සරා සද❤️ | Sara Sada


❤️සරා සද❤️

මොහොතකට නැවතිලා කියවන්න ...මේක හැමොගෙම කතාවක්......

❤️❤️❤️❤️❤️❤️
තියනවද හිත නැවතුන කවදාවත් කියාගන්න බැරි උන ආදරයක්....අයිතිවාසිකම් කියන්න බැරි උනත්...හිත මොහොතකට නතර උන පුන්චි හිනාවක්...🤫🤫🤫

මේක නීශාගෙයි පවන්ගෙයි කතාව..ආදරයක් නොවුනු ආදරයක කතාව.......

❤️❤️❤️❤️❤️❤
මුලින්ම මම මෙම කියන්නම් කෝ...මම නීශා..ඉන්නේ ගම්පහ...මගේ තාත්තා මෙහේ ඉන්න ලොකුම බිස්නස් කාරයෙක්...ආය කියන්න දෙයක් නෑනේ..මම යන්නෙ ඉතින් අඩි තුන හතරක් උඩින්..😃😃😃😃 ...
සුපුරුදු විදිහටම econ ක්ලාස් යන්න ලෑස්ති වෙච්ච මම ක්ලාස් එකට ගිහින් ඉන්නේ ඉතින් ජනාධිපතිගේ දුව වගේ තමා...ක්ලාස් එකේ පේන නොපෙනෙන තරම් ලමයි...මයේ හිතේ අඩුම 2000ක් වත් ඉන්නවා..

ඔන්න ඉතින් සුපුරුදු පරිදිම සර් ඇවිල්ලා මොනදො කියවන් යන්න ගත්තා...ඔක්කොමත් හරි එපාම කරපු දේ ගිය සතියේ පෙපර් එකෙ ලකුනු දෙන එක...හැමදාම වැඩිම ලකුනු 10යෙ විතරනේ ලකුනු දුන්නෙ ..අනිත් එවා බෙදාගන්න කියලා එවනවා..මොනා උනත් ඉතින් හැමදාම මට උඩින් එකෙක්වත් හිටියෙ නෑ...මම ඉතින් පන්ඩිතිනේ...😄😄...සර් ලකුනු කියාගෙන යනවා ඔන්න...

" දෙවනියා ..ලකුනු 84යි...ම්ම්ම්ම් මේක නීශාගේ"

මගේ ඇස් උඩ ගියේ මේ මොකද උනේ කියලා..එතකොට 1ක කවුද ...සර් කාරයා මට හිතන්නවත් ඉඩ තිබ්බෙ නෑ

"අහ් අපේ අලුත් ලමයනේ පලවෙනියා..පවන් ලකුනු 91යි"

මගේ හිත පුපුරනවා ඉරිසියවෙන්..මම හැරිලා බැලුවේ කවුද මේ ඩයල් එක කියලා..හම්මේ මගේ හුස්මත් හිර උනා ..එයානම් මගේ හීන කුමාරයාමද මන්දා...මගේ ඇස් උඩ ගියේ කටත් නොදැනිම ඇරිලා...

❤️❤️❤️❤️❤
හා හා ඔච්චර හිතන්න දෙයක් නෑ..කෙල්ලෙක්ට කොල්ලෙක්ට පැනි හලන්න බැරිද...අනික ඕනම කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක් ඉන්නවා...

පොර එච්චර සුදු නෑ..මගේ තියරිය කොමත් කොල්ලෙක් උනාම කලු වෙන්න ඕනේ . එතකොටනේ ගති අප්පා..මුන පුරාම රැවල ..හිනා වෙද්දි සූට්ටක් වල ගැහුන කම්මුල් මාව පිස්සියක් කලා...

මගේ එහා පැත්තේ හිටියේ කවී ..එකිට හිමිට අතින් ඇන්න මන් ..

"අඩෝ අරූගෙ ලස්සන බලහන්කෝ"

"තොට පිස්සුද බන් ඔය ගම් වලින් එන උන්නේ ..අනික දෙවනි පාර ලියන එකෙක් අපිට වඩා වැඩිමල් බන්"

කොමින් කොමින් හරි දින මාස ගෙවිලා ගියා..ක්ලාස් හැමදාම මම ආවේ එයාව දකින්න...ඕම දවස් ගෙවිලා ගියා...එයා මට මතකයක් විතරක්ම උනා....exam කලා ...එතනින් එහාට තාත්තාගේ කම්පැනි එක බලන් හිටිය මට අදටත් මතකයි එයාව ක්ලාස් එකෙ අවසාන දවසේ අවසානෙටම මම දැක්කෙ..

දැන් අවුරුදු 7ක් ගිහින් ..මතකයක් විතරයි නොකියපු ඒ ආදරේ..මමත් මීට අවුරුද්දකට කලින් මැරි කලා..
ඒත් දවසක් මගේ හදවත හිර උනේ ඒ ඇස් මගේ ලග නැවතිලා ..මොකක් මේ හීනයක්ද..

"Excuse me madam ,,,මැඩම් මම අවේ අර accounten කෙනෙක්ට vacancy තියනවා කියලා දාලා තිබ්බේ ඒකට..

හීනියට හිනාවක් ගිය මට පරන කතා අව්ස්සලා මොකටද හිතුනා..උබ දැන් උබේ ගමන යනවා..මම අයිති වෙන කෙනෙක්ට...ඉතින් මම මෙම හිතුවා...

ලබා ගන්නට බැරි වූ තැන...
නුබේ සතුට දැක සැනසෙන්නට...
අතින්වත් නොගෑවී බැදුනු පෙම...
අමරනීයයි හද තුල...

❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය කියන්නේ තමන්ගේ කරගැනීමවත්....සිප වැලදගැනිමවත් නෙමේ...

හුස්මක් වදිනවා තියා හඩක් වත් නෑසෙන දුරක හිටියත් ...
ඇති වෙන්න බැරිද ප්‍රෙමයක්
❤️❤️❤️❤️❤️


Comments System WIDGET PACK