සිතුල්‍යා | Sithulya


සිතුල්‍යා
********

" මිස්ට මියුරංග.සුබ ආරංචියක් අරගෙනයි අපි ආවෙ "

" ඒ මොකක්ද ඉස්පෙක්ටර් "

" මේ ඉන්නෙ දරුවගෙ අම්ම මිස් සනුකි.
අම්ම කිව්වට අම්මම නෙමෙයි පුංචි අම්ම.
මෙතන අපි නොහිතපු දෙයක් වෙලා තියන්නෙ "

ලස්සන තරුණියක් පෙන්නන ගමන් ඔහු කිව්ව.පුංච් ප්ලාස්ටර් එකක් නලලෙ ගහල තිබුනු ඇය ඉන්නෙ ගොඩක් අපහසුවෙන් කියල මියුරංගට තේරුන.

" මොකක්ද ඉස්පෙක්ටර් දැන් වෙලා තියන්නෙ "

" වෙච්ච දේ අපි කියනවට වඩා මිස් සනුකිටම කියන්න පුළුවන් නම් තමයි හොද "

" මට පුළුවන් ඉස්පෙක්ටර් මම කියන්නම් "

" එහෙනම් අපි වාඩි වෙලාම කතා කරමුකො ඉස්පෙක්ටර් "

එසේ කියමින් මියුරංග සමග ඇගේ මවද ඔහු ලගින් වාඩි වූයේ දරුවා පිලිබදව හරි විස්තරයක් දැන ගැනීමේ ආසාවෙනි.
👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌

මාලනී කොඩිතුවක්කු කියන්නෙ මියුරංග ටෙක්ස් ටයිල් කියන ලංකාව හොඳම නිමි ඇදුම් ව්‍යාපාර ජාලයෙ අයිතිකරු සුනිල් කොඩිතුවක්කුගෙ බිරිද.ඔහු නැතිවෙලා අදට අවුරුදු තුනක් වෙනව.එදා ඉදන් හැම අවුරුද්දකම ඔහුව සිහිකරල ඇය පල්ලියෙන් පවත්වගෙන යන මේ ළමා නිවාසෙ දරුවන්ට විශේෂ කෑම වේලක් දෙනව.ඒ විතරක් නෙමෙයි හැම මාසයකම එය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මුදල් ආධාරද ඇය විසින් ලබා දෙනව.
එතකොට සිහින මියුරංග කියන්නෙ ඔවුන්ගෙ එකම පුතා.අම්ම වගේම හරිම නිහතමානී නිහඬ චරිතයක් උනු ඔහු තාත්ත නැති උන දවසෙ ඉදන්ම ඔහුගෙ ව්‍යාපාර වගේම තමන්ගෙ අම්මවත් බලාගෙන හැමෝටම උදව් කරමින් පාඩුවෙ ජීවත් වෙන කඩවසම් යෞවනයෙක්.
ළමයින් පේලියට ඇවිත් මාලනී මහත්මියට වැදල ගිහින් එයාලගෙන් තැන් වලින් වාඩිවෙලා ඉවර උනාම මාලනී මහත්මිය බැලුවෙ සිහින දිහා.ඔහු ආසාවෙන් දරුවො ටික දිහා බලාගෙන ඉන්නව ඇය දැක්ක.ඒක නිසා ඇය කෙලින්ම ආවෙ ඔහු ලගට.

" හරිම ආසයි නේද පුතා පුංචි පැටව් ටික දැක්කම "

" ඔව් අම්ම.මේ පුංචි උන් ටික දැක්කත් හිත පිරෙනව. ඒත් ඒ වගේම දුකත් හිතෙනව "

" අනේ ඒ ඇයි පුතා "

" බලන්නකො අම්ම.අම්ම තාත්ත ලග හුරතල් වෙන්න ඕන ඒ ආදරේ ලබන්න ඕන දරුවො ඒ මුකුත් නැතුව මෙහෙම අනාත නිවාස වල ඉන්නකොට කොහොමද අම්ම දුක් නොවී ඉන්නෙ "

" හ්ම්.
මටත් ගොඩක් දුකයි පුතා මේ පුංචි දරුවො ගැන.මම විතරක් නෙමෙයි ඔයාගෙ තාත්තත් එහෙමයි.ඒකයි අපි එදා ඉදන්ම මේක කරගෙන යන්න උදව් උපකාර කරන්නෙ.ඔයාටත් ඒ හැගීම ඒ විදිහටම දැනෙන එක ගැන මට ගොඩක් සන්තෝෂයි පුතා "

" කව්ද අම්ම පුංචි උන්ට ආස නැත්තෙ "

" ඒක කියන්න තමයි මං මේ ලගට ආවෙ.
දැන් මේ දරුවො දිහා බලල සතුටු වෙනව වගේම ඔයාගෙම දරුවෙක් දිහාත් බලල සතුටු වෙන්න ඕන කාලෙ හරි පුතා "

" ඉතින් අම්ම මේ .... මේ ඉන්නෙ ද .... රුවො ගොඩක් "

සිහිනගෙ ෆෝන් එක රිංග් වෙන්න ගත්තෙත් හරියටම මේ වෙලාවෙමයි.ඔහු ඒක අතට කව්ද කතාකරන්නෙ බැලුව.

" නීල් කතාකරන්නෙ අම්ම.ඉන්න මම පොඩ්ඩක් එලියට ගිහින් කතාකරල එන්නම් "

" නම කියන්න ඕන නෑ මම දන්නව ඉතින් ඔයාට කතා කලොත් ඔයාගෙ යාලුවෙක් තමයි කියල.
මොකද නිකමටවත් කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැතුව කෙල්ලො කෝල් කරනව කියලයෑ "

" හරි හරි අම්ම මම තවම අම්මගෙ පුංචි පුතානෙ අම්ම වැඩේ පටන් ගන්න මම ඉක්මනට එන්නම් "

" හරි ඉක්මනට කතාකරල එන්න "

ඔහු එලියට ගිය ගමන් ඇය හැරුනෙ එතන හිටපු එහි පාලිකාව දෙසට.

" සිස්ටර් ඔක්කොම ළමයි ටික ආව නම් අපි කෑම ටික බෙදන්න පටන් ගන්නද "

ළමා නිවාසෙ ළමයි ටික පෝලිමට ඇවිත් තම තමන්ගෙ තැන් වලින් ඉදගන්නව දැකපු මාලනී මහත්මිය එහි පාලිකාව සිස්ටර් ගෝමස්ගෙන් ඇහුව.

" හොදයි මැඩම් දැන් පටන් ගන්න පුළුවන් "

ඇය කෑම බෙදන අතරෙ සිස්ටර් ගෝමස් ඇය ලගට එනව.

" ඒක නෙමෙයි මැඩම්.අපි ලග ඉන්නෙ අවුරුදු හයට වඩා වැඩි ළමයි විතරයි කියල මැඩම් දන්නවනෙ.ඒත් ඊයෙ හවස පාරෙ අතරමං වෙලා ඉදල හම්බවුනා කියල පොලිසියෙන් අපිට අවුරුදු හතරක විතර පුංචි ළමයෙක් ගෙනල්ල දුන්න. පොලිසියට හම්බවුන වෙලාවෙ ඉදල මේ වෙනකල් එක වචනයක් වත් කතා කරල නෑ.තාමත් එහෙමමයි.අපි ගොඩක් උත්සහ කලා එයාව පොඩ්ඩක් හරි සන්සුන් කර ගන්න ඒත් තාමත් බැරි උනා.අපි කාගෙ ලගට වත් එන්නෙ නෑනෙ. කාමරේ ඇද උඩට වෙලා ගුලි වෙලා ඉන්නව.කෑම කන්නෙත් නෑ බිස්කට් එකක් කවල කිරි එකක් හදල පෙව්වම ඒකෙන් පොඩ්ඩක් බොනව "

" පව් සිස්ටර් ඒ ළමය මොකක් හරි දේකට බයවෙලා ඇත්තෙ ඒකයි ඔහොම හැසිරෙනව ඇත්තෙ.මම පොඩ්ඩක් ඒ දරුවව බැලුවට කමක් නැද්ද සිස්ටර් "

" අනේ මාලනී මැඩම් ඇයි එහෙම අහන්නෙ.
මම දන්නවනෙ මැඩම් පුංචි දරුවන්ට කොච්චර ආදරේද කියල.යමු මැඩම් ගිහින් බලමු "

" බොහොම ස්තූතියි සිස්ටර්.එහෙනම් කාන්ති මේ දරුවන්ට කෑම ටික බෙදන්න.මම ඉක්මනට ගිහින් ඒ දරුවව පොඩ්ඩක් බලල එන්නම් "

" හොදයි නෝන "

" අපි යමු සිස්ටර් "

" දැන් නම් දරුවට නින්ද ගිහිල්ලද දන්නෙ නෑ මැඩම්. අපි බලමුකො "

සිස්ටර් කාමරේ දොර අරින ගමන් කිව්ව.ඒත් දොර අරින සද්දෙට දරුව ඒ පැත්ත බලාගෙනම ඇදේ ගුලිවෙලා හිටියෙ.

" අනේ පව් සිස්ටර් ෂෝක් කෙලි පැටික්කියෙක් "

මාලනී මහත්මිය හිමිහිට දරුව ලගට ගිහින් ඔහුගෙ ඔලුව අතගෑව.දරුවත් කිසිම සද්දයක් නැතුව ඊට ඉඩ දීල බලාගෙන හිටිය.

එලියට ගියපු සිහින ඇතුලට ඇවිත් අම්ම ඉන්නවද කියල බැලුවත් ඇය පේන්න නැති නිසා නිවසේ මෙහෙකාරිය වන කාන්තිගෙන් ඒ ගැන ඇහුව.

" කාන්ති කෝ අම්ම කොහෙටද ගියෙ "

" ආ බේබි මැඩම් ලොකු සිස්ටර් එක්ක පුංචි දරුවෙක් ඉන්නව කියල බලන්න ගියා "

" පුංචි දරුවෙක් ඒ කොහෙද "

" එන්න මම එක්කගෙන යන්නම් "

එතන හිටපු වෙනත් සිස්ටර් කෙනෙක් ඔහුව මාලනී මහත්මිය බලන්න ගිය දරුව ඉන්න කාමරේ පැත්තට එක්කගෙන ගියා.ඔහු ඒ කාමරේ ඇතුලට යනකොටත් දරුව හිටියෙ දොර දිහා බලාගෙනමයි.කාමරේ ඇතුලට ආපු සිහිනව දැකපු ගමන් බයවෙලා වගේ බලන් හිටපු දරුව එකපාරටම නැගිට්ට.

" තා ... ත් ... ති "

කාටවත් හිතාගන්න වත් වෙලාවක් නොදී ඇදේ හිට ගත්ත දරුව තාත්තෙ කියල සිහිනට වඩා ගන්න කියල අත්දෙක උස්සල කිව්වෙ ඇස් වල කදුළු පුරෝගෙන.මාලනී මහත්මිය වගේම එතන හිටපු අයත් සිහින දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්න කොට සිහින දරුව දිහා වගේම අම්ම දිහත් බැලුවෙ මෙතන මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරුව.

" අ ..... අම්ම මෙ .... මේ මොකද මේ "

සිහින බයෙන් වගේ කියනව.ඔහු තමන් ලගට එන්නෙ නැති නිසා ඇදෙන් අමාරුවෙන් බිමට පනින දරුව දුවගෙන ගිහින් සිහිනගෙ කකුල් දෙක බදාගන්නව.දරුව ඔහු දිහා බලන අහිංසක විදිහ දැක්කම සිහිනට ඉබේම දරුවව අත්දෙකට ගැනෙනව.සිහින වඩාගත්ත ගමන් දරුව ඔහුගෙ ගෙල බදාගෙන ඔලුව උරහිසේ තියාගන්නව.

" ඇයි අම්ම මේ.කවදාවත් දැකල නැති මට පුංචි දරුවෙක් තාත්තෙ කියාගෙන ඇවිත් මෙහෙම තුරුළු වෙලා ඉන්නෙ "

" ඒක නම් මටත් හිතාගන්න බෑ පුතා.සමහර විට මේ දරුවගෙ තාත්ත පුතා වගේද දන්නෙ නෑනෙ.
මේ ලොකෙ එක වගෙ අය හත් දෙනෙක් ඉන්නවලුනෙ "

" මාත් හිතන්නෙ එහෙම තමයි මැඩම්.දරුව ඉන්නව ඇත්තෙ ලොකු කම්පනයකින්.ඉතින් එයාට සර්ව එයාගෙ තාත්ත වගේ පේනව ඇති "

" ඒකට නම් කමක් නෑ.ඒත් දැන් කොහොමද අම්ම මම වැඩට යන්නෙ මෙයා බිමට බැස්සෙ නැත්නම් "

" අනේ දරුවො මේ දවස් වල එච්චර වැඩකුත් නැති එකේ ඔයා ඔෆිස් එකේ වැඩ ටික කපිලට බලාගන්න කියල පොඩ්ඩක් මාත් එක්ක ඉන්නකො "

" ඒත් අම්ම "

" ඒත් අම්ම නෙමෙයි.දැන් ඔය දරුවත් අරන් පහලට යමුකො මොනව හරි කවන්න පුළුවන්ද බලන්න "

කවුරුත් හිතපු නැති විදිහට දරුව සිහින අතින් කෑම කනව.
හැබැයි ඔහු මොහොතකට වත් සිහිනගෙ අත නම් අතාරින්නෙ නෑ

" අපි දැන් මොකද කරන්නෙ අම්ම "

" පුතා ඉස්පෙක්ටර්ට කෝල් එකක් දීල කියන්න අපි දරුව ගෙදර ගෙනියනව ආරංචි තියනව නම් අපේ ගෙදරට කියන්න කියල "

එදා දරුව ගෙදර අරන් එන ගමන් සිහිනල කඩේකට ගිහින් ඔහුට ඇදුම් සෙල්ලම් බඩු ගොඩක් අරගෙන එනව.දරුවගෙ දගකාරකම් වලට සිහිනට වගේම අම්මටත් ගොඩක් ආසයි.
දරුව නිසා ගෙදර තිබුන පාලුව නැති වෙලා මුලු ගෙදරම සතුටින් පිරෙනව.මෙච්චර දවස් තමන් ලග හිටපු දරුවද මේ කියන්න බැරි තරම් වෙනසක් මාලනී මහත්මිය සිහිනගෙන් දකිනව.
දරුව අම්ම ගැන ඇහුවම මොකක් හරි දෙයක් කියල ඔහු දරුවව නලවගන්නව.ලේ බැදීමක් නැතත් සිහිනයි දරුවයි අතර කියාගන්න බැරි තරම් තද බැදීමක් ඇති වෙනව.සිහිනට තමන්ගෙම දරුවෙකුට වගේ ඇයට ආදරේ කරනව.

" දැන් දවස් තුනක් ගියානෙ අම්ම.මේ දරුවගෙ කවුරුවත් හම්බවුනේ නැත්නම් හොදයි නේද "

" අනේ එහෙම කියන්න එපා පුතා.දැන් ඔය දරුව නැතුව ඒ ලමයගෙ අම්ම මොන තරම් ගින්දරක් උහුලනව ඇත්ද "

" ඔව් නේද ඒකත් ඇත්ත.ඒත් අම්ම මට මේ දරුව මගෙ දරුවෙක් වගේම දැනෙනව.මම දන්නෙ නෑ ඒ ඇයි කියල "

" හ්ම් පුතාට විතරක් නෙමෙයි මටත් ඒ දරුව ගැන පුදුම ආදරයක් ඇති උනේ.අපි බලමුකො පුතා මොකද වෙන්නෙ කියල "
👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
" මගෙ තාත්ත නැති උනාට පස්සෙ අක්ක ඉගෙන ගන්න එක නවත්තල කොලඹ ආව රස්සාවක් කරල මට හොදට උගන්නන්න කියල.මම ඕලෙවල් එක්සෑම් එක කරන්න කිට්ටු වෙන කාලෙ තමයි අපි දැනගත්තෙ අක්ක කා අතින්ද මන්ද අනාත වෙලා දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල.ඊට පස්සෙ අක්ක ලමය ලැබෙන්න ඉන්න ටිකේ ගමේ ආව.ලමය ලැබිල මාස හයක් විතර යනකොට ලමය මායි අම්මයි ලග දාල අක්ක ආයිත් කොලඹ ආව රස්සාවකට.මම ඕලෙවල් හොදටම පාස් උන නිසා අක්ක තමයි මට ඒ ලෙවල් කරන්න හැම වියදමක්ම දුන්නෙ.අක්කට වැඩිය ගෙදර එන්න වෙන්නෙ නෑ.ඒක නිසා මමයි දරුව අම්ම වගේ හැදුවෙ.දරුව තාමත් අම්ම කියන්නෙ මට.මම ඒලෙවල් වලින් හොදටම පාස් කියන්න අක්ක ගෙදර එනකල් ඉන්නකොටයි දැනගත්තෙ අක්ක බෝඩිමේ බෙල්ලෙ වැල දාගෙන මැරිල කියල.අක්කගෙ මිනියෙ වැඩ කටයුතු අහල පහල අයගෙ උදව්වෙන් කරල දැම්ම.ඒ හිතේ අමාරුවත් එක්ක අම්මත් වැඩි දවසක් ජීවත් උනේ නෑ.මම මේ දරුවත් එක්ක මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නකොට අක්කගෙ සල්ලි වගයක් තියනව කියල අක්ක වැඩ කරපු තැනින් ඒ ටික ගන්න පඑන්න කියල තිබුන.දරුව දාල එන්න තැනක් නැති නිසා මම දරුවත් අරගෙන ආවෙ.මම කෙනෙක් ගෙන් ඇඩ්‍රස් එක අහනකොට දරුව එක පාරටම පාරට පැන්න.මාත් දරුව අල්ලන්න පාරට පැන්න විතරයි මට මතක.ඊට පස්සෙ මම දවස් ගානක් සිහිය නැතුව හොස්පිටල් එකේ ඉදල අද තමයි සිහිය ආවෙ.දරුව ඉන්නව කිව්වම බලෙන්ම ටිකට් කපන් මේ ආවෙ "

ඇය එක දිගටම කියාගෙන ගිය කතාව අහගෙන හිටපු මාලනී මහත්මියගෙ ඇස් වලට කදුළු ආව.

" දැන් ඔය දරුව මොකක්ද කරන්න හදන්නෙ "

" දරුවත් අරන් ආයිත් ගමට යනව මැඩම් වෙන මොනව කරන්නද "

" අමිමී "

ඒ වෙලාවෙම දරුව නැගිටල ඔවුන් ලගට එනව

" අනේ මේ ඉන්නෙ මගෙ චූටි මැණික.චූට් සිතුල්‍යා "

" දූගෙ නම සිතුල්‍යද "

" ඔව් සර් "

" තර්ල් නෙමෙයි අම්මි මේ ඉන්නෙ තාත්ති.අම්මි දවසක් කිව්වෙ තාත්ති ඔකු කාර් එකක එයි කියල මාව බලන්න.මේ තාත්ති ඔකු කාර් එකක තමයි මාව බලන්න ආවෙ "

වෙලා තිබුන දේ ඔවුන්ට වැටහුනේ ඒ වෙලාවෙ.

" අනේ මට සමාවෙන්න සර්.හැමදාම තාත්ත ගැන අහනකොට මට කියන්න දෙයක් නැති කමට මම දවස්ක් එහෙම කිව්වෙ "

" තර්ල් නෙමෙයි අම්මි මේ තාත්ති.එන්න අපිට ඔකු කාමරයක් තියනව දොයියගන්න.එන්න අම්මියි තාත්තියි යන් චූටි දූ එක්ක දොයියන්න "

සිතුල්‍යා සනුකිගෙයි සිහිනගෙයි අතින් ඇදගෙන යන හැටි මාලනී මහත්මිය බලාගෙන හිටියෙ හදවතෙන්ම නැගුන සිනහවක් එක්ක.

කතාවෙ ඉතුරු ටික ඔබට කිවයුතු නැතැයි සිතමි.
( නිමි )

Comments System WIDGET PACK