සඳු | Sadu


සඳු
❤ ❤
බෝමලුවේ පසෙක වාඩි වී එහි ඇති නිස්කලංක සුවය විදිමින් සිටි සදකිණිගේ දෑසට අසු වූයේ පැන් කල කීපයකයට පැන් පුරවමින් සිටි මැදි වියේ යුවලකි.
මද වේලාවකින් පැන් කල තුනක් රැගෙන යන මේ දෙදෙනා දෙස ඇය උවමනාවෙන් බැලුවේ ඔවුන් වැඩිපුර පැන් කළයක් රැගෙන යන්නේ කවුරුන් වෙනුවෙන්දැයි දැන ගැනීමට ඇයට හදිස්සියෙන් ඇති වූ ආසාව නිසාය.
බෝමලුවේ අනෙක් පසට ගියෙන් ඔවුන්ව ඇයට නොපෙනුනත් පැන් කල රැගෙන බෝ සමුදුන් වටේ ගමන් කරද්දී ඔවුන්ට තමන් ඉදිරියෙන් ගමන් කරන්නට සිදුවන නිසා ඇය එලෙසම වාඩි වී සිටියාය.
මද වේලාවකින් තරුණයකු මැදි කරගනිමින් හෙමින් හෙමින් එන ඔවුන්ව සදකිණිට දැකගත හැකි විය.
එම යුවලගේ මෙහෙමවීමෙන් අතෙහි ඇති පැන් කලය දෙසම බලාගෙන එන තරුණයාගේ යම්කිසි අමුත්තක් දුටු නිසා ඇය උවමනාවෙන් ඔහු දෙස බැලුවේය.

" දෙ ..... දෙයියනේ අ ...... අහස් "

එක වරම නැගිටගත් ඇය ඔවුන් අසලට දිව ගියේය.
👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
අහස් යනු පාසලෙන් උසස් පෙල වාණිජ අංශයට තේරී සිටි දක්ෂතම සිසුවාය.
ඉතා නිහඩ චරිතයක් වගේම ඉතාමත් සංවේදී චරිතයක් උනු අහස් ඉගෙනීමට පමණක් තම සිත යොදවමින් කටයුතු කල තරුණයෙකි.
උසස් පෙළ සදහා සෑම වසරක මෙන්ම මෙම වසරේදීද පිටත පාසැල් වලින් ලමයින් පාසලට ඇතුලත් කර ගැනීමේ පදනම නිසා අහස්ගේ පන්තියටද ගැහැණු ලමයින් පස්දෙනෙකු ඇතුලත් කෙරින.
සදකිණි ඔහුගේ පන්තියට ඇතුලත් වන්නේද මේ අනුවය.

" ෂා බලපන්කො මේ සැරේ පන්තියට ආපු කෙල්ලො ටික ඔක්කොම වගේ ලස්සනයි. කොල්ලො නම් එකෙක් වත් නෑ වගේ "

" කොල්ලො මොකටද බන් මේ අපි ඉන්නෙ.
කෙල්ලො තමයි එන්න ඕන
බලපන්කො මුන්ගෙ ලස්සන.
කොහොම හරි මෙයින් එකෙක්ව දාගන්න ඕන.
කෝ මේ අලුත් පිනා නිසා රැග් එකක් දීල පොඩ්ඩක් සයිලන්ස් කරල වචනයක් දාගන්න වත් බෑනෙ "

" ඒකනෙ මචං
නැත්නම් ආපු ගමන් වැඩේට බහින්න තිබුන "

" අහස් බලපන්කො පොඩ්ඩක් අලුතෙන් ආපු කෑලි ටික දිහා
උඹට කෙල්ලො වැඩක් නැති උනාට කමක් නෑ
පන්තියට අලුතෙන් ආපු එවුන්ගෙ මූණු ටික වත් බලාගනින් "

ගැහැණු ලමයි කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වුවත් තමන්ගෙ පන්තියට අලුතින් එකතු උන ලමයින් කවුදැයි බැලීම සදහා අහස්ද යන්තමින් මෙන් ඔවුන් දෙස බැලීය.
ගුරුතුමිය අසල රැදී සිටි ලමුන් එකිනෙකා දෙස බලාගෙන යන අතර සදකිණිගේ රුව දකින විටම කවදාවත් නොදැනුන තිගැස්මක් තම හදවතට ඇති වනු ඔහුට දැණින.
ඒ නිසාම ඔහු ඇයගෙන් දෑස් නොගෙනම ඇය දෙසම බලාගෙනම සිටියේය.
එතැන් පටන් අහස්ට හොරා ඔහුගේ සිත ඇය කෙරෙහි උනන්දු වූවාය.
සදකිණි යන නම වෙනුවට හැමෝම ඇයට ඇමතුවේ සදූ යන නාමයෙනි.
සදූ ඉතාමත් ලස්සන තරමක් දගකාර යුවතියකි.
පාසල තරමක් හුරු වන විට ඇයගේ මේ දගකාරකම් එළියට ආවේය.
ඇය දගකාර යුවතියක් උවත් ඉගෙනීම පිලිබදවද වැඩි උනන්දුවක් දැක්වූවාය.
ඇගේ සුන්දරත්වය මෙන්ම දගකාරකම් වලට වශී වූ කීපදෙනෙක්ම සදූගෙන් ආදරය ඉල්ලීම නිසා ඇය ඔවුන් පිලිබදව එදා සිටම දන්නා පහන්දිගෙන් ඒ ගැන විමසුවාය.

" කියන්නම් ඔය එක්කෙනෙක්ගෙ වත් කියන්න තරම් ලොකු වැරදි නෑ ඒත් අපේ ඉස්කෝලෙ හැමකෙල්ලෙක්ම වගේ ට්‍රයි කලේ අපේ පන්තියේ අහස් එක්ක යාලු වෙන්න කෝ ඒත් ඉතින් මිනිහට කෙල්ලො ඇලජික්නෙ. "

" හ්ම් මාත් දැක්ක
අනිත් හැම කොල්ලම වගේ අපි එක්ක කතාවට එනව අහස් විතරයි පැත්තකට වෙලා ඉන්නෙ "

" එයා තමයි සාමාන්‍ය පෙළ අපේ බෙස්ට් රිසල්ට් ගත්තෙ
හොදට ඉගෙන ගන්න පුළුවන් වගේම මම නම් දැකපු අහිංසකම කොල්ල.
කොල්ල නෙමෙයි කෙල්ලෙක් වත් ඔච්චර අහිංසක නැතුව ඇති.
"

ඇගේ මේ වදන් හමුවේ සදූද අහස් ගැන උනන්දු වූවාය.
බොහෝ විට සදූ අහස් දෙස බලන විට ඔහු බලා සිටියේද ඇය දෙසය.
ඒ හැම මොහොතකම වාගේ අහස් ලැජ්ජාවෙන් අහක බලාගත්තේය.
එහෙත් ඔවුන් දෙදෙනාගේ මේ රහස වැඩි දවසක් නොගොස්ම එය ඔවුගේ යහලුවකුට දැණින.

" අඩෝ මේ බලන්නකො කවදාවත් කෙල්ලෙක් දිහා නොබලන මූ සදූ දිහාට බැල්ම දානව
සදුත් හිමින් හිමින් මූ දිහා බලනව "

" ඔව් මාත් දැන් කීප දවසක් දැක්ක ඒත් මූ ඉතින් කෙල්ලො ගැන උනන්දුවක් නැති නිසා මම ගනන් ගත්තෙ නෑ
එහෙනම් වැඩේ ඇත්තනෙ
දැන් ඉතින් දීපල්ල උඹල දෙන්නම එකතු වෙලා අපිට හොද පාටියක් "

මෙහෙම කියපු අහස්ගෙ පන්තියේ කොල්ලෙක් පුටුවක් උඩට නගිනව.

" පන්තියෙ ඔක්කොම අහගනිල්ලා අද සිට අපේ අහස් කුමරුන් හා සදකිණි කුමරිය අඹු සැමියන් ........ "

පන්තිය පුරාම සිනාහඩ සමගම හූ හඩක් පැතිර ගියේය.

" හූ කියන්න එපාල බන් පොඩ්ඩක් වැරදුනා.
අඩෝ සොරි ඉතින්
අහස් කුමරුන් හා සදකිණි කුමරිය පෙම්වතුන් වශයෙන් මෙසේ අභිශේක කරන වගයි "

අහස් ලැජ්ජාවෙන් රතුවෙද්දී ඔවුන් අහස් හා සදූව එකලග තබා සුබ පැතුවාය.
එයින් පසුව ඔවුන්ගේ ආදරය ඉතා සුන්දරව නිහඬව ගලාගෙන ගියේය.
සදූ කෙතරම් දගකාර වුවත් අහස්ගේ මේ අහිංසකමට ඈ හදවතින්ම ආදරය කලාය.

" ඒයි බලපන්කො
අරුන් දෙන්න සෙට්වෙච්ච දවසෙ ඉදල නෝමල් එකේ ලව් එක ඇදගෙන යනව
අරූ අහිංසකය නිසා දෙන්නගෙ ලව් එක නිකන්ම ගලාගෙන යනව.
කිසිම ප්‍රශ්නයක් වත් ලව් වලියක් වත් බලන්න නෑ
අපි මොකක් හරි කරමුද "

" අන්න වැඩේ
හෙට ඉස්කෝලෙ නිවාඩු දෙන දවසනෙ
ගෙදර යන වෙලාව කිට්ටු වෙලා මොකක් හරි ගේමක් දෙමු "

පසුදින පාසලේ වැඩ කටයුතු අවසන්වීමට ආසන්න වද්දී අහස් සොයාගෙන පහන්දි ආවේය.

" අහස් ඔයාට අන්න සදූ සංගීත පන්තිය ලගට එන්න කිව්ව "

එය ඇසූ අහස් හිමින් හිමින් සංගීත පන්තිය දෙසට ගියේය
ඒ ඇසිල්ලෙන්ම ඔවුන්ගේ සැලසුම පරිදි පහන්දි සදූව සොයාගෙන ගියේය.

" සදූ
අපි අහස් ගැන හිතුව වැරදියි සදූ "

" අ ..... අහස් ගැන හිතුව වැරදියි
ඇ ... ඇයි ඔයා එහෙම කියන්නෙ "

" මම අපේ අනිත් පන්තියේ තිලිණිව හම්බවෙන්න ගියාම එයාගෙ යාලුවෙක් කිව්ව එයා සංගීත පන්තිය පැත්තට ගියා කියල ඉතින් මාත් ඒ පැත්තට ගියා යනකොට ....... "

" ඇ ... ඇයි පහන්දි ඔයා යනකොට "

" ඔයා කලබල වෙන්නෙ නැත්නම් විතරක් මම ඒ ගැන කියන්නම් සදූ "

" හරි හරි මම කලබල වෙන්නෙ නෑ ඔයා කියන්නකො "

" ම ... මම යනකොට අහස් තිලිණිව තුරුළු .... "

" මොනව ම ..... මම "

සදූ වේගයෙන් සංගීත පන්තිය පැත්තට යනවිට සැගවී සිටි සියලුම දෙනාද ඒ පැත්තට දිව ගියාය.

" අද නම් හොඳ වලියක් බලාගන්න පුළුවන් යමු යමු නිවාඩුවට කලින් හොඳ ෆිල්ම් එකක් බලාගන්න පුළුවන් "

ඔවුන්ගේ සැලසුමේ කොටස්කාරියකු වූ තිලිණිද සංගීත පන්තියේ සැගව සිට සදූ එන විටම අහස්ගේ ගෙල බදාගත්තාය.
මේ සැලසුම් ගැන කිසිවක් නොදන්නා සදූ ආ විගස තිලිණිව පසෙකට ඇද දමා අහස්ට සැර කම්මුල් පහරක් දුන්නේය.

" ෂික් මමත් තමුසෙ වගේ එකෙකුට ආදරේ කලානෙ
අහිංසකය වගේ හිටපු නිසා මම හිතුවෙ තමුසෙ අනිත් එවුන්ට වඩා ගොඩක් හොද එකෙක් කියල.
පලවෙනි පාරට අතින් ඇල්ලුවෙත් මම කියල නේද කිව්වෙ.
එතකොට තමුසෙගෙ අත වෙව්ලන කොට මම හිතුවෙ තමුසෙගෙ අහිංසක කම නිසා කවදාවත් කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති නිසා කියල
බලන් ගියාම අනිත් උන් හොදයි
මීට පස්සෙ මගෙ මූණට වත් පේන්න එන්න එපා
මට තමුසෙගෙ මූණ දකිනකොටත් අප්පිරියයි "

කිසිවෙකුට වත් හිතාගන්නත් බැරි තරම් වේගයෙන් එසේ කියූ සදූ එතනින් ඉවතට දුවගෙන ගියේය
ඇය යන දෙස මද වේලාවක් බලාගෙන සිටි අහස් සිහිසුන්ව ඇදගෙන වැටුනේය.
👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌
" අම්ම ම් ..... මේ අ .... අහස්
අහස්ට මොකද උනේ "

" දූ අපේ පුතාව දන්නවද "

" ඔ ... ඔව් අම්ම
අහස් ඉස්කෝලෙ අපේ පන්තියේ හිටියෙ "

" එහෙනම් දූ අපේ දරුවට උන දේ දන්නෙ නැද්ද "

" න් ... නෑ අම්ම
මම දන්නෙ අහස් ඉස්කෝලදි සිහිනැති වෙලා වැටුන කියල විතරයි "

" අපි දන්නෙත් එච්චර තමයි දූ
අපේ ගෙවල් හම්බන්තොට පුතා ශිෂ්‍යත්වෙන් හොදටම පාස් උනා
ඒක නිසා එයාව කොලඹ ඉස්කෝලෙට දාන්න කියල මගේ මල්ලි අපිව උනන්දු කලා
එයා බැදල හිටියෙ කොලඹ නංගි කෙනෙක්ව
එයාල දෙන්නට ලමයි හිටියෙ නෑ
ඒක නිසා අපි පුතාව එහෙ නතර කරල ඉස්කෝලෙ යව්ව
ඒත් පුතාගෙ උසස් පෙළ පටන් ගන්න කිට්ටු වෙනකොට එයා බැදල හිටපු නංගියෙ රට ඉන්න මල්ලි කෙනෙක් ලගට එන්න කියල එයාල මෙහෙ ගෙවල් විකුනල දාල ගියා
ඉතින් අපි පුතාව කොලඹ බෝඩිමක නැවැත්තුව
ඔය සිද්ධිය උන දවසෙ අපිට මෙහෙන් කෝල් එකක් ආව පුතා ඉස්කෝලෙ සිහිනැති වෙලා හොස්පිටල් නවත්තල කියල
අපි කොහොමත් පහුවෙනිද පුතාව ගෙදර එක්කගෙන යන්න එන්න හිටියෙ
ඒත් මේක අහපු ගමන් අපි එදාම කොලඹ ආව
එතන හිටපු පුතාගෙ යාලුවො කියපු විදිහට පුතා නිකන්ම සිහිනැතිවෙලා වැටුනලු
ඉස්පිරිතාලෙන් කිව්වෙ එයාගෙ ඔලුවට එකපාරටම දරාගන්න බැරි තරම් මානසික පීඩනයක් ඇවිත් කියල
ඒත් එතන හිටපු එයාලගෙ යාලුවො කියපු විදිහට එහෙම කියන්න තරම් දෙයක් එතන වෙලා නෑ
කොහොම උනත් මගේ පුතා එදා ඉදන් අද වෙනකල් එකම එක වචනයක් වත් කතා කලේ නෑ
බලාගත්ත අත ඔහේ බලාගෙන ඉන්නව
ඩොක්ටර්ට කියන්නෙ මේක බෙහෙත් වලින් සනීප කරන්න බැරිලු
මෙහෙම වෙන්න හේතුවක් දන්නව නම් මොකක් හරි කරන්නම් කිව්ව
අනික සමහර විට මේක ඉබේම හරියන්නත් පුළුවන් කිව්ව.
ඒ උනාට මාස ගානක් ගිහිල්ලත් පොඩ්ඩක් වත් අඩු නෑ
එදා උනේ මොකක්ද ඒකට හේතුව මොකක්ද කියල දන්නෙත් ඉතින් මගේ පුතාම තමයි
දැන් එයාගෙ හැමදෙයක්ම කරන්නෙ අපි දෙන්නගෙ අත්දෙකින්
මේ පන්සලේ බොහොම අනුහස් තියනව කියපු නිසයි අපි පුතාව එක්කගෙන ආවෙ
අඩුම ගානෙ මෙහෙම දේකින් වත් අපිට සැනසිල්ලක් ලැබෙයිද බලන්න
විස්තර වත් කියන්න පුතාගෙ ඉස්කෝලෙ පැත්තට වත් යන්න බැරි උනා
දුව ඒ පැත්තට ගියො ....... "

ඇයට කියන්න ලැබුනේ එපමණකි
සදූ ඇගේ දෙපතුල් ලග වැද වැටුනායා

" අහස්ට මෙහෙම වෙන්න හේතුව මමයි අම්මෙ
අහස් මට පණ වගේ ආදරේ කලා
අපේ පන්තියෙ ලමයින්ගෙ විහිලුවක් නිසා මම අහස්ව සැක කලා
මට සමාවෙන්න අම්මෙ මට සමාවෙන්න "

එසේ කියූ ඇය අහස්ගෙ දෙපතුල් ලග වැද වැටුනාය.

" අනේ අහස් මට සමාවෙන්න
ඔයා ගැන දැන දැනත් මම ඒ බොරුව විස්වාස කලා
මගෙ පපුවට දැනුන ඔයාගෙ ආදරේට වඩා මගෙ ඇහැට පෙනුන දේවලුයි අනිත් අය කියපු දේවලුයි මම විස්වාස කලා මට සමාවෙන්න දෙයියනේ මම සමාවෙන්න
මම එදා ඔයාට කිසිම දෙයක් කියන්න අවස්තාවක් නොදී ගෙදර දිව්ව.
පහන්දි ගෙදර ඇවිත් වෙච්ච දේවල් කිව්වම මම ඔයාව බලන්න හොස්පිටල් ආව
ඒත් ඒ වෙනකොටත් ඔයා එහෙන් ගිහින්
ඊට පස්සෙ මම ඔයා ඉස්කෝලෙ එනකල් බලන් හිටිය
ඒත් ඔයා ආපහු ඉස්කෝලෙ ආවෙ නෑ
මම මේ අද පන්සල් ආවෙත් මගෙ අතින් ඔයාට උනු ඒ වැරැද්දට සමාව ගන්න.
මේ පන්සලේ ගොඩක් අනුහස් තියනව කියල මටත් මගෙ යාලුවෙක් කිව්ව
ඔයාගෙන් මේ වැරැද්දට සමාවගන්න බැරිව මම හිතින් කොච්චර දුක් වින්දද කියල දන්නෙ මම විතරයි අහස්.
අනේ අහස් මට සමාවෙන්න "

ඇය එසේ කියමින් අහස්ගේ පාද මත තම දෑත තබනවාත් සමගම තම හිසට කවුරුන් හෝ අත තබනවා දැනින.
ඇය සිතුවේ ඒ අහස්ගේ අම්මා හෝ තාත්තා කියාය.

" මම තිලිණිව ඇල්ලුවෙ වත් නෑ සදූ
එයයි මගේ ඇගේ එල්ලුනෙ "

ඒ හඩ ඇසෙත්ම ඇයට එකවරම නැගිටුනි.
ඇය අහස්ගේ මූණ දෙස බැලුවේය.
ඔහු කෙලින්ම බලා සිටින්නේ තමාගෙ මුහුණ දෙසමය

" මම තිලිණිව ඇල්ලුවෙ වත් නෑ සදූ
එයයි මගේ ඇගේ එල්ලුනෙ "

" මම දන්නව අහස් මම දන්නව හැමදෙයක්ම
මට සමාවෙන්න අහස් මමයි වැරදි
මම නිකන් බොරුවට කලබල උනා "

ඔහු නැවතත් කියද්දී ඔහුට උත්තර දෙමින් ඇය බැලුවේ අහස්ගේ දෙමව්පියන් දෙසය.

" අ ... අනේ මගෙ රත්තරං දරුවට සනීප වෙලා.
මහත්තය අපේ දරුවට සනීපයි
අනේ දුවට පිංසිද්ධවෙනව මගෙ දරුව සනීප කලාට "

ඇය සදූගෙත් අහස්ගේත් හිස අතගාමින් පැවසුවාය.

" මා .... මාව සනීප කලාට
ඇයි මාව සනීප කරන්න මට මොකද උනේ
මම කොහොමද මෙතනට ආවෙ
අපි හිටියෙ ඉස්කෝලෙනෙ
කෝ මෙතන හිටපු තිලිණි "

අහස් කියාගෙන ගියේය.

" හරි හරි කලබල වෙන්න එපා අහස් මම වෙච්ච දේවල් ඔක්කොම ඔයාට හිමින් හිමින් කියන්නම්කො
දැන් ඔක්කොටම ඉස්සල්ල ඔය පැන් කලේ අත් දෙකින්ම අල්ලගන්නකො.
මුලින්ම අපි දෙන්න බෝධිය නාවල එමු "

" අම්ම අපි දෙන්න එක්ක බෝධිය නාවන්න යන්නද "

" ඕක අහන්නත් දෙයක්ද දරුවො
මගෙ පුතාගෙ තේරීමක් කවදාවත්ම වරදින්න විදිහක් නෑ
ඔය දෙන්න හිමින් බෝධිය නාවල එන්නකො අපිට ගොඩක් දේවල් තියනවනෙ දැන් කතා කරන්න "

අහස් හා සදූ සිනාවෙමින්ම බෝධිය රාජායාණන් වන්දනා කිරීමට පටන් ගත්තේය.

" ඇස් වහක් කටවහක් නෑ සී දේවි දරුව
අපේ පුතාට ගොඩක් ආදරේ පාටයි
නැත්නම් මෙහෙම ඇවිත් උනු වැරැද්දකට පසුතැවෙනවද "

" හ්ම්
ඒක තමයි මාත් කල්පනා කලේ "

" අපි අද හෙටම ඒ දරුවගෙ දෙමව්පියො ගිහින් හම්බවෙමු "

" ඔව්
දැන් ඉතින් අපේ දරුවගෙ අනාගතේ ගැන බයවෙන්න දෙයක් නෑ "

" ඔව් එයාට අපේ ආදරේ වගේම සැබෑ ආදරයක් ලැබිල තියෙන්නෙ "

( නිමි )

Comments System WIDGET PACK