නුබයි මගේ වියපත් බඹරා🤫 | Nubai Mage Viyapath Babara
නුබයි මගේ වියපත් බඹරා🤫 ....
ආදරේ උත්තරීතර හැගිමක් ...සමාජ සම්මතයන් නිසා නිහඩවම විදින විදවන ආදරය ලග මේකත් එක්තරා නවාතැනක්..
❤️❤️❤️❤️❤️❤️
මම සෙනුරි.. උසස් අධ්‍යාපනය ඉවර වූ ගමන්ම රැකියාවක් හොයාගත්තෙ ගෙදර බර කරට ගන්න හිතාගෙන..මට හිටියේ අම්මා විතරයි..සරසවි වරම් ලැබුනත් බැංකුවක රැකියාවකට ඉක්මනින්ම යන්න මට වාසනව ලැබුනා...ඔව් තාම වයස 21ක පුන්චි කෙල්ලෙක් මන් ..අම්මගෙ බර කරට අරන් ජිවත් වෙන..
මගෙ රැකියාව කල බැංකුවේ ප්‍රදානියා හරිම ප්‍රියමානපයි..මාව බොහො වෙලාවට අගය කලා ඔහු...නමින් චරිත වූ ඔහූ වයස 40ක් පමන වු හරිම සුන්දර පුද්ගලයෙක්...
ටික ටික දින ගෙවිලා යන්න ගත්තා...ඔහු බොහෝ විට බොහෝ සෙයින් මට ලන් වූවා කිවොත් නිවැරැදි ...
සෙනූ ඔයා හරිම ලස්සනයි..හරිම හොදයි..වැඩත් පිලිවෙලයි..
මට ඔහූ හැගිම් වැටහුනත් නොවැටහුනු ගානින් මම ඉන්න තැත් කල වාර අන්නතයි....
එක දවසක් ඔහූ මා ඇමතුවා...
සෙනුරි ..
කියන්න සර්..
ම්ම්ම්ම් මුකුත් නෑ..
හරි සර් මම තියන්නම් එහෙනම් බුදුසරනයි..
කියන්න යන දේ ඔහු ගිලගත් වාර අන්නතයි ..බොහෝ විට චරිත සර් සිදු කලේ ඇස් පිය නොහෙලා මා දෙස බලා සිටීමයි...
ටිකෙන් ටික දින ගෙවී යද්දී දිනක් මම ඔහු හමුවට ගියා...
සර්..
ඔව් කියන්න සෙනූ..
සර් මම ලබන මාසෙ එන්ගේජ් වෙනවා..වෙඩින් ගන්න තරම් අපට වත්කම් නෑනෙ..මම කැමතී සර් මගේ කසාදෙට අත්සන් කරනවනම්..
ඔහු අමාරුවෙන් මෙන් කෙල උගුරෙන් පහලට දමනවා මම දැක්කා...
හ්ම්ම්..
පුන්චිම වචනයෙකින් මට ඔහු සන්ග්‍රහ කරන්නට උනා..මා පිට වන විටත් ඔහුගේ දෑස් කදුලින් තෙත් වී තිබෙනු මා දුටුවත් නොදැක්කා මෙන් යන්න මට සිදුවූවා...
කාලය දුවන්නේ මහ හයියෙන් ..කියන්න බැරි වේගෙන්..ඔව් අද මගේ විවාහය..දැන හැදින ගැනීමකින් පමනක් මවගේ හදිසි පෙරැත්ත කිරිම මත අද මම විවාහ වනවා..
චරිත සර් මගේ ව්වාහ සහතිකය අත්සන් තැබුවේ කදුලු ඒ මත ගෙත්තම් කරමින්...
ඔහු කිසිවක් නොකියාම නික්මෙන්නට හැදුවත් මා ඔහු අත පුන්චි සටහනක් තමා ඔහුට සිනාවකින් සමුදුන්නෙමි...
දයාබර චරිත සර් වෙත ලියමී....
නුබේ හැගිම් මා නොදන්නවා නොවේ..මා නුබට ප්‍රේම නොකරනවාද නොවේ..සමාජ සම්මතය ඔස්සේ අහින්සක මවකගේ දියනික වූ මට නුබට ප්‍රේම කල නොහැක..ලෝකයා රෝගි මගේ මවට ගැරහුම් කරනවා දකින්නද...නුබේ තනතුරු මිල මුදල් වලට මා නුබට ප්‍රේම කල බවද ලොකයා නිසැකවම කියනු ඇත...නුබට පුන්චි එකියක ගත්තා යැයි කියනු නුසැකය..ප්‍රේමයට වයස අදාලම නැත...
නමුත් සමාජයට ආදලම එයමය..නුබේ හැගුම් නොහැගුනා සේ ඉන්නට නොහැගෙන්නට මා ගලක් නොවේ..මේ තීරනය නුබේ මගේ ..මගේ මව උදෙසායී...
ප්‍රේමයක් පිටතින් දැක ඔනෑම කෙනෙකුට නිර්වචනය කල හැක..නමුත් එවා සැබෑ නිර්වචන නොවේ...
අයිති කරගැනීම පමනද ප්‍රේමය...
අතහැරිමත් ප්‍රේමයක් නොවෙද...
ඉතින් අවසර යන්නට...
මගේ වියපත් බඹර..
සෙනුරි..
චරිත සුසුමක් හෙලා නික්ම යන්නට විය..
නිමි..