ඝාතනය ☠️☠️ | Gathanaya


ඝාතනය ☠️☠️

☠️☠️☠️☠️☠️☠️

දින දෙකක් පුරා ලන්ද පැත්තෙන් එන මහා දුර්ගය ගමේ කාගේත් කතාවට ලක් උනා..මේ නිසාවෙන්මයි ගම්මු ලන්දට යන්නේ මේ මොකක්ද බලන්න....ලන්ද සසාර බෙදි ගම්මු පරික්ශා කරනවා..

"සෝමේ මෙහෙ වරේන් ....ඔක්කොමලා වරෝ ...."

එක වරම පියසෝම බෙරිහන් දෙන්නේ යමකින් මවතවීමකින්......
...................................

දූශනයට ලක්වූ තරුනියකගේ සිරුරක්...මුහුනවත් හදුනා ගත නොහැකි තරම් විරූපි වෙලා....ඒ විතරක් නොව..ලන්දේ සතුන් සිරුරේ තැනින් තැන පසාරු කරන් ගෙන ගොස්...සමන්‍ය මනුස්සයෙකුටනම් ඒ දෙස කෙලින් බැලීමට තරම් ආත්ම ශක්තික් නෑ...

මිනිසුන් තිදෙනෙක් සිය කමිසය ගලවා සිරුරට දමන්නෙ ඒ දෙස කෙලින්වත් නොබලා.....
...................................

ටික මොහොතකින් පැමිනි පොලීසිය මිනිය පරීකශා කල ඇමතුමක් ගන්නවා...

"අහ් සේනක මහත්තයා ..අපට මිනියක් හම්බෙලා තියනවා..ඔහෙ ඉදන් 22km විතර දුරින්....අර ලමයගේ තාත්තව දැනුවත් කරනවද ..අපි වාහනයක් එවන්නම් ඔහාට....

...................................
මේ කියන්නේ වෙන කිසි දෙයක් නොවේ මීට සතියකට ඉහත අතුරු දහන් වූ ටීශා පිලිබදවයි...

කට උත්තරය වෙලාවේ ටීශාගේ පියා පොලිසියට කියන්නේ වර්නසූරිය ඇමති පුතු නිතරම පාහේ ටීශාට කරදර කල බවයි............

..................................
මිනිසුන්ගේ ටිකක් ඈතට යන පොලිස් නිලධාරියා නැවත ඇමතුමක් ගන්නවා..

"අහ් ගුඩ් මොර්නින් සර්...ඇමතිතුමා පොඩි අවුලක් ...කේස් එක ටිකක් අවුල් යයි වගේ ...පුතා කිවේ ලන්දකට විසි කලා කියලා නේද...අද මිනිස්සු හොයාගෙන බොඩි එක ...මොකද කරන්න ඔනේ සර්"

"ඔහ් ශිට්..මේ කොල්ලා මාව කනවා..ම්ම්ම්ම්ම් තමුසේ කෙල්ලගේ තාත්තා ආවම මට කොල් එකක් දෙනවා..මිනිහා බොඩි එක අදුන ගත්තොත් මොකක් හරි ගේමක් ගහමූ...මේ මේ කිසිදෙයක් තමුසෙලාගේ ලොක්කා දැනගන්න බෑ...ඌ පොඩ්ඩක් නටනවා වැඩී...ඕකවත් ලගදිම ට්‍රාන්සර් කරන්න ඔනේ"

...................................
නව පොලිස් ස්ථානදිපති අකුරට වැඩ ..මේ දිනවල එම නිසාම වර්නසූරිය ඇමතිගේ සියලු වැඩ අඩාලය....

ටීශා දූශන වරද සිදු කරන්නේ වර්නසූරිය ඇමති පුත් රුමේශ්......සියල්ල දැක මොවුන් එය යටගහන්නේ බලපුලුවන්කාරකම් වලින්....

ටීශාගේ සිරුර ලගට එන ඇගේ පියා .....පියෙකුට විකෘති වූවද දියනිය හදුනා ගත හැක...

"අනේ දෙයියනේ මගේ කෙල්ල....දෙයි හාමුදුරුවනේ මලක් වගේ හැදුවෙ මේම දකින්නද................................................."

එහි එකම විලාපයකි......

මරන පරීක්ෂණයට ඇගේ මිනිය යොමු කරනවා...

නැවත පොලිස් නිලධාරියාට ඇමතුමක්....

"මේ ඔයි තමුසෙලා මොකද කරන්නේ ...අර ඇමතියාගේ පුතාව කුදලන් එනවා..."

ස්ථානදිපති කෝපයෙන් කෑ මොර දෙද්දී පොලිස් නිලධාරියා නැවත ඇමතිතුමාට ඇමතුමක් ගන්නවා..

"සර් මාර අවුලක් ලොක්කා කේස් සර් පුතාව ඇරස් කරන්න වෙනවා..දවස් දෙකක් ඇතුලෙ තියමු සර්..සර් ඒ අතරේ කොල්ලෙක් හොයාගන්න වරද පිලිඅරන් බාරවෙන්න.... බය වෙන්න එපා සර් පුතාට කිසිම අඩුවක් දුකක් දැනෙන්න දෙන්නෙ නෑ"

"ශිට් චන්දෙත් ලගයි ..මිඩියා කාරයන්ට වෙන දෙයක් නැති වෙයි.."

"අයියො සර් මිඩියාද දවස් දෙකක් කතා කරයි ..මිඩියා වල පෙන්නකන් මිනිස්සුන්ට මතකයි...අලුත් නිව්ස් එකක් ආපු ගමන් හැමෝටම ඔක්කොම අමතකයි සර්....චන්දේ කිට්ටු කරලා මොනා හරි බෙදලා දාමු සර්....ඔක්කොම ශේප් නෙහ්...සර් එහෙනම් අපි එනවා...සර් කොල්ලෙක් රෙඩි කරගන්න.....

................................

රුමේශ් ඇරස් කරනවා...නමුත් ඔහු ගෙවන්නේ නිවසටත් වඩා හොද ජීවිතයක්..

.............................
ඔය අතරේ පොලිස් ස්ථානදිපතිගේ අතට මරනපරීක්ශන වාර්තාව එනවා....වෛද්‍ය චන්ද්‍රා හේමමාලි සියල්ල විස්තර කරනවා..

"සර් මාත් ගෑනියක් මේ වාර්තාව ගද්දි ඇත්තටම මට ඇඩුනා සර් ..ගොඩක් දරුනු විදිහට ඝාතනේ කරලා සර්...ඒ ගෑනු ලමයව කීපවතාවක්ම දරුනු විදිහට දූශනේ කරලා...සක්ශි නැති වෙන්න මලකඩ කාපු යකඩ තහඩුවකින් මුලු ඇගම අතුල්ලලා සර්..ඒකත් ඒ ලමයා පන පිටින් ඉද්දි ...මොන වේදනාවක් විදින්න ඇද්ද සර්......මේකට සාදරයක් කරන්න සර්"

ස්ථානදිපති නිහඩ වූයෙ පිරිමියෙකූ වූවද දෑස් තෙත් වී...ඔව් ඔහු මේ රැකියාව තෝරාගන්නේද ආසාදරන ලෙස මිය යන ඔහූගෙ පියාට යුක්තිය ඉටු කරන්න ..නමුත් ඒක කල නොහැකි වනවා...ඔහු ඔහුටම පොරොන්දු වනවා ..මම කෙසේ හෝ වරද කරු අල්ලා ගන්නවා කියලා...

..................................
දින දෙකක් රිසි සේ ගෙවා දමන රුමෙශ පැවසූ සේම වරද අහින්සකයෙක් බාරගන්නවා...කිසිදු සාක්ශියක් ඇති නොවුන තැන පාපොච්චාරණය සත්‍ය බව ස්ථානදිපති පිලිගැනීමට අකමැති ඔහු සාක්ශි නොමැති වූවත් රුමේශ් වැරදි බව දැන උන්නු නිසා...

යන්න ඔහු සූදානම් වන විට ඔහුගේ කොලරයෙන් අල්ලා ගන්නා ස්ථානදිපති

"ගැලවුනා හිතන්න එපා උබ"

"ශ් .....සර් අත ගන්න කුනු ගෑවෙනවනේ...ඔව් මම තමා කලෙ උබ මොනා කරන්නද ආආආ ....අහ් ටීශගේ තාත්තට කියන්න ටීශගේ නන්ගි පට්ට ලස්සනයි කියලා ...උසාවි ආව වෙලේනෙහ් දැක්කේ අෆා ..ආසාවේ බෑ..යන්නම් සර් එහෙනම්"

................................

රුමේශ් එසේ පවසා නික්මුනා...

කියූ පරිදිම මිඩියා වලට අලුත් නිවුස් ආව ගමන් මිනිස්සුට වගේම හැමදේම අමතක උනා...ඒත්

ස්ථානදිපතිට මරන පරික්ෂණ වාර්තාව කිසිම දිනෙක අමතක කරන්න බැරි උනා ...ඒ නිසාම ඔහු තීරනේ කරනවා නීතියෙන් බැරිනම් අවනීතියෙන් හෝ සාදරනය ඉශ්ඨ කරන්න........

දින කිහිපයකට පසු.........

රුමෙශ් වර්නසූරිය දරුනු විදිහට ඝාතනය කරලා... දරුනු ඝාතනය මිඩියා කාරයනට හොට්ම නිවුස් එක වෙනවා......මරනයට වැරදි කරු විදිහට විපක්ශයේ ඇමති කෙනෙක් සැක කරන වර්නසූරිය ඇමති ලග එන චන්දයට සිය පුතාගේ වියෝව උපායක් කරගන්නවා .......හැබැයි ඇත්තම ඝාතකයා පොලිස්ථනදිපති.....

...................................
තමන්ගේ පුතාගේ වියෝව විකුනලා වර්නසූරිය ලස්සනට ආපහු ඇමති පුටුවට එන්නේ විපක්ශෙට තමන්ගේ පුතාගේ මරනේ බර තියලා...

හැබැයි නිතිය අවනිතිය කෙසෙ වෙතා රුමේශ් ඝාතනයත් වෙන්නේ ටීශාගේ ගාතනය හා සමානවයි..එතකොට ඉතුරු අය දඩුවම් ලැබුවේ නැද්ද...

ඇත්තටම නෑ...සමජේ හැමදාම වැරදි කාරයෝ හැමෝම දඩුවම් ලැබුවද ..නෑ නේද...උබල අපි කතා කරන්න අකමැති උනත් තිත්ත ඇත්ත මේක නේද....

මතකද ඒ දවස් වල ලංකාවේම හිත් ගිනි තිබ්බ සේයාව...................

පුන්චි මල් කැකුලක් තැලුනා යකඩෙකට දරුනුව......................

මිඩියා වලින් දෙද්දි උබල අපි ගෙවල් වල මතකද ඇඩුවා හොටු පෙරාගෙන........................

ඒත් දැන් උබට මට මතකද සෙයාගේ සේයාවක්වත් කොහෙද................

එක උදාහරණයක් විතරයි දුන්නේ ..හැමදේම හරි ඉක්මනින් අමතක ජතියක් අපි .......................බුද්ධිමත්ව හිතන්න .................

මේ කතාව ඉවර වෙන්නේ සර්ව සම්පූර්න මැරුන කෙනට සාධාරණයක් ඉශ්ට කරලා නෙමේ ...ඒත් ඇත්ත සැබෑ ජීවිතේ ඔච්චරක්වත් සාදාරනය ඉශ්ට වෙනද...බලය දිය යුත්තාට දෙන්න....

නිමි


Comments System WIDGET PACK