පොඩි නිවාඩුවක් දාමු.
යන්නෙ කොහෙද කියල ගිහිල්ලම බලමුකො
ඔයා ලෑස්ති වෙලා ඉන්න
මම දහයට විතර එන්නම් ඔයාව ගන්න "
" හරි එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නම්
ඔයා එන්නකො
බුදුසරණයි රත්තරං "
" බුදුසරණයි මැණික "
හෂිනි වත් එක්කගෙන අෂේන් එන්නෙ ඊට කලින් දවසෙ කවිශ්කල එක්ක ආපු අවන්හලටමයි.
" ටික දවසකින් අපි මේ පැත්තට ආවෙ නැති නිසා මට නිකමට එන්න හිතුන "
" අනේ රත්තරං
මම ඊයෙ හවස මිනෝලිත් එක්ක ඇහැලියගොඩ ගියෙ මේ පැත්තෙන්නෙ
ඉතින් අපි ඒ ගමන ගිහිල්ල ආපහු ගෙදර ගමන් මෙතනට ඇවිල්ල තමයි ගියෙ "
" හ්ම් ..... ඇත්තද මැණික
ඔයා ඊයෙ මෙහෙ ආව කියල නොදැනම මට අද මෙතනට එන්න හිතුන පුදුමයි නේද "
මෙහෙම කියපු අෂේන් හෂිනි එක්ක ගිහින් අවන්හලේ කෙලවරකම තියන ටේබල් එකක් ලග වාඩි උනා
ඔහුගෙ මොකක් හරි වෙනසක් තියනව කියල දැනුනත් ඒ ගැන අහන්න නොගිය හෂී පාඩුවෙ ඉන්නව.
ටිකක් වෙලා ෆොන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටපු අෂේන් එය හෂිනිට දෙනව.
ඒකෙ තියන්නෙ හෂිනි කවිශ්කට තුරුළු වෙලා ඉන්න ෆොටෝ එක.
ඒක දැක්ක ගමන් ගැස්සිල වගේ අෂේන් දිහා බලපු හෂිනිගෙ ඇස් දෙකෙන් කදුළු ගලාගෙන යන්නෙ සිහින් ඉකියකුත් එක්ක.
ටිකක් වෙලා ඇයට අඩන්න ඉඩ දුන්නු අෂේන් කතා කරනව.
" මට මේ ගැන දැනගන්න තියන්නෙ එක දෙයයි මැණික
මොකද අනිත් ඔක්කොම මම කවිශ්කගෙන් දැනගත්ත.
ඇයි ඔයා මට මේ ගැන හැංගුවෙ.
මම මෙච්චරම ඔයාට ආදරේ කරද්දිත් ඇයි ඔයා මේක හැංගුවෙ "
ට්කක් වෙලා ඉකි ගගහ හිටපු හෂිනි කතාකරන්න ගත්ත.
" අ ..... අනේ ම ..... මට සමාවෙන්න රත්තරං
කවිශ්ක දරුවව නැති කරන්න කියල මාව තනිකරල ගියාට මට ඒ වගෙ පව්කාර වැඩක් කරන්න හිත දුන්නෙ නෑ
ඒ අපි දෙන්නගෙ දරුව.
ඒක නිසා මම ඔක්කොම විස්තර ටික අම්මට කිව්ව.
අම්මලටත් හිතාගන්න බැරි උනා කරන්නෙ මොකක්ද කියල
පස්සෙ අම්මයි මායි ගෙවල් විකුනල නුවර කාමරයක් කුලියට අරගෙන එහෙ ගියා
තාත්ති යාලුවෙක්ගෙ ගෙදර නැවතිල ජොබ් එකට ගියා
එහෙ අහන අයට කිව්ව මහත්තය රට කියල
ලමය ලැබුනට පස්සෙ අපි දන්න තැනක නැවැත්තුව
මට ඕන උනේ නෑ මැරි කරන්න
ඒත් අම්මල බලකල නිසා ඔයාලට එන්න කියන්න කියල කිව්ව
මම හිතාගෙන හිටියෙ ඔයාට ඇත්ත කියල මට අකමැති වෙන්න කියන්න
ඒත් ඔයා දැක්කම , ඔයා මාත් එක්ක කතාකරන කොට මටත් නොදැනිම මට ඒක කියන්න බැරුව ගියා
මම අද ටත් ඒකට හේතුව දන්නෙ නෑ අෂේන්
ඒත් කවිශ්ක නිසා පිරිමි ගැන බිදිල තිබුන මගෙ හිත ඔයාගෙ හොඳ ගතිගුණත් එක්ක ඔයාට පුදුම විදිහට ආදරේ කරන්න ගත්ත
කීප සැරයක්ම මම මේ විස්තර කියන්න හැදුව
ඒත් ඔයා ඒව අහල මාව දාල යයි කියල බයට මම කිව්වෙ නෑ
මට සමාවෙන්න අෂේන්
අනේ මට සමාවෙන්න
මට සමාවෙන්න "
හෂිනි අඩනව බලන්න අෂේන්ට බෑ
ඒත් මේ තියන තත්වෙ හැටියට අෂේන්ට හෂිනිට ලංවෙන්නත් බෑ
ටිකක් වෙලා කල්පනා කරපු අෂේන් පොඩ්ඩක් එහාට ගිහින් කාටද කෝල් එකක් ගන්නව හෂිනි දකිනව.
කෝල් එක ඉවර වෙලා ඔහු ආපහු ඇවිත් වාඩිවෙනව.
" හෂිනි
ඔයාට පුළුවන් නේද දරුවත් අරගෙන කවිශ්ක ලගට යන්න "
ඒක ඇහුන විතරයි හෂිනි බයවෙලා වගේ අෂේන් දිහා බලාගෙන ඉන්නව.
" අනේ රත්තරං මම ඔයාට ලොකු වැරැද්දක් කලා කියල පිලිගන්නව
ඒකට මට ඕන දඩුවමක් දෙන්න
ඒත් මාව ඔයාගෙන් ඈත් කරන්න එපා ප්ලීස්
මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ "
හෂිනි අෂේන්ගෙ අත් දෙකෙන් අල්ලගෙන කිව්වෙ ඇඩුම ආපහු අලුත් වෙද්දි.
" අනික කවිශ්ක දැන් මැරි කරල ඉන්නෙ
ඔයාට එයා ඒක කිව්වෙ නැද්ද "
හෂිනි එකපාරටම මතක් වෙලා අෂේන්ට කියවනව.
" කිව්ව
ඒත් එයාගෙ නෝන මාස හයක දරුවත් එක්ක එයාව දාල ගිහින්
දැන් ඒ දරුවටත් අම්ම කෙනෙක් නෑ
ඔයා ඔයාගෙ දරුවට එයාගෙ තාත්තගෙ ආදරේ අයිතිය අරන් දෙනව වගේම
ඒ දරුවට අම්මගෙ ආදරේ දෙන්න හෂිනි "
අෂේන් කිව්වෙ බිම බලාගෙන
ඔහුගෙ හඩ හොදටම බිදිල තියන්නෙ කියල හෂිනිට තේරුනා
ඇය දන්නව ඔහු තමන්ට කොච්චර ආදරෙයිද කියල
ඒ වගේම ඇයටත් ඔහුගෙ ආදරේ මහමෙරක් වගේ
ඒකයි ඇය මේ හැමදෙයක්ම ඔහුට හැංගුවෙ
ඔහුව තමන්ට අහිමි වෙයි කියල
ඒත් දැන් ඒත් හේතුව නිසාම ඇයට ඔහුව අහිමි වෙන්නයි යන්නෙ.
" අනේ අෂේන්
මම දන්නව මම කලේ සමාව දෙන්න බැරි වැරැද්දක් කියල
ඒත් ම .... මට ඔයාව නැති කරන්න එපා අෂේන් "
ඇය අෂේන්ගෙ අත් දෙක අල්ලගෙන කියනකොටම එතනට ආවෙ කවිශ්ක
ඔහු හෂිනි දිහාත් අෂේන් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ මෙතන මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව.
" සො .... සොරි කවිශ්ක වාඩිවෙන්න "
" තෑ .... තෑන්ක්ස් අෂේන්
එ .... ඒත් "
" පුදුම වෙන්න දෙයක් නෑ කවිශ්ක
මම මැරි කරන්න හිටියෙ හෂිනිව
අපි ආශ්‍රය කරන්න අරන් ටිකක් කල් වෙනව
මට එයාගෙ අනාගතය මිසක් අතීතෙ ගැන හොයන්න ඕන උනේ නෑ
ඒක නිසා ඔයා කියන කල් මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ "
තත්පර ගානක් නිහඩව හිටපු ඔහු ආපහු කතාකරන්න පටන් ගන්නව.
" මම හෂිනිට ගොඩක් ආදරෙයි කවිශ්ක
ඒ .... ඒත්
ඒත් අර දරුවො දෙන්නටම අම්ම කෙනෙකුගෙයි තාත්ත කෙනෙකුගෙයි
ආදරේ රැකවරනයයි ඕන.
ඒ .... ඒක නිසා ඔය දෙන්න ආපහු එ ... එකතු වෙන්න.
ආපහු කවදාවත් මේ කෙල්ලටවත්
අර දරුවන්ට වත් කිසිම විදිහට වේදනාවක් දෙන්න එපා කවිශ්ක
මට මගේ ආදරේට වඩා අර දරුවො දෙන්නගෙ ජීවිත වටිනව
දෙන්නත් එක්ක කතා කරල හොදට කල්පනා කරල තීරණයක් ගන්න
මම ආපහු කවදාවත් ඔය දෙන්න අතරට එන්නෙ නෑ "
එහෙම කියපු අෂේන් හෂිනිගෙ අත කවිශ්කට බාර දීල ඉක්මනින් එතනින් අයින් වෙන්නෙ තමන්ගෙ ජීවිතෙ ලබපු එකම ආදරෙත් නැතිවුන වේදනාව කොහොම අමතක කරන්නද කියල හිතාගන්න වත් බැරිව.
හෂිනිට නැගිටල ඔහු ලගට දුවගෙන යන්න හිතුනත්
තමන්ගෙ අතින් ඔහුට ලොකු වැරැද්දක් උනා නේද කියන හැගීම ඒකට ඉඩදෙන්නෙ නෑ
කවිශ්කගෙ අත් වලින් තම අත් මුදාගත්ත ඇය ඉකිගගහ අඩනව.
" වෙච්ච හැමදේකටම මට සමාවෙන්න හෂී
මේ ඔක්කොම උනේ මං නිසා
හෙටම මම ලංකාවෙන් ආපහු යනව
මට දරුව බලන්න ඕනි නෑ
ඔයා අෂේන්ව මැරි කරල සතුටින් ජීවත් වෙන්න.
ඔයාල මගෙ දරුව හොදට බලා ගනී කියල මම දන්නව
අෂේන් කියන්නෙ ගොඩක් හොඳ කෙනෙක්
ඔයාවලව එයා හොදට බලා ගනී "
" නෑ කවිශ්ක
මම එයාට බොරුවක් කලා
ලොකු බොරුවක් කලා
එයා මට ගොඩක් ආදරේ කලා
ඒත් මම එයාට මේ තරම් ලොකු දෙයක් හැංගුව
ඒකට මම දඩුවම් විදින්න ඕන
අෂේන් වගේ හොඳ කෙනෙක්ට කෙල්ලො ඕනි තරම් හොයාගන්න පුළුවන්
ටික කාලයක් යනකොට එයා කොහොම හරි මාව අමතක කරයි
ඊට පස්සෙ මට වඩා ගොඩක් හොඳ කෙල්ලෙක් එයාට ලැබෙයි
මම එන්නම් කවිශ්ක ඔයා එක්ක යන්න
ඒත් මට ඔයාට ආදරේ කරන්න නම් පුළුවන් වෙයිද කියන්න මම දන්නෙ නෑ
ඒ වගේම අෂේන්ට මගෙ හිතේ තියන ආදරේ නැති වෙයි කියල මම හිතන්නෙ නෑ
හැබැයි මම දරුවො දෙන්න පුළුවන් තරම් ආදරෙන් බලාගන්නම් "
පහුවෙනිදම කවිශ්කත් හෂිනිත් ලංකාවෙදිම මැරි කරල ඕස්ට්‍රේලියාවට යනව.
-----------------------------------------------------------
අවුරුදු එකහමාරක කාලයක් ගතවෙන්නෙ කාටත් නොදැනිම.
ඒ කාලය ඇතුලත දරුවන්ගෙ හුරතලෙත් එක්ක හෂිනිගෙයි කවිශ්කගෙයි හිතේ නැවතත් කලින් වගේම ආදරේ දළුලනව.
අද තමයි සතුටින් පිරුනු කවිශ්කගෙයි හෂිනිගෙයි කැදැල්ලට තව අමුත්තෙක් එන දවස
පුංචි දරුපැටියව තුරුළු කරගෙන හිටපු හෂිනිට දරුවගෙ මුහුණ දැක්කම හොදට හුරු පුරුදු ගතියක් දැනෙනව
" න් ..... නෑ එහෙම වෙන්න බෑ
මට හිතෙන හැටි වෙන්න ඇති "
ඇය එහෙම හිතල හිතහදාගන්නව
කවිශ්කටත් ඒ දේම හිතුනත් දෙන්නම හිතන්නෙ ඒ තමන්ගෙ හිතේ සැකේට වෙන්න ඇති කියල.
පුංචිම දරුවගෙ වයස අවුරුද්දක් උනාට පස්සෙ ඔවුන්ට නැවත වතාවක් ලංකාවට එන්න වෙනව.
ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෂිනිගෙ අම්ම තාත්ත ඇයට ලංකාවට එන්න කියන හින්ද
අෂේන් ගැන මතකය අමතක කරන්න ඕනි නිසා තමන්ගෙ පවුලෙ අය එක්ක ඇරුනම හෂිනි තමන්ගෙ හොදම යාලුව උනු මිනෝලි එක්ක වත් සම්බන්ධයක් තියාගන්නෙ නෑ
ඒ නිසා ලංකාවට ආව ගමන්ම ඔවුන් ඇයව බලන්න ඇගේ ගෙදරට යනව.
විවාහ වෙලා සැමියගෙ ගෙදර නතර වෙලා හිටියත් අලුත් අවුරුද්ද නිසා ඇයත් එදා ගෙදර ඇවිල්ල හිටිය නිසා ඔවුන්ට කිසිම කරදරයක් නැතුව මුන ගැහෙන්න පුළුවන් වෙනව.
මිනෝලි විවාහ වෙන්නෙ අෂේන්ගෙ හොදම යාලුව උන හසිත එක්ක
හෂිනි ගියාට පස්සෙ අෂේන්ගෙ හිත හදන්න ඔහුට ලංවුන ඔවුන් දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙනව
ඒක විවාහයකින්ම කෙලවර වෙන්නෙ ඔවුන් දෙදෙනා ජීවත කාලයටම ලංකරල.
හෂිනිගෙ අතේ ඉන්න දරුව අරන් හුරතල් කරපු ඒ දෙන්නගෙත් මූනු වල පුංචි වෙනසක් වෙනව හෂිනියි කවිශ්කයි දකිනව.
එතකොට ඔවුන් දෙන්නටම තේරෙනව තමන්ට දැනුන දේ ඇත්තක් කියල.
" මමත් ඔය වෙනස දැක්ක හසිත
හෂිනිත් ඒ වෙනස දකින්න ඇති කියල මම දන්නව
ඒත් අපි දෙන්නට දෙන්න ඒ ගැන කිව්වෙ නෑ
ඒකයි මම පුතාට අෂේන් කියල නම දාමු කිව්වෙ
මේ ඉන්නෙ අපේ පුංචි අෂේන් "
කවිශ්ක හිනාවෙලා කියනව.
ඒ එක්කම තමන්ගෙන් උනු වැරැද්ද හදාගෙන මෙච්චර ලස්සන ජීවිතයක් දුන්න අෂේන් ගැන කවිශ්ක හසිතගෙන් අහනව.
" දැන් අෂේන්ට කොහොමද මචං
ඌ මැරි කලාද "
ඔහු ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන හෂිනි හිතින් සතුටු වෙනව
ඇයටත් ඔහු දැන් සතුටින් ඉන්නවද කියල බලාගන්න ඕනි වෙලා තිබුනෙ.
ඒත් ඔවුන් නිහඩව මූනට මූන බලනව දැකපු කනිශ්ක ආයිත් ඒ ප්‍රශ්නෙ හසිතගෙන් අහනව.
" මොකද බන් අෂේන් ගැන ඇහුව විතරයි උඹල දෙන්න මූනට මූන බලාගත්තෙ "
" අෂේන් නැති උනා බන් "
හසිත කනගාටුවෙන් කියන කොට හෂිනිට වගේම කවිශ්කටත් ඒක විස්වාස කරන්න බැරි උනා.
" අ ... අෂේන් නැ ... නැති උනා
ඒ කිව්වෙ "
" උඹල රට ගියාට පස්සෙ ඌ ගොඩක් මානසිකව වැටුන
හෂිනි දන්නවනෙ අෂේන් ඔයාට කොච්චර ආදරේ කලාද කියල
අෂේන් වෙන උන් වගේ බීල පිස්සු කලේ නම් නෑ ඒත් බලාගත්ත අතේ කල්පනා කරන්න ගත්ත
වැඩිය කාවවත් ආශ්‍රය කරන්නෙ නැතුව ගියා
මමයි මිනෝලියි ගොඩක් අෂේන්ගෙ හිත හදන්න උත්සහ කලා
ඒත් කොහොම හරි ඔයාල ගිහින් මාස හයකට විතර පස්සෙ එක දවසක් උන ඇක්සිඩන්ට් එකකින් අෂේන් නැති උනා
කාර් එක ලොරියක හැපිල තමයි නැති වෙලා තිබුනෙ
ලොරියෙ ඩ්‍රැයිවර් කියපු විදිහට කාර් එක කෙලින්ම ලොරියෙ මූණටම තමයි ඇවිත් තියන්නෙ.
එහෙම වෙන්න හේතුව කාටවත් හොයාගන්න බැරි උනා "
හසිත අෂේන් ගැන කියල ඉවර වෙනකොට හෂිනිගෙ වගේම කවිශ්කගෙ ඇසෙනුත් ඔහු වෙනුවෙන් කදුළු වැටුන.
" මායි මේ දරුවො දෙන්නයි වෙනුවෙන් තමන්ගෙ ආදරේ පරිත්‍යාග කරල
මෙහෙම හරි ඒ ආදරේ විදින්න ආපහු හෂිනිගෙ දරුවෙක් වෙලා අපි ලගට ආව නේද අෂේන් "
තමන්ගෙ පුතාව අතට අරන් කවිශ්ක කිව්වෙ ඔහුගෙ මූන ඉඹින ගමන්
" අපිට ඔයාගෙ ඒ පරිත්‍යාගය වෙනුවෙන් ණය ගෙවන්න මගෙ දරුවෙක් වෙලා හරි අපි ලගට ආපු එක ලොකු දෙයක් "
කවිශ්ක හෂිනි දිහා බලල කිව්වෙ පුංචි අෂේන්ව තුරුළු කරගන්න ගමන්.
( නිමි )
