නුබ නොදත් ප්‍රේමය.....😔😔😔 | Nuba Nodath Premaya
නුබ නොදත් ප්‍රේමය.....😔😔😔
❤️❤️❤️❤️❤️❤️
මතක පොත හැමොටම අව්ස්සන්න පුලුවන්..අහින්සක පෙනුමෙන් මුලු ලොකේම අන්ද කරවන ආදරයක් ලග මම අදටත් නිහඩයි...
මම නිරාශා..මගේ ජිවිත කතාවේ අමිහිරිතම පාපොච්චාරණය කරන්නයි යන්නේ...
තාමත් පුන්චි කෙල්ලෙක් මන්..පුන්චි ගමක ලස්සනට හැදිච්ච හැබැයි ගම් බද තාලෙටනම් නොවන කෙල්ලෙක්..උසස් පෙල ඉවර වෙලා ගෙදර ඔහේ ඉද්දී අම්මා නිතරම කියනවා මතකයි...
"මේකිට මෙහෙම කාලකන්නි වෙන්න දෙන්න බෑ මහත්තයා..මොකක් හරි හොද කෝස් එකක් බලන්න කියලා..."
ඔන්න ඔතන තමා ජිවිතේ අමුතු පිටුවක් පෙරලෙන්නෙ ....නුවර කොස් එක්කට මාව අම්මගෙ දැඩි පෙරැත්ත කිරිම මත මම යනවා...
ඔයාලා හිතනවා ඇති ගමක හැදුන මම නුවර නුහුරු නුපුරුදුයි කියලා..නෑ එහෙම නෑ...ඒ මගේ ගම ..මට මගේ ගමත් නුවර අහසත් හරිම හුරු පුරුදුයි..ජිවත් වෙන්න හැසිරෙන්න මට අමුතුවෙන් හුරු වෙන්න ඕන උනේ නෑ..
ඒත් හිතෙ තිබුන එකම කහට කෝස් එකෙ යාලුවො ...කොහොම අයද කොයි වගෙද...මාව නිතරම ප්‍රශ්නෙක අතරමන් කලේ ඒ ප්‍රශ්නේ...
කෝමින් කෝමින් හරි දින ගෙවිලා ගියා..යාලුවෝ ඇති උනා...
ගෑනු ලමයි වගේම පිරිමි ලමයි මට ගොඩක් සමිප වෙද්දී කාලය ගෙවිලා ගියේ ලස්සනට ගලාගෙන..
පන්තියෙ මම දැක්ක අහින්සක සුන්දරම චරිතේ තෙනුර...හුගක් ලගින් යාලුවො විදිහට හිටියත් ටික කාලයක් යද්දි ඒක ආදරේකට පෙරලුනා...
ඔව් උබේ ඔය අහින්සක මූන නිරහංකාර හිනාව මගෙ හිත හොරා ගත්තා...
ආදරේ කරන්න අරන් ඔයා ගැන හොයන්න ගද්දි උබේ හොදම යාලුවෙක් උබ ගැන කියපු කතා මගෙ හිත කීරිගැහිලා ගියා බන්..උබට ආදරෙ සෙල්ලමක් ..මූනෙන් පේන අහින්සක කම ඇතුලෙනුත් තිබුනනම් කියලා මට හිතුන වාර අනන්තයි..
මෝඩියක් වගේ තවත් මේ හිත උබට ආදරෙ කලා බන්....ඒත් උබේන් ඈතට දුවන්න උනේ උබෙන් ඈත් උනත් මගේ මුලු හිතම තාමත් උබ ගාව තියලා...
එදා උදේ මම කෝස් එකට ගියත් මහා අමුත්තක් දැනුනා..මුලු පන්තියම මට හිනාවෙනවා..මාව විහිලුවක් වෙලා..උබේන් ඈතට ගියපු එකට මාව මුලු පන්තියෙම විහිලුවක් කරගත්තා..මට කියන්න ඔන කම තිබ්බා..මම ඈතට ගියේ මේ නිසා..ඒත් මන් ආදරෙයි කියලා ..කිවේ උබේ යාලුවොමයි කියලා..
ඒත් උබේ හැසිරීම මගෙ හිතම පෑරුවා.ඔව් මට මතකයි උබ කිවා..
"ගමේන් ආව ගොඩේ කෑලි පොශ් වෙන්න දගලනවා කියලා"
කෑගහලා අහන්න හිතුනා උබ මට ඇත්තටම ආදරේ කලාද කියලා බන්..
මෙච්චර දවස් පන වගේ ආදරෙන් ආසවෙන් ආව පන්තිය උබ මට මල අපායක් කලා..මට හුරු නුවර අහස නුහුරු වෙන්න ගත්තා...
එදා කතා කලේ උබේ යාලුවෙක් මට. සිතිජ...වේදනාවෙන් උන්නු මට එයාව...නිකිනි වැස්සක් වගේ බන්..ඔව් මම මගෙ දුක වරු ගනන් කිවා...
මට පුදුම මේ හිත තාම උබට ආදරෙයී...හමුවුනු තැනින්ම අපි වෙන් උනා ..කෝස් එක ඉවර උනා..ඒත් උබට බැදුන හිත තාම එතනමයි..
මට සතුටුයි ...ආදරෙ නැති උනත් පුදුම යාලුවෙක් මට ලැබුනා..ආදරේ නැති තැන යාලු කමත් හෙන ඔසුවක් බන්...
ආදරේ ඇති වෙන්නෙ තිබුනේ දවසද විනාඩියද ආදල නෑ..අවන්කව ආදරේ කරන්න..ආදරෙ කරපු හිතකට රිද්දන්න වේදනාවක් දෙන්න පුලුවන්ද...
රිදුන වැටුන තැන් වල එකතු වෙන යාලු කම් පුදුමයි...බැදීම් කියන්නේ ඒවට....
මම ප්‍රාර්තනා කරනවා ඔයාට අවන්ක ආදරයක් කා ගැන හරි ඇති වෙන්න කියලා..හැමදාම ආදරෙයී....
නිරාශා ජිවිතේ ඉදිරිය දකින්නට විය...
රැදුනු තැනට වඩා ගියපු තැන දරාගත් තැන ප්‍රේමය අසීමතය....රිදවීමත් ප්‍රේමයක් නම් නුබ එහි පිකාසෝය..සැනසවීමත් මිතුදමක්නම් සිතිජ එහි හිනි පෙත්තේය......
නිමි