වියපත් ප්‍රේමය❤️ | Viyapath Premaya


වියපත් ප්‍රේමය❤️

ඔබටත් ආදරේ වෙනුවෙන් ඕනේම දෙයක් කරන්න පුලුවන් කෙනෙක්ද...ආදරේ පොරොන්දු වෙනුවෙන් මේ ජිවිත කාලේ නෙමේ කල්පකාලයක් උනත් බලන් ඉන්න පුලුවන්ද....එහෙනම් අනිවාර්යයෙන් කියවන්න ....ආදරෙට ආදරේ කරන නුබ වෙනුවෙන්මයි.....
❤️❤️❤️❤️❤️❤️

"පුතා....දැන් කොච්චර වෙලා හැඩ වෙනවද ඔය කන්නාඩිය ඉස්සරහා..."

"මේ මම ලැස්තී අම්මේ"

චරිත් එහෙම කියාගෙනම කාමරෙන් එලියට ආවේ බත් එක දිහාට ..

"ඈ බන් උබ ඉස්කොලේද යන්න මගුල් ගේකද..කොන්ඩෙත් ඉත්තෑවෙක්ගේ වගේ හදා ගෙන..."

අම්මට හිනාවකින් විතරක් සන්ග්‍රහ කරපු මම ඉක්මනින් ගෙදරින් එලියට පැන්නෙ මගේ සුරදූතිව බලන්න ...

ඉස්කොලේට යන්න තිබුන පුන්චි අඩිපාර දිගේ සේයා එනකන් මම මග බල බලා හිටියේ සුපුරුදු විදිහට ...

පුන්චි අඩිපාර දිගෙ සුදු ගව්මෙන් රැලි ගැහුනු උබේ කොන්ඩේ නිතබෙන් පල්ලේහා තාලෙට පැද්දෙද්දි...ඔය සුදු මුනේ වල ගැහුනු කම්මුල් දිහා මම බලන් හිටියේ පුදුම ලෝබ කමකින්..

අපි තොරතොන්චියක් නැතුව කතාකරපුවා මේ අඩිපාර ඇර වෙන කව්ද දන්නේ..

සේයා මගේ ආදරේ ...ජීවිතේ ලැබුන ලොකුම ත්‍යාගය ...අපේ ඉස්කොලේ ගණිතය සර්ගේ එකම ලස්සන බුද්ධිමත් හුරුබුහුටි දුව. ..සේයා මට වගේ මම සේයාටත් මහ ගොඩක් ආදරේ කලා..පන්තියේ මගේ එහා පැත්තේ ඉදන් මට ටොකු ඇන ඇන සේයා ඉගැන්නුවේ .. ගණිතය වෙලාවට විතරක් මගෙන් ඈතට දුවපු සේයා චරිත් ආදර අන්දරය පාසලේ ගණිතය සර් ඒ කියන්නේ සේයාගේ තාත්තා ඇර නොදන්න කෙනෙක් නොහිටිය තරම්..

ඒත් එක දවසක් මගේ දිහාවට සේයා කදුලු පුරෝගෙන දුවන් ආවා..

"චරිත්....අනේ මට යන්න බෑ..ඔයාගෙන් ඈතට ගිහින් මට ඉන්න බෑ...

මගේ මුලු ඇගම හීතල වෙලා ගියා...

"මගේ පන මොනාද දෙයියෝ මේ කියන්නෙ..කොහෙද රත්තරන් මාව දාලා යන්නේ."

"තාත්තට මාරු වීමක් හම්බෙලා හෙටම යන්න වෙනවා...😔😔"

හුස්ම හිර උනා වගේ මගේ...එයා යන්න කලින් මට කිවා..මට මතකයි...

ජිවිතේ කවදා හරී ඔයගේ වෙන්න මම එනවා..මම එනකම් ඉන්න..ආදරේ පරිත්‍යාගයක් උනාට ඔයාව වෙන කෙනෙක්ට දෙන්න මට බෑ....පුන්චි කොලයක් මගේ අත තියලා එයා මගෙන් ඈතට ගියා... ඒ කොලේ එයගේ ලස්සන බෝල අකුරු තිබුනේ

❤️❤️❤️❤️❤️
මගේ අවසන් හුස්මට කලියෙන් කෝම හරි මම එනවා..මගේ අවසන් හුස්ම ඔය දෑස් ලග නතර කල යුතු නිසා..හුස්ම වැටෙනකන් ආදරෙයි....
සේයා.....

😔😔😔😔😔😔
දැන් අවුරුදු බර ගානක් ගිහින් ඒ තියල ගිය මතක ඇති මට ජිවත් වෙන්න ..මටත් දැන් අවුරුදු 68ක් වෙනවා ..ජිවිතේ පුරාවට මගේ සේයා එනකන් හිටියා..ලොකේ පුරාම හෙව්වා..ඒත් හම්බුනේ නෑ..එයානම් දැන් මුනුබුරු මිනිබියෝ ඉන්න කෙනෙක් වෙන්න ඇතී..
එයාත් මාව හොයලා තිබුනා කාලෙකට ගොඩක් උඩදී . එතකොට මම මේ රටින් ගිහිල්ලා..එද්දී ආය මට එයාව හම්බුනේ නෑ..

පුරුද්දට වගේ පාර්ක් එකට ගිය මම කෙලවරේ බන්කුවක ඉදන් ආදවන්තයෝ දිහා බලන් හිටියේ පරන මතක අව්ස්සමින්....

සාක්කුවෙන් පොඩි පට්ටන් වෙච්ච ඒ ඔයා එදා දුන්න ඒ කොලේ එලියට ගත්තේ ඔයාගේ අකුරු වල හැඩ බලන්න මම තාමත් හරි ආසවෙන්...

එක පාරට හමාගෙන ආව හුලග නුබේ එකම මතකෙත් පා කරන් අරන් යද්දි මම දීවේ ඒ පස්සෙන් පොඩි එකෙක් වගේ..

ඒක නතර උනේ කෙනෙක්ගේ කකුල ලග..එයා එක අහුලගත්තා..ඇස් ලොකු කරන් විනාඩියක් බලන් හිටපු ඒ රූපය..කදුලු අතරින් හීනා වෙද්දී රැලිගැහුනු මුහුන අස්සෙන් වල ගැහුනු කම්මුල් මාව මොහොතකට ගල් කලා..ඒ සිතල සිනිදු අත නැවතුනේ මගේ මුහුන පිරිමදිමින්..මගේ චරිත්..

උද්‍යානේ කෙලවරේ බන්කුවක මගේ උරහිසට බර වූ ඈ තාම තනිකඩයි...අපි බොහෝ වෙලා කතා කලා..දෑත් පටලන් ඔහේ ආදරයෙන් උන්නා..ගතින් වියපත් වු හිතින් තාමත් අපේ ආදරේ තරුණයි.. ආදරේ නැවත නොසිතු මොතොතක ඈ මා හමුවීය ....හුස්ම නිමා වෙන්නෙද නැවත උපදින්නෙද නුබ නමින් පමනි...

ආදරෙ කියන්නෙ උතුම් හැගීමක්...ජිවිත කාලේම නෙමේ කල්පයක් උනත් බලන් ඉන්න ආදර කතා තියනවා....

Comments System WIDGET PACK