නිදන් වලව්ව🏯 පළමු කොටස | Nidan Walawwa
නිදන් වලව්ව🏯
...........................
☠️☠️☠️☠️☠️☠️
මුස්පේන්තු වටපිටාව නිදන් වලව්ව පුරා විහිදුනු අදුරුකමෙන් වසාගෙන...ඉර පෑව්වද මේ වලව්වට සූරිය රශ්මියවත් පතිත නොවන තරමට රූස්ස ගස් වසා ගෙන ..අඩියක් තැබුබොත් කකුලෙ යටි අඩිය වැහෙන තරමට වේලුන කොල පිරීගිය නිදන් වලව්ව ගමේ කාගේත් නින්ද හොරා ගන්නේ රාත්‍රිය පුරා ඇහෙන සාමාවක අදෝනාවකින්...
ගමේ උන් කියන්නේ ඒ එදිරිසූරිය මුලෑදෑනි බවයි...ඔහු මිය ගොස් දැනට අවුරුදු 30කට වැඩිය....යාන්තන් මිය යන විට නම ගෙනියන්නට එකම එක පුතෙකු පමනක් ඔහුට සිටියදී ඔහු මිය යන්නේ කුමක් හෝ මහා වේදනාවක් නිසාවෙන් කියලයි ගමේ උන් කියන්නේ...
ඔහුගේ පුතුගේ පුතුත් දැන් අවුරුදු 35ක් පමන වේ..එදිරිසූරිය මිය යන විට මුනුබුරු අවුරුදු 5ක කුඩා කොලුවෙක්...ඔහුට දැන් දියනියන් දෙදෙනෙක් හිදි...සියල්ලන් පවසන විදිහට එදිරිසූරිය පරම්පරාවේ අවසන් පුරුක එදිරිසූරියගේ මුනුබුරු සම්පත්...ඔහු මේ වන විටත් රටෙන් පවා පිට ජීවත් වෙන්නෙකි..ඒ නිසාවෙන්ම ගම්මුන්ගේ අනවැකි නිවැරදි විය යුතුය...
පියාගේ අබාවයෙන් පසු වලව්ව අතහරින එදිරිසූරියගේ පුතා කොලඹට යන්නෙ ජීවත් වෙන්න .. හැබැයි ඔවුන් ගිහින් ටික කාලෙකින් ආරන්චි වෙන්නෙ එදිරිසූරියගේ මහා දනස් කන්දයක් ගැන...ඒකට එදිරිසූරිය හාමිනේගේ නිල් මැනික ඔබ්බපු මුදුවත් ඇතුලත් ...
එදිරිසූරියගේ පුතා කොච්වර හෙවවත් හම්බෙන්නෙ නෑ....හැමදේම අතහැරලා නැවත ඔහු කොලඹට එවිත් තමන්ගේ එකම පුතා සම්පත්ව හදාගෙන ඉන්නවා...
ඒත් නොයිවසිලිවන්ත ගම්මු මේ නිධානේ හොයන් වලව්වට ගියත් ගියපු එකෙක් වත් පියවි සිහියෙන් එන්නෙ නෑ...එදිරිසූරිය ලේ ගෑවුන අය හැර ඒ වලව්වට යන හැම එකාම උම්මත්තකයො වෙලයි නවතින්නේ...
ඒත් දවසක් ඒක ඇතුලට ගියපු ගමේ සෝමපාල එන්නේ උමතු වෙලා විතරක් නෙමෙ ඔහුගේ පිටේ ලේ වලින් යම් සටහනක් තියනවා...ඒ මෙහෙමයි
"උරුමක්කරු එන තුරු එදිරිසූරිය පරම්පරාවේ නොවන සියල්ලන් උමතු වේ....මගේ පරම්පරාවේ අවසන් පිරිමි පුරුකට මේක අයිති..මුහුදු 7ක් ඉදන් එහා ඉද ඒවි උරුමය හොයන් ...මගෙන් ඉටු නොවුන යුතුකම ඉටු කල යුතුයි..."
මේ දුටු ගම්මු කියන්නේ බහිරවයෙකු විදිහට මේ නිදානේ එදිරිසූරිය රකිනවා කියලා..අනික සම්පත් තාම ඒ පරම්පරාවේ අවසාන පිරිමියා..ඔහු ඉන්නෙත් පිටරක ..අනාවැකියනිවැරදි..
.................................
ඔය අතරෙයි ගම සිසාර යන්නේ සම්පත් නිදන් වලව්ව විකුනන්න බලන් රට ඉදන් එනවා කියලා ..ඒත් ගම්මු ඉඩම කෙසේවෙතත් නිදානේ උරුමක්කරු එනවා කියන අදහසින් බලන් හිටියා...
............................
සම්පත් ආවේ ගමේම එකෙක්ට මේක අඩුවට විකුනන්න බලන් ..තිබුනත් වැඩක් නැති ගානට දාලා..පිටරටක හැදුන සම්පත්ට නිධානේ කියන්නෙ විහිලුවක් ...
.............................
සම්පත් ඉඩම විකුනන්න කලින් වලව්වට යන්නේ මොකක් උනත් මොකක්ද මේ නිදානෙ බලන්න...ඔහු වලව්ව සිසාරා හොයනවා...ඒත් නිධානේ නැ..
තරප්පු පෙල දිගේ ඉස්සරහට යන ඔහුට කැඩුන අල්මරියක් දකිනවා..දූවිලි වලින් වැහිච්ච අල්මාරිය අරින ඔහු දකින්නේ පෙට්ට ගමක්....
ඒකට අත තියන සම්පත් නොහිතපු විදිහට ඈතට විසිවෙනවා....අසල තිබු දූවිලි වලින් වැහුන කන්නාඩියේ දූවිලි පාසාරු කරන් යමක් ලියවෙනවා....
..................................
ලියවෙන දේ වගේම නියම උරුමක්කාරයාට නිදානය ලැබෙයි...ඊලග කොටසින් නියම උරුමක්කරු නිදානයට ලගා වෙවී...
මතුසම්බන්ධයි
