කදුලු සරදම්😔 | Kadulu Saradam
කදුලු සරදම්😔
....ආදරය බිත්ති හතරක් ඇතුලෙ හොයන සමාජෙක යතාවබොධයක් ලබා දිම උදෙසා ලියන ලද්දකි.....
😔😔😔😔😔😔
"සුදූ මට ඔයාව මගේම කරගන්න ඔනේ"
මම ඔයාගේ තමා මගේ රත්තරන්..
ලක්ශාන් කියන්නේ මගේ පන ..ආදරේ කරන්න අරන් මාස කීපයක් උනත් මගෙ හිතේ ගැබුරුම තැනක එයා පැලපදියන් වෙලා හිටියේ...
"මැට්ටියේ මම කිවේ ඒම නෙමේ ලමයෝ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ..."
කියන්න යන්නෙ මොකක්ද කියලා තේරුනත් මම නොතේරුන ගානින් කතාවෙන් හැමදාමත් පිට පැන්නා..මොකද මම ආදරේ හෙව්වෙ බිත්ති හතරක් ඇතුලේ නෙමේ නිසා...
අපි හුගක් ආදරෙන් හිටියා..දවසකට කීප වරක් මට හිතින් පමනක් නොවේ ගතින්ද ඔහූගේ වන්නට කල යෝජනා මා මග හැරියේ ඔහු ගැන පුන්චිමවත් කහටක් හිතේ නොතියන්....
"මේ නෙතූ..කෙලින්ම කියනවකෝ තමුසෙට මාව විස්වාසද නැද්ද ...
මට අදහා ගත නොහැක ..මිට පෙර කිසිදිනෙක ඔහු මට මගේ නමින් හෝ මෙතරම් දරුනු ලෙස අමතා නැත..
ඇයි මගේ අයියේ මේ...
මේ බබා වෙන්න හදන්න එපා..මොකක්ද කියන්නකෝ අපේ මේ සම්බන්දෙ ...ඔයාට මම මාසෙක විතර ඉදන් කියන්නෙ ..ඇයි ඔයාට මගේ වෙන්න බැරි..එහෙමත් නැත්තන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් උනාද...
දෙවියනේ ඔහු මේ අගිල්ල දිගු කරන්නේ මගේ පතිවතටද....
මා නිහඩය..ලක්ශාන් අමතක කරනවා තියා මට හිතන්නවත් නොහැක....මාගේ සිතුවිලි මා සමගම පොර බදී...අවසානේ දුරකතනය අතට ගත් මා
හ්ම්ම් අයියෙ...
කෙටියෙන්ම පිලිතුරු දුන් මා දැවෙනවා මෙනි..
"අනේ මගේ රත්තරන් හැමදේම ආදරේටනේ..මම ඔයාව අතහරින්නෙ නෑ වස්තුව..
හ්ම්ම් හරි අයියේ...
ආදරයෙන් අන්ද වූ මා ජිවිතේ ස්ත්‍රියකගේ වටිනාම සම්පත ඔහු පාමුල තියද්දි බිත්ති හතරක් මැද හොයා යන ශුංගාරයේ කෙලවර ප්‍රේමයද...
ටිකෙන් ටික දින ගෙවෙද්දී ලක්ශාන් මගෙන් ඈතට ඈතට දුවන්නේ..දුන්න පොරොන්දු මගේ අහින්සක ආදරෙ ලග තලලා පොඩි කරලා දාලා..ඒ පොරොන්දු කඩවුනු පොරොන්දු කරලා..
සතියක් විතර ලක්ශාන් නිහඩ වෙද්දි මම හොයන්න ගත්තේ...ම්ම්ම්ම් එයාගේ යාලුවෙක් කියපු දෙයින් මගේ හීන සී සීකඩ විසිරුනා..
අයියෝ නෙතූ..මිනිහා පෙරෙදා රට ගියා..උට කෙල්ලෝ සෙල්ලමක් විතරයි...
ඔව්..ප්‍රශ්න මට පන්න පන්න ගහනවා හිතුනේ අපේ ටික දිනක් යද්දී මම ගැබිනියක් බව දැනගෙන...
මගේ ගෙදරින් මාව අතහරිද්දී උබේ ආදරේ පොරොන්දු මාව තව තව පෑරුවා.. වේදනාව ඉවසන් දරා ගත්තේ උබ දීලා ගිය එකම එක මතකේ පන වගේ රැකගෙන හදාගන්න හිතාගෙන..
............................
ඔව් දැන් අවුරුදු ගානක් ගිහින් කුලියක් කරන් මගේ රත්තරන් දෝනි බලාගෙන ඉන්නවා මන්..එකී උබේ කපාපු පලුව...එකි තමා උබේ මතක පොත මන් ගාව තියන..
දොනිත් අරන් මම හවස ටව්මට ආවේ කෙල්ලට මොන්ටිසෝරි අදින්න ගව්ම මහන්න දෙන්න...
වේගෙන් ආපු කාර් එකක් මගේ පැත්තට එද්දි මම දොනිව තල්ලු කලේ මගේ කෙල්ල මගේ පනට වඩා වටින නිසා..
ඇස් ඇරියත් ඔක්කොම මහා අන්දකාරයක් වෙලාගෙන තිබුනේ..මන් ලගට ආපු කෙනෙක් මගේ අත අල්ල ගත්තා..
නෙතූ ඔයාට කොහොමද ....
වසර ගානක් ගියත් උබේ ඔය කටහඩ පුන්චිම පහස..හුස්ම ඔය සුවද...මට හුස්ම හිර කලා...
මට සමාවෙන්න මම...
උබට එතනින් එහා මම කතා කරන්න දුන්නෙ නෑ..
මගේ ලක්ශාන් නේද..ඇයි මේ කලුවරේ ..ලයිට් දන්නකෝ...
වටපිටාව කලබල වනවා මට දැනින..ඔව් මා අන්ධ වී බව පසක් වන්නට මට වෙලා ගියේ නැත.
අනේ ලක්ශාන් මගේ දරුවාව බලාගන්න පින් සිද්දවෙයි..
මේ ඔහුගේත් දරුවා බව කියන්නට මට වචන ගැලපීමට පෙරාතුවම ඔහු...
අනේ මේ නෙතූ ඔයා මේ ලමයි හදාගෙන අනුන්ගේ ලමයි මට බලාගන්න බෑ..මටත් දරුවෙක් නෝනා කෙනෙක් ඉන්නවා..වන්දියක් දෙන්නම් ...ඊට වඩා දෙයක් බෑ...
මා ගොලු විය..මා විදි වේදනා තවත් ගැහැනියකට දිය හැකිද .....නෑ නුබ තරම් මා දරුනු නෑ..අතිතය අව්ස්සා කුමකටද.. කිව යුත්තේ තෙරුම් කල යුත්තේ හැගිම් ඇති කෙනෙකුටය . ..මා මගේ දියනිය කෙසේ හෝ උස් මහත් කරන්නම්...
මෙතරම් කල් තනිම ඈ දැඩි කල මට නුබේ ඔය වන්දිය මොකටද...
ඈ කිසිවක් නොකියා නිහඩ විය...දෛවය කවදා කොතැනකදි හෝ ඔහුට දඩුවම් දෙනු නිසැකය....
නිමි..